කවුද බොලේ Amish..

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මචන්ස්ලා උඹලා අහලා තියෙනවද Amish කියලා ජනකොටසක් ගැන.(pronounced - AH-mish)

මෙයාලා ඉන්නේ නම් අප්‍රිකාව වගේ රටක නෙවෙයි.මෙයාලා ඉන්නේ ඇමරිකාවේ.:confused::yes:
ඇමරිකාවේ Ohio, Pennsylvania, Indiana සහ New York කියන ප්‍රාන්තවල තමයි මෙයාලා ඉන්නේ.අහ්! අමතක උනා.. කැනඩාවේ Ontario වලත් ඉන්නවලු. ;)
දැන් කස්ටිය බලයි ඔච්චර කියන්න තරම් මුන්ගේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා.
මෙයාලගේ විශේෂත්වය තමයි මෙයාලා isolated ඒ කියන්නේ බාහිර සමාජයෙන් වෙන් වෙලා ඉන්න පිරිසක්,ඇමරිකාවේ බාහිර සමාජයෙන් වෙන් වෙලා.:confused: ඔව් බන්..
මෙයාලා බුහුල වශයෙන් කතා කරන භාශාව තමයි Pennsylvania German භාශාව තව Swiss German, English කියන ඒවාත් භාවිතා කරනවලු.
මෙයාලගේ ආරම්භය ඇති වෙලා තියෙන්නෙ ප්‍රධාන වශයෙන් Switzerland වල Alsace කියන ප්‍රදේශයේලු. (දැන් අයිති ප්‍රංශයටලු :cool:)
කියන විදියට මෙයාලා වෙනම කොටසක් විදියට වෙන් වෙන්න හේතුව තමයි ආගම. මෙයාලගේ ආගම Anabaptist ආගම.(ක්‍රිස්තියානි වලම කොටසක් වෙන්න ඕන:sorry:)
මෙයාලා වෙන් වෙලා තියෙන්නේ 1693 දී Jakob Amman(1656 — 1730) කියන පුද්ගලයාගේ ප්‍රධානත්වයෙන්.
තව ටිකෙන් අමතක වෙනවා.. මෙයාලගේ ප්‍රධාන කොටස් කීපයක් ඉන්නවා Beachy Amish, New Order, Old Order කියන අය, මේකෙනුත් ප්‍රධානම කොටස තමයි Old Order Amish කියන අය.
දැන් ඔයාලා බලයි මේ මොන මගුල් කතාවක්ද ඉන්නේ ඇමරිකාවේලු, ආරම්භය ස්විස් වලලු:confused:.. ඔව් මෙයාලා 18වන ශතවර්යයේදී විතර තමයි යුරෝපයේ ඉදන් ඇමරිකාවේ Pennsylvania වලට ඇවිත් තියෙන්නේ.
එහෙම ඇවිත් එයාලා ඇමරිකාවේම settle වෙලා.

දැන් කියන්නම් මෙයාලගේ විශේෂත්වය. මෙයාලා isolate වෙලා කියන්නේ..මේයාලගෙන් බහුතරය අදටත් power-line electricity, telephones සහ automobiles(වාහන) පාවිච්චි කරන්නේ නෑලූ:shocked:
ඒ තියා ආණ්ඩුවෙන් දෙන Social Security වත් ගන්නේ නෑලූ, health care insurance එකක් ගන්නේත් නෑලූ.:shocked:
ඒයාලා වෙනම පාසල් වගේම තමන්ගේ ගැටලු විසදගන්න වෙනම system එකක් හදාගෙනලු තියෙන්නේ.
සරල සැහැල්ලු ජීවිතයක් තමයි මෙයලාගේ අරමූණ. (අපිට නැත්තෙත් ඒකමයි)
මෙයාලගේ නීති වලට පිටින් යන අය ඒයාලගේ සමාජයෙන් ඉවත් කරන්වලු.

මෙයාලගේ ලොක්කා තමයි Ordnung (German, meaning: order) කියන්නේ. අපේ ජනාධිපති වගේ වෙන්න ඇති.

අපි පුංචි පවුල රත්තරන් කිව්වට මෙයාලනම් හිතන්නේ ලොකු පවුලක් කියන්නෙ දෙවියන්ගෙන් ලැබුනු ආශිර්වාදයක් කියලලු.
ඒ හින්දමද කොහෙද මෙයාලා ලෝකයේ වේගයෙන්ම වර්ධනය වෙන ජන කොටසක්.
මේ බලන්න්කෝ
Historical populations
Year Pop. %±
1920 5,000 —
1928 7,000 40.0%
1936 9,000 28.6%
1944 13,000 44.4%
1952 19,000 46.2%
1960 28,000 47.4%
1968 39,000 39.3%
1976 57,000 46.2%
1984 84,000 47.4%
1992 125,000 48.8%
2000 166,000 32.8%
2008 221,000 33.1%
2010 249,000 12.7%

කොහොමද වැඩේ..මෙයාලගෙ පවුලකට ඉන්න ළමයි ගානේ average එක 6.8 ක්ලූ.:shocked:

අහ්! තව දෙයක්.. අදටත් මෙයාලගෙ ඇදුම් පැළදුම් ඉස්සර කාලේ වගේමයි.එයාලා තමගේ සංස්කෘතිය සම්පූර්ණයෙන් ආරක්ශාකරන්වා.(ආයේ ලොවෙත් නැති වෙන්න)

මේ ඉන්නේ එයලා
220px-AmishFamilyNiagaraFalls.jpg

මේ කැනඩාවෙ නයගරා දිය ඇල්ල ගාවදි ගත්ත amish පවුලක 4ටෝ එකක්. :)

මේ ඉන්නෙත් එයාලම තමයි
large_amish.a20.jpg


මම කිව්වනේ එයාලා වාහන පාවිච්චි කරන්නේ නෑ කියලා.
අදටත් එයාලා යන්නෙ මෙන්න මෙහෙමයි
800px-Traditional_Amish_buggy.jpg


amish.gif


මේ amish කෑල්ලක්..
jpg_Jeunes_filles_amish.jpg

මගේ ත්‍රෙඩ් එකෙන් වැඩක් උනාද මචන්ස්ලා..​

[email protected]