කවුද මේ අයි.එස්.අයි.එස් (ISIS) ? WHO ARE ISIS?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මමත් එක්ක ටියුනීසියන් අය වැඩ කරනවා.. පොරවල් කථා කරන්නේ ප්‍රංශ භාෂාව දෙවැනි බස තමයි අරබික්. මුස්ලිම් අය.. හරිම හොඳයි උන් isis එකට සහ මුතව්වලාට පොඩ්ඩක් වත් කැමති නැහැ... හැම එකාව මාෂල් ආර්ස් කරනවා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම වටිනා සහ අගනා තොරතුරු..........


    මම පෞද්ගලිකව හිතන්නේ අයිසිස් මර්දන කල හැකි ලේසිම සහ ඵලදායක ම ක්‍රමය කුර්දිවර්න් බලාත්මක කිරීම.
    කුර්දි වරුන් අතිශය රණශූර වර්ගයක්....
    අනික ඔවුන් බොහෝ දුරට මූලධර්මවාදී බවේ අන්තයට ම ගිය අය නෙවෙයි.
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Me kalakanni ballo winasa karanna mulu lokema ekathu wenna one..

    this is like a virus , spreading spreading and spreading......... fuck isis

    US and fucking A would be never able to vanish them until they vanish from the middle east
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්‍රීලාංකිකයකු සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඔහුගේ මස්සිනා කියයි.

    ඔහු අයි එස් සටන්කරුවකු බවත්, සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් එහි ගොස් සටන් කරද්දී ගුවන් ප්‍රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය බවත් වාර්තා වේ.

    ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල එම සිද්ධිය වාර්තා කරන එම පුද්ගලයාගේ මස්සිනාගේ නම හෙළි කර නැත. එහෙත් මිය ගිය පුද්ගලයාගේ නම සඳහන් කර ඇත. (එය මෙහි පළ නොවේ.)

    අයි එස් සංවිධානයේ අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබේ. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත්, ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් සිය මස්සිනා කියයි.

    පාකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයයේ එල්එල්බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවත් ෆේස්බුක් විස්තරයේ සඳහන් වේ.

    ඔහු ෆේස්බුක් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය බවත් අවසන් සටහන එක් කර ඇත්තේ පසුගිය ජූලි අට වැනි දා බවත්, ඉන් පසු කිසිත් ලියා නැති බවත් දැක ගත හැකිය.

    අයිඑස් සටන් හා ඉස්ලාම් ධර්මය ගැන ඔහු ගැඹුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ සටන් කර ඇත.

    ඔහු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ නැවතී සිටි බවත්, මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත්, සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත්, ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගත් බවත් ගලේවෙල කිහිප දෙනෙක් පැවසූහ.