කවුද මේ අයි.එස්.අයි.එස් (ISIS) ? WHO ARE ISIS?
original article :
කවුද මේ අයි.එස්.අයි.එස් (ISIS) ? – WHO ARE ISIS? – ISIS Profile – 1
ලෝක දේශපාලනයේ මේ වනවිට වැඩි වශයෙන්ම අවධානයට ලක්වූ සංවිධානය සහ මාතෘකාව තමයි අයි.එස්.අයි.එස් නම් වූ ත්‍රස්ත සංවිධානය…
මෙලොව සාම්ප්‍රදායික රාජ්‍ය ප්‍රජාවට සහ ඒවායේ බලවත්ම රාජ්‍ය පන්තියට මෑත ඉතිහාසයේදී එල්ල වූ ප්‍රබලම අභියෝගය තමයි මේ සිරියාවේ සහ ඉරාකයේ මේ වන විට ව්‍යාප්තව සිටින “අයි.එස්.අයි.එස් හෙවත් අයිසිස්” ලෙස හඳුන්වනු ලබන දැවැන්ත ත්‍රස්ත ජාලය… මෑතකදී මෙම සංවිධානය තරම් එක් ආරක ගමන් කරමින් සිටින ලෝක ප්‍රජාව තුල, වාණිජ, ජාතික සහ ජනප්‍රිය සංස්කෘතික ගත කතිකාවත් ඇරඹීමට තුඩු දුන් වෙනත් සංවිධානයක් නැති තරම් ….
මෙම සංවිධානයේ විස්තාරණය සහ ඔවුන් විසින් එම කළාපයේ නිර්මාණය කර ඇති දේශපාලන වික්ෂිප්තය හේතුවෙන් මොවුන් ගැන නිරවුල් පැහැදිලි කිරීමක් ලෝකයට ලැබී නැහැ…..මෙයට හේතුව තමයි නිශ්චිත තොරතුරු මූලාශ්‍රයක් නොමැති කම සහ පවතින තොරතුරු සහ ප්රවෘත්ති මූලාශ්රයන් සියල්ල ඔවුනොවුන්ගේ දේශපාලනික පක්ෂපාතීත්වයන් හේතුවෙන් හෝ හුදෙක් මෙම සංවිධානයට දක්වන බිය හේතුවෙන් ඔවුන් ගැන නිරවුල් මතයක් ප්‍රකාශ නොකර සිටීම….
මේ හේතුව නිසා ඔවුන්ගේ ව්‍යාප්තියට අදාළ කළාපයෙන් පිටත රටවලට ඔවුන් ගැන ඇත්තේ අපැහැදිලි අදහසක්…විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල සිටින ජාත්‍යන්තර දේශපාලනය හදාරන සිසුන්ට සහ ගවේෂකයන්ට ඒ ගැන නිසි අවබෝධයක් ලබාගන්න පුලුවන් තැන් විරලයි…
මේ නිසාම මම අදහස් කළා, මේ ලිපිය ඔස්සේ අයිසිස් සංවිධානයේ ආකෘතිය, එහි ක්‍රියාකාරීත්වය, සහ දේශපාලනික අරමුණු පිළිබඳව පිළිගත් මතවාදයන් ඇසුරෙන් නිරවුල්කරණයක් සකස් කරන්න….
කොහොමද මේ “අයිසිස්” (ISIS) සංවිධානය බිහිවුනේ…?…කවුද මේකෙ ආරම්භක නායකයන්…?… මෙවැනි සංවිධානයක් කළාපීය සහ ලෝක බලවතුන්ව අසරණ කලේ කොහොමද?….මේ ගැන ගවේෂණයක් කරමු….
“අයිසිස්” (ISIS) හඳුන්වා දීම
මෙහිදී ඔබ විසින් “අයිසිස්” නම් කෙටි නාමය ( පහසුව සඳහා භාවිතා කරන ), පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාර වාසීන්ගේ මව් දෙවඟන වූ “අයිසිස්” දෙවඟන සමග පටලවා නොගත යුතුයි….
මේ නම හැදිලා තියෙන්නෙ මෙහෙමයි…..
ISIS = Islamic State of Iraq and Syria
අබු මුෂාම් අල් සර්කාවි
මෙම ත්‍රස්ත ජාලයේ මුල් ආරම්භය 2002 වසර තෙක් ඈතට දිව යනවා….2002 වසරේ ඉරාකයේදී ජෝර්දාන ජාතික ත්‍රස්ත සටන් කරුවෙකු වන අබු මුෂාම් අල් සර්කාවි විසින් නිර්මාණය කරන ලද ව්‍යාපාරය තමයි “තව්හිඩ් – වා – ජිහාඩ්” යන සංවිධානය…සුන්නි මුස්ලිම්වරයෙකු වූ සර්කාවි උපන්නේ පලස්තීනයේ සිට ජෝර්දානයට පලා ආ සරණාගත පවුලකට….
ඉන් පසුව ඔහු ඇෆ්ගනිස්ථානය නතු කරගෙන සිටි සෝවියට් හමුදාවන්ට එරෙහිව සටන් වදින්නට ඇෆ්ගනිස්ථානයට ගියා…
පසුව ජෝර්දානයට පැමිණි හෙතෙම “ජූන්ද් අල්-ෂාම්” නම් කුඩා ආගමික සටන් කරුවන් කල්ලිය නිර්මාණය කර ගත්තා. වැඩි කළක් යෑමට පෙර රාජකීය ජෝර්දාන හමුදාවේ විශේෂ බළකාය ඔහුව පණපිටින් අත් අඩංගුවට ගත්තා…එහෙත් වසරක් ඉකුත්ව යෑමට පෙර ජෝර්දාන රජුගේ සමාවකින් ඔහු නිදහස ලැබුවා…මේ නිදහස ලැබීමෙන් පසුවත් ඔහු “ජුන්ද් අල්-ෂාම්” කල්ලිය යළි නිර්මාණය කිරීමෙහි නිරත වුනා…2001 වසරෙදි තමයි ඔහු ඉරාකයේ සිය ක්‍රියාන්විතය අරඹන්නෙ…
මූලික වශයෙන් සදාම් හුසේන්ගේ “බාත්” පක්ෂයෙන් සක්‍රීය දේශපාලනයට ආ සර්කාවි, පසුව යම් කාළයක් සදාම් යටතේ සිට, ඉන් පසුව සදාම්ගේ ඉස්ලාමික ජාතික යෙදුමෙහි ඇති ආගමික වශයෙන් නිශ්ක්‍රීය වන කරුණු කාරණා ගැන කළකිරී එයින් ඉවත්ව, මුලින්ම ගම් මට්ටමෙන් රැස්වීම් පවත්වමින් ඉස්ලාම් දහමේ මූල ධාර්මික ජීවන රටාව ලෙස ඔහු විශ්වාස කළ ජීවන රටාවක් හඳුන්වා දෙමින් කාළය ගත කළා…
2003 වසරේදී ඇමරිකාව ප්රමුඛ මිත්‍ර හමුදා සදාම් රෙජීමය අවසන් කිරීම සඳහා ඉරාකය ආක්‍රමණය කරද්දී සර්කාවි “තව්හිඩ් – වා – ජිහාඩ්” සංවිධානය ගොඩ නගාගෙන අවසන්….ඇමරිකාව ජනපති සදාම් බලයෙන් පහකළ පසුව ඉරාකයෙහි එතෙක් යටපත්ව පැවති සුන්නි-ෂියා ආගමික වර්ග භේදවාදය යළි ඉස්මතු වීමෙන් පසුව ඇති වූ අතිශය අස්ථාවර තත්වය සර්කාවි සිය බලය තහවුරු කර ගැනීම සඳහා යොදා ගත්තා…
2003-2006 කාළය තුළ ඔහු ඇමරිකානු හමුදා ඉලක්ක වෙත සිය මනාව පුහුණු කරවන ලද සටන් කරුවන් යොදා දරුණු ප්‍රහාර එල්ල කරමින් එවකට ලොව පැවති විශාලතම සන්නද්ධ ත්‍රස්ත කල්ලිය වන “අල් කයිඩා” ( Al Qaeda) සංවිධානයේ හොඳ හිත දිනාගෙන වසර 2004 වන විට තමන්ගේ කල්ලිය අල්-කයිඩාවට අනුබද්ධ කර “අල් කයිඩා – ඉරාක්” ( AQI – Al Qaeda Iraq) යන නාමය භාවිතා කිරීම ආරම්භ කළා….
2004 වසරෙදි ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක සේවාවන් සියල්ල සර්කාවි සිය ලැයිස්තුවලට ඇතුළු කරනු ලැබුවා…2005 වන තෙක් සර්කාවි කිසිදු සටනකට සක්‍රීය සටන් කරුවෙකු ලෙස නොපැමිණ තමාව ලුහුබඳින ඇමරිකානු ආරක්ෂක අංශ වල අධි තාක්ෂණික උපක්‍රම වලින් ගැලවී ඉරාකයේ අල් කයිඩා සංවිධානයට විශාල පිරිස් බලයක් ලබා දුන් දක්ෂ බඳවා ගන්නෙකු බවට පත් වුනා….
2006 පමණ වන විට ජාත්‍යන්තර අල් කයිඩා ජාලයේ නායකයන් සහ සර්කාවි අතර අළු යට ගිණි පුපුරු සේ තිබුණු න්‍යායාත්මක සහ උපක්රමික මත භේදයක් ක්‍රමයෙන් ඇවිළෙන්න පටන් ගත්තා…මේ න්‍යායික නොගැළපීම මුලදී තදින් නොදැනුනත්, අල් කයිඩා සංවිධානයේ ක්රියාකාරීත්වයේ දිගු කාළීන අරමුණු ක්‍රමයෙන් ඉස්මතු වෙන විට එය මේ පාර්ශවයන් අතර ආරවුලක් බවට පත් වුනා…. ( ඇතැම් විශ්ලේෂකයන් මෙම ආරවුල ඇමරිකානු බුද්ධි අංශ විසින් නිර්මාණය කරන ලද්දක් බව කියනවා )
මේ න්‍යායික අවුල වූයේ:
අල් කයිඩා ජාත්‍යන්තර ජාලයේ අදහස උනේ තම සටන් කරුවන් ලවා දුර ඈත ඉලක්ක වෙත, එනම් බටහිර ලෝකයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරවිය යුතුය කියන එක… මේකට කියන්නෙ ඔවුන්ගේ Far Enemy Strategy
සර්කාවි ප්රමුඛ අල් කයිඩා ඉරාක ජාලයේ අදහස උනේ ළඟා වීම අතිශය දුෂ්කර සහ හොඳින් රැකවල් කරන ලද බටහිර ඉලක්ක වෙත ළඟා වීමට ගොස් සටන්කරුවන් සහ සම්පත් විනාශ කර නොගෙන, කළාපීය වශයෙන් සිටින ඇමරිකාව ප්රමුඛ බටහිරට හිතවාදී සාම්ප්‍රදායික නායකත්වයන් විනාශ කර දමා, කළාපීය රාජ්‍ය බලය අතට ගෙන Caliphate එකක් ( එනම් අරාබි බසින් “කිලාෆාත්” හෙවත් අධිරාජ්‍යයක් … මහා දේශයක් ) ගොඩ නැගිය යුතුයි කියන එක….මේකට කියන්නෙ ඔවුන්ගේ Near Enemy Strategy
එමෙන්ම ජාත්‍යන්තර අල් කයිඩාවන් විසින් තරයේ ප්‍රතික්ෂේප කරපු තවත් අදහසක් ක්රියාවේ යොදවන්න සර්කාවි උත්සාහ කළා….ඒ තමයි මෙකී කැලිෆේටය එහි වෙසෙන සුන්නි නොවන මුස්ලිම් සහ කුර්දි, ක්‍රිස්තියානි, යුදෙව් ප්රජාවන්ගෙන් තොර කර භයානක වාර්ගික පවිත්‍රකරණයක් (Ethnic Cleansing), හෙවත් වර්ග සංහාරයක් කළ යුතුය කියන එක…ඒ සඳහා සුන්නි මුස්ලිම් සංකල්පයන්ට අනෙක් වාර්ගික සහ ආගමික ප්‍රජාවන් නතු කර ගැනීමත්, එසේ නතු නොවන අය මරා දැමීමත් උපක්‍රම ලෙස ඔහු ඉදිරිපත් කළා….
මේ මතවාදී දෙදරා යෑමේ ප්‍රතිපලයක් ලෙස 2006 වසරේ පෙබරවාරි මාසයේදී පහත සඳහන් සංවිධාන 18 සමග අල් කයිඩා ජාත්‍යන්තර ජාලයෙන් ඉරාකයේ අල් කයිඩා ශාඛාව වෙන් කර ගත් සර්කාවි “ඉරාක ඉස්ලාමික රාජ්‍යය” (Islamic State of Iraq = ISI) හෙවත් නිර්මාණය කර ගත්තා….
2006 ජූනි මාසයේ 6 වැනිදා ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් එෆ්-16 ජෙට් ප්‍රහාරක යානා දෙකක් යොදා එල්ල කරන ලද සුසමාධිත නිරවද්‍ය තාක්ෂණික ප්‍රහාරයකින් ( Precision Strike )සර්කාවි මිය ගියා….මිය යනවිට ඔහුට වයස අවුරුදු 40 ක් වූ අතර, දැඩි මතධාරී ක්‍රියා පටිපාටිය නිසා ප්‍රබල දෙවැනි පෙළ නායකයෙක් හෝ නායකයන් සාදා තිබුනේත් නෑ…
මේ හේතුව ISI නිසාම ක්‍රමයෙන් දුර්වල වෙන්න පටන් ගත්තා….අලුතින් පත් වුනු නායකයන් කිහිප දෙනෙක්ම එකිනෙකාට ඉතාම ආසන්නයෙන් ඇමරිකානු හමුදා සහ ඉරාකයේ ඇමරිකානු ආධාර ලබන රජයේ හමුදා ප්‍රහාර වලින් මිය ගියා….
එසේ මියගිය අනෙක් නායකයන් වන්නේ :
1. අබු අයුබ් අල් මස්සෙරි ( Abu – Ayub – Al – Massri)
2. අබු ඕමාර් අල් බග්දාදි ( Abu – Omar – Al – Baghdadi )
මේ අයගේ ඇවෑමෙන් තමයි මේ සංවිධානයේ වත්මන් නායක අබු බකර් අල් බග්දාදි ( Abu – Bakr – Al – Baghdadi) නායකත්වයට පත් වෙන්නේ 2010 වසරෙදි…..
මේ වත්මන් නායකයාත් පසුගිය වසරේ එල්ල වූ ප්‍රබල ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබුවා…ඔහුට දැන් සක්‍රීයව නායකත්වයෙහි කටයුතු කිරීම දුෂ්කර බවත්, ඒ වෙනුවට මෙහි වත්මන් වගකීම හොබවන්නේ එම සංවිධානයේ නියෝජ්‍ය නායක “අබු අලා අල් අෆ්රි” ( Abu – Ala – Al – Afri) බවත් ඇමරිකානු බුද්ධි අංශ වාර්ථා උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසනවා….
ISI බවට ISIS පත්වීම….ISIS ප්‍රකාශයට පත් කිරීම
මුළු ලොවම මෙතෙක් හොඳින් දැන හඳුනාගෙන සිටි ප්රබලතම අන්තවාදී ත්‍රස්ත ජාලය තමයි ” අල් කයිඩා” සංවිධානය…මේ කුප්‍රකට අල් කයිඩා සංවිධානයේත් විනාශය ඇරඹෙන්නේ මේ වකවානුව තුල….ඔවුන් විනාශ වෙන්නේ මේ “මව් මරා උපන් කුමරා” හෙවත් අයිසිස් නිසා….අල් කයිඩා සංවිධානයේ වත්මන් නායක “අයමන් අල් සවාහ් – රි” පිළිගත්තා මේ අයිසිස් නම් මහා ත්‍රස්ත ජාලය නිර්මාණය වීමට පෙර ඔවුන් සතුව පැවති ශක්තියෙන් 70% පමණ මේ බිහිවීමෙන් පිරිහී ගියා කියන එක….
ඒක උනේ කොහොමද?
නැවතත් කළාපීය කථාවට ආවොත්, අලු යට ගිණි පුපුරු සේ ඇවිලෙන්න මොහොතක් එනතුරු නලියමින් සිටි දේශපාලනික අර්බුද කිහිපයක් මේ කළාපයේ තවමත් මුණිවත රකිමින් සිටියා…එයින් එකක් ලිබියාව, එකක් සිරියාව, එකක් ලෙබනනය….ඉරාකය 2010 පමණ වනවිට කඩා වැටුණු කොන්ක්‍රීට් ගොඩක්, ඇඹරුණු කම්බි කූඩු ගොඩක්, සහ කැඩී විසිරුණු අතපය ගොඩක් බවට පත්වෙමින් තිබුනෙ…ඉරාකය රාජ්‍යයක් ලෙස අවසන් බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දුන්නා….
මේ රාජ්‍යයන් වල පාලනයන් පැවතියේ / පවතින්නේ පහත පරිදි ( 2011 )
ලිබියාව – කර්නල් මුවම්මද් ගඩාෆි සහ ඔහුගේ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන් සතු ඒකාධිපති පාලනය
සිරියාව – ජනාධිපති බෂාර් අල් අසාද් සහ භාත් පක්ෂ ලේකම් නඩෙර් අල් හල්කි ප්රමුඛ භාත් පක්ෂය පවත්වා ගත් තනි පක්ෂ පාලනය
ලෙබනනය – ජනාධිපති මිෂෙල් සුලෙයිමාන් ප්රමුඛ ජනතා නියෝජිත පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය
යේමනය – ජනාධිපති අලි අබ්දුල්ලා සාලෙයි ප්රමුඛ ෂුරා කවුන්සිල ප්රජාතන්ත්රවාදය
මේ රටවල් හැම එකකම බලයේ සිටි නායකයන් තරමක් දුරට ඓහික ප්‍රතිපත්ති අනුගමනය කළ, මිශ්‍ර වාර්ගිකත්වය සහ මිශ්‍ර ආගමිකත්වය යම් පරිමාවකට ආරක්ෂා කළ, වාමාංශික සහ “අරාබි ලෝකය” ( Pan – Arabism )සිහිනය දුටු නායකයන්… මේ නිසාම ඔවුන්ගේ දීර්ඝ පාලන සමයන් තුල මෙම රටවල පැවති ආගමික අන්තවාදය සහ දරුණු ගෝත්රවාදය සාර්ථකව සුවිශාල මිලිටරි බලයක් යොදා පාගාගෙන ගෙන දෛනික කටයුතු කරගෙන යාමට ඔවුන් සමත් වුනා….
ලිබියාවේ උඝ්ර ගෝත්‍ර ප්‍රශ්ණයක් ( ගෝත්‍ර 100 + සංඛ්‍යාවක් අතර ) ගඩාෆි බලෙන් පාගගෙන හිටියා….
සිරියාවේ ආගමික අන්තවාදය අසාද් යාන්තමින් පාලනය කර ගනිමින් හිටියා…
යේමනයේ බෙදුම් වාදී ගෝත්‍ර ගැටුමක් පාලනය කර තිබුණා….
ලෙබනනයේ තරුණ පරපුර ඔවුන්ගේ රජය අසල්වැසි ඊශ්‍රායලය හමාස් ඉලක්ක සොයා සිය රටට දරුණු ගුවන් ප්‍රහාර එල්ල කරද්දී අනුගමනය කළ නිවට ක්‍රියා කළාපය ගැන කළ කිරීමෙන් හිටියා….
තරුණ පරපුර අතර අසහනය සහ ඉච්ඡා භංගත්වය, විශේෂයෙන්ම පරාජිත මානසිකත්වය තරම් ත්රස්තවාදයට අත වනන වෙනත් හේතුවක් නෑ…. ශ්‍රී ලංකාවේත් එය තුන් වතාවක්ම උතුරේ සහ දකුණේ දකින්න ලැබුණා….මේ රටවලත් මෙකී අසහනකාරී පරිසරයන් අතරට කොටුවී බලාපොරොත්තුවක් නැතිව සිටි “ඇතැම්” තාරුණ්‍යයට “අල් කයිඩා” වැනි විනාශකාරී සංවිධාන වල දිෂ්ඨිය වැටුණා…..
මේ අය තමා අල් කයිඩා සංවිධානයේ Recruitment Base එක උනේ.. .ඒ වගේම ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය පවත්වා ගැනීමේ ලා පණිවිඩ කරුවන්, ප්රවාහකයන්, මොළ කරුවන්, සටන් කරුවන් ලැබුණෙත් මේ අයගෙන් තමයි…..
අල් කයිඩා සංවිධානය සහ එහිම පරිපාලක සහෝදර සංවිධානය වන තලෙයිබාන් සංවිධානය 70-80 දශක වල පැවති ඇෆග්නිස්ථානයේ සෝවියට් ආධිපත්‍යය පෙරළා දැමීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ විසින්ම ඇෆ්ගන් වැසියන් අතුරින් තෝරාගත් රණකාමී ගෝත්‍රිකයන්ට අවි ආයුධ සැපයීමෙන් බිහිකර දුන් සංවිධාන….
මේ සංවිධාන බිහිවීම ආනුබුද්ධික විශ්ලේෂකයන්ට අනුව ඇමරිකාව විසින් කළ විශාලතම මෝඩ කමක්… නමුත් කුමන්ත්‍රණ සිද්ධාන්තයන් විශ්ලේෂණය කරන විකල්ප විශ්ලේෂකයො නම් කියන්නෙ තවමත් මේ සංවිධාන හරහා මැද පෙරදිග පාලනය කරනු ලබන්නේ ඇමරිකාව බවයි….
අරාබි වසන්තය
2010 වසරේ දෙසැම්බර් 18 වැනිදා ටියුනීසියාවෙන් ඇරඹී, ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, යේමනය ආදී රටවල් රැසක පාලනයන් පෙරළා දමා, සිරියාවේ මේ සියවසේ දැනට අපි දකින දරුණුම සිවිල් යුද්ධය ඉතිරි කළ මේ “අරාබි වසන්තය” ක්‍රියාවලිය ගැන මෙහිදී දීර්ඝ විග්රහ කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ….මේ ගැන ලාංකික සයිබරයේ ඕනෑ තරම් සාකච්ඡා වෙලා ඇති…
මේකෙන් හොඳ වගේම නරක දෙකම සිද්ද උනා…වැඩිපුරම උනේ නරක උනත්, තව බොහෝ කළක් පාලනයේ ඉන්න සිතා සිටි ඒකාධිපතියන්ගේ විනාශයත් සමග යම්, යම් රටවල ( ලිබියාවේ එහෙම ) ප්රජාතන්ත්රවාදය සඳහා අවස්ථාවක් නිර්මාණය උනා….
අරාබි වසන්තය ආරම්භයේදී ඒක ඒ ඒ රටවල ජනතා පිබිදීමක් උනත්, ඇතැම් තැන්වල මේ සිවිල් යුද තත්වයන් ඉතිරි වෙන්න ප්‍රධාන වශයෙන් ඇමරිකාව ප්රමුඛ නේටෝ බලවතුන් සෘජුව වගකිව යුතුයි…මොකද ඒ රටවල ජනතා නැගිටීම් වලට සහාය දෙනවා කියා ඔවුන්:
1. අදාළ කැරලි කණ්ඩායම් වලට පුහුණුව
2. ආදායම් මාර්ග
3. සටන් කරුවන්
4. අවි සහ මුදල්
විශාල වශයෙන් ලබා දුන්නා…මේ තත්වය දරුණුවටම දකින්න ලැබුනේ සිරියාවෙදි….ඒ වගේම ලිබියාවේදි සෘජුව ගුවන් ප්‍රහාර හරහා මැදිහත් වීමත් සිදු කළා
අයිසිස් එකට හොඳම වාසිය සිද්ද උනේ සිරියාවෙදි… සිරියාවට මේ විදියට විශාල වශයෙන් මුදල් ආධාර තුර්කිය, සවුදිය ප්රමුඛ ගල්ෆ් රාජ්‍යයන් හරහා බටහිරින් ගලා එනකොට, සහ එවකට සිරියාවෙ තිබුණු බලවත්ම සන්නද්ධ කැරලි කණ්ඩායම වන “නිදහස් සිරියානු හමුදාව” ( Free Syria Army) ට යත් සටන් කරුවන් තුර්කියේ සහ ගෝලාන් කඳුකරයට ඔබ්බෙන් බටහිර විශේෂ සේනාංක මගින් පුහුණුව ලබා දෙනකොට, මේ අතරේ හිටියා පසුව “අයිසිස්” වෙත එකතුවෙන සංවිධාන රැසක සටන් කරුවන්…ඔවුන් මේ පුහුණුව, මුදල් සහ අවි ලබාගත්තා යහමින්…..
2013 අප්‍රේල් මාසයේ 8 වැනිදා එවකට ඉරාකයට පමණක් සීමා වී සිටි අයි.එස්.අයි සංවිධානය සිරියාවේ ක්‍රියාත්මක වූ “ජබාත් අල් නුස්-රා” සංවිධානය සමග දීර්ඝ සාකච්ඡා අවසන් කර ඒකාබද්ධ වුනා…. එදින විනාඩි 33 ක් ගුවන් විදුලි සහ අන්තර්ජාල සජීව විකාශයන් හරහා කළාපීය ජනතාව ඇමතූ අයි.එස්.අයි නායක අබු බකර් අල් බග්දාදි, මේ සමගම අයි.එස්.අයි ඉරාකයෙන් පිටතට පා තබන බවත්, ඒ අනුව ඒකාබද්ධ සංවිධානයක් ලෙස “ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය” හෙවත් Islamic State of Iraq & Syria ( ISIS) බිහිවූ බවත් ප්‍රකාශ කළා…මෙයට ඔහු ඒ මොහොතේ දුන් නම තමයි “ඉරාකයේ සහ නැගෙනහිර මධ්‍යධරණියේ ඉස්ලාමික රාජ්‍යය” යන නම (Islamic State of Iraq & the Levant – ISIL) …මේ ප්‍රකාශයත් සමගම සිරියාවේ අල් කයිඩාවට, සහ නිදහස් සිරියා හමුදාවට අනුබද්ධිතව සිටි පුද්ගල සටන් කරුවන් සහ කුඩා ප්‍රාදේශික සංවිධාන බුරුතු පිටින් ඔවුන් හැරගොස් මේ නව සංවිධානයට එක් වෙන්න පටන් ගත්තා…..
මේ සම්බන්ධයෙන් අල් කයිඩා වැනි සාම්ප්‍රදායික ත්‍රස්ත ජාලයන් කෙතරම් කලබල උනාද කිව්වොත් අල් කයිඩා නායක එමිර් අයමන් අල් සවාහිරි “වහාම මෙම නව සංවිධානය විසුරුවා හැර ඉරාකයට සිය ක්‍රියාකාරකම් සීමා කරගන්නා ලෙස නියෝගයක්” අබු බකර් අල් බග්දාදිට නියෝග කළා… ඒත් ඒ වනවිට අයි.එස් නායකයන් අල් කයිඩාව තඹේකට නොතකා හැරිය හැකි තරම් බලවත් වී අවසන්….
අල් කයිඩාව සහ නිදහස් සිරියානු හමුදාව භ්රාන්තව බලා සිටියදී දහස් ගණනක් ඔවුන්ගේ සාමාජිකයන් සහ උප-සංවිධාන තමන්ට බටහිරින් ලැබුණු පුහුණුව සහ නව අවි තොග රැගෙන අයිසිස් වෙත යන්න පටන් ගත්තා….
ඇයි එහෙම ගියේ ?
මෙහෙම යන්න ප්‍රධානතම හේතුවක් උනේ අබු බකර් ප්රමුඛ අයි.එස්.අයි නායකත්වය විසින් “නිදහස් සිරියානු හමුදාව” සහ “අල් කයිඩා” සංවිධානය කියන්නේ තමන්ව රවටමින් බටහිර අතකොළු බවට පත් කරවන බටහිර ගැති බළල් අත් බව සිරියාවේ සිටි 35,000 ක් පමණ තරුණ සටන් කරුවන්ට ඒත්තු ගන්වා තිබීම…තමන් රැවටී සිටින බවත්, තමන් සේවය කරමින් සිටින්නේ බටහිරට මිස ඉස්ලාමයට නොවන බවත් මේ අයට පවසා තිබුණා….මේ තුළින් හටගත් ඉච්ඡා භංගත්වය සහිතව සිටි සටන් කරුවන්ට 2014 ජූනි මස 29 වැනිදා අයිසිස් අලුත් බලාපොරොත්තුවක් දුන්නා… ඒ බලාපොරොත්තුව තමයි සමස්ථ කළාපයම නිදහස් කරගෙන එය තුල “කැලිෆේටයක්” නොහොත් “කිලාෆා” එකක් බිහි කිරීම… විමුක්තියට ඇති එකම විසඳුම එය බව අබු බකර් අල් බග්දාදි මේ අයට පැවසුවා… ඒ වාගේම අයිසිස් කැලිෆේට ප්‍රකාශය කරන දිනයේ ඔහු තමාවම එහි “කාලිෆ්” වරයා හෙවත් “කාලිෆා රසුල්” ( දේව පණිවිඩ කරුවාගේ අනුප්‍රාප්තිකයා ) ලෙස නම් කරගෙන “කාලිෆා ඉබ්රාහිම්” ලෙස රාජ්‍යත්වයට සම්මත කර ගත්තා….
කාලිෆාවක් හෙවත් කැලිෆේටයක් යනු කුමක්ද?
අරාබි බසින් “කිලාෆා හෝ කාලිෆා” කියන්නෙ දෙවියන්ගෙන් ලැබුණු දෙවියන්ට අනුගත රාජ්‍යයක්….එහි නායකයා තමයි “කාලිෆ් හෝ කාලිෆා” වරයා හෙවත් දේව අනුප්‍රාප්තිකයා…
මේ මහා දේව රාජ්‍යය නම් සංකල්පයේ ඉතිහාසය ක්‍රි.ව 632 තරම් ඈතට දිව යනවා… ඉතිහාසය පුරාවට වතා කීපයකදීම මැද පෙරදිගින් පහළ වූ විවිධ බලසම්පන්න නරපතියන් විසින් මේ රාජ්‍යය බිහි කිරීමෙහිලා උත්සාහ දරනු ලැබුවා….ඒ උත්සාහයන් කිහිප වරක්ම සාර්ථක වුවත්, එසේ බිහිවූ මහා රාජධානි පැවතුනේ ඉතාම කෙටි කාළයයි….
අවසන් වරට එසේ මෙලොව පැවති පිළිගත් “කැලිෆේටය” තමයි හිජාහි ෂාරිෆියාන් කැලිෆේටය….ඔටෝමන් තුර්කිවරුන් 1923 ජූලි 24 වැනිදා ස්විට්සර්ලන්තයේ ලෝසාඥ්ඥේහි අත්සන් තබන ලද ගිවිසුමක් මගින් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය විසුරුවා හැරි මොහොතේ එතෙක් පැවති සුවිශාල ඔටෝමන් තුර්කි කැලිෆේටය අහෝසි උනා….දෙවැනි අබ්දුල්-මෙෂිඩ් තමයි තුර්කියේ අවසන් කාලිෆා වරයා….එයින් පසුව කෙටි කාළයක් ගල්ෆ් කළාපයේ නායකයන් කිහිප දෙනෙක් එක්වී ෂාරිෆියාන් කැලිෆේටය පවත්වා ගන්න උත්සාහ කළත් 1925 දි එයත් විසුරුවා හැරියා…..
එයින් පසුව පළමු වරට ප්‍රසිද්ධියේ කැලිෆේටයක් පිහිටුවන උත්සාහය ප්‍රකාශ කරන්නේ “අයිසිස්” සංවිධානය විසින්…..
එම ප්‍රකාශයේ ඉංග්‍රීසි පිටපත:
අයිසිස් (ISIS) නායකත්වය
දැන් අපි මෙම සංවිධානයේ වත්මන් නායකත්වය ගැන සංක්ෂිප්ත අදහසක් ගනිමු…
ප්‍රධාන නායකත්වය:
සමස්ථ සංවිධානයේම නායක සහ කාලිෆාවේ අනුප්‍රාප්තිකයා – අබු බකර් අල් බග්දාදි ( ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සදාකාළික ආබාධයන්ට ගොදුරුව සිටින හෙයින් මේ මොහොතේ ඔහු ක්‍රියාකාරීව නායකත්වය නොදරයි )
වත්මන් වැඩබලන නායක සහ නිළ නියෝජ්‍ය නායක – අබු අලා අල් අෆ්රි
සිරියාවේ අයිසිස් නියෝජ්‍ය නායක – අබු අලි අල් අන්බාරි
ඉරාකයේ අයිසිස් නියෝජ්‍ය නායක – අබු අල් තුර්කිමනි
සමස්ථ සන්නද්ධ අංශ නායක – අබු සුලෙයිමාන් අල් නසිර්
යුප්‍රටීස් කළාපයේ අයිසිස් ආණ්ඩුකාර – අබු ෆාතිමා අල් ජයේෂි
මාධ්‍ය ප්‍රකාශක – අබු මුහම්මද් අල් අද්නානි
සිරියානු අංශයේ විශේෂ මෙහෙයුම් නායක – අබු ඕමාර් අල් සිෂාණි
මේ හැර අයිසිස් සංවිධානය විසින් මේ මොහොත වනවිට ඉරාකයෙන් සැළකිය යුතු ප්‍රමාණයක පාලනය නතු කරගෙන සිටින බැවින් ඔවුන් එම ප්‍රදේශ පාලනය සඳහා විශේෂ “කැබිනට් මණ්ඩලයක්” පත් කර ඇත… පහතින් දැක්වෙන්නේ එම කැබිනට් මණ්ඩලයේ 08-07-2015 වනවිට සිටින සාමාජිකයන්ය:
original article :
Code:
https://theruamknatha.wordpress.com/2015/07/08/%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF-%E0%B6%B8%E0%B7%9A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92-%E0%B6%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92-%E0%B6%91%E0%B7%83%E0%B7%8A-isis-who-are-isis-isis/

[URL]https://ia902505.us.archive.org/28/items/poa_25984/EN.pdf[/URL]
දැන් අපි මෙම සංවිධානයේ වත්මන් නායකත්වය ගැන සංක්ෂිප්ත අදහසක් ගනිමු…
ප්‍රධාන නායකත්වය:
සමස්ථ සංවිධානයේම නායක සහ කාලිෆාවේ අනුප්‍රාප්තිකයා – අබු බකර් අල් බග්දාදි ( ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සදාකාළික ආබාධයන්ට ගොදුරුව සිටින හෙයින් මේ මොහොතේ ඔහු ක්‍රියාකාරීව නායකත්වය නොදරයි )
වත්මන් වැඩබලන නායක සහ නිළ නියෝජ්‍ය නායක – අබු අලා අල් අෆ්රි
සිරියාවේ අයිසිස් නියෝජ්‍ය නායක – අබු අලි අල් අන්බාරි
ඉරාකයේ අයිසිස් නියෝජ්‍ය නායක – අබු අල් තුර්කිමනි
සමස්ථ සන්නද්ධ අංශ නායක – අබු සුලෙයිමාන් අල් නසිර්
යුප්‍රටීස් කළාපයේ අයිසිස් ආණ්ඩුකාර – අබු ෆාතිමා අල් ජයේෂි
මාධ්‍ය ප්‍රකාශක – අබු මුහම්මද් අල් අද්නානි
සිරියානු අංශයේ විශේෂ මෙහෙයුම් නායක – අබු ඕමාර් අල් සිෂාණි
මේ හැර අයිසිස් සංවිධානය විසින් මේ මොහොත වනවිට ඉරාකයෙන් සැළකිය යුතු ප්‍රමාණයක පාලනය නතු කරගෙන සිටින බැවින් ඔවුන් එම ප්‍රදේශ පාලනය සඳහා විශේෂ “කැබිනට් මණ්ඩලයක්” පත් කර ඇත… පහතින් දැක්වෙන්නේ එම කැබිනට් මණ්ඩලයේ 08-07-2015 වනවිට සිටින සාමාජිකයන්ය:
- අබු අබ්දුල්ලා කාදර්
- අබු මුහම්මද්
- අබු ලුවේ
- අබු සලාහ්
- අබු හජාර් අල් අසාෆි
- අබු කාසිම්
- අබු අබ්දුල් රහ්මාන් අල් බිලාවි