කවුද මේ පාමංකඩ පොඩි අශෝක..?? Part 3

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කවුද මේ පාමංකඩ පොඩි අශෝක..?? Part 3

    සොත්ති උපාලි අව් කන්නාඩි පැලඳ
    n6_1.gif


    images

    ඉහල වමේ සිට:ධම්මික අමරසිංහ ,මහින්ද ගොඩගේ (බඩා මහින්ද ),කළු අජිත් (ගිනි තියල මැරුවේ ),කරාටේ ධම්මික,වම්බොට්ටා ,ඕල්කොට්
    පහල වමේ සිට :පොට්ට නෞෆර්,ආමි රොෂාන් ,මාමස්මි ,ෆාජි,නඩරාජ් ,නේවි අසංක



    ගෝනවල සුනිල්
    Th6urF9yHt9_YgfOkKFg_qyRMO3M_N-w96LDEqXlnPg=w364-h414-no



    ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන සොත්ති උපාලි, වම්බොට්ටා, ධම්මික අමරසිංහ,
    බැදදගානෙ සංජීව, ඕල්කට්, ෆාජි, පොට්ට නෞෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ , කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා , ප්‍රින්ස් කොලම් , ධනුශ්ක , නේවි රුවන්, නේවි අසංක, කරාටෙ ධම්මික, අයිස් මංජු, නෙලුවේ ප්‍රියන්ත, නෙලුවේ ප්‍රියන්ත , කඩුවෙල වසන්ත, ආමි රොෂාන් , උස කුමාර ආදි 70 , 80 , 90 දශක හා පසුගිය දශකයෙ මුල් භාගයෙ පාතාල
    ලොව හෙල්ලු බොහොමයක් අද වන විට මිය ගොස් ඇත. සමහරුන් අතුරුදන් වී ඇත.
    සමහරුන් හිරගෙදර සිය ජීවතයෙ අවසාන කාලය ගත කරයි.

    පාතාල ලොව ගෝඩ් ෆාදර් කිරුල දිනු නාවල නිහාල් හට සිදු වූ දෙය ඔවුන්ගෙ සගයන්ද නොදනි නමුත් නාවල නිහාල් සමග ෆේස්ටු ෆේස් හැප්පුණු එකම පුද්ගලයා අශෝක. අශෝක නාවල නිහාල්ට මූණට කීවා මරනවා කියලා. ඒකට නාවල නිහාල් තක්බීර් වෙලා හිටියෙ. නාවල නිහාල් ජීවිතය බේරගන්න අන්තිමේදී නතර වුණේ ඉතාලියේ නාපොලි නුවරය.

    නාවල නිහාල්ටවත් ඔළුව නැමුවෙ නැති කවුද මේ පාමංකඩ පොඩි අශෝක..
    ඇත්තෙන්ම පාමංකඩ පොඩි අශෝක පාතාල චරිතයක්ද?
    එසේ නොවේනම් අශෝකගේ විශේෂත්වය කුමක්ද?

    පාමංකඩ පොඩි අශෝක කොයි වගේ කෙනෙක්ද?

    අශෝක කියන්නේ පතාල ලොකේ එදා මෙදා තුර බිහි නොවෙච්ච චරිතයක්. අපිත් හොඳ වැඩකාරයෝ දැක්කා. ඒත් අශෝක වගේ මිනිහෙක්ව දැක්කේ නැහැ. පාතාලේ කප්පම් ගන්න, කුලියට මිනී මරන අයට විරුද්ධව ආයුධ අතට ගත්ත කෙනෙක්. කොටින්ම කියනවානම් උම්බලකඩ කෑල්ලක්වත් කාපු නැති කෙනෙක්. ඒ කාලේ පාතාලේ කවුරුත් අශෝකට බයවෙලා හිටියේ. ඒ කාලේ පාමංකඩ පොඩි අශෝකගේ නම මුළු ලංකාවම දැනගෙන හිටියා. ඒත් පුද්ගලයා කවුද කියලා දන්නෙ නැහැ

    එක එක කට්ටිය, එක එක ප්‍රශ්න විසදගන්න අශෝක ළඟට ආවා. චණ්ඩියෙක් බලෙන් නංගිව දූෂණය කළාම සමහර අයියා හරි මල්ලි හරි අශෝකට ඇවිල්ලා කියනවා. අශෝකට ඒවා වාවන්නේ නැහැ. අශෝක හරි සංවේදී මනුස්සයෙක්. අන්තිමේදී අශෝක උන්ට විරුද්ධව ගේමට බැස්සා. චණ්ඩිකමෙන්, ගේම් ගහපු කැත වැඩ කරපු ඔක්කොටම අශෝක පනිෂ්මන්ට් දුන්නා. ඒ කාලෙ පාතාල නායකයෝ ගොඩාක් අශෝකට බයවෙලා හිටියේ.

    ඇයි නාවල නිහාල් මරන්න අශෝක උත්සාහ කළේ..?

    කොල්ලන්ගෙ අතට ආයුධ දීලා මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, සංස්කෘතියක් එක්ක පාතාල මාෆියාව නිර්මාණය කළේ නාවල නිහාල්. හැදෙන පරපුර ඒ තත්ත්වයට ඇදලා දැම්ම නිසා අශෝක නාවල නිහාල් එක්ක හිටියේ බද්ධ වෛරයෙන්. දවසක් මාදින්නාගොඩ සුගතුයි, අශෝකයි නාවල නිහාල් මරන්න නුගේගොඩ හන්දියේ රැකලා හිටියා. ඒත් එදා නාවල නිහාල් එක්ක කාරකේ ගියේ අශෝක අඳුනන කෙනෙක්. එයා පොලිසියේ ඉ.ධ්. මහත්තයෙක්. මුලින්ම කාරකෙන් බැස්සේ එයා. අශෝකට එයාව දැකලා පුදුම හිතුණා. සුගත්ට හිමින් කිව්වා අපි මෙතැනින් යමු කියලා. නැත්නම් එදා නාවල නිහාල්ව අනිවාර්යයෙන් මරනවා.

    පාමංකඩ පොඩි අශෝක දෙල්කඳ උසාවි සංකීර්ණයේදී ඝාතනය උනේ දහසක් දෙනාගෙ ඇස් වලට කදුලු එක් කරමින්.

    විජය කුමාරණතුංගගෙන් පස්සේ මම දැක්ක වැඩිම සෙනඟ හිටියේ පාමංකඩ පොඩි අශෝකට. මුළු කිරුළපන, නාරාහේන්පිට පුරාම ඩබල් ඩබල් තොරණ ගැහුවේ. මැරුවාද, මැරුණාද කියලා. ඇන්ටන් ජෝන්ලා ඒ සිරාට, මේ සිරාට සින්දු ගැහැව්වා. ගහන්න ඕන මිනිහට ගැහැව්වේ නැහැ.

    මරණෙට ආපු කට්ටිය අශෝකගෙ ගේ දැකලා පුදුම හිතුණා. එයා හිටියේ පාමංකඩ අලුවලවත්තේ ලෑලි ගහපු ගෙයක. හැබැයි ඒ කාලේ බිල්ඩින් 60-70 ගහන්න පුළුවන් බලයක් අශෝකට තිබ්බා. ඒත් අශෝක ඒ බලෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. කිරුළපනේ දහ දෙනෙක්ගෙන් ඇහුවොත් අශෝක ගැන දහදෙනාම හොඳ කියයි. අශෝක කියන්නේ ඒ වගේ පුදුම රත්‍රන් හදවතක් තිබ්බ චරිතයක්.

    දැන් සිතිය යුත්තෙ ලංකාවෙ පාතාල ලෝකයෙ අනාගතය කුමන අයුරින් දරුණු විය හැකිද යන්නයි.පොලොන්නරුවෙ පොඩි විජේලා , මරදානෙ චොප්පෙලා , අග්ගොන චන්දරේලාල සොත්ති උපාලිලා ඉතා දරුණුය. ගමක් බිය කරගෙන සිටි චන්ඩිගෙන් පැවතගෙන ආ සංස්කෘතිය පාතාලය බවට පත් වී මුලු රටටම පිළිලයක් විය.කඩු , ඩප්පි ඉතා ඉක්මනින් තුවක්කු, බෝම්බ විය. ජාවරම් වලින් පෝෂණය වීමට තැත දැරු පාතලය මෙන් නොව පසු කලෙක බලයට පාතලයේ ලොක්කන් සටන් කලේය. කසිප්පු නොදීම් නිසා කලහ කර ගැනීමට ගිය කැලණියේ ඩයස් , හෝටලයක් නිසා මැරුම් කෑ ඉතාලි ජගත් එවාට හොද උදාහරණය. පාතාලයට ජාතිවාදයද සම්බන්ධ වුණි.
    සුදාකරන්ගෙන් දෙමල පාතාලයක් ඇරඹුණි. එය ඉවසාගත නොහැකිව කුඩු නූර් , ෆාජි ,ආනමාලු ඉමිටියාස් මුස්ලිම් පාතාලයක් ඇතිකර දෙමල පාතාලය විනාශ කලේය. මුස්ලිම් පාතලය අවසානය සිදු වූයේ ප්‍රින්ස් කොලම්ගෙන් ඇරඹි සිංහල පාතාලය හේතුවෙනි.

    මොරටු සමන් දැන් මොරටුවේ නැත. මොරටු සමන්ගෙ ඉතාම සමීප පාතාලෙ සාමාජිකයෙකු වූ " සුදු මල්ලි " දැන් ඉතාලියෙ ජීවත් වේ. ඔහු ඉතාලි කාන්තවාක් විවාහ කරගෙන සිටියි. දැන් මොරටුවට සමන් නැති අඩුව පිරිමහන්නට ලසන්ත නැමත්තෙකු කුරුමාණම් අල්ලයි.ගංජා හා
    මත්කුඩු ඔහුගේ ජාවාරමයි.රත්මලානෙ එකල පාතාලයෙ සිටි කෙරුමෙකු වූයෙ උස කුමාර නැමැත්තායි.දෙහිවල ජගත් ඝාතනය කරමින් කරලියට පැමිණි ඔහුත් පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් මැරුම් කෑවේය. දැන් මත්කුඩු ජාවරම සමගින් රත්මලානට පාතාල සංස්කෘතිය නැවත බෝ කිරිමට උත්සහ කරන්නෙ කුඩු රාජාය.

    බොරැල්ලෙ ඔල්කට් කුරුණෑගලදී මිය ගියේය. ඔහුගෙ මාමා තම නෑදෑ පුතුගෙ හා දමිත නැමති ඕල්කට්ගේ සමීපතමයාගෙ පුරසාරම් දොඩමින් ඉතාලියෙ ජීවත් වේ. කුඩු නිලංග , කිතුල්වත්තෙ හාමු මෙන්ම අම්මාන් නැමැත්තන් දැන් බොරැල්ලේ සිට පාතාල ලොව අකුරු කියවමින්
    සිටියි.භාරත ලක්ෂ්මන් මහතාගෙ ඝාතනයෙන් තවත් පාතාලයන් ගැන තතු හෙලි වෙති . බස් චූටිගෙ ගෝලයෙකි වන වැල්ලම්පිටියෙ හැරිසන් ඉතා ඉක්මනින් පාතාල ලොව ඉහලට යන චරිතයක් බවට පත්ව ඇත. කරාටෙ ධම්මික අතුරුදහන් වුවත් ඔහුගේ ගෝලයන් වූ පාන් අනුර , මංජු , තිලංක, කුඩු ගැමුණු , දිනහේවා, නොන්ඩි අජිත් මේ අතරින් ප්‍රධානය.

    ෆාජිගෙ සෙවන යටතේ මාලිගාවත්තෙ රජ කල මාමස්මිටත් වැඩ වැරදෙයි. ඒ ජලාශ පාරෙ චිප්පේද කුඩු ජාවරම රැගෙන කොලඹට පැමිණ ඇති නිසාය.ඔහු අවි ජාවාරමද සිදු කරයි.බ්ලුමැන්ඩල්හී ප්‍රින්ස් කොලම්ට අවසානය ලගා වුයේ ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ තරගයක් නරඹන
    අතරතුරේදිය.බ්ලුමැන්ඩල්හි සංජිව තවමත් බන්ධනාගාරයේය. මට්ටක්කුලියෙ ගල් සම්පත් හා නුවන්ලා පාතල ලොව අදුරට දැන් හුරුවෙමින් පවති. කොම්පඥ්ඥවීදියෙ මැක්සිත් එසේමය. අංගොඩ දාබරේ , බිත්තර චමින්ද , සිංහපුර දීප්ත තවත් පිරිසකි.

    කඩුවෙල වසන්ත මිය ගියත් කඩුවෙල වාසල තවමත් පාතල ලොව සැගවූ චරිතයක් ලෙස ජීවත්වේ.මිනී 35කටත් අධික සංඛයාවකට වගකිවයුතු නදුන් නැමැත්තා දරුණු පාතාල නායකයා සිටින්නේ ඉතාලියේය.ඔහු ඉතාලියේ ඉතා සාමකාමි ජීවිතයක් ගතකරන අතර
    ඉතාලි ශ්‍රි ලාංකිකයන් විසින් පවත්වන උත්සහ වලට පවා සහභාගිවේ. ෆේස්බුක් වෙබ් අඩවියේ පවා සිටියි. එහෙත් ඔහු කවුද කියා හරියටම දන්නෙ ඔහුත් සමග සාද වලට සහභාගිවන පිරිස සහ ඔහුව ලගින් ඇසුරු කරන තරුණ පිරිසයි.මාතර සුමිත් , දෙවුන්දර චමත් , උනාකූරුවේ ශාන්ත ,
    මාතර සෙල්ල , මදුශ් , තරුදු , බද්දේගම ප්‍රසන්න , බාබර් රංග , චමින්ද දැන් දැන් දකුණේ පාතාලයට අත පොවා ඇත. රත්ගම මදුර විදේශ ගතව සිටියත් ඔහුගෙ කටයුතු මෙහෙය වීමට බුස්සේ ලලිත් සිටී.

    මොවුන් සියල්ලගේම ප්‍රධාන ජාවරම මත්කුඩුය. එමෙන්ම කුලි මිනීමරුවන් මෙන කටයුතු කරන අතර කප්පම් ගැනීමද සිදුකරයි. අනාගතයේදීත් සොත්ති උපාලිලා බිහිවිය හැකි නිසා එය නැවත්වීමට දැන්ම පටන් කටයතු කල යුතුය.


    පාතාලයේ කථා 01
    http://www.elakiri.com/forum/showthread.php?p=20038983#post20038983

    පාතාලයේ කථා 02
    http://www.elakiri.com/forum/showthread.php?p=20037528#post20037528
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් ..ගිනිඅවි ගිනි කෙලි නැවැත්තුවේ ඔව්ව් වහන්න තමා කුඩු වලටත් වඩා භයානක දේ පාදඩ දෙහ්පාලනය ..ඕකුන් තමා ඉස්සෙලා නැති කරන්න ඕනේ :growl::cool:
    රේප් කලින් දීලලු :dull:
     
    • Like
    Reactions: sebastian show

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    දෙයියන්නවෙල සුනිල්, අපේ සීයා අයි. සේ. බන්ඩ ත් හොද චන්ඩි. :cool:
     
    • Like
    Reactions: sebastian show

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මරුසිරා;20041326 said:
    බම්ප් ..ගිනිඅවි ගිනි කෙලි නැවැත්තුවේ ඔව්ව් වහන්න තමා කුඩු වලටත් වඩා භයානක දේ පාදඩ දෙහ්පාලනය ..ඕකුන් තමා ඉස්සෙලා නැති කරන්න ඕනේ :growl::cool:
    රේප් කලින් දීලලු :dull:

    thanks machan rep added
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Maxxa machan rep Dunna.
    Soththi upaliwa maranne kawda kiyala naneee... marala genalla dannenam piliyandala ho kesbewa area eke welaka langakata kiyala ahala thiyenawa.
     
    • Like
    Reactions: sebastian show