කවුද මේ මචං “මචං” ?!
මා පවුලේ දෙමාපියන් සහෝදර/සහෝදරි යන් අතර ඇතිවු සාකච්ඡාවක ප්‍රතිඑලය මත මෙම ලිපිය මා ඔබ සමග බෙදා හදා ගන්නට තීරනය කලා, අප රට ඡාතිය ආගම ගැන හිතලා.
දැන් ඉතින් ඇත්තටම කවුද මේ “මචං” කියලා කියන්නේ ?. මා පාසැල් යන කාල වකවානුව වන විට “මචං”කෑල්ල තිබුනා කියලා යාන්තම් මතකයි, ඒ වසර දහයකට පහලවකට පෙර, ඊට පෙර තිබුනාද කියලා කියන්ඩ මට මතක නැහැ.
ඒ කුමක් වුවත් දැනට අප සමාඡයේ සිංහල භාෂාව ඉක්මනින්ම විකුර්ති වේගෙනයනවා දකින්නට පුළුවන්. නුවණ නොයොදා කටට එන පලියට, අන් රට වලින් පැමිනෙන හැම දෙ යක්ම ඉහමුදුනෙන් ම බදා නොගත යුතුයි ! මක් නිසාද යත් අන් අයගේ දේවල් බිහිවී ඇත්තේ ඔවුන්ගේ විශ්වාසයන් හා සංස්කෘතීන්ට ගැලපෙන ආකාරයට මිස අප සංස්කෘතිය හා චින්තනයට අනුව නොවන නිසා(ගැලපෙන දේත් නොගැලපෙන දේත් දෙකම ඇත). “නිවැරදි දැක්ම” ගැන අප බුදු රඡාණන් වහන්සේ අපට වදාලේ අදින් වසර 2600ට පමන ඉහතදී වුවද, අද දවස වැඩි පිරිසකට ඒ සුවිශේෂී සත්‍යය ධර්මය තවමත් වැටහී නැති බව මනාව පැහැදිලී.
ඉතින් මොකක්ද මේ “මචං”කෑල්ල ?. දැන් අප සමාඡයේ සෑම දෙනෙක්ම වාගේ මෙම වචනය බාවිතා කරනවා. “ඉතින් කොහොමද මචං”, “හලෝ මචං”, “මාර වැඩෙ මචං”… ඔය වාගේ තවත් උදාහරණ වැඩි හරියක් ඔබලා දන්නවා කියල මට විශ්වාසයි !. “මස්සිනා” යනු තම සහෝදරිය විවාහ කරගන්නා ලද පිරිමි පුද්ගලයයි. එම “මස්සිනා” යන වචනය පොෂ් වෙලා අද එය “මචං” බවට පත්ව ඇත යන්න අප අදහසයි. එහි කොතරම් දුරකට සත්‍යය ද කියා කියන්ඩ මට බැහැ, නමුත් අප සියල්ලන්ම මෙවැනි නව වචන සම්බන්දව මීට වඩා අවදානයෙන් සිටිය යුතු බව මා අදහසයි. සිංහල භාෂාවේ චිරස්ථිතිය උදෙසා එහි නියම ස්වරූපය අනාගත පරපුර සදහා ඉතිරි කර හැක්කේ අද අප ඒ සදහා නිසි පියවර ගත්තොත් පමනි !!.
මා සිංහල ශබ්දකෝෂයේ නම් “මචං” වචනයට ඉඩ නැහැ, තිබුනෙත් නෑ ඉදිරියටත් නොතිබේ.
ඔබ සැමට
තෙරුවන් සරණයි.