කවුද මේ මාධ්‍යවේදියා?

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
කවුද මේ මාධ්‍යවේදියා?

මෙරට හිටපු මාධ්‍ය ප්‍රධානියකුට මාලදිවයින් ජනපතිගෙන් දොස්‌

තමන්ගේ රට වෙනුවෙන් නොව රටට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඔබගේ පැමිණීම ලැඡ්ජාවට කරුණක්‌ යෑයි මාලදිවයින් ජනාධිපති මොහමඩ් නෂිද් මහතා මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා හට දැඩි ලෙස චෝදනා කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය සකස්‌ කළ ලයිස්‌ ඇග්රිඩ් අපෝන් චිත්‍රපටය මානව හිමිකම් සමුළුවේදී තිරගත කිරීමෙන් පසු නැඟී සිටි නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා මාලදිවයින් ජනාධිපතිට ශ්‍රී ලංකාව ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක්‌දැයි ප්‍රශ්න කළේය.මෙයට ප්‍රතිචාර දැක්‌වූ මාලදිවයින් ජනාධිපතිවරයා තමා ඖෂධ පවා ලබා ගන්නේ ශ්‍රී ලංකාවෙන් බවත් සිංහල භාෂාව පවා දන්නා තමා ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ගැන මැනවින් දන්නේ යෑයි සඳහන් කළේය.

ඔබ රාජ්‍ය නොවන සංවිධානයකින්දැයි මාලදිවයින් ජනාධිපති නැඟූ ප්‍රශ්නයට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා "ඔව්" යෑයි කීවේය.

රටක ජනතාව පෙනී සිටිය යුත්තේ මව්බිම වෙනුවෙන් මිස සතුරන් වෙනුවෙන් නොවේ යෑයි මාලදිවයින ජනාධිපති පවසද්දී ඔහු නිහඬවී ඇත.

මොහු සමඟ එක්‌වී ප්‍රශ්න ඇසූ කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ තිරාබාහරන්වද නිහඬ කිරීමට මාලදිවයින් ජනාධිපතිවරයාට හැකිවිය.

මම කීප වතාවක්‌ම ශ්‍රී ලංකාවට ගියා. නුඹලා කියන තත්ත්වයක්‌ එම රටේ නැහැ යෑයි හෙතෙම කීය.

උපුටා ගැනීම දිවයින 15/09/2011

කවුද මේ මාධ්‍යවේදියා? දැන ගන්න ඕනෑ! :confused:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුනන්ද දේශප්‍රිය කියන පාහර අවජාතකයා. 71 කැරැල්ලට සම්බන්ධ වෙච්ච, පස්සේ පක්ෂය පාවලදීපු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියන කුප්‍රකට එන්ජීඕ එක අටව ගෙන, ඒකෙ සල්ලි පිල්ලි ගහල මාට්ටු වෙලා පිටරටකට පැනල ගිය,දැන් එහේ ඉදගෙන රටට පාහරකම් කරන අංක එකේ ද්‍රෝහියෙක් සහ පිටරට වලට බත් බැල කම් කරන පාවා දෙන්නෙක්.