කවුද මේ වජ්‍රපාණි යක්ෂයා

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,417
    1,724
    113
    wanathamulla
    මේ ලෝකේ තියෙනවා ශ්‍රේෂ්ඨ ආයුධ හතරක්..
    වෛශ්‍රවණගේ "ගදායුධය"
    යමරජුගේ "නයනායුධය"
    ආළවකගේ "දුස්සායුධය"
    සක්දෙවිඳුගේ "වජ්‍රායුධය"

    සක්දෙවිඳුගේ වජ්‍රායුධයෙන් මහාමේරු පර්වතයට ගැහුවොත්...මහාමේරූ පර්වතය යොදුන් ලක්ෂයක්
    පසාරු කරගෙන යනවා...වජ්‍රායුධය ඒ තරම්ම අතිශය බලවත් එකක්..

    බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා මේ ගම්භීර චතුරාර්‍ය සත්‍ය ධර්මය සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධ කරන්න පුලුවන් ද කියලා විමසා බැලුවා..

    මේ වෙලාවේ "මහා බ්‍රහමයාත් - සක්දෙවිඳුත්" භාග්‍යවතුන් වහන්සේ ලඟට පැමිණ මෙසේ පොරොන්දුවක් දුන්නා..

    ""ස්වාමිනී,නුඹ වහන්සේ දහම් දෙසනු මැනව..
    සියලු සත්වයාට යහපත් පිනිස, ඔබ වහන්සේගේ ආඥාවට අවනත නොවන්නා වුන් අප විසින් කීකරු කරවන්නෙමු...ඔබ වහන්සේ දම්සක පවත්වනු මැන..අප විසින් අණසක පවත්වන්නෙමු..""

    ඉන් පසු තථාගතයන් වහන්සේ ඒ උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්ථනය කරනු ලැබුවා..
    මාගේ බුදුරජාණන් වහන්සේ සසර පුරා බොරු කියාලා නෑ...සත්‍යම විතරයි කියලා තියෙන්නේ..
    එසේ සාරා සංඛෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බොහෝ දුෂ්කරව අවබෝධ කල මේ ධර්මය මිනිසුන්ට කියද්දි, ඒකට ප්‍රතිචාර නොදක්වා ඉන්න පුලුවන් සත්වයෙක් මේ තුන් ලෝකේ නෑ..

    බුදුරජාණන් වහන්සේ යමෙක්ගෙන් ධර්මයක් විමසන්නේ උපරිම තුන් වතාවයි...
    ඒ තුන් වතාව ඇතුලත පිලිතුරු දෙන්න ඔනී..
    ආයේ හතරවන වතාවක් නෑ..
    තුන් වෙනි වතාවේ තථාගතයන් වහන්සේට උත්තර දුන්නේ නැත්තං ඒ කෙනාගේ හිස සත්කඩකට පැලෙනවා..

    කොහොමද ඉතින් හිස සත්කඩකට පැලෙන්නේ.??

    තුන් වෙනි වතාවෙදී බුදුරජාණන් වහන්සේට යමෙක් උත්තර දුන්නේ නැත්තං, අන්න ඒ වෙලාවට එදා මහාබ්‍රහ්මයා දුන්න පොරොන්දුව ඉටු කරන්න අපගේ "සක්දෙවිඳු" මනු ලොවට එනවා..

    "සක්දෙවිඳු" මනුලොවට එන්නේ භයංකාර යක්ෂ වේශයක මවාගෙන තමන්ගේ වජ්‍රායුධයද රැගෙනයි... මේ වජ්‍රායුධය ඒ වෙලාවට ගිණි ජාලාවකින් වෙලා ගන්නවා..

    මාගේ බුදුරජාණන් වහන්සේට උත්තර නොදෙන වූවන්ගෙන් උත්තර ගන්න, ගිණිගෙන දැවෙන වජ්‍රායුධය ද ගෙන, යක්ෂ වේශයක් මවාගෙන මනුලොවට එන්නා වූ සක්දෙවිඳුට තමයි
    "වජ්‍රපාණි යක්ෂයා" කියලා කියන්නේ..

    එහෙම ඇවිත් තුන්වෙනි වතාවෙත් උත්තර දුන්නේ නැත්තං ඒ කෙනාගේ හිස වජ්‍රායුධයෙන් සත්කඩකට පලනවා..
    ගෞතම බුද්ධ සාසනයේ දෙන්නෙක්ගෙන් උත්තර ගන්න "වජ්‍රපාණි යක්ෂයා" දෙවතාවක් මනුලොවට ආවා..

    එක්කෙනෙක් තමා සච්චක..
    බුදුරජාණන් වහන්සේව වාදයෙන් පරද්දනවා කියලා ආපු සච්චක තමන් වාදයෙන් පරදිනවා කියලා දැනුනා..
    ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දෙවතාවක් ප්‍රශ්නය ඇහුවා..සච්චක උත්තර දුන්නේ නෑ..
    තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය අහනකොට වජ්‍රපාණි යක්ෂයා සච්චක ලඟ පෙනී හිටියා..
    ඒ කතාව මෙතන තියෙනවා බලන්න..
    https://www.facebook.com/share/p/19hWNSobNC/

    දෙවෙනි අවස්ථාව තමයි "අම්බට්ඨ" කියන මාන්නකාර බ්‍රහ්මණය සහ භාග්‍යවතුන් වහන්සේ හමු වූ අවස්තාව..
    මේ වෙලාවත් අම්බට්ඨ බුදුර්ජාණන් වහන්සේ අහන ප්‍රශ්න වලට දෙවතාවෙම උත්තර දුන්නේ නෑ..තුන් වෙන වතාවේ ප්‍රශ්නේ අහනකොට "වජ්‍රපාණි යක්ෂයා" පෙනී හිටියා..

    වජ්‍රපාණී යක්ෂයාව පේන්නේ සච්චකට සහ අම්බට්ඨට පමණයි..වෙන කිසිවෙක්ට වජ්‍රපාණීව පෙන්නේ නෑ..වජ්‍රපාණීට භය වෙන සච්චකත්, අම්බට්ඨත් තුන් වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා..

    ඔය විදියට සම්බුද්ධමූලයේ බුදුරජාණන් වහන්සේට වූ පොරොන්දුව ඉටුකරන්න සක්දෙවිඳු දෙවතාවක්ම මනුලොවට ආවා..
    සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේට තව පොරොන්දුවක් දුන්නා..

    ඒ තමයි සම්බුද්ධ පරිණිර්වාණය සිද්ධ වෙච්ච දවස..එදා භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුට කතා කලා..

    ""සක්දෙවිඳුනි, අනාගතයේ මාගේ සාසනය පිහිටන්නේ ලංකාද්වීපයේය..යන්න ගොස් ලංකාද්වීපය රකින්න.."

    සක්දෙවිඳු ඒ වගකීම භාර ගත්තා..
    ලංකාද්වීපය රකින්න උපුල්වන් දෙවියන්ට භාර කලා..
    එදා ඉදන් සක්දෙවිඳු ලංකාද්වීපයේ සම්බුද්ධ සාසනය ආරක්ෂා කලා..භාග්‍යවතුන් වහන්සේට වූ පොරොන්දුව කඩ කලේ නෑ...ඉස්සරහට කඩ කරන්නෙත් නෑ...එනිසා ධාතු පරිණිර්වාණය තෙක් සක්දෙවිඳු ලංකාද්වීපයෙහි සම්බුද්ධ සාසනය අතුරුදහන් කරන්නට කිසි විටකත් ඉඩ නොදෙන්නේය.. එසේ කරන්නට කිසිවෙකුටත් ඉඩක් නැත්තේමය..

    චුල්ලසච්චක සහ ආලවක සූත්‍ර අටුවාව ඇසුරෙනි..
    Rangana Ruwanpura

    #වජ්රපාණි


    ------ Post added on Oct 18, 2026 at 3:42 PM

    Mewa aheddi mara gud ekak danenne

    🙏🙏🙏

    හැබැයි ජොප්පො නිරාගමිකයො ඔක්කොම භය බිරාන්ත වෙලා ඉන්නෙ. වස් කවිය වැදිලා කෙළවිලා හැමිනිලා යයි කියලා. දැන් උං කරන්නෙ කවුද මේ වජ්‍රපාණි අරකයි මේකයි කිය කිය හොයන එක.
    ------ Post added on Oct 19, 2026 at 5:49 AM
    Komisamak dala hoyamu
    ------ Post added on Oct 19, 2026 at 3:41 PM
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,440
    2,485
    113
    නිරාගමිකයො ඔය වගේ බහුබූත ගැන වද වෙන්නෙ නෑ

    වශී බෝල මිරිකපු මුත්තගෙ ගෝලයො තමයි ඕවට බය
    මේ පේන්නැද්ද රෙවිලා ඉන්නෙ. කියාගන්න බැරුව ඉන්නෙ රෙවිලා කියලා 😀😀😀🤌🤌🤌 අකුලෝලම යනවා යනවා මයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,499
    102,790
    113
    නිරාගමිකයො ඔය වගේ බහුබූත ගැන වද වෙන්නෙ නෑ

    වශී බෝල මිරිකපු මුත්තගෙ ගෝලයො තමයි ඕවට බය
    ඔය කිව්වට මනෝවිකාර කියලත් හිත හදා ගන්න ගියා නෙ. 🤭🤭
     
    • Like
    Reactions: dillsdilla

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,200
    749
    113
    Tiwi,NT
    තමන්ගේ රටේ මිනිස්සුන් ට හෙන ඉල්ලන තත්වෙට පත්වෙලා කියන්නේ අනේ මන්ද ඉතින්. ගිහියෝ විතරක් නම් මදැයි යකෝ හාමුදුරුවොත් shara කරනවා fb වල දාගෙන