කවුද මේ සක්‍ර දෙවියෝ

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සදෙව් ලොවින් චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය හා තාවතිංස දිව්‍ය ලෝකය යන දෙදෙව් ලොවට අධිපති වනුයේ සක්‍ර දේවේන්ද්‍රයන්ය. අණ්ඩජ, ජලාබුජ, සංසේජක හා ඕපපාතික යන සිව්ජාත ක්‍රමයෙන් ඕපපාතික ක්‍රමයට එනම් ඉබේම දෙවිවරු උපත ලබයි. එසේ පහළවන දෙවිවරු පුණ්‍ය දායාද කරනකොට දිව්‍ය වස්ත්‍ර හා දිව්‍ය ආභරණවලින් විරාජමානව දිව්‍ය තේජසින් බබළයි. මහේශාක්‍ය ප්‍රණීත දෙවි කෙනකු වූ සක් දෙවිඳුන්ගේ අණසක සමස්ත විශ්වයේම සියලු මිනිස් ලෝක ආශ්‍රිතව ඇති දිව්‍ය ලෝකවල සියලු දෙවිවරුන්, බ්‍රහ්මයන් යටත්ය. එනිසා සමස්ත විශ්වයේ සියලු දෙවි දේවතාවුන්ගේ නායක වන්නේ සක්‍ර දෙවිඳුන්ය.

    සක් දෙවිඳුන් යනු අතීත සංසාරයේ බොහෝ කාලයක් දාන, ශීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මැනවින් ඉහළ පරිසාදන මට්ටමකින් අසාමාන්‍ය ලෙස සිදුකළ උත්තමයෙකි. එම පුණ්‍ය මහිමය නිසාම සක්‍ර දෙවියන් අසාමාන්‍ය ආලෝකයක් විහිදුවාලීමේ හැකියාව ඇති රශ්මි මාලාවකින් යුතුය. සක්දෙව් පදවිය ප්‍රණීත නම් දේව කුලයට අයත් කිසිදා වෙනස් නොවන තනතුරකි. කාලයෙන් කාලයට මෙම සක්දෙව් පදවියට බොහෝ පින් ඇති දිව්‍ය ලෝකයේ අනේකවර ඉපිද දිව්‍ය සම්පත් විඳ ඇති විශ්වය පාලනය කිරීමේ දැනුම මෙන්ම බොහෝ අත්දැකීම් බහුල සිල්වතුන් උත්තමයන් පත්වේ. ඒ එසේ මුත් මුළු විශ්වයටම සිටින්නේ එක් සක් දෙවිකෙනකු පමණි.

    සක්දෙව් පදවියට පත්වීමට පින පමණක් ප්‍රමාණවත් නොවේ. බොහෝ ශීලාදී ගුණ දහම් පිරිය යුතුය. එලෙස සක් දෙවි පදවියට පත්වන එක් එක් සක් දෙවිඳුන්ගේ පුණ්‍ය මහිමය විවිධාකාර බැවින් ඒ ඒ සක් දෙවිඳුන්ගේ ශක්ති මට්ටමද බලයද විවිධය. වෙනස්ය. සාමාන්‍යයෙන් සක්‍ර දේවේන්ද්‍ර තනතුරට පත්වනුයේ මත්තට සම්මා සම්බුදු හෝ පසේබුදු හෝ වන බෝධිසත්ව උත්තමයෙකි. දෙව්ලොව දෙවිවරු අතරින් බලයෙන් හා පිනෙන් බලවත්ම දෙවිවරු සක් දෙව් පදවියට සුදුසුකම් කියයි.

    එලෙස පිනෙන් හා බලයෙන් අන් දෙවිවරු පරයන්නේ ඉතා ඉහළ මට්ටමින් සිල් රැකීම හා ධාර්මිකව පිරිසුදුව ප්‍රිය උපදවන අයුරින් උසස් ලෙස දන්දුන් අයය. එනිසා මහබඹු හෙවත් මහා බ්‍රහ්මයන්ට දෙවැනි කොට සමස්ත විශ්වයේම සියලු දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පාලන එකම දෙවියන් පෙර කී සේම සක්‍රයාය.

    පොතපතේ සඳහන් වන ආකාරයට සක් දෙවිඳුන් මිනිස් ලොව විවිධ නාමයන්ගෙන් යුත් අවතාරවලින් පෙනී සිටි එනම් විවිධ රටවල විවිධ ජාතීන් විවිධ නම්වලින් එකම සක්‍ර දෙවියන් හඳුන්වනු ලබයි. එසේම අදහනු ලබයි. එලෙස සක් දෙවිඳුන් හඳුන්වන නාමයන් ලෙස ඉන්දු, අනු, තෝර්, අමුන්, සියුස්, ජුපිටර්, ටෙශුබ්, යුක්කෝ, සක්‍ර, පෙරුන්, හෙණරාජ, වජ්‍රසන්ව, වජ්‍රපානී, ටීනියා, ටයිශකුටෙන්, ඩිශිටයෑන් හා ජෙඞ් එම්පයර් ලෙසිනි. එසේම ඉන්දු, සුරරද, සුරපති, සක්දෙව්, ඉඳුරු, සහසැස්, සුරනිඳු, මහේන්ද්‍ර, සක්ඉදු, වජ්‍රපානී, විදුරවි, නිදස්රූ, දික්පති, පුරන්දර, විදුරන්, හරි සුරරු, සුරගුරු ආදී පර්යාය නාම රැසකින්ද සක් දෙවිඳු හඳුන්වනු ලබයි.

    සක් දෙවිඳුන්ගේ බිරිය ප්‍රණීත දෙවි කුලයටම අයත් ඉන්ද්‍රාණී නම් වන්නේය. සක්‍ර දෙවිඳුන්ගේ සක්‍ර භවන මහාමේරු පර්වතයේ අමරාවතී දිව්‍ය ප්‍රාසාදයේ හා වෛජන්ත ප්‍රාසාදයේ වේ යැයි කියැවේ. සක්‍ර දෙවිඳුන්ට දේව දාසයන් ලෙස අල්පේශාක්‍ය හීන දෙවිවරු කීප පළක් සේවය කරති. ඒ අතර සක් දෙවිඳුන්ගේ වාහනය ලෙස සැලකෙන හිස් තුනක් හා දළ සතරකින් හෙබි යැයි කියැවෙන ධවල හස්ති රාජයාද එනම් ඓරාවණ දෙවිඳුද වීණා වාදනය කරන පඤ්චශික දෙවිඳුද රියැදුරු වූ මාතලී දෙවිඳුද මූලිකය. මෙම ඓරාවණ හස්තියා පිනෙන් අඩු අල්ප පින් ඇති දිව්‍ය ආත්මයක් විනා තිරිසන්ගත සත්ත්ව ආත්මයන් නොවන වගද දතයුතුය.

    බුදු දහමේ සඳහන් වන ලෙසට යම් මනුෂ්‍යයකු සක්දෙව් පදවිය පතයි නම් හෙතෙම අනිවාර්යයෙන්ම සිල්වත්ව දන් පින් කළ යුතුය. අවංක විය යුතුය. සත්‍යවාදී විය යුතුය. කේලම, පරුෂ වචන භාවිතයෙන් තොරවිය යුතුය. සැබෑ මවුපියන්ට සැලකිය යුතුය. ගරු කළයුතු වැඩිහිටියන්ට ගරුකළ යුතුය. හැකිතාක් උපරිමයෙන්ම මෘදු වචන කතා කළ යුතුය.
    සක් දෙවිඳුන් සතු ආයුධය මුළු මහත් විශ්වයේම එකක් වූ වජ්‍රායුධයයි. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ නිර්මාණයක් වූ වජ්‍රායුධයේ එකම හිමිකරු සක් දෙවිඳුන්ය. සක් දෙවිඳුන්ට පමණක් දර්ශනය කළ හැකි වජ්‍රායුධය සක්‍ර දේවේන්ද්‍රයන්ට අවශ්‍ය නම් අන් දෙවිවරුන්ට මෙන්ම බ්‍රහ්මයන්ට දර්ශනය කළ හැක. මහා බලසම්පන්න ආයුධයක් වූ වජ්‍රායුධය භාවිත කිරීමට අවශ්‍ය ශක්තීන් සියල්ල සක්දෙවිඳුන් සතුය. සක් දෙවිඳුන් මෙම වජ්‍රායුධය ආධාරයෙන් අකුණු, විදුලිය, වැසි කුණාටු ආදිය ඇති කරයි. ඒ අනුව වැසි කුණාටු ඇතිකරන දෙවියන් වනුයේ සක්‍ර දේවේන්ද්‍රයන්ය. තවද මනුෂ්‍යයන්ගේ අධම ක්‍රියා නිසා විශේෂයෙන් පින් දහමෙහි නිරත සත්පුරුෂයන්ට කරනු ලබන අස්ථාන චෝදනා, ගැරහීම්, තාඩන, පීඩන ආදියේදී කෝපවී සක් දෙවිඳුන් අකුණු හා හෙණ ගැසීම් මඟින් එවන් පාපතර ක්‍රියාවන්හි නිරතවූවන්ට අනතුරු ඇඟවීම් හෝ දරුණු දඬුවම් කරන බවද කිව යුතුමය.

    සක්‍ර දේවේන්ද්‍රයන් විශේෂයෙන් යහපත් මනුෂ්‍යයන්ගේ දුක් කරදර මැඬලීමට පිහිට වේ. සාමාන්‍යයෙන් චක්‍රවර්ති රජ කෙනෙකුන් නොමැති කාලවකවානුවල මනුෂ්‍ය ලෝක පාලනය කරන්නේ සක් දෙවිඳුන්ය. සක් දෙවිඳුන් සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයන්ට පෙනෙන දැනෙන සේ කිසිත් සිදුනොකළද නොපෙනෙන නොදැනෙන ලෙස සමස්ත විශ්වයටත් සාමාන්‍ය ගුණයහපත් සිල්වත් මනුෂ්‍යයන්ටත් පිහිටවන වාර අනන්තය. අප්‍රමාණය. එසේ පිහිටවීමේ සුවිශේෂී දිව්‍යමය හැකියාව සක් දෙවිඳුන් සතුය. ව්‍යවහාරයේ පවතින ලෙසට සතර පෝයට සක් දෙවිඳුන් දේව වේශයෙන් හෝ සාමාන්‍ය මනුෂ්‍ය වේශයෙන් බොහෝ විට යාචකයකු ලෙස මිනිස් ලොව පැමිණ සැරිසරන බව නොරහසකි.

    සක්‍ර දේවේන්ද්‍රයන් ඇදහීම බොහෝ රටවල සුලබව සිදුවේ. ඒ ඉහතදී සඳහන් කළ සේම විවිධ වූ අවතාර නාමයන්ගෙනි. එනිසා අපද සක්‍ර දේවේන්ද්‍රයන් ඇදහීම උතුම් ක්‍රියාවකි. විශේෂයෙන් මහා බ්‍රහ්මයන්ටත් සක් දෙවිඳුන්ටත් තමා යම් පින්කමක් කළ පසු ඒ පින් අනුමෝදන් කිරීම ඉතාම ප්‍රතිඵලදායකය. කරුණු කාරණා කෙසේමුත් මහායාන බුදු දහමට අනුව වජ්‍රසත්ත්ව බෝසතුන් ආරක්ෂා කරනුයේද සක් දෙවිඳුන්මය. එපමණක් නොව යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ මහා බලගතු තෛල ලෙස හඳුන්වන රාජතරංගනී තෛලය හා හෙණරාජ තෛලය සඳහා බන්ධනය කරනු ලබන හෙණරාජ දෙවියන් වනුයේද අන් කවරෙක් නොව සක්‍ර දෙවියන්මය.

    තවද සක්‍ර දෙවියන්ගේ ආසනය පාණ්ඩුකම්බල ශෛලාසනය වන අතර එය නිර්දෝෂී සැබෑ සිල්වත් අයකුට යම් අසාධාරණයක් වන විට රත්වී උණුවන බවක්ද පොතපතේ සඳහන්ය. එසේම සක් දෙවිඳුන් වජ්‍රායුධය අත නොදරන අවස්ථාවල එය සුදර්මා නම් දිව්‍ය සභාවේ වූ පාණ්ඩුකම්බල ශෛලාසනයේ දකුණු බාහුව මත තැන්පත් කර ඇති බව සක්‍ර දේවේන්ද්‍රයන් සම්බන්ධ තතුවල සඳහන්ය.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    තෝර් කියන්නේ ඔඩින් ගේ පුතා නේ, ඔඩින් සහ සියුස් සම මට්ටමේ හාදයෝ, :-)

    සක්‍ර දෙවියන් කියන්නේ ඩෙරියස් අධිරාජ්‍යයට, පස්සේ කාලෙක මිනිස්සු දාගත්තු අලංකරණ නිසා උන්නැහේ දෙවියෙක් වෙලා.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    සක්‍රයා කියන්නේ මිනිහෙක්. බුදුන්ගේ කාලයේ දේව ගෝත්‍රය පාලනය කල එක්කෙනා.
    සක්‍රයා කියන්නෙ මනුස්සයෙක් තමා ඒත් බුදුන්වහන්සේගේ කාලේ නම් නෙමේ කාලය නම් මම දන්නෙ නෑ. සක්‍රයා බුදුන්වහන්සේගෙන් බණ අහල තියෙන්නෙ සක්‍රයා විදිහටමයි. සක්‍රයා කියන්නෙ බුදුන් වහන්සේගෙන් බණ අහල සෝවාන් උන් කෙනෙක්
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    සක්‍රයා කියන්නෙ මනුස්සයෙක් තමා ඒත් බුදුන්වහන්සේගේ කාලේ නම් නෙමේ කාලය නම් මම දන්නෙ නෑ. සක්‍රයා බුදුන්වහන්සේගෙන් බණ අහල තියෙන්නෙ සක්‍රයා විදිහටමයි. සක්‍රයා කියන්නෙ බුදුන් වහන්සේගෙන් බණ අහල සෝවාන් උන් කෙනෙක්

    බුදුන්ගේ කාලයේ ගෝත්‍ර 4 වාසය කලා. මේ ගෝත්‍ර 4 අයිති පළාත් මේ වගේ නම් කරලා තිබ්බා.

    - ජම්බුදීප/දඹදිව (දේව ගෝත්‍රය)
    - උතුරුකුරුදීප/ලංකාදීප (යක්ක ගෝත්‍රය)
    - අපරගොයානය (නාග ගෝත්‍රය)
    - පුබ්බවිදේහ (කුම්භාණ්ඩ, ගාන්ධර්ව ගෝත්‍ර)

    දේව ගෝත්‍රයට අයිති පිරිමි අයට අනෙක් ගෝත්‍ර වල අය "දෙවියෝ" කියලා ආමන්ත්‍රණය කළා. දේව ගෝත්‍රයට අයිති ගැහැනුන්ට "දේවි" කියලා නම හැදුනා.

    එකයි සිදුහත් කුමරාගේ අම්මට "මහාමයා දේවි" කියල කිවුවේ. දුටු ගැමුණු රජුගේ අම්මත් දේව ගෝත්‍රයට අයිති එක්කෙනෙක්. එයාට කිවුවේ "විහාර මහා දේවි" කියලා. සක්‍රයාට "සක්‍ර දෙවියා" කිවුවේ ඔහුත් මේ ගෝත්‍රයට අයිති නිසා.

    සක්‍රයා බුදුන් වහන්සේගෙන් බණ අහල සෝවාන් වුන බව ඇත්ත.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුදුන්ගේ කාලයේ ගෝත්‍ර 4 වාසය කලා. මේ ගෝත්‍ර 4 අයිති පළාත් මේ වගේ නම් කරලා තිබ්බා.

    - ජම්බුදීප/දඹදිව (දේව ගෝත්‍රය)
    - උතුරුකුරුදීප/ලංකාදීප (යක්ක ගෝත්‍රය)
    - අපරගොයානය (නාග ගෝත්‍රය)
    - පුබ්බවිදේහ (කුම්භාණ්ඩ, ගාන්ධර්ව ගෝත්‍ර)

    දේව ගෝත්‍රයට අයිති පිරිමි අයට අනෙක් ගෝත්‍ර වල අය "දෙවියෝ" කියලා ආමන්ත්‍රණය කළා. දේව ගෝත්‍රයට අයිති ගැහැනුන්ට "දේවි" කියලා නම හැදුනා.

    එකයි සිදුහත් කුමරාගේ අම්මට "මහාමයා දේවි" කියල කිවුවේ. දුටු ගැමුණු රජුගේ අම්මත් දේව ගෝත්‍රයට අයිති එක්කෙනෙක්. එයාට කිවුවේ "විහාර මහා දේවි" කියලා. සක්‍රයාට "සක්‍ර දෙවියා" කිවුවේ ඔහුත් මේ ගෝත්‍රයට අයිති නිසා.

    සක්‍රයා බුදුන් වහන්සේගෙන් බණ අහල සෝවාන් වුන බව ඇත්ත.
    මීවනපලානගෙ බන නේද? :lol:
     

    trex

    Member
    Feb 12, 2007
    3
    9
    3
    ග්‍රෙට් ගෝඩ් ඔෆ් සක්‍ර සහ ග්‍රීක දේවකතා වල එන සියුස් ගෝඩ් දෙන්නම එක සමාන ලක්ෂන චරිත ලක්ෂන පෙන්වන දෙන්නෙක්.ඒක නිසා ග්‍රීක අය විශ්වාස කරනවා මේ එකම පුද්ගලයා විය හැකි බව.මේ දෙවියන් හැම දහමට අදිපති නමුත් කිසිම වැදුම් පිදුම් අපේක්ෂා නොකරන එකම සත්‍ය දෙවියන් ලෙස හිතන අය හිතනවා.මොන දේවාලයකට ගිහින් කන්නලව් කරත් මෙයා තමයි උදව්වට මිනිසුන් වෙත එන එකම දෙවියන්.අනිත් අය බන පොත් වල විතරයි.ඇත්තටම එයාල් නෑ.ඔහු සිනහවට ලක්වන දෙවි කෙනෙක්.ඔහුගේ හැසිරීම දෙවියෙක්ට වඩා මිනිසාගේ හැසිරීමට සමානයි.ශක්‍ර කීව ගමන් අනිත් දෙවිවරුන්ට පවා හිනා යන තරම් කතා ගොඩක් ඇත.සියුස් වගේමයි..ග්‍රීක දෙවිවරු ඔක්කොම ජෝකර්ස්ලා වගේ ගෝඩ්ලා.
     
    • Like
    Reactions: asliyanage

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    dewiwaru na
    Aliensla innawa :rolleyes:

    දෙවියොත් ඉන්නවා පිටසක්වල ජීවින් උත් ඉන්නවා. නමුත් මේ නුල මුලාරම්භයේ සදහන් වන ආකාරයට නොවේ. ධර්මයට අනුව දෙවියෝ / බ්‍රහ්මයෝ ඉන්නේ පහත සදහන් 6 සිට 31 දක්වා ඇති තල (ගති) වල.

    රූප / අරූප [11 - 31]

    11 - චාතුර්මහාරාජිකය
    10 - තාවතිංසය
    9 - යාමය
    8 - තුසිතය
    7 - නිම්මානරති
    6 - පරනිම්මිත වසවර්ති

    5 - මනුෂ්‍ය
    4 - තිරිසන්
    3 - ප්‍රේත
    2 - බුත
    1 - නිරය


    ගති 2, 3, සහ 6 - 31 "ඕලාරික" ගති. ඒ කියන්නේ සිවුම් ශරීරයකින් සම්න්විත මේ පහල පෙන්වා දෙන අය වගේ සත්වයෝ.



    මේ ගොල්ලෝ එක පාරට උපදිනවා මැරෙනවා. මව් කුසක් අවශ්‍ය නැහැ. නමුත් මේ නුල මුලාරම්භයේ සක්‍රයා ගැන මේ වගේ දෙයක් සදහන් වෙනවා.

    - සදෙව් ලොවින් චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය හා තාවතිංස දිව්‍ය ලෝකය යන දෙදෙව් ලොවට අධිපති වනුයේ සක්‍ර දේවේන්ද්‍රයන්ය.
    - සක් දෙවිඳුන්ගේ බිරිය ප්‍රණීත දෙවි කුලයටම අයත් ඉන්ද්‍රාණී නම් වන්නේය.
    - සක්‍ර දෙවිඳුන්ගේ සක්‍ර භවන මහාමේරු පර්වතයේ අමරාවතී දිව්‍ය ප්‍රාසාදයේ හා වෛජන්ත ප්‍රාසාදයේ වේ යැයි කියැවේ.
    - සක්‍ර දෙවිඳුන්ට දේව දාසයන් ලෙස අල්පේශාක්‍ය හීන දෙවිවරු කීප පළක් සේවය කරති.
    - ඒ අතර සක් දෙවිඳුන්ගේ වාහනය ලෙස සැලකෙන හිස් තුනක් හා දළ සතරකින් හෙබි යැයි කියැවෙන ධවල හස්ති රාජයාද එනම් ඓරාවණ - දෙවිඳුද වීණා වාදනය කරන පඤ්චශික දෙවිඳුද රියැදුරු වූ මාතලී දෙවිඳුද මූලිකය.

    චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය 11 වෙනි ගතිය. සක්‍රයාට නමක් තියෙනෙවා. චාතුර්මහාරාජික දෙවියෝ ඔලාරිකයි, නමක් නැහැ, ඔය කියනවා වගේ කසාද බදින්න, විනා වයන්න, කරත්ත වල යන්න විදියක් නැහැ. සක්‍රයා ඉන්නේ 5 වෙනි තලයට අයිති මනුෂ්‍ය තලයේ. එකයි මේ වගේ දේවල් කරන්න පුලුවන්.

    සක්‍රයා විතරක් නොවේ, විෂ්ණු, ශිව, කතරගම දෙවියෝ, මේ ඔක්කොමලා ඒ කාලේ ජිවත් වුන මනුෂ්‍යයෝ. නමුත් දැන් මේ අයව දේවත්වයෙන් සලකනවා. කතරගම දෙවියෝ කියන්නේ මහසෙන් රජතුමා. මහසෙන් රජු සිදුහත් කුමාරයා සමග එකට පාසල් ගිය ගජ මිත්‍රයෙක්. මහසෙන් රජු පසු කලෙක කිරි වෙහෙර ඉදි කරන්නේ සිදුහත් කුමාරයාගේ මගුල් කඩුව තැන්පත් කරලා.
     
    Last edited:
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සැවැත් නුවර දී මිත්‍ර වූ තරුණ භික්ෂූන් දෙ නමක් කොසොල් ජනපදයේ වැඩ වාසය කොට, එක් දිනයක බුදුරජාණන් වහන්සේ දැකීමට පැමිණිය හ. ඒ දෙනමට තිබුණේ එක පෙරහංකඩයකි. උන්වහන්සේ දෙන ම අතරමඟ දී විරසක වී පෙරහංකඩ ඇති තෙරුන් වහන්සේ අනෙක් තෙරුන් වහන්සේට පෙරහංකඩ නො දී, තමන් වහන්සේ පැන් පෙරාගෙන වැළඳුහ. අනෙක් භික්ෂුව පෙරහංකඩය නො ලබා ,පිපාසය ඉවසා ගත නො හැකි ව නො පෙරා පැන් වැළඳූ හ. ඒ දෙදෙනා ම ක්‍රමයෙන් ජේතවනයට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හුන් හ. සර්වඥයන් වහන්සේ සුව දුක් විමසූහ.

    ”ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අපි කොසොල් දනව්වෙහි සිට ඔබවහන්සේ දකිනු පිණිස පැමිණියෙමු”

    ”ඔබ දෙදෙනා සමගියෙන් පැමිණියෙ හි ද?”

    ”ස්වාමිනි, මේ තෙරුන් අතරමග දී මා හා වාද කොට පෙරහංකඩ නො දුන්නේ යැයි” කී හ.

    ”එවිට බුදුරජාණන් වහන්සේ පෙර පණ්ඩිතයෝ ප්‍රාණ ඝාතයට බියෙන් මහත් වූ කුසල් කළ ආකාරය ගැන කතාවක් ගෙනහැර වදාළ සේක.

    යටගිය දවස මගධ රට රජගහ නුවර මගධ නම් රජු රාජ්‍යය කරන සමයේ අප මහා බෝසතාණෝ මචල නම් ගමේ වංශවත් කුලයක ඉපිද මඝ යන නමින් ප්‍රසිද්ධ වූ හ. ඔහු තරුණ වියට පත් වෙත් ම ඉතා රූමත් විය. නිසි වයසේ දී විවාපත් වූ මඝ, අඹු දරුවන් පෝෂණය කරමින් වාසය කළේ ය. ඔහු පන්සිල් රැක්කේ ය. එසේ ම දානපතියෙක් ද විය.

    . මඝ කුමාරයා තමන් සිටි තැන වැලි ඉවත් කොට, කසළ පිස දමා ඒ ප්‍රදේශය පිරිසුදු කළේ ය. එවිට වෙන අයෙක් අවුත් එතැන පදිංචි විය. මඝ මානවකයෝ වෙන තැනක වැලි පීරා කසළ ඉවත් කොට රමණීය කළේ ය. තව අයෙක් අවුත් එතැන ද පදිංචි විය. මානවකයා තවත් ස්ථානයක් පිරිසුදු කළ ද, සියලු ම තැන් ඔහුට අහිමි විය. මොහු එක් ස්ථානයක් පිරිසුදු කොට මඩුවක් කරවී ය. මඩුව ද කඩා, ශාලාවක් කරවා, බංකු තබා පැන් හලක් ඉදි කළේ ය. මචල නම් ගමේ නිවාස තිහක් විය. මේ නිවාස තිහේ ම මිනිස්සු එකතු වී ගම මැද කර්මාන්තයක් ඉදි කළහ.

    ගම් වැසියෝ තිස් දෙනෙක් මඝ මානවක කරන කටයුතුවලට පැහැදී ඔහු හා එක් වූ හ. හේ ඔවුන් පංචශීලයෙහි පිහිටා එතැන් පටන් ඔවුන් හා පින්කම් කරමින් හැසිරෙති. ඔවුහු උදෑසන ම වෑ පොරෝ, උදලු ආදිය ගෙන ගොස් මං සන්ධි ආදියෙහි ගල් පෙරළති. ගස් කපති. විසම තැන් සම කරති. ඒ දඬු දමති. පොකුණු හාරති. ශාලා කරවති. දන් දෙති. සිල් රකිති.

    එකල් හි ඒ ගම්වැසියන්ගේ ගම්මුලාදෑනියා මෙසේ සිතී ය.

    ”පෙර මොවුන් රා බොන අවස්ථාවල දී ද, සතුන් මරන විට ද දඩ මුදල් වශයෙන් මම බොහෝ මුදල් ලැබූවෙමි. දැන් ඒ කිසිවක් නැතැ”යි කිපී මගධ රජු වෙත ගොස්

    ”දේවයන් වහන්ස, සොර මුලක් ගම් පැහැරීම් ආදිය කරමින් හැසිරේ” යැයි කී හ. රජු ඔහුගේ කීම අසා, ඔවුන් කළ වරද නො විමසා ම නිරපරාධ වූ මිනිසුන් ගෙන්වා “මොවුන් ඇතුන් ලවා පාගව් යැයි” අණ කළේ ය. එවිට බෝධි සත්ත්වයෝ සිය පිරිසට,

    ”නුඹලා සිල් ආවර්ජනය කරමින්, ගම්මුලාදෑනියා කෙරෙහි ද, රජු කෙරෙහි ද, ඇතු කෙරෙහි ද, තමා කෙරෙහි ද සමාන ව මෛත්‍රී වඩව්” කී හ. ඔවුහු එසේ කළහ. එවිට ඔවුන් පෑගීමට ගෙනා ඇතා ඔවුන්ට ළං නො වී ය. නැවත වෙන ඇතෙකු ගෙනා හ. ඒ ඇතා ද පිරිසට ළං නො වී ය. රජු එය දැක,

    ”මොවුන් අත කිසියම් ඖෂධයක් හෝ මන්ත්‍රයක් හෝ ඇතැයි සිතා පරීක්ෂා කර වී ය. රාජ පුරුෂයෝ ඒ මිනිසුන් පරීක්ෂා කොට කිසිවක් නො දැක “නුඹලා කියන මන්ත්‍රයක් ඇද්දැ යි” විමසී ය. එවිට බෝධි සත්ත්වයන් වහන්සේ,

    ”රජතුමනි, අප දන්නා වෙනත් මන්ත්‍රයක් නැත. අපි ප්‍රාණඝාත නො කරමු. සොරකම් නො කරමු. කාමමිථ්‍යාචාරය නො කරමු. බොරු නො කියමු. මත්පැන් පානය නො කරමු. මෛත්‍රී කරන්නෙමු. දන් දෙන්නෙමු. මං මාවත් සම කරන්නෙමු. පොකුණු කරන්නෙමු. ශාලා කරන්නෙමු. මේ අපගේ මන්ත්‍රය හා පිරිත වන්නේ ය” කී හ.

    රජු ඒ අසා ඉතාම සතුටට පත් ව, ගම්මුලාදෑනි තනතුර ඔහුට දුන්හ. එදා පටන් ඒ ගම්වැසියෝ එතැන් පටන් කැමැති සේ වඩ වඩා පින් කරති. සතර මං සන්ධියක විශාල ශාලාවක් කරවා, එහි ඇඳ පුටු තබා, පැන් කළ තබා, දුගී මගීන්ට කැඳ, බත්, කැවිලි ආදිය තැබූහ. එකල මඝ මානවකයා මව්පියන් පෝෂණය කරමින්, කුල දෙටුවන් පුදමින්, මෘදු මොළොක් පි‍්‍රය වචන කතා කරමින්, කේළාම් නො කියමින්, මසුරු මළ දුරු කරමින්, බොරු නො කියමින්, ක්‍රෝධ නො කරමින්, සිටි මේ මානවකයා මෙම ව්‍රත පද හත දිවි හිමියෙන් සමාදන් වී පින්දහම් කොට මරණින් මතු සක්දෙවිඳුවී දෙව්ලොව උපන්නාහ.



     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එ් නිසා පින් කරන්න කැමති වුණත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, එ් කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනවා වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප්‍රයෝජනය ගන්නවා.

    චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක දෙකක් තියෙනවා. එම දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක් දෙවිඳු කියන්නේ. ශක්‍ර දෙවියන් කලින් මිනිස් ලොව හිටිය කෙනෙක්. ඔහු ගොඩාක් පින් කළා. දවසක් ලිච්ඡවි කුමාවරුන් ශක්‍ර දෙවියන් ගැනත්, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ගේ අතීත ජීවිත කථාව පෙන්වා වදාළා.

    එකමත් එක කාලෙක මගධ දේශයෙහි ‘මචල’ කියල ගමක් තිබුණා. මේ ගමේ තරුණයෙක් හිටියා. ඔහුගෙ නම මඝ. මඝ මාණවකයා කියලයි ඔහු ප්‍රසිද්ධ වුණේ. ඔහු මිනිසුන්ට හරිම ආදරෙයි. හැමෝටම උදව් කරනවා. හැම දෙනාගෙම සැපදුක් බලනවා. එ් වගේම ඔහු සිල්වන්තයි. ඔහු ජීවිත කාලය පුරාම උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වෙලා හිටියා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාළා.

    2_7-198x300.jpg


    “පින්වත් මහණෙනි, සක්‍ර දෙවියන් මිනිස් ලොව ජීවත්ව සිටියදී, උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වුණා. එ් ගුණ ධර්ම හත නම් මේවාය.

    1. දිවි තිබෙන තුරා මං මව් පිය දෙදෙනාට ආදර භක්තියෙන් යුක්තව උපස්ථාන කරන කෙනෙක් වෙනවා.

    2. දිවි තිබෙන තුරා මං වැඩිහිටියන්ට සලකන, ගුරුදෙගුරුන්ට සලකන, ආදර ගෞරව දක්වන කෙනෙක් වෙනවා.

    3. දිවි තිබෙන තුරා මං ඉතා යහපත් මුදු මොළොක් වචන කතා බස් කරන කෙනෙක් වෙනවා.

    4. දිවි තිබෙන තුරා මං කේලාම් නොකියන කෙනෙක් වෙනවා.

    5. දිවි තිබෙන තුරා මං ගිහි ගෙදර වාසය කරද්දී ලෝභ රහිත සිතින් යුක්ත වෙනවා. දන් දෙන කෙනෙක් වෙනවා. මං ළඟට ඕනෑම කෙනෙක් යමක් ඉල්ලගෙන එනවා නම් එ් ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙනවා. දන් දීම පිණිස අත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දානය පිණිසම සිත යෙදවූ කෙනෙක් වෙනවා. ඉතා සතුටින් දන් දෙන කෙනෙක් වෙනවා. පරිත්‍යාග කරන කෙනෙක් වෙනවා.

    6. දිවි තිබෙන තුරා මං සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා.

    7. දිවි තිබෙන තුරා මං ක්‍රෝධ සිත් නැති කෙනෙක් වෙනවා. යම් හෙයකින් මා තුළ ක්‍රෝධයක්, තරහක්, වෛරයක් හටගත්තොත් එ් ක්ෂණයෙන්ම මං එ් අකුසලය දුරුකරනවා. බැහැර කරනවා. නැති කරනවා.

    මෙන්න මේ ගුණයන්ගෙන් යුතු මඝ මාණවකයා තමයි සක් දෙවිඳු බවට පත්වුණේ.

    මේ ආකාරයෙන් ගුණ ධර්ම සතක් සමාදන් වෙලා එම ගුණධර්ම නොකඩා ආරක්ෂා කොට දියුණු කරගත්ත නිසා ඔහු ශක්‍ර දෙවියන් බවට පත්වුණා. මෙම ශක්‍ර දෙවියන්ට නම් කීපයක් තිබෙනවා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ අයුරින් වදාළා.

    “පින්වත් මහණෙනි, ශක්‍ර දෙවියන්ට ‘මඝවා’ කියල කියනවා. එයට හේතුව ඔහු මඝ මාණවකයන් ලෙස මිනිස් ලොව බොහෝ පින් කරමින් ගත කිරීමයි. එ් වගේම ශක්‍ර දෙවියන්ට ‘පුරින්දද’ කියල කියනවා. එයට හේතුව මොහු මිනිස් ලොව සිටිද්දී සියලූ දෙනාටම ආදර්ශ ඇතිවෙන පරිදි හැමටම ප්‍රථමයෙන් විවිධාකාරයෙන් දන් පැන් දීමයි. එ් වගේම ශක්‍ර දෙවියන්ට ‘සක්ක’ කියනවා. එයට හේතුව මිනිස් ලෝකයේ සිටියදීත් මොහු ඉතාමත්ම පිළිවෙලකට, ඉතාමත් ක්‍රමානුකූල ලෙස හොඳින් සකස් කොට දන් පැන් පිදීමයි. එ් වගේම ශක්‍ර දෙවියන්ට ‘වාසව’ කියල කියනවා. එයට හේතුව මිනිස් ලොව සිටියදී මොහු දුගී දුප්පත් ජනතාවට නොයෙක් ආකාරයෙන් නිවාස තනවා පරිත්‍යාග කිරීමයි. එ් වගේ ම ශක්‍ර දෙවියන්ට ‘සහස්සක්ඛ’ (දහසක් ඇස් ඇති කෙනා) කියනවා. එයට හේතුව ශක්‍ර දෙවියන්ට මොහොතකින් කරුණු දාහක් ගැන සිතන්නට පුළුවන්කමයි. එ් වගේම ශක්‍ර දෙවියන්ට ‘සුජම්පති’ කියල කියනවා. සුජා කියලා අසුර කුමාරිකාවක් හිටියා. එ් අසුර කුමාරිකාව ශක්‍ර දෙවියන්ගේ බිසව බවට පත්වුණා. එ් නිසයි සුජම්පති කියන්නෙ. ශක්‍ර දෙවියන්ට ‘දේවානමින්ද’ කියල කියනවා. එයට හේතුව තව්තිසා වැසි දෙවියන්ගේ ප්‍රධානත්වයට පත්වෙලා සියලු යස ඉසුරින් පිරි දිව්‍ය රාජ්‍යයේ අධිපති බවට පත්වීමයි.

    මෙයින් අපට එක දෙයක් පැහැදිලිව පෙනෙනවා. එනම් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් බවට උපත ලබා සිටින්නේ මිනිස් ලොව සිටි මඝ නම් වූ තරුණයෙක් බවයි. මේ තරුණයා ඔය උතුම් ගුණ ධර්ම හත තුළ පිහිටලා මහත් සේවාවක් කළා. විශ්‍රාම ශාලා හැදුවා, පැන් පොකුණු හැදුවා, මංමාවත් හැදුවා. හොඳ දේවල් වලට විරුද්ධ අය ලෝකයේ හැමදාම ඉන්නවා. මඝ මාණවකටත් සමහර අය විරුද්ධ වුණා. එයට හේතුව මඝ මාණවකගේ සේවා කටයුතු නිසා අනිත් අයගේ ආනුභාවය අඩුවෙලා ගියා. මඝ මාණවකගේ කීර්ති රාවය පැතිරිලා ගියා. නමුත් මඝ මාණවක එ් කිසිදු නින්දා අපහාසයකින් කම්පා නොවී තමන්ගේ සේවාව කරගෙන ගියා. තමන් යම් තැනක සේවාවක් කරමින් සිටිද්දී එතැනට බාධා කරනවා නම් එතුමා කාටවත් දොස් නොකියා එතැන අත්හරිනවා. වෙන තැනකට යනවා. මඝ මාණවක එවැනි ආකාරයට තමන්ගේ පුණ්‍ය කටයුතු දිගින් දිගටම කරගෙන ගියා. තමන් සමාදන් වූ උතුම් ගුණධර්ම හත තුළ රැඳී සිටියා. එ් හේතුව නිසාමයි ශක්‍ර දිව්‍යරාජයා බවට උපත ලැබුවේ.

    සක් දෙවිඳු බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට පැමිණෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ළඟ බණ ඇසූ සක් දෙවිඳුන් සෝවාන් ඵලයට පත්වුණා. එ් වගේම ඔහුගේ පින අවසන් වෙලා තිබුන වෙලාවෙ එ් ශක්‍ර දිව්‍ය තනතුරෙන් චුත වෙලා එ් මොහොතේම යළිත් සක් දෙවිඳු බවට පත්වුණා. මේ සක් දෙවිඳුගේ අප්‍රමාදීව පුණ්‍ය සම්පත් රැස් කරගැනීමේ සමර්ථකම මතු කරමින් බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

    අප්පමාදේන මඝවා – දේවානං සෙට්ඨතං ගතෝ
    අප්පමාදං පසංසන්ති – පමාදෝ ගරහිතෝ සදා

    මඝ කුමරුන් නිරතුරු පින් කරමින් – නොපමාවම පින් කෙරුව නිසා
    දෙව්ලොව දෙවියන් අතර රජුන් විය – මුල්ම තැනට ආවේ එනිසා
    නුවණැති උදවිය නිති පසසන්නේ – හැමට උතුම් වූ නොපමාවයි
    ප්‍රමාද බව නම් ලොව නුවණැතියන් – හැමකල්හිම ගරහනවාමයි


    පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් ඔබට හොඳට වැටහෙනවා ඇති. මඝ කුමාරයා මොන තරම් යහපත් දේවල් පුරුදු කරපු කෙනෙක්ද. පින් නිසාමයි එබඳු අදහස් කෙනෙකුගේ සිතට පහළ වන්නේ. සමහරුන්ට මේ වගේ ඉතාමත් ලස්සන අදහස් ඇතිවෙනවා. එ් අදහස් වලින් සතුටු වෙලා මෙවැනි, මෙවැනි ගුණධර්ම මමත් ඇති කරගන්නවා කියලා කෑ ගහලා කියනවා. පිරිස මැද්දේ ආඩම්බරයෙන් කියනවා. නමුත් එ් උදවියගේ එ් ලස්සන අදහස් කතාවට විතරක් සීමා වෙනවා. ක්‍රියාවට නැංවෙන්නේ නෑ. එයට හේතුව ප්‍රමාදයයි. එහෙම නම් හිතේ ඇතිවෙන ලස්සන අදහස් වලින් ඵල ලබන්න නම්, එ් කෙනා අප්‍රමාදී වෙන්න ඕන නේද? මඝ කුමාරයා අප්‍රමාදීව උතුම් ගුණධර්ම හතක් දිවි තිබෙන තුරාවට අඛණ්ඩව පුරුදු කරපු නිසා දෙවියන් අතර රජුන් බවට පත්වුණා.

    මේ නිසා අප්‍රමාදීබව කියන්නෙ ලෝකයෙහි මනුෂ්‍යයන්ව ශ්‍රේෂ්ඨත්වයට පත්කරවන ප්‍රධානම බලවේගයයි. මේ ගැන බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා මහත් ඉහළින් වර්ණනා කොට තියෙනවා. බුදුරජාණන් වහන්සේ අප්‍රමාදය ගැන ඉතාමත් ලස්සන උපමාවක් වදාළා. ලෝකයෙහි සෑම සත්වයෙකුටම තමන්ගේ පාදයේ යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. එ් නිසා මේ සත්වයන්ගේ පා සටහන් විවිධත්වයෙන් යුක්තයි. මේ සියලූ සත්වයන් අතර ඇතාගේ පා සටහන ගොඩක්ම විශාලයි. මේ ඇතාගේ පා සටහන තුළට ඕනම සත්වයෙකුගේ පා සටහනක් ඇතුල් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා ‘අප්‍රමාදය’ කියන්නේ ඇතාගේ පා සටහන වැනි දෙයක් බවයි. ඇත් පිය සටහන තුළට සියලූ සතුන්ගේ පියවර සටහන් ඇතුල් කරන්නට පුළුවන් වගේම අප්‍රමාදය නම් වූ මේ එකම ගුණය තුළට සියලු ගුණධර්ම ඇතුල් කරන්න පුළුවන්. එනිසා අප්‍රමාදය නිසා ලොව ජයගත් එ් සියලූ උතුමන් නිරතුරුවම අප්‍රමාදයට ප්‍රශංසා කරනවා. උන්වහන්සේලාගේ අතින් ගැරහුම් ලබන්නේ ප්‍රමාදයයි.

    බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිටි ජනතාවට නිතර නිතර අප්‍රමාදී බවෙහි අනුසස් අසන්නට ලැබුණා. එ් වගේම ප්‍රමාදයට දොස් ලැබුණා. එනිසා ප්‍රමාදීව ජීවත් වෙන්න සැදැහැවත් උදවිය කැමති වුණේ නෑ. අප්‍රමාදීව සිල් රැක්කා. දන් පින් කම් කළා. බණ භාවනා කළා. පින් රැස්කර ගත්තා. අප්‍රමාදීව පින්කම් කළ නිසාම ඔවුන්ට දෙව්ලොව සැප ලැබුණා. එපමණක් නොවෙයි, උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනාව පවා උදාවුණා.