කවුන්ටරේ_ඉදන්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,440
    4,159
    113
    කඩවත
    බැංකු කවුන්ටරයෙ ඉදං ...
    හීන පුරන මගෙ හිත ලග..
    තවම නොකී හීන කථා....
    ගොඩක් තියෙනවා......
    තැන්පතුවක් වෙලා උන්නු...
    ඔයාගෙ ආදර ගිණුමට...
    මගේ හිතෙන් මං තාමත්..
    පොලී ගෙවනවා....

    හැමදාමත් උදෑසනින්
    දවසේ මෙහෙවර අරඹා...
    ඇසිල්ලකින් මගෙ නෙත් යුග..
    ඔබව සොයනවා.....
    මං ගැන ගානක් නැතිවම..
    ඉස්සර වාගෙත් නැතිවම...
    මට පෙනෙනා දුරින් ඔයා..
    අහක බලනවා......

    තිස්සෙම හිත රිදෙන තරම්...
    දන්නෙම නෑ ඔබ තවමත්...
    හර බැර අස්සේ නිතරම..
    මං ලතැවෙනවා....
    ආදරේට වයස හොයන්..
    එපා මවෙත ඔය ගැරහුම්...
    කවුන්ටරේ හිටියානම්...
    කියලා දෙනවා.....


    අහංකාර කම් ලැබුනත්..
    ගණංකාර හිතවත්කම්..
    අක්කාගේ වදන් වලින්
    ඈතට යනවා....
    ශේෂය ඉදිරියට ඇවිත්..
    පාස් පොතේ ලියවූවත්...
    පරණ ආදරේ මං ලග...
    තවම තියෙනවා......

    563413513_404.jpeg










    ​
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල එල මු හැම එක ගැනම ලියනවා ලට් එකේ ඉධ්න් ලියන එකත් ලියපං