බොඳව ගිය දේදුනු

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
බොඳව ගිය දේදුනු

සැහැල්ලුව කියන්නේ නම් මගේ ජිවිතේට නම් තහනම් වචනයක්. එත් පහුගිය ටිකේ මං උත්සාහා කළා වෙන මොකටවත් නෙමෙයි අල්පේච්ජ ජීවිතයකට හෙට දවස කූඩු කරන්න. හැමදේ දිහාම සුභවාදිව බලලා මහා කන්දක් තරම් නෙමෙයි අල්පෙනෙති තුඩක් තරම් පුංචියට හිනා වෙන්න..


____වස්සානයට ඇත වනලා ඉමු මගබලන් උද්‍යානයක කෙලවරට වී..__


හ්ම්ම් ලස්සන සංගීතයක් එකපාරටම කන ලග හෙනයක් ගැහුවා වගේ.. නාදුනන නොම්බරයක්. ගම්දෝ නොගම්දෝ...
තප්පර කිහිපයක සිතේ සක්මන් භාවනාවකින් පසු මම
"හලෝ"


"හලෝ කවී, මොකෝ බන් ආන්සර් කරන්න මෙච්චර වෙලා යන්නේ? උබ මහා දවල් හීන බලනවද මගුල "


ඒ මගේ දුකට සැපට ඉන්න මගේ සහෝදරියක් වන් මිතුරිය නෙතුකි.


"නෑ බන් මට ඇහුනේ නැහැ...
මොකෝ හදිස්සියක්ද ??? "




"නෑ බන් අරූ මාව කන්න හදනවා උබට කොල්ලෙක් ඉන්නවාද අහා අහා.. ඊයේ ඔෆිස් එකටත් ආවා. මම ශේප් කරලා යැව්වා... මේ දැනුත් කෝල් කළා බන්..."


"උබ දන්නවානේ මගේ හිතේ ආපහු වෙන කෙනෙක්ට ඉඩක් නැහැ කියලා..එයාට පැහැදිලි කරලා එක කියන්න නෙතු."


" අනේ මන්දා බන් අන්න උ හෙට උබේ ඔෆිස් එකට එනවා කියුවා.. උබම එක කියපන්. මම තිබ්බා බායි "

දෙයියනේ ආදරය කියන හැගීම අමතක කරන්න ගන්න උත්සාහය යාන්තමින් හරි සාර්ථක කරගන්න උත්සාහා කරනකොට මේ මොන හෙන ගෙඩියක්ද පාත් වෙන්න හදන්නේ....
හෙට එයිද ??????
ඔන්න ඔහේ ආවදෙන්.. ආවොත් බලාගමුකෝ..


මැයි මල් වලින් තණනිල්ල මත ඇදුනු රතුම රතු කලාලය දෙස මම තවත් මොහොතක් බලා සිටියෙමි. ලා අරුණැල්ලක් පැතිර ගියද නේවාසිකාගාරය අසල මැයි ගස් පෙළ නිසා තවම මද අදුරක්‌ ඇත. තව ටිකකින් මේ මල් වත්ත අතුගාගෙන බෝඩිමේ ඇන්ටි අතුගාලා දමාවි.. ඒ රතුම රතු මල් පොඩි පට්ටම් වෙලා කසල භාජනය වෙතට ඇදෙනු ඇත. කොච්චර සිත් ඇදගන්නා දසුනක් වුනත් මිනිසුන් එය විනාශ කර දමාවි. අපේ ජිවිතත් හරියට ඒ වගෙයි. අපි කොච්චර ලස්සනට ජිවත් වුනත් මරණය අපි අසලට එනවාමයි..
සිහින් දුකක් වැනි හැගීමක් හිත තුලට කා වදින්නට උත්සහා කරද්දී මම ජනේලය ලගින් මෑත්විමී.


"කවී අද පන්සල් යමුද? "


ඒ මගේ බෝඩිමේ මිතුරිය.
කැළණි පන්සල් බිමත් ගඟ අවටත් හුදෙකලා විය. එහි යෑම මගේ හිතට අස්වැසිල්ලකි.

"සුදු ඇදුම් හෝදලාද මන්දා කෙල්ලේ ? "




"කමක් නෑ මගේ ඇදුමක් හරි ඇදගෙන යමු වදේ.. අද තාරක එනවා කියුවා "


" අහ්හ් එහෙනම් එකයි මෙකි මේ පන්සල් යන හැදුවේ. හේ හේ "
----------------------------------------------------------------------------------------------------------------------


තාරක පැමිණියේ අපි පන්සල් ගොස් විනාඩි 15 කට පසුව. තාරක පැමිණීමත් සමග මම ඔවුන්ට ඉඩදී බෝධිය අසලට ගියෙමි. බෝධින් වහන්සේ වැඳ පුදා අවසන් වී ගඟ පැත්තට ගියෙමි.
ගඟදෙපස අවට හුදෙකලා විය. මම අනන්ත දියතලය දෙස අරමුණකින් තොරව බලා සිටියෙමි.වැසි කාලය නිසාවෙන්දෝ ජලය බොර පාටට හැරී තිබුණි.ගගද ජීවිතය මෙනි. වරක නිල් දියෙන් යුතුව නෙත් වලට සොදුරු දසුන් මවයි. තවත් විටෙක බොර පැහැති දිය රැගෙන දෙපස ඉවුරු බිදෙමින් ඉදිරියට ඇදෙයි..

කැළණි ගග මගේ ජිවිතේ බොහෝ දේවල් දනී.. මිනිත්තු කිහිපයක් මම ගග දිහා බලාගෙන භාවනා කලෙමි..


"මොකද ගගට පනින්නද කල්පනාව "
මගේ සවන් ලගින් ඇසුණු කටහඩ ඔස්සේ මම ක්ෂණිකව හැරී බැලීමි.




ආදරේ කියන එක පුජනීය දෙයක්.. එක දෙන්න ඕනි පුජනීය විදියට. ඇත්ත ආදරයක් තියෙන්න ඕනා පුදසුනක. ඒ කියන්නේ මල් පුජා කරන තැනක.නැතුව කුණු බක්කියක නෙමෙයි.
මගේ ජිවිතේ ගල් සහ මල් වලට පස්සේ හිස් විරාමයක් ලැබුවා විතරයි...පුජනීය විදියට ආදරයක් ආරක්ෂා කරන්න බැරි පිරිමියෙකුට ආදරේ කරන ගැහැණිය, මොඩියෙක්. මොනවා නැතත් මම ඒ ටිකනම් ආදරේ කරලා අත්වින්ද සත්‍යක්..


"අනේ මම මොකටද ගගට පනින්නේ.. ."


නාදුනන ඒ කටහඩට මම උත්තර දුන්නේ එහෙමයි. ටිකක් තරහෙන්. කොහොමත් දන්නේ නැති කෙනෙක් එක්ක කතා කරද්දී කල්පනාවෙන් එපැයි කතා කරන්න.එත් ඒ ඇස් දෙක...


"නෑ මම එක නිකම් ඇහුවේ ගග දිහා කන්න වගේ බලන් හිටපු නිසා "


මම මුනිවත රැක්කෙමි.


"ඔයා ව මම මේ පන්සලේදී ගොඩාක් වතාවක් දැකලා තියෙනවා ඔහේ පැත්තකට වෙලා එකම දෙයක් දිහා බලාගෙන ඉන්නවා.ඒ නිසයි මට ඔයාව ගොඩාක් නෝට් උනේ.."


මම එයට සිනහවකින් පමණක් පිළිතුරු දුන්නෙමි. මේ මොන හෙනගෙඩියක්ද..?


"මොකෝ කතා කරන්නේ නැත්තේ? ඔයා මේ ලගමද ? "


ඒ පාරනම් මම කතා කරන්න හිතුවා..


"අහ්හ් ඔව් මේ ලග. මම යාලුවෙක් එක්ක ආවේ. මේ ගඟ පැත්තට ආවා ටිකක්. මම එහෙනම් යන්නම්.. "


මම යන්නට සැරසේනවාත් එක්කම ඒ උස් සිහින් සිරුරැති නාදුනන කටහඩ ඇත්තටම එක ලස්සන කටහඩක්.


"හ්ම්ම් හොදයි ගිහින් එන්න. මම හෙටත් එනවා. "


අඩියට දෙකට මම එතැනින් පිට වීමි.
මම හෙටත් එනවා.??????? ඒ මොකෝ ඒ?


හ්ම්ම් ඒ ඇස් ලස්සනයි. හීනියි, මම මටම කියාගත්තා..


"කවුරු එක්කද බන් උබ අර කයිය ගගහා හිටියේ?"
මගේ මිතුරිය මගෙන් එහෙම ඇහුවේ ඇයගේ පෙම්වතා වූ තාරක ඉන්නකොටමයි.


" අනේ මන්ද බන් දන්නේ නැති කෙනෙක්. මන් ලගට ඇවිත් කතා කළා. මමත් ඉතින් කතා කළා. අපි යන්නේ නැද්ද බන්.?"

පෙම්වතුන්ට බාධා කරන එක සහගහන අපරාදයක් උනත් ඒ වෙනකොටත් හොදටෝම කළුවර වෙලා තිබුණු නිසාත් පහුවෙනිදා උදේම වැඩට යන්න ඇහැරෙන්න ඕනා නිසාත් මම අකමැත්තෙන් හරි ඔවුන්ගෙන් එහෙම ඇහුවා.


" හරි බන් යමු. අපි හිටියේ උබ එනකම් යන්න."



ඒ ඇස් මට ලොකු කතාවක් කියන්න වගේ මට තේරුනේ. මග දිගටත් ඒ ඇස් මට එකදිගටම මතක් උනා.
එත්
ඇස් දෙකක් දිහා බලන් කප්පරක් හීන පොදි ගැහෙද්දි, ඒ හීන මගේ ඇස් ඉස්සරහා බොද වෙලා අළු වෙලා යද්දි හිතේ හයියෙන් මෙච්චර තරමට හරි ජිවිතේ හදාගන්න පුළුවන් වෙද්දී මට ආපහු ඇස් දෙකකට පෙම් කරන්න බය හිතුනා. ඒ ඇස් අමතක කරන්න මම උත්සාහා කළා.


"මොකෝ උබ කල්පනා සයුරේ පිනනවාද? ආපු වෙලේ ඉදන් උබ එක විදියක්"
මගේ දැහැන බිදුනා.. අහෝ මම පන්සල් ගිය ඇදුම් පිටින්මයි.. හේ හේ.

"නෑ බන් මම මේ කල්පනා කලේ හෙට වැඩට යන්න ඔනානෙ... අන්න එක "


" අනේ යකෝ තෝ හැමදාමත් වැඩට යනවානේ.. හෙට විතරද.. එකේ අලුතෙන් අද කල්පනා කරන්න දෙයක් තියෙනවාද "


" නෑ බන් හෙට කවුද මන්දා එනවාලු මාව හම්බෙන්න "


"නෑහහ්.. ඒ කවුද? නෙතුකි මටත් කියුවා උබ ගැන කොල්ලෙක් අහනවා කියලා. ඌද? "


"ඔව් බන්"


"ඉතින් උබ මොනාද කියන්න යන්නේ "


"මොනා කියන්නද? මම කියනවා මම කැමති නැහැ කියලා. අනික මට කොහොමත් ආපහු කොල්ලෙක් එපා. මෙහෙම හොදයි බන්.. ජිවිතේ සැහැල්ලුයි.. "


"එකත් එහෙම තමයි බන්. එත් ජිවිතේ කවදාවත් අපිට තනියම ජිවත් වෙන්න බෑ..හා හා පුරා කියලා උබ ජිවිතේ අඩිය තිබ්බේ වැරදි පාරක.එත් ජිවිතේ පුරාම වැරදෙනවා කියලා හිතන්න එපා."


මිතුරියගේ ඒ වදන් මගේ හිතේ තදින්නම කාවැදුනා.එත් ඒ වචන වලට පන දෙන්න මම ගොඩාක් බයයි.. මට ආපහු වැරදෙයි කියලා මට බයයි.




"මට තේරෙනවා බන් උබ කියන දේ. එත් මම අසරණයි. මට ආපහු කාටවත් ආදරේ කරන්න බැරි වේවි.."


මම එහෙම කියලා ඇයගෙන් මිදී ඉස්තෝප්පුවට ගියා. ඇය මගේ පස්සෙන් නාවේ මට හිතන්න ඉඩදෙන්න....
ඔයා හින්දා කවදාවත් අඩන්න එපා කිව්වත් දැන් ඇස්වල කදුළු පිරිලා ඉවරයි.ඇයි මට මෙහෙම උනේ....
අහංකාර ආඩම්බර කොල්ලෙකුට මට ආදරේ කරන්න හිතුනේ ඇයිද මන්දා..
එයා එහෙම නොවුනානම් මේ හැමදේම මෙහෙම නොවෙන්න තිබුනා....


----------------------------------------------------------------------------------------------------------------------


පහුවෙනිදා වැඩට ගියේ කෙනෙක්ව බලාපොරොත්තුවෙන්,, එත් මම පැහැදිලි තිරණේක හිටියා.
ඔහු සවින්.. සවින් මගේ හොදම මිතුරියගේ මිතුරෙක්. ඔහු මාව දැක තිබුනේ දෙවරක් පමණයි.. පලවෙනි වර ඒ මගේ මිතුරියගේ ගෙදරදී. ඇයගේ පියාගේ දානේ ගෙදරදී. දෙවෙනි වර අපේ ඔෆිසියේදී. එදා ඔහු ඇවිත් මාත් සමග ගොඩාක් වෙලා කතා කළා.






මගේ මිතුරියගේ දැනුවත් කිරීම අනුව නම් සවින් යහපත් පවුලකින් පැවත එන එහෙත් සෙල්ලක්කාර කොල්ලෙක්. කොහොමත් සහෝදරයෙක් මිතුරෙක් කියන බැදීමට එහායින් ඔහු පිලිබදව මගේ සිතේ අබමල් රේණුවක දෙයක් තිබුනේ නැහැ.


කාර්යාලයේ වැඩ වෙනදා වගේ ගෙවිලා ගියේ මගේ හිත සනසන්න වගේ...
අසිස්ටන් මැනේජර් ඒ වෙලාවේ ඒ පැත්තට එනවා දැක්කේ මගේ එහා පැත්තේ මෙසේ හිටපු අසිත..


" අන්න මරුමුස් එනවා."


එයා ආවේ දුර තියාම මං දිහා බලාගෙන...


"කෞමදී, අලුතින් ගත්ත trainee ට වැඩ ටිකක් කියලා දෙන්න.. මිනිහා IBSL එකේ CBF ඉගෙනගන්නවාලු."


"හොදයි මිස්ටර් සිල්වා..."


හුරු පුරුදු මුහුණක් එකවරම දොරකොඩින් මතුවිය.දෙයියනේ සවින්????


"සවින් ඔයා මෙහෙ? "


"කවි පුදුම වෙන්න එපා. කොහොමත් අද මම ඔයාව හම්බෙන්න හිටියේ.."


"ඒ මොකද..? මේ කාර්යාල වෙලාව. ඔයාව ට්‍රෛන් කරන්න මටයි බාරදුන්නේ.. ඕනෑම ප්‍රශ්නයක් ලන්ච් එකේදී අහන්න."


"අම්මෝ මෙයාගේ ගණන්. හරි හරි මම ඒ වෙලාවටම අහන්නම්කො."


මේ මොනාද දෙවියනේ මට උනේ. අන්තිමට මෙයා මෙහෙටම අවානේ.




"මිස්ටර් සවින් මේ ඉන්නේ අසිත තෙන්නකෝන්."


මම එහා පැත්තේ මෙසේ හිටපු අසියාව සවින්ට හදුන්වලා දුන්නා.


"මචන් මිස්ටර් කෑලි ඕනා නැහැ.. අද ඉදන් උබත් මේ අපි වගේ තමයි. වැඩ අමාරු නැහැ. අපිත් මේකට එද්දී මෙලෝ හසරක් දන්නෑ. මේකෙම පොල් ගාලා තමා ඉගෙනගත්තේ.."


අසිත කියුවේ සවින්ව ධෛර්යමත් කරන්න වගේ.


"අසිත හුගාක් කල් ද බැංකුවේ..? "


"ෆෝ ඉයර්ස්.. මේ යන්නේ පහ. අනික ඉතින් දන්නා කියන යාලුවෙකුත් ඉන්නවානේ ඔයාට."


අසිත කියුවේ තේ උගුරක්‌ බොන ගමන් මටත් ඇසක් ඉගි කරනගමන්... මම ඒ වෙලේම සවින් ගේ මුණ බැලුවා. අම්මේ මුනේ තියෙන හිනාව. අම්මපා මේ අසියටත් කටක් තියාගෙන ඉන්න බැහැනේ.
පැයක් ඇතුලත කොහොමහරි ස්ටාෆ් එකේ කිහිප දෙකෙනුම සවින් අදුනගත්තා.





"මේ කමුද මැඩම්.. බඩගින්නක් එනවා. මචෝ උබටවත් බඩගිනි නැද්ද.. "


අසියා කියුවේ පුටුවෙන් ටිකක් ඉස්සිලා සවින් දිහාත් බලන ගමන්.. එහෙම්මම නැගිටලා එයාගේ කෑම එකත් අරන් කෑමට යන්න ලෑස්ති වෙද්දී මමත් නැගිටලා කෑම එක අරගෙන සවින් ලගට ගියා..


"යමු සවින් කෑම කන්න."


කෑම මේසෙට අසිත මම සවින් විතරක් නෙමෙයි නිමේෂා ත් එකතු උනා. කෑම කාලා ඉවර වෙලා සවින් ඇවිත් කතාවට ලෑස්ති උනා මාත් එක්ක.


"අහ්හ් දැන් කියන්න බලන්න මොනාද කියන්න තියෙන්නේ කියලා."


"ඇයි දන්නෙම නැද්ද.. "


"දැනගන්න කියන්න එපැයි..."


"කවි බොරුවට නෙමෙයි මේ මන් කතා කරන්නේ සීරියස්.. නෙතුකි අතේ මම පණිවිඩයක් එව්වා. අනික මම දන්නවා එක ඔයාට නෙතුකි කියුවා කියලා. මට ඕනා උත්තරයක්‌.."" :"''


"උත්තරයක්‌ දෙන්න තරම් එක මට ප්‍රශ්නයක් නෙමෙයි සවින්. අනික මට ඔයාව හොද යාලුවෙක්. ඒ යාළුකම නැති කරගන්න එපා. අපේ යාළුකම මෙතනින් එහාට ගෙනියනවට මම කැමති නැහැ..."


"ඒ මොකද කියලා මට හේතුවක් කියන්න කවි.. මගේ තියෙන වැරැද්ද මොනාද... "


"වැරද්දක් නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඔය මං ගැන මොනාද දන්නේ.. බෝඩිමක් ඇතුලේ හිරවෙලා ජිවිතේ හොයන කෙල්ලෙක් මම. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ආපහු මට ජිවිතේ වරද්ද ගන්න ඕනා නැහැ. අනික ඔය හොද කෙනෙක්. ඕනෑම උදව්වක් මම ඔයාට කරනවා.මේ වගේ දේවල් අහලා අපි අතරේ දුරස් බවක් ඇතිකරන්න එපා"


"හැම කොල්ලම එක වගේ නැහැ කවි. එක තේරුම් ගන්න. හරි මම කරදර කරන්නේ නැහැ ඔයාට. ඔයාම දවසක තේරුම් ගන්නකන් මම බලාගෙන ඉන්නවා. "
.
.
.
.
. අනේ දෙවියනේ මම මොනාද කරන්නේ. එන දෙකට මුහුණ දෙනවා.


වැඩ ඉවරවෙලා බැංකුවෙන් එලියට බැහැලා ආවෙත් හිත සැහැල්ලුවෙන් නෙමෙයි. පාරට ඇවිත් බස් නැවතුමේ හිටගෙන බස් එකක් එනතුරුත් වටපිට බැලුවෙත් හිත සැහැල්ලුවෙන් නෙමෙයි. වේලපහින් බැංකුවෙන් එලියට ආපු නිසා සවින්ට මාව මගහැරුනා.


කොහේදෝ ඉදන් ආපු පුංචි සුළං රැල්ලක් කොන්ඩේ ටිකක් අවුල් කරද්දී මම ඉක්මනින් හිස හරහා අත යවලා ඒ විසිරුණු කෙස් එක්තැන් කරගත්තා..
බස් එකක් එකපාරම ආවා ඒ වෙලාවේම. බස් එකට නගින්න හදද්දී බස් නැවතුමේ කවුදෝ පිරිමියෙක් හැරි හැරී බලනවා මම යාන්තමට වගේ දැක්කා. මම ඉක්මනින් බස් එකට ගොඩවුනා. බස් එකේ සෙනග වැඩියේ නැති නිසා මට ඉදගන්න හම්බුනා..
බෝඩිමට ඇවිල්ලත් මට කල්පනා උනෙම මම සවින්ට දීපු උත්තරේ ගැන. මගේ අතින් මම හරි.
එයාගේ පැත්තෙන් ? නැහැ මට ඒ දේවල් කල්පනා කරන්න ඕනා නැහැ. එන දෙකට මුහුණ දෙනවා.


බෝඩිමේ මිතුරිය සමග රැට කන්න මොනාහරි ගන්න කියලා හවස පාරට ආපු වෙලාවේ අපි ලගින් වහනයක් ඇවිත් නතර කළා.


වහනයෙන් බැහැලා අපි දිහාවට ආවේ හුරු පුරුදු රුවක්.


"මාව මතකද මන්දා "


"අහ්හ් මතකයි මතකයි එදා පන්සලේදී හම්බවුනේ.. "


"මේ යාලුවෙක් වෙන්න ඇති.."


"ඔව් මේ මගේ රුම් මේට් "


"හෑ ඔයා කැම්පස් ද ? "


"නෑ මම කැම්පස් නෙමෙයි. මම වැඩට යන්න නතර වෙලා ඉන්නවා බෝඩිමක."


කාත් කවුරුවත් මට නැහැයි කියන්න මට ඒ වෙලේ මගේ දිව නැමුණේ නැහැ. අනික මම මොකටද දන්නේ නැති කෙනෙක්ට මගේ විස්තර කියන්නේ.


"මම මේ ලගකට යන ගමන්. ඔයාලා කොහෙද යන්නේ.. මට පුළුවන් ගිහින් ඇරලවන්න.."


"අනේ එපා අපි මේ ලගකට යන්නේ.. "
ඒ වෙලේනම් උත්තර දුන්නේ මගේ යාලුවා.


"ඔව් තැන්ක්ස්. අපි එහෙනම් ගිහින් එන්නම්.. "


"හ්ම්ම් හොදයි එහෙනම් ආපහු දවසක හම්බෙමුකෝ. පන්සල පැත්තේ එවෙන්නේ නැත්ද ලගදි දවසක..?"


"කියන්න බැහැ. නිවාඩු තියෙන විදියට තමයි.."


ඔහු යන්නට ගියේය.
"කවුද බන් ඒ ? " කොහේ පොරක්ද " ?


මිතුරියගෙන් ප්‍රශ්න වැලකි.


"කටවහගෙන වරෙන්. පස්සේ කියන්නම්."


බෝඩිමට ආවට පස්සෙත් මට මතක් උනේ ඔහුවමයි.


"කියපන්කො කවුද ඒ? අපිත් ආසයි දැනගන්න."


"අනේ මේ උබ මොකට දැනගන්නද ? තාරක ඉන්නේ උබට "


විනොදෙටනේ ළමයෝ... මේ කාලේ තමයි අපේ ජිවිතේ හොදම කාලේ. හොදම වයස..


"එන්ජෝයි කරන්නේ දකින දකින කොල්ලට ලයින් දාලද? එක ලොකු වැරදීමක් කෙල්ලේ.එක එන්ජෝයි කරන විදියක් නෙමෙයි. එක හිතේ තියෙන සතුට කාලා දාන විදියක්."


"හරි හරි කියපන්කො කවුද ඒ පොර කියලා."


"අර උබලා එක්ක මම එදා පන්සල් ගියා මතකද.. අන්න එදා පන්සලේදී හම්බුනේ.. වචනයක් දෙකක් කතා කළා විතරයි. එත මිනිහාට මාව මතක හිටලානේ. "


" ඇයි ඉතින් උබටත් මතකයිනේ. ඇයි කියුවේ ඔව් ඔව් මතකයි කියලා හේ හේ "


"හරි හරි.. ඒ කතා වැඩක් නැහැ. හෙට සෙනසුරාදා.. උබ ගෙදර යනවද "


"ඔව් බන් යන්න ඕනා."


"උබ ගියාම මට තමයි පාලු "


"උබත් වරෙන්කො එහෙනම් "


"බෑ බන්. රෙදි කන්දක් තියෙනවා හෝදන්න.ඔයා යන්නකෝ. අනික තාරකත් ඉන්නවානේ.මම එන එක හරි නැහැ. "

ඇය ගමේ ගියාය. හ්ම්ම් පාලුයි තමයි. දැන් මේ පාළුව මට වැඩියේ දැනෙන එකක් නැහැ. මොකද මම එකට දැන් හුරු වෙලා.


සති අන්තේ පුස්තකාලෙට යෑමට කවිට සිතුනේ ඒ පාලු බවෙන් මිදෙන්න

කවිට පුස්තකාලෙට යන අතර මගදී සිදුවන්නේ කුමක්ද...


මතුසම්බන්දයි.
 
  • Like
Reactions: Ameesha2

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    00020474.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ලබන කොටස ඉතිරි සතියේ............:D:D
    එලාස් දිගටම ලියමු......................
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා කතාව ලියනවා නම් හරිම ලස්සනයි.. අනේ නවත්තන්න එපා.. :no::no: දිගටම ලියන්න.. ඒත් ගොඩක් කල් ගන්න එපා අලුත් කොටසක් දාන්න.. :no::no:

    ජය..!
     
    බොඳව ගිය දේදුනු- 1 කොටස


    හ්ම්ම් වර්ණා ටත් හිතුනා ඔන්න කතාවක් ලියන්න. මම නම් ඇත්තටම ලියන්න දන්නා කෙනෙක් නෙමෙයි. එත ගොඩාක් කියවන කෙනෙක්. මේ ලියන කතාවේ ගොඩාක් වැරදි තියෙනවා. හෙන බෝරිං වෙන්න පුළුවන් ඔයාලා කියවද්දී. මේ නිකන් මගේ හිතේ තිබුණු ආශාවකට ලියුවා විතරයි.. අඩුපාඩු කියන්න හොදේ..

    හිතු අහලා තිබුනා මම මේ ලියන්නේ මම කාලෙකට ඉස්සෙලා හිතුට ලියන්න කියපු මගේ ජිවිත කතාවද කියලා. අනේ නැහැ. මම එක ලියන්නේ නැහැ කියලා තීරණය කළා හිතුවො.. මේ මම නිකම් හදපු එකක්.


    ඔන්න එහෙනම් අද පලවෙනි කොටස.
    :)))






    සැහැල්ලුව කියන්නේ නම් මගේ ජිවිතේට නම් තහනම් වචනයක්. එත් පහුගිය ටිකේ මං උත්සාහා කළා වෙන මොකටවත් නෙමෙයි අල්පේච්ජ ජීවිතයකට හෙට දවස, ...............................................


    :oo: ඉස්සුවා නේද?
    ;) උස්සපු තැන එහෙම දැම්මොත් නරක් වෙලා තියෙයි,..