කවුරුත් කතානොකරන පිරිමින්ට තියෙන ප්‍රශ්න

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,806
    1
    51,710
    113
    ප*යාගල
    sorry.com
    මුල්ම එක අධ්‍යාපන ක්‍රමය.

    මේ වෙද්දී ලංකාවේ උසස් අධ්‍යාපනය සාර්ථකව ඉවර කරන අයගෙන් 70%කට ආසන්න ගානක් ගැහැණු ළමයි. ඒවගේම මේ percentage එක එන්න එන්නම වැඩි වෙනවා.
    Banking හරි මොකක් හරි exam එකක් තිබුනත් එහෙමමයි. පාස් වෙන වැඩි දෙනෙක් ගැහැණු ළමයි. හුගක් දියුණු රටවල් වලත් මේක මෙහෙමම තමයි.

    🙅‍♀️
    අධ්‍යාපනයට සම අවස්ථා ලැබුන ගමන් ගැහැණු අය පිරිමි අය පහු කලා. ඉතින් පිරිමි ලමයිනේගේ කම්මැලි කමට ගැහැණු ළමයි මොනා කරන්නද ?

    ✔️
    නැ ඒක එහෙම ම නෙවේ. ඒක මෙහෙමයි.
    ☝️


    Modern Education system එකම හැදිලා තියෙන්නේ පිරිමින්ට set වෙන විදියට නෙවෙයි.
    වැඩුණු ගැහැණු සහ පිරිමි brains වල වෙනසක් නැ කියල තමයි සැලකෙන්නේ. හැබැයි ගැහැණු ලමයින්ගේ වර්ධනය ඉක්මනට පටන් ගන්නවා පිරිමි ළමයින්ට වඩා.
    මොලේ වර්ධනයත් එහෙමයි. Brain එකේ prefrontal cortex කියන කෑල්ලත් ගැහැණු ළමයින්ගේ කලින්ම develop වෙනවා පිරිමි ළමයින්ට වඩා.
    ඉගැනීමට අදාල හුගක් functions සිද්ද වෙනවා මේකෙන්. prefrontal cortex එකේ development එකත් එක්ක වෙන ප්‍රදානම දෙයක් තමයි වගකීමක් දරන්න තියන හැකියාව වැඩි වෙන එක.

    ඒක හේතුවක් Exam එකකට ගැහැණු ළමයි පාඩම් කරද්දී පිරිමි ළමයි එක්කෝ කෙල්ලෙක් පස්සේ යන්නේ නැත්නම් බෝලයකට තඩි බාන්නේ.
    හැබැයි එක වෙලාවක ආපහු පිරිමි සහ ගැහැණු brains development එක එකසමාන වෙනවා.
    ❣️

    හැබැයි එතකොට ඉගෙන ගන්න තිබුන කාලේ පහු වෙලා.
    🤦‍♂️


    අනික අවුරුදු ලක්ෂ ගානක් ඉදල පිරිමියා හැදිලා ඉන්නේ කටවහගෙන ගැහැණු කෙනෙක් කියන දේ අහගෙන ඒක ඉගෙන ගන්න නෙවේ. ඉතින් මේ modern education system එක පිරිමි ළමයෙකුට හෙන අමාරුයි ගැහැණු ළමයින්ට සාපේක්ෂව.

    ඊට අමතරව අපි ඉගෙන ගන්න දේවල් අද සමාජය value කරන විදිය තුල උනත් පිරිමින්ට හෙන අසාධාරණයක් තියනවා.

    සැළලිහිණි සංදේශයයි, ගම්පෙරලියයි ඔක්කොම කට පාඩම් කරගෙන ඒවගෙන් කිසිම ප්‍රයෝගික වැඩක් ගන්න බැරිව ඉන්න කෙනෙක්ගේ දැනුම, ගෙයක් හදන්න හරි වහනයක් හදන්න හරි දන්න කෙනෙක්ගේ දැනුමට වඩා අද සමාජය value කරනවා.

    ⚠️
    රැකියාව, සමාජ තත්වය සහ අදායම


    මේ අධ්‍යාපන ක්‍රමය තුලත් society එක අධ්‍යාපනය value කරන විදිය එක්කත් පිරිමින්ට job market එකේ තරගයත් ලේසි නැ.
    ඒත් සමාජ සම්මතය තමයි 1st date එකේ ඉදලා වියදම් ටික පිරිමියා කරන එක.
    marriage එකක උනත් ගැහැණු අය බලාපොරොත්තු වෙන දෙයක් තමයි පිරිමි කෙනා තමන්ට වඩා ලොකු රස්සාවක් කරන එක. අඩු ගානේ සමාන එකක් වත්.
    සමාජ සම්මතයට අනුව පවුලක වැඩිපුර උපයන්නා ( Breadwinner) පිරිමියා නම් පවුලේ බර අදින්නේ පිරිමියා නම් එක සාමාන්‍ය තත්වයක්.
    පවුලේ බර අදින්න බැරි ගැහැණු කෙනා මත යැපෙන්න වෙන පිරිමියෙක් ට “මම ගේන එක කාල මෙතන එනවද මටම …. “ ඔය වගේ කතා අහන්නම වෙනවා.
    ගැහැණුන්ටත් වැරද්දක් කියන්න බැ. රාජ කුමාරයෙක් ඇවිත් කැන්දන් යයි කියල හිතපු මට නිකමෙකුට කන්න දෙන්නත් උනානේ වගේ හැගීමක් දැනෙන්න පුළුවන්.
    තමන් නිකමෙක්, වැඩකට නැති කෙනෙක් ( Useless/ worthless කෙනෙක් ) කියන එක පිරිමින්ට දරා ගන්න අමාරු මානසික තත්වයක්.
    Academic research එකකින් හොයාගෙන තියනවා suicide කර ගත්ත පිරිමින්ගේ අවසාන ලියුමේ තිබුණ ප්‍රධාන වචන දෙක worthless / useless කියලා.
    🥲


    අද කාලේ පිරිමි suicide කරගන්නවා ගැහැණුන්ට වඩා තුන් හතර ගුණයකින්. මේ rate එකත් එන්න එන්නම වැඩි වෙනවා.
    🥲

    ඒ කියන්නේ අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ පිරිමින්ට තිබුන ගැහැණු සහ දරුවන් ආරක්ෂා කරන්න සහ පෝෂණය කරන්න තිබුන වගකීම මිට දශක කිහිපයකට කලින් අහිමි වීම පිරිමි තමන්ගේ dignity එක සම්බන්ද ප්‍රස්නයක් විදියට අරන් තියෙන්නේ.

    ⚠️
    එත් ලෝකේ පාලනය කරන්නේ පිරිමි, රටේ පළාතේ ගමේ නගරයේ නායකයෝ හුග දෙනෙක් පිරිමි, Companies වල CEOs ලා directors ලා වැඩි දෙනෙක් පිරිමි ???
    ගල් යුගයේ ඉදන් තමන්ගේ රැලේ එහෙමත් නැත්නම් සමාජයේ නායකත්වය ගත්තේ පිරිමි. අදටත් ඒක එහෙමම තමයි.
    මුන් ටික තමයි ගමේ, රටේ , ආයතනවල, union වල , gangs වල leadership එක අතට ගන්නේ. මුන් තමයි සාමාජයේ අපි හැමෝම වෙනුවෙන් තීරණ ගන්නේ. නීති හදන්නේ.
    අවාසනාවකට සමාජයේ උඩ level එකේ ඉන්න පිරිමි දන්නේ වත් නැ average පිරිමින්ට ප්‍රශ්න තියනවද කියලා.
    හුගක් වෙලාවට මේ leaders ලා තමන් යටතේ ඉන්න පිරිමියෙක්ගේ ප්‍රශ්නයකට වඩා ගැහැණු කෙනෙක්ගේ ප්‍රශ්නයකට සංවේදියි.

    💥
    මේ modern education system එකත් එක්ක බැදුන ප්‍රශ්නෙට community level එකෙන් උත්තරයක් නම් මම දන්නේ නැ. සමහරවිට අනාගතේ මේ situations වෙනස් වේවි.
    අපිට මේකට උත්තරේ හොයා ගන්න වෙන්නේ personal level එකෙන්ම තමයි. හැම කොල්ලෙක්ට සම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමයෙන් විතරක් ගොඩ යන්න බැ.
    කරන්න තියෙන්නේ සම්ප්‍රදායක අධ්‍යාපනයෙන් නතර නොවී අලුත් දේවල් ඉගෙන ගන්න එක, අලුත් විදියට හිතන එක සහ අලුත් අත්හදා බැලීම් කරන එක.

    තමන් useless / worthless කියලා හිතුනම ඒ සිතුවිල්ලත් වෙනස් කරගෙන ලෝකේ වෙනස් කරපු මිනිස්සුත් ඉන්නවා.

    කාලකන්ණි වගේ ඔලුවේ අත ගහගෙන ජිවිත කාලෙම stress එකේ ඉදල මැරිලා යන උනුත් ඉන්නවා.

    මොන option එකද ගන්නේ කියල තීරණය කරන්න වෙන්නේ අපිටම තමයි.


    Copied from Fb - Link

    325257966-661791195696766-8861999945217885765-n.jpg
     
    Last edited:

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,920
    113
    ඇඩ්රස් නෑ
    සිරා කතාවක්.
    කොල්ලෝ දැන් ලොල් වීගෙන යන්නෙ එඩුයුකේශන් වැඩ වලදි ඒත් ප්‍රැක්ටිකල් වැඩක්නම් කොල්ලේන්ට ඕනේ තරම් අදහස් තියෙනවා. කෙල්ලෝ මීක් නෑ..... කටපාඩම් කරලා විබාග ලියන්නනේ ගොඩක්ම තියෙන්නේ ඉතින් කාටද හරියන්නේ? පාඩම් කරපු එකාටත් ටික කාලයක් පාවිච්චි කලේ නැත්තම් මතක නෑ. ඕක තමා ලංකාවේ මන් ඇතුලු කොල්ලෝ බහුතරයකට වෙලා තියෙන සිද්දිය 🥲🥲🥲
    ආතල්ම වැඩේ කියන්නේ කොල්ලෝ python ටික සුපිරියට කරනවා කෙල්ලෝ ඒකත් කටපාඩම් කරනවා 🤣🤣🤣🤣 ඊට පස්සේ ඉතුරුටික හිතාගන්නකෝ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    Piriminge molaya ganunta wada hodata wada karanwa bn :lol:

    oya iskole wala ugannana syllabus unath, campus wala ewa unath kollonta meter wenawa kellonta wada..

    nikan baila rachana liyana unge mongal part owa :rofl:

    ape office wala ehenam me wenakota kello dusim ganan inna one lol,,,behethakata ekek naa hoyaganna (hari haman ekek :( no offence :( )
    නෑ මෙතනන් කියන්නෙ කොල්ලන්ගෙ මොලේ ඒ වෙනුවෙන් හැදෙනකොට ඉගෙන ගන්න කාලෙ පහු වෙලා කියල ! කොහොමත් පිරිමියෙක්ගෙ ප්‍රයිම් ටයිම් එක එන්නෙ 30 කිට්ටු වෙනකොට !
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දැන් බලපං ගොඩක් කෙල්ලෝ ඉගෙනගෙන campus ගිහින් බැදලා ළමයෙක් හැදුව ගමන් ගෙදර. අපරාදේ කොල්ලෙක්ට යන්න තියන චාන්ස් එක උන් උදුරගන්නවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,806
    1
    51,710
    113
    ප*යාගල
    sorry.com
    දැන් බලපං ගොඩක් කෙල්ලෝ ඉගෙනගෙන campus ගිහින් බැදලා ළමයෙක් හැදුව ගමන් ගෙදර. අපරාදේ කොල්ලෙක්ට යන්න තියන චාන්ස් එක උන් උදුරගන්නවා
    eka nm karima wade
     
    • Like
    Reactions: NRTG and chatura_CN

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    දැන් බලපං ගොඩක් කෙල්ලෝ ඉගෙනගෙන campus ගිහින් බැදලා ළමයෙක් හැදුව ගමන් ගෙදර. අපරාදේ කොල්ලෙක්ට යන්න තියන චාන්ස් එක උන් උදුරගන්නවා
    mekanm siraama kathaavak me laga innva colombo campus gihin dan lamayi hadagena nikn gedara inna akka knk ! mona magulakda mnda~!
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @Nidarshana_k කියවන්න එපා වෙනවා :oops:😦

    - exam එකක් - විභාගයක්
    - percentage එක - ප්‍රතිශතය
    - Modern Education system එකම - නවීන අධ්‍යාපන පද්ධතියම
    - brains වල - මොළවල
    - value කරන - අගය කරන
    - development එකත් - සංවර්ධනයත්
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Science, technology, programming, math වැනි ක්ෂේත්‍රවල සහ චෙස් වැනි ක්‍රීඩාවල උඩින්ම ඉන්න බහුතරය පිරිමි. ඒ කියන්නේ තාර්කික හැකියාව අතින් වැඩි වෙන්නේ පිරිමි ඒකයි ප්‍රායෝගික වැඩ වලදී ඔවුන ඉදිරියෙන් ඉන්නේ. එතනදි නම් ඔබ අදහස් කරන මොළය වර්ධනය පිරිමින්ගේ අඩු නැහැ.
    සරල උදාහරණයක් දෙන්නම් අපිට ලේසියෙන් දත්ත අරන් පෙන්වන්න පුළුවන්. ලෝකේ ඉන්න එක එක වයස් කාණ්ඩ සඳහා චෙස් rating චෙක් කරලා බලන්න. හැම වයසකදීම ඉදිරියෙන් ඉන්නේ පිරිමි.
    නමුත් ලංකාවේ බහුතරයක් කරන art සහ කොමස් විෂයන් වලදී නම් ගැහැණු උඩින් ඇති. නමුත් ඉංජිනේරු පීඨ වල නම් තත්ත්වය වෙනස්.
    පිරිමි ලෝගිකලි ඉදිරියෙන් වගේම ඔවුන වගකීම ගැනීම අඩුයි ඒ නිසා තමයි අනාගතය ගැන හිතන්නේ නැතිව බෝල ගහලා සහ කෙල්ලෝ පස්සේ ගිහින් කෙලව ගන්නේ. ඒකයි මට හිතෙන දෙය
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    නෑ මෙතනන් කියන්නෙ කොල්ලන්ගෙ මොලේ ඒ වෙනුවෙන් හැදෙනකොට ඉගෙන ගන්න කාලෙ පහු වෙලා කියල ! කොහොමත් පිරිමියෙක්ගෙ ප්‍රයිම් ටයිම් එක එන්නෙ 30 කිට්ටු වෙනකොට !

    ethakota oya campus wala ehema inna kollo, island first wena un, district, island ranks dana un ehema kollo nemeida bn?? :baffled:

    mama nam danne na mata nm iskole yana kale hodata lakunu thibuna :yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,869
    113
    Science, technology, programming, math වැනි ක්ෂේත්‍රවල සහ චෙස් වැනි ක්‍රීඩාවල උඩින්ම ඉන්න බහුතරය පිරිමි. ඒ කියන්නේ තාර්කික හැකියාව අතින් වැඩි වෙන්නේ පිරිමි ඒකයි ප්‍රායෝගික වැඩ වලදී ඔවුන ඉදිරියෙන් ඉන්නේ. එතනදි නම් ඔබ අදහස් කරන මොළය වර්ධනය පිරිමින්ගේ අඩු නැහැ.
    සරල උදාහරණයක් දෙන්නම් අපිට ලේසියෙන් දත්ත අරන් පෙන්වන්න පුළුවන්. ලෝකේ ඉන්න එක එක වයස් කාණ්ඩ සඳහා චෙස් rating චෙක් කරලා බලන්න. හැම වයසකදීම ඉදිරියෙන් ඉන්නේ පිරිමි.
    නමුත් ලංකාවේ බහුතරයක් කරන art සහ කොමස් විෂයන් වලදී නම් ගැහැණු උඩින් ඇති. නමුත් ඉංජිනේරු පීඨ වල නම් තත්ත්වය වෙනස්.
    පිරිමි ලෝගිකලි ඉදිරියෙන් වගේම ඔවුන වගකීම ගැනීම අඩුයි ඒ නිසා තමයි අනාගතය ගැන හිතන්නේ නැතිව බෝල ගහලා සහ කෙල්ලෝ පස්සේ ගිහින් කෙලව ගන්නේ. ඒකයි මට හිතෙන දෙය
    Chess gane kiyanna giya witherai..
    Male & Female rating systems dekakuth tiyenewa.
     
    • Like
    Reactions: NRTG and vishwadt