කවුරුත් කතා වෙන පූජාවලිය 📜📜 (Pujawaliya)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කවුරුත් කතා වෙන පූජාවලිය 📜📜 (Pujawaliya) - Your Choice Way
    🎈අපේ පැරණි සිංහල සාහිත්‍යය පෝෂණය වෙලා තියෙන්නේ බුදු දහමින්.
    🎈බණ කතා බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනුයි.
    🎈පැරැන්නෝ බණ කතා ඇසීමට බොහෝ සේ ප්‍රිය කළා.
    🎈එම අවශ්‍යතාව සපුරාලමින් පොලොන්නරු සමයේදීත් ඊට පසු කාලයේදීත් එවැනි පොත් ගණනාවක් බිහිවුණා.
    🎈බුදු සිරිත ඇසුරින්, ජාතක කතා ඇසුරින් බොහෝ පොත පත දායාද කරන්නට පඩිවරු නිරතුරුවම උත්සාහ ගත්තා.
    🎈මෙවැනි පොත් බිහිවීමේ තවත් අරමුණක් වූයේ පුහුදුන් ජනයාට බණ දහම් කියා දීමයි.
    🎈එවැනි පොත් බිහිවී වර්ධනය වූයේ දඹදෙනි සමයේදීයි.
    🎈පූජාවලිය කියන්නේ ඒ සියලු කෘතිවලින් එකක්.

    🔸පූජාවලිය යන්නෙහි සරල තේරුම නම් පූජා වැල යන්නයි.
    🔸එය පූජා -ආවලි හෙවත් පූජා පෙළ,සමූහය යනුවෙන්ද අර්ථ දක්වන්න පුළුවන්.
    🔸බුදුරදුන් ලෝකයාගෙන් පූජා ලැබීමට සුදුසු වන ආකාරය ගැන තමයි මේ ග්‍රන්ථයෙන් විස්තර වෙන්නේ.
    🔸එහි අඩංගු වන්නේ පූජා ලැබීමට සුදුසු වූ පූජාර්හ වූ බුදුන් වහන්සේගේ ගුණ සමුදායයි.

    🔵පූජාවලිය රචනා කර ඇත්තේ මයුරපාද පරිවෙණාධිපති බුද්ධ පුත්‍ර හිමියන් විසින්.
    🔵මෙය දෙවැනි පැරකුම් රජු උදෙසා ලියැවුණකි.
    🔵බෝධිසත්ව පාරමිතාවේ උසස්කම දක්වමින් බුදු වීමේ ප්‍රාර්ථනාව මුදුන් පමුණුවා ගැනීමට රජු දිරිමත් කරවීමටත්, සත්පුරුෂ ජනයාගේ සිත් සුවපත් කිරීමටත් පූජාවලිය ලියූ බව කතුවරයාගේ පැහැදිලි කිරීම්වලින් නිගමනය කරන්න පුළුවන්.
    🔵පූජාවලිය ලියැවී ඇත්තේ පැරකුම්බා රාජ්‍ය කාලයෙන් 35 වැනි වර්ෂයේදීය. එනම් ක්‍රි.ව.1225-1260 අතර කාලයේදීය.

    කතුවරයා පූජාවලිය ලියන්නට යොදගෙන ඇති බස් වහරේ එතරම් විශේෂත්වයක් දක්නට නොමැත.

    🔺මෙම ග්‍රන්ථය තේමා කොට ගෙන ඇත්තේ බුද්ධ වන්දනාවේදී කියැවෙන නව අරහාදී බුදු ගුණ අතරින් අරහං බුදු ගුණය ගැනයි

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Article Click Here