කසාද ගාස්තුව සිංහලයන්ට එකක්, මුස්ලිම් අයට
එක නීතියක් පවතින රටක එක් ජන වර්ගයකට සුවිශේෂ වරදාන ලැබීම සෙසු ජන වර්ගවලට කරන බලවත් අසාධාරණයක් බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.
අංක 5/2012 චක‍්‍රලේඛනයට අනුව විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනයේදී සිංහල ජන වර්ගයට එක මුදලකුත් මුස්ලිම් ජන වර්ගයට තවත් මුදලකුත් වශයෙන් ගෙවිය යුතු විෂම චක‍්‍රයක් ඉදිරිපත්කර ඇති බවත් මෙසේ ජාතීන් ලෙස වර්ගකර දෙයාකාරයකට සැලකීම කාගේ වුවමනාවට කාගේ අනුදැනුම මත සිදුවූයේ දැයි සෝභිත හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රශ්න කරති.
ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු එක රටක්, එක නීතියක්, එක පාලනයක් යන බලාපොරොත්තුව රට ඉදිරියේ තැබුවද වර්තමානයේ සිදුවෙමින් පවතින මෙවැනි කි‍්‍රයාමාර්ග හමුවේ සමාජයේ අසහනකාරී තත්ත්වයන් මතුවෙමින් පවතින බවද එයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ 2012 වර්ෂයේ නිකුත් කළ දින දර්ශනයේ බෞද්ධයන්ගේ වැදගත් දිනයක් වන පොහොය දිනවල වෙළඳ නිවාඩු නම්කර නොමැතිවීම මීට තවත් නිදසුනකි. මෙය ඇත්තෙන්ම විස්මය ජනකය.
ඒ වාගේම 2012 වසරේදී නීති ප‍්‍රවේශ විභාගයේදී මුස්ලිම් ජාතික ශිෂ්‍යයෝ අසාමාන්‍ය ලෙස සමත්වීමද තවත් එක් අවස්ථාවක් බවද උන්වහන්සේ පවසති.
ඕමල්පේ හිමියන්ගේ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
‘සිංහල ජන වර්ගයට හා බෞද්ධයන්ට විරුද්ධව ඉතා සංවිධානාත්මකව ඉතා සූක්ෂ්ම කුමන්ත‍්‍රණයක් සිදුවෙමින් පවතින බව මේ කරුණුවලින් මනාව පැහැදිළි වෙනවා.
මේ පිළිබඳ හුදු පරීක්ෂණ පැවැත්වීමෙන් නොනැවතී මේ පිටුපස සිටින අදිසි බලවේග හා පුද්ගලයන් කවුරුන්ද යන්න රට ඉදිරියේ තැබිය යුතුයි.
lanka c news