කසුනි කාවින්දි 🌶️

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයෙන් කවුරුත් අදුර ගත්තා කසුනිගේ විස්තර ටිකක්:

    නම: කසුනි කාවින්දි ෆනෑන්ඩො

    උස: 5' 4"

    වයස: අවුරුදු 28

    මුල් නගරය: රත්නපුරය

    පාසල: ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය

    විශ්ව විද්‍යාලය: University of the Visual and Performing Arts



    133149873_141532354263958_2107366633513661093_n.jpg
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේකේ ඉන්න කාලේ ඉඳන් මම ආසයි ඒ කෙල්ලට
     
    • Love
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    කැමතිම රංගන ශිල්පිනියක්. වැඩිය අනං මනං නැතුව පාඩුවේ ඉන්නව. ඒ වගේම දක්ශයි. රඟපානව වගේම හොඳ හඬකැවීම් ශිල්පිනියක්.

    gW1fvj0.png






    7c5CpFx.png


    2OqJUSe.png


    jeTtCkM.png


    XvY7hHo.png


    Kolla
    C8vvp5V.png



    කසුනි ඉන්න සකුරා




    9p6uIJo.png
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    *සකුරා ගීතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඒ නිර්මාණයට සම්බන්ධ උනේ කොහොමද කියලත් කියමු?

    ගීතය ට සහ වීඩියෝ එකට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි.ඒ හැමෝම කියනව වගේම ඇත්තටම මමත් මගේ දැනුමට අනුව පෞද්ගලිකව විශ්වාස කරනවා ඒ නිර්මාණය ලංකාවේ මෙතෙක් බිහිවුණු ජාත්‍යන්තර මට්ටමේ මියුසික් වීඩියෝස් කීපය අතරට එකවන්නක් කියල.
    මේ වැඩේට චරිත මට ආරාධනා කරන්නෙ බොහෝ කාලයකට පෙර.ඔහු මං මීට පෙර සම්බන්ධ වුණ නිර්මාණ සමහරක් නරඹලා තිබුණ නිසා විශ්වාසයක් ඇතුවයි මට කතා කළේ.මමත් විශ්වාස කරනව චරිත කියන්නෙ අපේ පරම්පරාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ලෙජන්ඩ් කියල.මම ඔහුගේ ගීතවල හොද රසිකාවියක්.ඉතින් මම පුදුම ආසාවෙන් වැඩේට කැමති වුණේ.චරිත ලොකු උනන්දුවකින් මේ නිර්මාණයට මහන්සි උනේ.ඉතින් ඔහුගේ උනන්දුවෙන් අපිවත් මෝටිවේට් උනා.මම කලින් සම්බන්ධ උන නිර්මාණ වගේ නෙමෙයි මේ වීඩියෝව රූගතකිරීමට පෙර මාස පහක් පමණ අපි වැඩේ ගැන සාකච්ඡා කළා.මේ වැඩේට සූදානම් වුණා.පුහුණුවීම් කටයුතු,මේක් අප් ටෙස්ට්ස් ෆොටෝශූට්ස් කොස්ටියුම් ටෙස්ට්ස් මේ සියල්ලටම දවස් කීපයක් කැප කළා.ඒවගේම ශ්‍යාම් ප්‍රනාන්දු කියන්නෙ මම ගොඩක් ගරු කරන අපේ රටේ ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක්.ඔහු සමග මීට පෙරත් වේදිකාවේ වගේම ටෙලි නිර්මාණ වල මට රගපාන්න අවස්ථාව ලැබුණ නිසා අපි අතරෙ ඉතාම සුහද සම්බන්ධතාවක් තිබුණා.ඒ නිසා මට මේ වැඩේ ඔලුවට තවත් පහසු උනා.ඉතින් ගොඩාක් කතා බහ කරල ඇතිවෙන ප්‍රශ්න ලිහාගනිමින් අපි වැඩේට හොදට සූදානම් වුණා.

    *ලංකාව සංස්කෘතිය කියන කාරණය එක්ක තදින් බැඳී ඉන්න රටක්.ඉතින් සකුරා ගීතයේ තිබෙන සිප ගැනීමේ දර්ශනය කරන්න කැමති වීම ඔබට අභියෝගයක් උනේ නැද්ද ?

    ඇත්තටම මම එවැනි දර්ශනයක් කැමරාවක් ඉදිරියේ නිරූපණය කරපු පළමු වතාව.මීට පෙර වේදිකා නාට්‍යවලදි කරල තියෙනවා.ඒ නිසා මම ඒක අභියෝගයක් විදිහට දැක්කෙ නෑ.කැමරාවක් ඉදිරියේ කරන පළමු වතාව නිසා තිගැස්මක් තිබුණ විතරයි.මම චරිත සහ අධ්‍යක්‍ෂක සචී එක්ක ඒ ගැන ගොඩාක් කතා කරල අපිට ඒ දර්ශනය මොන ලෙවල් එකකින්ද මිනිස්සු ඉස්සරහට ගෙනියන්න ඕනි කියන එක ගැන හරියටම ක්ලියර් කරගත්තා.අපි හැමෝගෙම අදහස උනේ මීට පෙර අපි ලංකාවේ මියුසික් වීඩියෝස් වලින් දැකල තිබුණ සිප ගැනීමේ දර්ශන ගාන්ට වැටෙන්නෙ නැතුව මේ කතාව ඇතුළෙ ඉන්න චරිත දෙක එකිනෙකාට ඉතා ගැඹුරින් බැදිල ඉන්න බව මිනිස්සුන්ට දැනෙන විදියේ දර්ශනයක් අවශ්‍ය බව.උඩින් පල්ලෙන් අතගාලා වීව්ස් වැඩි කරගන්න බලාගෙන බොරුවට කරන්නන් වාලෙ කරද්දී තමයි මිනිස්සුන්ගෙ නින්දා අපහාස විදින්න වෙන්නේ.ඒත් අපිට ඕනි උනේ හොද නිර්මාණයක් කරන්න.ඉතින් අපි ඒ ගැන ඉතාම විවෘතව කතා කරල හැමදේම පැහැදිලි කරගත්තා.ශ්‍යාම් අයියාත් එහෙමයි.මම කොහොමත් සංස්කෘතිය බදාගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි.පෞද්ගලික ජීවිතේ දී
    මම මගේ සීමාවන් දැනගෙන බොහොම පරිස්සමෙන් ජීවත් වෙන කෙනෙක්.ඒත් රංගනයෙදි මට වාරණ නෑ.මගෙන් නිර්මාණයට අවශ්‍ය මොකක්ද මම ඒ දේ උපරිමෙන්ම කරනවා.මම මේ විෂය ඉගෙන ගත්තේ ඒකට.මම විශ්වාස කරනවා විවිධ සීමා වාරණ දාගෙන තමන් නියැළෙන වෘත්තීය ඒ විදියට කරන්න බැරි නම් ඒ වෘත්තීයට අගෞරව නොකර නවත්තල වෙන වැඩක් බලාගන්න එකයි හොද.අපි මේ තරම් විදේශීය නිර්මාණ එක්ක බැදිල ඉන්නෙ ඒ නළු නිළියො තමන්ගෙ වෘත්තීයට සියයට සියයක් අවංක වෙලා වැඩ කරන නිසයි.එහෙම කරද්දීයි නිර්මාණයක් සාර්ථක වෙන්නෙ.හැබැයි මම එවැනි දර්ශනයකට දායක වෙන්නේ නිර්මාණයට එහි අදාළත්වය ගැන ඉතාම හොදින් දැනුවත් වෙලා සියපාරක් විතර හිතලා මට කම්ෆටබල් නම් විතරයි.ඒ නිසා කවුරුහරි හිතනව නම් මම මේ ගීතයේ සිපගැනීමේ දර්ශනයකට රංගනයෙන් දායක වූ නිසා ඕනෑම නිර්මාණයකට එම දායකත්වය ලබාදෙයි කියල ඒක වැරදියි.සහ ඇත්තටම මට මේ වනතුරු ඒ දර්ශනය ගැන අපහාසාත්මකව කතා කරනව ඇහුණේ නෑ.ඒ කියන්නෙ අපේ උත්සාහය සාර්ථකයි කියන එක.

    -Copied from a interview with Kasuni-

    meki aththatama tholak daanawa neda
    ------ Post added on Jan 29, 2021 at 3:41 PM
     
    • Like
    Reactions: hodakolla

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    5' 4" ක් උස වෙන්න බෑ මෙයා එච්චර උසක් නෑනෙ.