කහවත්තේ ඝාතකයෝ තාමත් නිදැල්ලේ

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
කහවත්තේ ඝාතකයෝ තාමත් නිදැල්ලේ

girl.jpg
කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ කිසිවකු තවමත් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය පවසයි. මෙලෙස අභිරහස්‌ ලෙස ඝාතනයට ලක්‌ව සිටින මව සහ දියණියගේ ඝාතන පිළිබඳ සෙවීම සඳහා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස්‌ මත රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම්ද යොදවා ඇති අතර ප්‍රදේශයේ ආරක්‍ෂාවද තරකර තිෙබනවා.
ඝාතන පිළිබඳ සෑම අංශයකින්ම පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන අතර සිද්ධිය පිළිබඳ කිසියම් තොරතුරක්‌ වෙතොත් පොලිසියට දන්වන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මියගොස්‌ සිටින හතළිස්‌ හතර හැවිරිදි පී. ජී. නයනා නිල්මිණී සහ දහඅට හැවිරිදි කාවින්ද්‍යා චතුරංගනී දියණියගේ අවසන් කටයුතු කහවත්තේදී ඊයේ (05 වැනිදා) සිදුකෙරිණි. මෙම අවස්‌ථාවට විශාල පිරිසක්‌ සහභාගි වුනා.උපුටා ගත්තේ .... http://www.aluthnews.com/