කහවත්තේ භූතයා අත්අඩංගුවට

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කහවත්තේ භූතයා අත්අඩංගුවට

    කහවත්තේ භූතයා අත්අඩංගුවට

    STF.jpg

    කාලයක් තිස්සේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ජනතාව බියට පත්කරමින් වියපත් කාන්තාවන් දූෂණය කර ඝාතනය කළ මිනීමරුවා ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. රහස් පොලිසිය සහ STF කණ්ඩායම් කිහිපයක් එක්ව දින ගණනාවක් තිස්සේ සිදුකළ සූක්ෂ්ම මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවැසීය.

    තවද මොහු ඝාතනයට යොදාගත් පිහියද සොයාගෙන තිබේ. මෙම වසරේ මීට පෙර සිදුවූ මිනී මැරුම් දෙකකටම සැකකරු සම්බන්ධ බව හෙළි වී තිබේ. ඔහු එම ඝාතන සිදුකළ ආකාරය පිළිබඳ මේ වනවිට පාපොච්චාරණය කර ඇත. සැකකරු කහවත්ත ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි. ඔහු ඝාතනයට ලක්වූ එක් කාන්තාවකගේ ඥාතියෙකි. දෙදහස් අටේ (2008) සිට සිදුවූ මෙවැනි ඝාතන තුනකට සම්බන්ධ සැකකරුවකු මීට පෙර අත්අඩංගුවටගෙන තිබිණි.

    ඔහු මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවෙයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ අනෙක් සැකකරු අතර සම්බන්ධයක් තිබේද යන්නත් ඝාතනයට ලක්වූ ඉතිරි කාන්තාවන් දෙදෙනාගේ ඝාතනයන් සිදුවූයේ මොවුන් දෙදෙනා විසින් ද යන්න සොයා ගැනීමට පරීක්ෂණ සිදුකෙරේ. සැකකරු ඊයේ (7) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    .

    Last edited:

    funyboyy

    Member
    Jun 22, 2011
    396
    163
    0
    nugegoda
    කහවත්තේ සැකකරුගෙන් පාපොච්චාරණයක්

    අසහනය හේතුවෙන් තමන් වියපත් කාන්තාවන් ඝාතනය කළ බව කහවත්ත ප්‍රදේශය භීතියට පත් කළ ප්‍රධාන සැකකරු අපරාධ පරික‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශ කර තිඛෙනවා. ප්‍රදේශයේ කාන්තාවන් සිව් දෙනෙකු තමන් ඝාතනය කළ බවයි ඔහු සදහන් කර ඇත්තේ. ඒ සදහා භාවිත කළ අවි ආයුධද ඇති බව සැකකරු ප්‍රකාශ කර තිඛෙනවා. එම ආයුධද සොයා ගැණුනා. කහවත්ත ප්‍රදේශයේ වියපත් කාන්තාවන් 7 දෙනෙකු පසුගිය කාලයේදි ඝාතනයට ලක් වුණා. ඉන් පසු එම ප්‍රදේශයේ ඇති වූයේ නොසන්සුන්කාරී වාතාවරණයක්. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව කහවත්ත නගරයේදී උද්ඝෝෂණ ව්‍යාපාරවලද නිරත වුණා. ප්‍රදේශයේ සාමය ආරක‍ෂා කිරීම සදහා පොලීසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවීමටයි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා තීරණය කළේ. කෙසේවෙතත් මේ වනවිට කහවත්ත නගරය අවට ප්‍රදේශවල සාමකාමී වාතාවරණයක් දක්නට ලැඛෙනවා.

    me gana thawa wisthara ona nam mama balapu site ekak thiyanawa
    payalin balanna puluwan

    http://www.nethfm.com/site/Confession_from_Kahawatta_main_suspect-1--836.html
     
    • Like
    Reactions: SLBlackKnight

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Aparade okawa ethanama wedi thiyala danda thibbe
    Ape police monawa unath oya wage ewa allanda dakshai. Pitaratakanan 20-25 maruwama thamai adala kenawa allanda puluwan wenne.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අසහනය හේතුවෙන් තමන් වියපත් කාන්තාවන් ඝාතනය කළ බව කහවත්ත ප්‍රදේශය භීතියට පත් කළ ප්‍රධාන සැකකරු අපරාධ පරික‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශ කර තිඛෙනවා. ප්‍රදේශයේ කාන්තාවන් සිව් දෙනෙකු තමන් ඝාතනය කළ බවයි ඔහු සදහන් කර ඇත්තේ. ඒ සදහා භාවිත කළ අවි ආයුධද ඇති බව සැකකරු ප්‍රකාශ කර තිඛෙනවා. එම ආයුධද සොයා ගැණුනා. කහවත්ත ප්‍රදේශයේ වියපත් කාන්තාවන් 7 දෙනෙකු පසුගිය කාලයේදි ඝාතනයට ලක් වුණා. ඉන් පසු එම ප්‍රදේශයේ ඇති වූයේ නොසන්සුන්කාරී වාතාවරණයක්. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව කහවත්ත නගරයේදී උද්ඝෝෂණ ව්‍යාපාරවලද නිරත වුණා. ප්‍රදේශයේ සාමය ආරක‍ෂා කිරීම සදහා පොලීසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවීමටයි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා තීරණය කළේ. කෙසේවෙතත් මේ වනවිට කහවත්ත නගරය අවට ප්‍රදේශවල සාමකාමී වාතාවරණයක් දක්නට ලැඛෙනවා.

    me gana thawa wisthara ona nam mama balapu site ekak thiyanawa
    payalin balanna puluwan

    http://www.nethfm.com/site/Confession_from_Kahawatta_main_suspect-1--836.html

    ela thanks machan++