කහවත්තේ භූතයා අත්අඩංගුවට
කහවත්තේ භූතයා අත්අඩංගුවට

කාලයක් තිස්සේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ජනතාව බියට පත්කරමින් වියපත් කාන්තාවන් දූෂණය කර ඝාතනය කළ මිනීමරුවා ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. රහස් පොලිසිය සහ STF කණ්ඩායම් කිහිපයක් එක්ව දින ගණනාවක් තිස්සේ සිදුකළ සූක්ෂ්ම මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවැසීය.
තවද මොහු ඝාතනයට යොදාගත් පිහියද සොයාගෙන තිබේ. මෙම වසරේ මීට පෙර සිදුවූ මිනී මැරුම් දෙකකටම සැකකරු සම්බන්ධ බව හෙළි වී තිබේ. ඔහු එම ඝාතන සිදුකළ ආකාරය පිළිබඳ මේ වනවිට පාපොච්චාරණය කර ඇත. සැකකරු කහවත්ත ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි. ඔහු ඝාතනයට ලක්වූ එක් කාන්තාවකගේ ඥාතියෙකි. දෙදහස් අටේ (2008) සිට සිදුවූ මෙවැනි ඝාතන තුනකට සම්බන්ධ සැකකරුවකු මීට පෙර අත්අඩංගුවටගෙන තිබිණි.
ඔහු මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවෙයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ අනෙක් සැකකරු අතර සම්බන්ධයක් තිබේද යන්නත් ඝාතනයට ලක්වූ ඉතිරි කාන්තාවන් දෙදෙනාගේ ඝාතනයන් සිදුවූයේ මොවුන් දෙදෙනා විසින් ද යන්න සොයා ගැනීමට පරීක්ෂණ සිදුකෙරේ. සැකකරු ඊයේ (7) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
.

Last edited: