කහවත්තේ මිනිස්සු

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    කහවත්තේ මිනිස්සු

    කහවත්තේ මිනිස්සුන්ට මුන් 3 දෙන මරාගන්න බැරි උනේ ඇයි? :confused:

    62.jpg


    59.jpg


    58.jpg
     

    MCSD

    Member
    Jun 3, 2010
    1,683
    285
    0
    Munta gal gahala ban maranna tibune...

    62.jpg


    muge hati balapankooo... kudukarayek vagene...
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    Munta gal gahala ban maranna tibune...

    62.jpg


    muge hati balapankooo... kudukarayek vagene...

    අරන්චියේ හැටියට මෙතන කුඩු කෙස් එකක් තමි තියෙන්නේ
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    පිස්සු පුසා;12267040 said:
    මුන්ට කවදාවත් හරි හමන් දඬුවමක් ලැබෙයි කියල මටනම් විශ්වාසයක් නැහැ :(:no::no::no:

    aniwaryenma mun mokak hari nithi tarkayak genath masa deka thunakin nidahas wewi.. :angry::angry::angry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අර ගෑණි මීණි මැරුම් ස්ථානයේදී රූප රාමු රූප ගත කරද්දි ඒ ස්ථානයට ඇවිත් බොරුවට එහෙම අඩලා තියෙනවා නේ..
    මුන් මිණි මරුවෝ මදිවට හොදට රගපාන්නත් දන්නවා නේ මචන්. :baffled:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    සිව්වතාවක්‌ම ඇල්ලූ සැකකාර යුවළ
    දේශපාලන බලපෑම් නිසා මුදාහැරලා




    කහවත්ත කොටකෙතන ද්විත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ බිරිඳ මීට පෙර සිව් වතාවකදීම විවිධ පොලිස්‌ කණ්‌ඩායම් මගින් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය වෙත එල්ල වූ දේශපාලන බලපෑම් නිසා ඔවුන් මුදාහැරීමට සිදුවූ බව විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග පවසයි. මෙම ද්විත්ව ඝාතනය සිදුවී දින 34 ක්‌ ගතවන තුරුත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේද දේශපාලන බලපෑම් දිගින් දිගටම එල්ලවූ නිසා බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

    මෙම ද්විත්ව ඝාතනය රාජු නමැති සැකකරු සිදු කළ බවට මුලසිටම සැකයක්‌ මතුවී තිබුණත් ඔහු අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නොහැකි වුයේ පොලිස්‌ නිලධාරීන් වෙත දේශපාලන බලපෑම් එල්ල වීම නිසා බවද පොලිස්‌ ආරංචිමාර්ග කියා සිටියේය.

    කහවත්ත කොටකෙතනදී මව සහ දියණිය මරා දැමීමෙන් පසු කුරුවිට පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ සහ ඇහැලියගොඩ පොලිසියට සම්බන්ධ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් රාජු නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

    ඊට අමතරව රත්නපුර භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ සහ රත්නපුර කොට්‌ඨාශ අපරාධ විමර්ශන අංශය මගින්ද මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.

    එහෙත් ඒ හැම වතාවකදීම මෙම සැකකරු මුදාහැරීමට පොලිසියට සිදු විය. පසුව රහස්‌ පොලිසිය මගින් මෙම සැකකරු සහ බිරිඳ අත්අඩංගුවට ගෙන දින ගණනාවක්‌ රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබිණි. එහෙත් ඝාතනය පිළිබඳ තොරතුරු ඔවුන්ගෙන් හෙළි කර ගැනීමට නොහැකි විය.

    අවසානයේදී සැකකාර අඹුසැමි යුවළගේ වැඩිමහල් දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ද්විත්ව ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබිණි.

    ද්විත්ව ඝාතනය සිදු කළ ප්‍රධාන සැකකරු මෙම අපරාධය සිදුවූ නිවස ආසන්නයේ සිටියදීත් දින 34 ක්‌ ගතවනතුරු ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම පිළිබඳව තමන් විමතියට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති.

    රහස්‌ පොලිසියේ කණ්‌ඩායම් 4 ක්‌ ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් 11 ක්‌ මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූවා. වෙනත් අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කරන ආකාරයට මෙම ඝාතකයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට අවස්‌ථාවක්‌ ලැබුණෙ නැහැ. ඊට හේතුව විවිධ ආකාරයේ බලපෑම් එල්ල වීම යෑයි පොලිස්‌ ආරංචිමාර්ග වැඩිදුරටත් කීය.

    මෙම කෲර ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන රාජු නමැත්තා ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි එල්. එම්. ධර්මසිරි නමැත්තාගේ බාල සොහොයුරාය.

    ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. මොහු වසර 20 කට අධික කාලයක සිට ජෝන් සෙනෙවිරත්න මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

    මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ පුත්‍රයා වැලිකඩ බන්ධනාගාර සිරකරු සුභසාධන නිලධාරියකු ලෙස රාජකාරි කරන අතරතුර මත්කුඩු ජවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට පත්විය.

    මෙම බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට ඔත්තුවක්‌ ලබා දුන්නේ නයනා නිල්මිණි (ඝාතනය ලක්‌වූ මව) මහත්මිය යෑයි සැක සිතූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිගේ සොහොයුරා ඊට පළිගැනීමක්‌ ලෙස මොවුන් කෲර අන්දමින් මරා දැමූ බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    අප ජීවත් වන්නේ මොන ජාතියේ රටකදැයි සිතෙන්නේ සිහිබුද්ධියක්‌ සහිතව මේ සිද්ධි දාමය විමසන විටය. මිනී මරන්නේ මියගිය නිවස ඉදිරිපිට ජීවත්වන උන්ය. ඉදිරිපිට නිවසේ සිටි රාජු පාදඩයෙක්‌ බව ප්‍රදේශයම දැන සිsටියේය. ඒ කාලකණ්‌නින් මේ මව සහ දියණිය සමග දැඩි වෛරයකින් පසුවන බව ගමේ මිනිස්‌සුන්ට රහසක්‌ නොවීය. සිද්ධිය වූ දා රාජුගේ හැසිරිම ගැන සාක්‌ෂිත් ඇති බව කියෑවිනි. මෙවැනි සිද්ධියක්‌ සඳහා සති හයක්‌ තිස්‌සේ පරීක්‌ෂණ කරන උන් අංගවිකල මන්දබුද්ධිකයින්ද, නොඑසේ නම් බූරුවන්දැයි රටම ප්‍රශ්න කරන්නට වූයේ ඒ පසුබිමේදීය. මේ අතර විටින්විට මේ මිනීමරුවාත් ඔහුගේ බිරිඳත් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ගත්ත පරක්‌කුවෙන් නිදහස්‌ කළේය.

    ඇත්තම කියනවානම් කහවත්ත පොලීසියට සිද්ධිය සම්බන්ධ මූලික පරීක්‌ෂණවත් නිසිලෙස කරන්නට මේ පාදඩ දේශපාලනයෙන් ඉඩක්‌ ලැබී තිබුණේ නැත. මිනී මැරුවේ කවුද යන්න කොටකෙතන ගමේ උන් දැනසිටියහ. පොලීසිය දැන සිටියේය. විටින්විට පොලීසියට මුන් අත්අඩංගුවට ගන්නට සිද්ධවූයේ හතර විලි ලැඡ්ජාවෙන් බේරීම සඳහා රටට පෙනෙන්නටය. එසේ අත්අඩංගුවට ගන්නා මේ මිනීමරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටවත් පොලීසියට ඉඩ නොලැබුණ ආකාරය ගැන මේ පරීක්‌ෂණයට සම්බන්ධ වූ පොලිස්‌ නිලධාරීන්ම විටෙක කියා සිටියේය. නියපිටින් පහරක්‌ නොගසා කළ සුමට විමසීම් වලින් හෙළි කරගත හැක්‌කක්‌ නොමැති තැන මේ අපරාධකරුවන්ගේ සුලමුල අනාවරණය කර ගැනීම සඳහා උන්ගේ අසරණ නොදරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට සිද්ධවුනේය. නොදරුවෝ බොරු නොකියති. උන්ගේ ප්‍රකාශ අනුව කළ මෙහෙයුම් වලදී බඩුත් සමග අපරාධකරුවන් කොටුවී අපරාධයේ සුලමුල ද හෙළිවූයේය.

    මේ කාලකණ්‌නි අපරාධය යළිත් අපට අප ගැනත්, අපේ රට ගැනත් තක්‌සේරුවක්‌ ලබා දේ. රටේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරු කුඩු විකුණති. හයක්‌ හතරක්‌ නොදන්නා පාසල් දරුවන් යොදාගෙන කුඩු ප්‍රවාහනය කරති. එම දේශපාලකයින්ගේ දරුවෝ තමන් සතු කුඩු තොග සමගම රටේ ආරක්‌ෂක මර්මස්‌ථාන වලදී කොටුවෙති. අවසානයේදී ඒ ජාවාරම හෙළිවීම සම්බන්ධයෙන් සැක පහළකර නින්දිත ලෙස මිනී මරති. එම මිනී මැරුම් යටපත් කිරීම සඳහා කළහැකි හැම පාදඩ වැඩක්‌ම කරති. තුට්‌ටු දෙකේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුට මෙවැනි කෙළියක්‌ කළ නොහැකි බව මොළේ කළඳක්‌වත් තිබෙනා ඕනෑම එකෙකුට තේරුම් ගත හැකිය.

    කෙසේ වෙතත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එම් ධර්මසිරි වහාම ක්‍රියාත්මක වන පරිදි තම සම්බන්ධීකරණ ලේකම් කමින් ඉවත්කළ බව ජෝන් සෙනවිරත්න කියා තිබුණේය. මෙවැනි ජාතික අපරාධ පිළිබඳ මේ මහත්වරුන්ගේ තක්‌සේරුව එතරම් සිල්ලරය. සිද්ධවී ඇති දේ ගැන තවත් කිවයුත්තක්‌ නැත. එක්‌ අතකට මේ කාලකන්ණින්ට දෙස්‌ දෙවොල් තබා පලක්‌ නොවේ. රටේ සිටිනා තරමක්‌ අපරාධකාරයින්ද කුඩුකාරයින්ද ස්‌ත්‍රී දූෂකයින්ද මේ තැන්වලට පත්වන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස නොව, මේ රටේ මිනිස්‌සුන්ගේ කැමැත්ත අනුවය.

    මේ නෙලාගන්නේ තම තමන් වැපිරූ අස්‌වැන්නේ තරමය.
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    monawa wennada ban okunta.....
    *.usawiya marana daduwama dewi !
    *.aurudu 2k wage atule idiwi
    *.kisi awwlak natuwa eliyata ewi..
    *.pitarata awrudu 2k wage idiwi !
    *.apahu mehe awith wadeta bahiwi !

     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔකුන් මරලා වැඩක් නෑ කරපු වැරදි හැමදාම මතක් වෙවී විදව විදව මැරෙන්න ඔනේ
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    කහවත්ත ඝාතනය පසුපස දේශපාලන බලවතෙක්‌!
    මහා පරිමාණ හෙරොයින් ජාවාරමකටත් සම්බන්ධයි

    හේමන්ත රන්දුණු

    කහවත්ත කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක කපා කොටා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස සිටින හෙරොයින් ජාවාරම්කාරයන් පිරිසට ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ රැකවරණය ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

    මෙම දේශපාලන බලපෑම් නිසා කහවත්තේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට යැමේදී පොලිසියට විවිධ බලපෑම් එල්ල විය. ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම බෙහෙවින් ප්‍රමාද වූයේ ද මෙම දේශපාලන බලපෑම් නිසා බව රත්නපුරයෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියේය.

    මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දේශපාලන රැකවරණය ලබමින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ සහ නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදී සිටි බවට ද තොරතුරු හෙළිදරව් වී තිබේ. පොලිසිය මෑතකදී කළ රහසිගත සමීක්‍ෂණයකින් අනාවරණය වූයේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක්‌ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට, පාතාල කණ්‌ඩායම්වලට, කප්පම් ගැනීම්වලට ඇතුළු විවිධ අපරාධ රැසකට සම්බන්ධ වූවන් බවයි.

    මෙම ප්‍රාදේශීය දේශපාලනඥයන් ප්‍රබල දේශපාලනඥයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ රැකවරණය ලබන නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇති බව ද පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

    පසුගිය කාලසීමාවේදී වාර්තා වූ අපරාධ රැසකට විවිධ ප්‍රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ වූ බවට තොරතුරු ලැබී තිබිණි. පසුගියදා ප්‍රතිවිරුද්ධ පාතාල කණ්‌ඩායමක්‌ අතින් ඝාතනයට ලක්‌වූ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ද පාතාල කණ්‌ඩායමකට සම්බන්ධ වී සිටි අයකු බව පසුව හෙළිවී තිබිණි.

    පොලිස්‌ ආරංචි මාර්ග පවසන්නේ බොහෝ අපරාධකරුවන් තම රැකවරණය සඳහා ප්‍රාදේශීය මැතිවරණවලට ඉදිරිපත්ව ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ලෙස දේශපාලනයට සම්බන්ධ වී සිටින බවයි.

    අපරාධකරුවකු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු වූ පසු ඔහුට නිතැතින්ම රැකවරණයක්‌ ලැබෙන අතර එය ප්‍රයෝජනයට ගෙන ඔවුන් විවිධ දූෂිත ජාවාරම්වල නිරත වන බව ද පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.