කහවත්තේ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    කහවත්ත බියගැන්වූ හැඩිදැඩි මිනිසා අටකලන්පන්නේ සැරිසරයි

    jason.jpg

    කහවත්ත ප්‍රදේශයේ වියපත් කාන්තාවන් බියකරමින් සැරිසැරූ බව කියන කළු හැඳගත් හැඩිදැඩි පුද්ගලයා මේ වන විට අටකලන්පන්න, මාදම්පේ , පනාවල ඇතුළු ප්‍රදේශවල ද සැරිසරන බව එම ප්‍රදේශවාසීහු පවසති.

    මෙම කළු හැඳගත් රැවුල වවා ඇති පුද්ගලයාට තරුණියන් කීපදෙනකුම බියවී සිහි නොමැතිව ඇදවැටී ඇතැයි ද වාර්තා වේ.

    කහවත්ත ප්‍රදේශයේ සිදු වූ අභිරහස්‌ වියපත් කාන්තා ඝාතන සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණ ද තවමත් කාන්තාවන් බියට පත්කිරීම් සිදුවීම ප්‍රහේලිකාවක්‌ වී ඇතැයි ද එම ප්‍රදේශවාසීන් කියති.

    මීට අමතරව පනාවල ප්‍රදේශයේ තේ දලු නෙළීමට ගිය කතුන් පිරිසක්‌ ද කළු හැඳගෙන ගමන් කරන පුද්ගලයාට බිය වී දිවගොස්‌ දිවි බේරාගෙන ඇතැයි ද වාර්තා වේ.

    මේ වන විටත් යුද හමුදාව හා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව කහවත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවක ආරක්‍ෂාව තහවුරු කර ඇතත් කාන්තාවන් බිය කරන කළු හැඳගෙන සැරිසරන මෙම කළු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි නොවීම ප්‍රදේශවාසීන්ගේ විමතියට හේතු වී තිබේ.



    Code:
    http://www.divaina.com/2011/07/16/news19.html
     
    Jul 15, 2011
    30
    2
    0
    ්ිා

    අල්ලලා තියෙන්නේ ඔරිජිනල් කලු එකා නෙවෙයි මූ තමයි ඔර්ජිනල් කලු මැදපු එකා:lol::lol: