කහවත්ත - කොටකෙතන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    කහවත්ත - කොටකෙතන

    මම දිවයින පත්තරෙන් ගත්ත කොටසක් මේ දාන්නෙ..
    උඹලගෙ අදහස් මොනාද මේගැන ? අපි ඉන්න පළාත්, ඒ අතිං වාසනාවන්තයි...

    kota1.jpg


    රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ කහවත්තේ "කොටකෙතන" වූ කලී අතීතයේ ගොවිතැනින්, පතල් කර්මාන්තයෙන් හා කුලී මලී වැඩවලින් ජීවිකාව සරිකර ගත් අහිංසක ගැමි ජනතාවක්‌ විසූ සාමකාමී සුන්දර ගම් පියසක්‌ යෑයි කීවාට වරදක්‌ නැත. මනරම් කඳු වළල්ලකින් වටව ගිය කොටකෙතන ගමේ වැඩි හරියක්‌ තිබුණේ දෙකන්නය හොඳින් වගාකළ කුඹුරුය. කඳුගැට හා උස්‌ බිම් වල තේ වගාවටද යම් ඉඩකඩක්‌ වෙන් කර ඇති බව බැලූ බැල්මටම පැහැදිලිය.

    කහවත්තේ සිට ඕපනායක හරහා බළන්ගොඩට දිවෙන මහා මාර්ගයටත් කහවත්තේ සිට මාදම්පේ හරහා ඇඹිලිපිටිය දෙසට දිවෙන මහා මාර්ගයටත් මැදිව පිහිටි කොටකෙතන ගමේ උතුරු කෙළවරින් කහවත්ත බළන්ගොඩ මහා මාර්ගයට සමාන්තරව zවේ ගඟZ පහළට ගලා බසියි. ඕපාත වතුකර කඳු වැටි වල සිට ගලා හැලෙන දිය දහරාවන්ගෙන් සුසැදි අටකලන් ඇළ හා කොටකෙතන ඇළ මේ පුංචි ගම්මානය සරුසාර කරමින් ගම මැදින් පැමිණ වේ ගඟට ගලා බසියි.

    kota2.jpg


    එවන් භූගෝලීය හා පාරිසරික පසුබිමක පිහිටි කොටකෙතන අද වන විට පවුල් 150 ක්‌ පමණ ජීවත් වන ජනාකීර්ණ ගම්මානයකි. ජනගහනය 1700 ක්‌ පමණ වෙතැයි ගණන් බලා ඇත. ඡන්ද දායකයෝම 1200 ක්‌ පමණ සිටින නිසාත් කහවත්ත නගරයට ආසන්නයේම තිබෙන ගම නිසාත් දේශපාලනඥයන්ගේ ඇල්ම බැල්මද ගමට හිඟයක්‌ නැත.

    අතීතයේ පටන් සරුසාර සශ්‍රීක සාමකාමී නිවහල් මනරම් ගම් පියසක්‌ව පැවැති කොටකෙතන ගමේ වත්මන් තත්ත්වය මේ වන විට ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ පා ඇති බව රහසක්‌ නොවේ. අද මුළු රටම කහවත්තේ කොටකෙතන ගම ගැන කී විට විමසන්නේ....අර වයසක කාන්තාවෝ කපල කොටල මරල දූෂණය කරන ගම නේද කියාය....

    මේ නිසා කොටකෙතන ගමේ අයෙක්‌ අද තමන් කොටකෙතන සිට ආ බව සමාජයේ කියන්නට අකමැතිය. සමාජයේ අයෙක්‌ අද කොටකෙතන ගමට යැමට අකමැතිය. ඒ ගමේ ගැමියෝ අද ජීවත් වන්නේ හතර අතින් තමන් වෙත එල්ල වන සමාජ අපවාද අවලාද හා සකල විධ පීඩනයන්ගෙන් සෑම අතින්ම පීඩා විඳිමිනි.

    මේ සියලු ව්‍යසනවලට හේතුවී තිබුණේ 2008 ජුලි 25 වැනිදා සිට කොටකෙතන ගම තුළ වර්ධනය වන්නට වූ කාන්තා ඝාතන සංස්‌කෘතියයි. 2008 සිට මේ වනතෙක්‌ ගතව ඇති වසර 4 කට ආසන්න කාලය තුළ මෙම ඝාතන සංස්‌කෘතියට අසු වී අවාසනාවන්ත ලෙස මියගිය ගණන 15 දෙනෙකි. ඉන් 13 ක්‌ම වයස අවුරුදු 50 ඉක්‌ම වූ වැඩිහිටි කාන්තාවන් වීම විශේෂත්වයකි. දෙදෙනෙක්‌ පමණක්‌ තරුණියෝය.

    මේ සියලුම මරණවල සමානත්වයන් ගණනාවකි. තියුණු ආයුධවලින් කපා කොටා මරා දැමීම හා මරණයෙන් පසු දූෂණයට ලක්‌ කිරීම මෙන්ම එසේ විපතට පත් සියලුම දෙනා කාටවත් කරදරයක්‌ නැති ගමේම සිටි අහිංසකයන් වීම කැපී පෙනෙයි.

    අද මේ ඝාතන රැල්ලට වගකිව යුත්තන් ලෙස සැකකරුවෝ ගණනාවක්‌ම අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වන බව නොරහසකි. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ කොතරම් අත්අඩංගුවට සැකකරුවන් අරගත්තත් ගමේ ඝාතන රැල්ල දිගින් දිගටම ක්‍රියාත්මක වීමය.... පටක්‌ පොටක්‌ බේරාගැනීමට බැරි මේ වියවුල නිසා අද කොටකෙතන ගම එකම යුධ පිටියක්‌ බවට පත්ව ඇති අයුරු බලාගන්නට අපි පසුගිය සති අන්තයේ කොටකෙතන ගමට ගොස්‌ ගම්වැසියන් හමුවුණෙමු.

    kota3.jpg


    මුල් ඝාතනවලට වගකිව යුතු සැකකරුවන් හා වරදකරුවන් අත්අඩංගුවේ සිටියත් ගමේ කාන්තාවන්ගේ මරණ බිය පහව ගොස්‌ නැත. එක්‌ ඝාතනයකට හෝ දෙකකට සම්බන්ධ වරදකරුවන් අත්අඩංගුවේ සිටියත් වෙනත් කෙනකු විසින් මේ ආකාරයටම ඝාතන රැල්ල ක්‍රියාත්මක කරමින් ඉදිරියට ගෙන යැම නිසා හෙළි නොවූ අබිරහස්‌ ගණනාවක්‌ අදද ගම තුළ ඇති බව පැහැදිලිය. ගැමියෝ සිටින්නේ විපිළිසරවය. කාන්තාවෝ අඳුර ටික ටික ගම කරා එළඹෙත්ම බියෙන් තැති ගනිති. අද ඒ ගමේ භාගයක්‌ ගෙවල්වල මිනිසුන් නැත. ගමේ කාන්තාවෝ හත් අට දෙනා අද ආරක්‍ෂාව පතා සිටින්නේ එක ගෙදරකට ගොනු වීය. මේ නිසා ගමේ මුළු ජන ජීවිතයම අවුලෙන් අවුලට පත්ව ඇති සැටි අපි දැක ගත්තෙමු.

    අද වන විට ගම්වැසියන්ගේ ඒ බිය නිවන්නට රටේ තිබෙන සියලුම ආරක්‍ෂක අංශ ඒ ගම තුළ ක්‍රියාත්මක වී ඇති අයුරු අපි දැකගත්තෙමු. ජනතාව 1700 ක්‌ පමණ සිටින ඒ ගමේ දැනට ආරක්‍ෂක අංශවල සාමාජිකයෝ 700 ක්‌ පමණ සේවයේ යෙදී සිටින බව අපි දැකගත්තෙමු. පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව, කොළඹ අපරාධ විමර්ශන ඒකකය, රහස්‌ පොලිසිය ඇතුළු නිල ලත් හමුදා බලවේග ගණනාවක්‌ ගම තුළ ක්‍රියාත්මකය.

    ඒ ගම තුළදී අපට මුලින්ම හමුවුණේ කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරියෙක්‌ ලෙස සේවය කරන කේ. පී. ධම්මික ප්‍රියන්තය. ඔහු මගේ විශ්වවිද්‍යාල මිතුරෙකි. මට පහළ වසරක ඉගෙන ගත් ඔහු මා වසර ගණනාවක සිටම හඳුනයි.

    ඔහු අපව ගමේ තැනින් තැනට රැගෙන ගියේය. විවිධ පුද්ගලයන් මුණගස්‌වා කතා කරන්නට මගපාදා දුන්නේය. ගමේ අවාසනාවන්ත ලෙස මියගිය කාන්තාවන්ගේ නිවෙස්‌වලට රැගෙන ගියේය. අද වනවිට ඒ සෑම ගෙයක්‌ම ජනශූන්‍යය. සමහර ගෙවල්වල සිටියේ හමුදාවය. නැත්නම් විශේෂ කාර්ය බළකායය. ඇතැම් ගෙවල් සාහසිකයන් විසින් ගිනිතැබූ අයුරින්ම පාලුවට ගොස්‌ ජරාවාස වී ඇත.

    මේ අපරාධ රැල්ලේ පටන් ගැන්ම මොන වගේද... මා සමග සිටි මිතුරෙක්‌ ධම්මික ප්‍රියන්තගෙන් ඇසුවේය.

    "මේක හරියට චිත්‍රපටයක කතාවක්‌ වගේ. කෙනෙක්‌ කිව්වට විශ්වාස කරන්නෙත් නැහැ. ඉස්‌සර මේ ගමේ ඉඳල තියනවා අඹුසැමි යුවළක්‌. පවුලේ එකම දරුවයි. දරුව පුංචි කාලෙ අම්ම මියගිහින්. තාත්තා ඊට පස්‌සේ වෙනත් කසාදයක්‌ කරගෙන ගමෙන් පිටව ගිහින්. මේ දරුවා හැදිලා වැඩිලා තියෙන්නේ තමන්ගේ ආච්චි අම්මා ළඟ. ඒ කාන්තාවත් කාටවත් කරදරයක්‌ නැති තනිවම ජීවත් වෙච්චි කාන්තාවක්‌. නමුත් එයා යම් යම් විෂමාචාරී වැඩ වලට ඇබ්බැහි වුණ කෙනෙක්‌. එයා මුල ඉඳලම මත්පැන් බොන්න පුරුදු වුණ කෙනෙක්‌. මේ දරුවව ඇතිදැඩි කරන අතරේ ඔහු ලොකු මහත් වුණාට පස්‌සේ ඇය ඔහුව යම් යම් විෂමාචාර වලට පුරුදු කරගෙන තියනවා. ආච්චි අම්මා කෙනෙක්‌ හැදීගෙන එන නාඹර තරුණයෙක්‌ව ලිංගික කටයුතු වලට පුරුදු කර ගන්නවා කියන එක පුදුමයක්‌ තමයි. නමුත් කසිප්පු වගේ දෙයක්‌ බොන්න පුරුදු වුණ ගමක තනිවම ජීවත්වන හුඟක්‌ කාන්තාවන් සම්බන්ධයෙන් ඒක වෙනස්‌ වෙන්න පුළුවන්.

    ඔය තරුණයා තමයි වික්‍රමාරච්චිගේ ධනපාල කියලා කියන්නේ. ඔහු ඉගෙන ගත්ත. ශිෂ්ට සමාජයට ඇතුළත් වුණ කෙනෙක්‌ නෙවෙයි.

    ඔහොම ඉන්න අතර ආච්චි අම්මා මියයනවා. ධනපාල මේ ලෝකේ තනිවෙනවා. හව්හරණක්‌ නැතිව යනවා. ඔහුගේ ලිංගික අවශ්‍යතාවන් මතු වෙනවා.

    ඒ අවශ්‍යතාවන් ඉටුකරගන්න ඔහු යනවා තම ආච්චිගේම වයසේ පසු වූ තනිව ජීවත්වන තවත් කාන්තාවක්‌ ළඟට. ඇය දෙමළ ජාතික සෙල්ලයියා මාරියායන් කියන අවු. 56 ක කාන්තාවක්‌.

    පළමු අවස්‌ථාවේ ඇය මොහුට බැනලා පන්න ගන්නවා. ඊළඟට ඔහු කරන්නේ මේ කාන්තාව ආයුධයකින් පහර දීලා මරලා තමන්ගේ අවශ්‍යතාව ඉටුකරගන්න එකයි. ඕක තමයි 2008 ජුලි 25 වැනිදා මේ ගමේ සිද්ධ වෙන පළමු අබිරහස්‌ කාන්තා මරණය.

    ධම්මිකගේ කතාව ශිෂ්ට සමාජයේ කිසිවකුට විශ්වාස කළ නොහැක්‌කකි. එහෙත් අද වන විට ධනපාල පොලිස්‌ අත්අඩංගුවේය. වූ සංගදිය ඔහු විසින් පිළිගෙන අවසන්ය. දැන් අපට එය විශ්වාස නොකර බැරිය.

    පළමු ඝාතනයට පසු දෙවැනි ඝාතනය සිදුවන්නේ 2008 නොවැම්බර් 19 වැනිදාය. ඇය 52 හැවිරිදි යූ. ආරියවතී නම් කාන්තාවකි. මෙම මරණයේ ඝාතකයා තවමත් හෙළිදරව් වී නොමැත.

    තුන්වැනි ඝාතනය සිදුවන්නේ 2010 මැයි 04 වැනිදාය. ඇය 60 හැවිරිදි බේබිනෝනා හෙවත් බබා නමැති කාන්තාවකි. සිව් වැනි ඝාතනය 2010 දෙසැම්බර් 31 වැනිදාය. ඇය හීන් මැණිකේ නම් 80 හැවිරිදි කාන්තාවක වීම මොනතරම් පුදුමයක්‌ද?

    කෙසේ වෙතත් 1, 3 හා 4 මරණ වලට සැකකරු ලෙස හසුවන්නේ සිය මිත්තනිය හා සංවාසයේ යෙදී වයෝවෘද්ධ පහසක මිහිර පතා ගිය ධනපාලය. ඔහුගෙන් පසුව මේ ඝාතන රැල්ල තව තව අය අතට පත්ව ඇත්තේ ඔහුගේ සියලු අවකෙලි ක්‍රියාකාරකම් පූර්වාදර්ශයන් ලෙස වර්ධනය කර ගනිමිනි.

    ඉන් පසුව ඕපාතගේ කරුණාවතී, හීන් මැණිකේ, ජයන්ති මැණිකේ, බණ්‌ඩාර මැණිකේ නම් කාන්තාවන් සිව් දෙනකුම 2011 වසර තුළ එම අවාසනාවන්ත ඉරණමටම ගොදුරුව මරණයට පත්වෙයි. 55 හැවිරිදි ජයන්ති මැණිකේගේ මරණයත් සමගම රට පුරා තවත් භීෂණයක්‌ නිර්මාණය වෙයි. එම භීෂණය ග්‍රීස්‌ යකාගේ භීෂණය ලෙස රටේ ව්‍යාප්ත වී ගිය අතර නැතින් තැන ග්‍රීස්‌ යක්‌කු බිහිවීමක්‌ සිදුවිය. අන්තිමේ එය කෙළවර වූයේ ග්‍රීස්‌ යක්‌කු ලෙස බිහිවූ ජීවිත 11 ක්‌ පමණ රටේ තැන තැන සාහසික ලෙස මරා දැමීම්වලින් පසුවය.

    කහවත්තේ ඝාතන රැල්ලට නව මුහුණුවරක්‌ ලැබෙන්නේ ද්විත්ව ඝාතන රැල්ල ක්‍රියාත්මක වෙමින් 2012 ජනවාරි 31 එකම පවුලේ අම්මයි දුවයි ඝාතනය වීමත් සමගය. නයනා නිල්මිණී මවත් 19 හැවිරිදි කවින්ධ්‍යා දියණියත් ඝාතනය වීමෙන් පසු කහවත්ත ඝාතන සංස්‌කෘතියට දේශපාලන කතා, කුඩු කතා හා තවත් අතුරු කතාද ඈඳෙන්නට පටන් ගනිති. සියල්ල රට පුරා විසිර ලොකු ආන්දොaලනයක්‌ පටන් ගන්නේ ඉන් පසුවයි.

    එතැන් පටන් සිදුවන්නේ ද්විත්ව ඝාතනයයි. පළමු ද්විත්ව ඝාතනයට සැකකරු ලෙස හසුවන්නේ එල්. එච්. දර්ශන හා ඔහුගේ බිරිඳය. දර්ශනගේ වැඩිමහල් සොහොයුරකු වන එල්. එච්. ධර්මසිරි හා ත්‍රීවිල් රියෑදුරකු වූ සනත් නන්දන හසුවන්නේ එම මිනීමැරීම් වලට අනුබල දීම සම්බන්ධයෙනි. එල්. එච්. ධර්මසිරි ප්‍රදේශයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ ලේකම්වරයකු වීමත් ඔහු ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වීමත් තුළ කහවත්ත ඝාතන රැල්ලට අතුරු කතා ගණනාවක්‌ම එකතු වද්දී සියලුම ඝාතනවල චෝදනා යොමු වන්නේ මේ අයිය මලෝ පිරිසටය.

    එහෙත් සියල්ලෝම මවිතයට පත් කරවමින් හා කොටකෙතන ඝාතන රැල්ල ඉදිරියට ඇදී ගියේ වගකිවයුතු යෑයි සැකකරන සියලු දෙනා පොලිස්‌ අත්අඩංගුවේ පසුවෙද්දීය.

    මේ කතා බහ අතරතුර ධම්මික ප්‍රියන්ත අපව කොටකෙතන ගම කෙළවරක වූ නිවසකටද කැඳවාගෙන ගියේය. ඒ ගෙදර කතාව පුදුමසහගතය.

    කොටකෙතන ගමේ සිදුවූ අවසාන කාන්තා ඝාතනය සිදුවූයේ 2012 ඔක්‌තෝබර් 31 වැනිදාය. ඒ වනවිට මුළු ගම පුරාම විශාල ආරක්‍ෂක ජාලයක්‌ ද ක්‍රියාත්මක වී තිබුණ බව රහසක්‌ නොවේ. එහෙත් යූ. ඩී. චන්ද්‍රාවතී නම් 66 හැවිරිදි කාන්තාව ද පෙර පරිදිම අවාසනාවන්ත ලෙස මියගොස්‌ සිටියාය.

    ඒ සමගම ගමේ ආරක්‍ෂාව තව තවත් දැඩි විය. කෙතරම් ආරක්‍ෂාව තිබුණත් ඝාතකයා ගම කෙළවරෙහි වූ තවත් ගෙදරකට පැන්නේ තවත් කාන්තා ඝාතන කීපයක්‌ කිරීමේ අභිලාෂය ඇතිවය.

    එම නිවසේ ඒ මොහොතේ අඹුසැමියෝ දෙදෙනාම සිටියහ. පී. ඩී. එන්. අමරසිරිත් කේ. එල්. දිල්හානිත් තම සිව් හැවිරිදි සිඟිති දියණිය තුරුලු කරගෙන වේලාසන නින්දට ගියේ පසුදා පාන්දරින්ම නැගිට ගමේ පන්සලේ කඨින පින්කමට සහභාගි වීමේ අරමුණ ඇතිවය. එහෙත් ඉතා සූක්‍ෂම ලෙස ඝාතකයා ඒ නිවසට ඇතුළු වී නිදියහන ළඟටම ආවේය.

    "මට එක පාරටම දැනුණා ඇඳ ළඟ කවුද හිටගෙන ඉන්නවා. මම කෑගැහුවා. මහත්තයා නැගිට්‌ටා. නැගිටින කොටම ඒ මිනිහා කඩුවකින් මහත්තයාට කෙටුවා. හොඳ වෙලාවට කඩුව ඇඳට උඩින් එල්ලා තිබුණු මදුරු දැලේ පැටලුණා. මහත්තයාගේ බෙල්ලට ගහපු කඩු පාර වැදුණේ නිකටට. මටත් කඩුවෙන් ගහනකොට මහත්තයා පැනලා ඔහුව අල්ලා ගත්තා. ඒත් අපි දෙන්නටම තුවාල නිසා ඔහුව අල්ලා ගන්න බැරි වුණා. කඩුවත් ගෙනාපු ටෝච් එකකුත් දාලා ඔහු පලා ගියා.

    දිල්හානි අමාරුවෙන් පහුගිය නොවැම්බර් 10 වැනිදා රාත්‍රියේ තමන් මුහුණදුන් බිහිසුණු අත්දැකීම විස්‌තර කළාය. නිසැකයෙන්ම මදුරු දැල නොතිබුණේ නම් සැමියා ගෙදර නොසිටියේ නම් එදා රාත්‍රියේ තමාගේත් තම දියණියගේත් නම් කොටකෙතන ඝාතන ලැයිස්‌තුවේ 16, 17 ලෙස සටහන් වන්නට ඉඩ ඇති බව ඕ කඳුළු අතරින් ප්‍රකාශ කර සිටියාය.

    මේ මගේ නංගි. මම මැදපෙරදිග ඉඳලා ළඟදියි ආවේ. අපි ඉන්නේ මේ ගෙදරට පහළින් තියෙන ගෙයි. වෙනදාට නම් නංගියි බබයි පල්ලෙහා ගෙදරට ඇවිල්ලා රෑට ඔක්‌කොම එක්‌ක නිදා ගන්නේ. එදා මහත්තයාත් හිටපු නිසා බය නැතුව උඩ ගෙදර නිදා ගත්තා. ගෙයින් උඩහට තිබෙන්නේ ඕපාත වත්තට අයිති කැලයක්‌. අපි හිතුවේ නැහැ මේ වගේ අනතුරක්‌ වෙයි කියලා. නමුත් එදා රෑ නංගිලගේ කෑගැහිල්ලට අපි ගිහින් බලනකොට මුළු ඇඟේම ලේ පෙරාගෙන මේ දෙන්නා කෑගහනවා. පුංචි දරුවා හොඳටම බයවෙලා. වහාම අපි මෙයාලව රෝහලට අරන් ගියා. පොලිසියට දැනුම් දුන්නා. ආපු අය ටෝච් එකයි කඩුවයි දාල ගිහින්. ඒවා පරීක්‍ෂණවලට හොඳ සාක්‍ෂි කියලා අපි හිතනවා. නමුත් තවමත් හෝඩුවාවක්‌ නැහැ.

    මේ අයුරින් දිල්හානිගේ සහෝදරිය වන අනෝමා ප්‍රියදර්ශනී අපට එදා වූ සිද්ධිය පැහැදිලි කළාය. නිකට ළඟට වැදුණු කඩු පහර හේතුවෙන් අමරසිරිට අපි කතා කරන්නට කරදර කළේම නැත. කුලියක්‌ මලියක්‌ කරගෙන වත්ත පිටියේ වවා ඇතිs තේ දල්ලක්‌ විකුණගෙන ජීවත්වන මේ අහිංසකයන්ට අත්වී ඇති ඉරණම දැකබලා ගෙන අපි ආපහු කොටකෙතන ගම මැදටම පැමිණියෙමු.

    මේ එන ගමනේදී අපට තවත් අපූරු පුද්ගලයන් දෙදෙනකු හමුවූයේය.

    එක්‌ අයෙක්‌ ජනක රුවන් කුමාරය, ඔහු එම ගමේ පරීක්‍ෂණ කෙරෙන ආකාරය අපට පැහැදිලි කළේ එම පරීක්‍ෂණවලදී අසාධාරණයට පත්ව ජීවිතය ගලවාගත් තරුණයකු හැටියටය.

    zzපහුගිය ජුලි 18 වුණ අම්මගෙයි දුවගෙයි මරණයට සැකකාරයෙක්‌ කරල මාව රාත්‍රි ආපු කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට ගත්තා. කොළඹ ගෙනියනවා කියලා අත් බැඳලා අරන් ගියා. ඒ ඝාතනය ගැන කිය කිය මට හොඳටම පහර දුන්නා. වරද පිළිගන්න කියලා බලකළා. මම කිසි දෙයක්‌ දන්නේ නැති දෙයක්‌ ගැන වරද පිළිගන්නේ කොහොමද? දවස්‌ ගණනක්‌ මාව ඔය විදිහට තියාගෙන සිටියා. පුදුම දුකක්‌ දුන්නා. කවුරු හරි තරහට ඔත්තුවක්‌ දුන්නාම සොයා බලන්නේ නැතුව මෙහෙම මාව අරන් ආවා. මට වරද පිළිගන්නම කිය කියා ගැහුවා. මම පතල් කම්කරුවෙක්‌. ඇඟපත නිසාම ඔරොත්තු දුන්නා. අන්තිමේ බැරිම තැන ජනක උඹ වරදක්‌ කරල නැහැ කියලා මාව එව්වා. ඒත් එදා අර ගහපු විදිහට මම වරද පිළිගත්තා නම් මට මොකද වෙන්නේ.

    මම අන්තිමේ මට වෙච්ච අසාධාරණය කියන්න ජනාධිපතිතුමා ළඟටම ගියා. ගිහින් කිව්වා මේ ගමට කොළඹින් ඇවිල්ලා පරීක්‍ෂණ පවත්වන සමහර කණ්‌ඩායම් වැඩ කරන හැටි ගැන. සී. අයි. ඩී. එක හොඳයි. එයාලා බුද්ධිමත් විදියට පරීක්‍ෂණ කරනවා. මෙයාලා එයාලා පාද ගන්නා මාර්ග ඔස්‌සේ ඉස්‌සරහට පැනලා බලෙන් උස්‌සාගෙන ගිහින් ගහලා වරද බාරගන්න කියනවා.ZZ

    ජනකත් සමගම ජනාධිපතිතුමන් හමුවන්නට ගිය තවත් පුද්ගලයෙක්‌ එතැන සිටියේය. ඔහු සෙනුජය දිසානායක නමැති බ්ලොක්‌ ගල් වැඩපළක්‌ පවත්වා ගෙන යන ගල් ව්‍යාපාරිකයෙකි. ඔහු මෙසේ කීවේය.

    මාව ගත්තේ අර අක්‌කයි නංගියි දෙන්නා මරාදාපු සිද්ධියට සැකපිට කියලයි කිව්වේ. ඝාතකයා ගෙන ගිය පිහිය මම දුන්නා කියල ඊට පෙර ඝාතන සිද්ධියට අල්ලගෙන ඉන්න නාමල් කියන පුද්ගලයා කියනවා. මම ඔහුව දන්නේ බ්ලොක්‌ ගල් ගන්න එන කෙනෙක්‌ හැටියට විතරයි. අන්තිමේ මටත් වධ දුන්නේ ඒ පිහිය කෝ කිය කියා අහමින්. මම දන්නේ නැහැ ඒ ගැන. කවුරු හරි නමක්‌ කියපු ගමන් ඒ නම තියන කෙනා උස්‌සගෙන යන තත්ත්වයක්‌ තමයි කොටකෙතන තිබුණේ. අන්තිමේ මාවත් එව්වා. මේ කේ. ඒ. ධර්මසේන මන්ත්‍රීතුමාලා නොහිටින්න මමත් ඉවරයි. මෙතුමාලා එක්‌කහු වෙලා තමයි අපිව ගත්තේ. අන්තිමේ මේ අවනඩුව ජනාධිපතිතුමාට කියන්න එතුමන්ලා අපට අවස්‌ථාව සලසලා දුන්නා. සෙනුජය අඬමින් දොඩමින් අපට පැහැදිලි කළේය.

    ඊළඟට අප සමග කතා කළේ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. ඔහු කේ. ඒ. ධර්මසේනය. ධර්මසේන මෙසේ කීවේය.

    මේ ගම හොඳ ගමක්‌ මහත්තයා. මේ ගමට නීතිය ක්‍රියාත්මක කරන පොලිසියයි මාධ්‍යයයි එකතු වෙලා මහා විනාශයක්‌ කළා. අද බලන්න අද මේ මුළු ගමම එකම යුද පිටියක්‌ වගේ. සිදුවීම්වල අගමුල සොයා ගන්න අද තියෙනවා ලොකු තරගයක්‌. කවුරුහරි කා ගැන හරි ඔත්තුවක්‌ දුන්නොත් අරගෙන ගිහිල්ලා එල්ලලා ගහල තමයි ඇත්ත යුක්‌තිය අහන්නේ. මේ තත්ත්වය නිසා නිරපරාදේ පහරදුන් එක්‌ කෙනෙක්‌ පහුගිය දිනවල වස බීල මැරුණා. මේ ජනක මල්ලිලා අසාධාරණය ජනාධිපතිතුමාට කියලා තමයි අද වගකිවයුතු අංශ එකතු වෙලා විධිමත් පරීක්‍ෂණ නොකරන අයව ගමෙන් ඉවත් කරල නිසි පරීක්‍ෂණ වලට පාර කපලා තියෙන්නේ.

    ඒත් එක්‌කම මහත්තයෝ තව දෙයක්‌ කියන්න ඕන. අපරාධකාරයෝ මේ ගමේ ඉඳලා අහුවුණා තමයි. හැබැයි මේ ගමේ ඉන්න ඔක්‌කොම අපරාධකාරයෝ නෙවෙයිනේ. නමුත් දැන් මුළු රටම අපේ ගම දිහා බලන්නේ ස්‌ත්‍රී ඝාතකයෝ, කුඩු ජාවාරම්කාරයෝ, මිනීමරුවෝ, ස්‌ත්‍රී දූෂකයෝ ඉන්න මහ විනාශකාරී ගමක්‌ විදිහටයි. මේ මතය රටේ ඇති කළේ මාධ්‍යය. අපේ ගමේ කුඩුකාරයෝ හරි කුඩු උවදුර හරි නැහැ මහත්තයෝ. අපේ ගමේ කසිප්පු උවදුර තිබුණ බව ඇත්ත. ඔය කොටකෙතන ඇළ දිගටම කසිප්පු ජාවාරම තිබුණෙ. අපරාධ හුඟක්‌ සිදුවුණෙත් ඔය ඇළ මාර්ගයට සම්බන්ධවයි. අද කසිප්පු උවදුරත් ඉවර වෙලා.

    අද මේ රටේම ගත්තත් වැඩිම ආරක්‍ෂාවක්‌ තියන ගම අපේ ගම. පළාතේ ඇමැතිතුමාලා ජනාධිපතිතුමා නිසි පියවර අරගෙන ඉවරයි. පොලිස්‌පතිතුමා පවා දෙවරක්‌ මේ ගමට ආවා. අපි මාධ්‍යයෙන් ඉල්ලන්නේ මේ තියන ප්‍රශ්න විස¹ගන්න අපට උදව් කරන්න. එහෙම නැතුව නැති ප්‍රශ්න අපට ඇති කරන්න එපා.

    දැන් ඔය එල්. එච්. ධර්මසිරිත් මේ ගමේම ජීවත් වුණ, මම ඉන්න ප්‍රාදේශීය සභාවෙම මන්ත්‍රීවරයෙක්‌. අපේම පක්‍ෂයේ. නමුත් එයා යම් වරදක්‌ කරල තියනවානම් ඒක නීතිය බලාගන්න ඕන. අවශ්‍ය යුක්‌තිය ජනතාවට ඉටුවෙන්න ඕන. අපි කියන්නේ අන්න ඒ යුක්‌තිය ඉටුවෙන්න, ඉටු කරන්න උදව් කරන්න කියලයි. ඔබතුමන්ලා කියන්න ගමේ ඉන්න ඔක්‌කොම අපරාධකාරයෝ නොවෙයි කියලා.

    කේ. ඒ. ධර්මසේන මන්ත්‍රීතුමා කීවේ ඇත්තකි. සාධාරණය කාට වුව ඉටුවිය යුතුය. වරදකරුවන්ට නිසි දඬුවම් ලැබිය යුතුය. මාධ්‍ය ඊට අවශ්‍ය සහයෝගය හා උත්තේජනය සැපයිය යුතුය. සිදුවිය යුත්තේ එයයි. එහෙත් කිවයුතු තව රැසක්‌ ඇත. මේ ඝාතන හා අපරාධ සියල්ලටම වගකිව යුත්තේ එක්‌ අයෙක්‌, දෙන්නෙක්‌ හෝ පාර්ශවයක්‌ පමණක්‌ නොවේ. අපරාධ පිටුපස පුද්ගලයන් ගණනාවක්‌ සිටින බව පැහැදිලිය. තවත් අපරාධකරුවෝ නිදැල්ලේ හැසිරෙන බවද පැහැදිලිය. කවුරුන් වුණත් ඒ අපරාධකරුවෝ නිදැල්ලේ සිටින්නේ අහිංසකයන් සිය ගණනක්‌ සිටින සාමාන්‍ය සරල සමාජයේ නිවැරැදිකරුවකුගේ වේශයෙන්ම බව අප තේරුම්ගත යුතුව ඇත. ප්‍රශ්නය ඇත්තේ එතනය.

    බුලිත ප්‍රදීප් කුමාර
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    ඔය කහවත්ත-කොටකෙතන ඒරියා එක කෑවේ මීඩියා පොන්ස්ලා බන් නැති භීෂණයක් ඇති කරලා........!:frown:

    :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය කහවත්ත-කොටකෙතන ඒරියා එක කෑවේ මීඩියා පොන්ස්ලා බන් නැති භීෂණයක් ඇති කරලා........!:frown:

    නැති භීෂණයක් කොහේද එකම ගමක අවු 4-5 ක් ඇතුලත 18 දෙනෙක් ගෑණු මරලා දාන කොට නැති භීෂණයක් වෙන්නේ කොහොමද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    නැති භීෂණයක් කොහේද එකම ගමක අවු 4-5 ක් ඇතුලත 18 දෙනෙක් ගෑණු මරලා දාන කොට නැති භීෂණයක් වෙන්නේ කොහොමද?

    ඒකනෙ බං..
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    :)
    නැති භීෂණයක් කොහේද එකම ගමක අවු 4-5 ක් ඇතුලත 18 දෙනෙක් ගෑණු මරලා දාන කොට නැති භීෂණයක් වෙන්නේ කොහොමද?
    මුල් මිනීමැරුම් දෙක සිද්ධ වෙනකොටම "කහවත්තේ භූතයා" කියන කියන ටයිට්ල් එක දැම්මේ කවුද බන්....??:frown:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    :)

    මුල් මිනීමැරුම් දෙක සිද්ධ වෙනකොටම "කහවත්තේ භූතයා" කියන කියන ටයිට්ල් එක දැම්මේ කවුද බන්....??:frown:

    :baffled:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මේ ගමේ උන් මෙච්චර තදියමේද ඉන්නේ?
    අෆ්ෆා මරලා ගහනවා කියන්නේ... මහා ජරා යක්කුනේ බන්...

    මේ ගමේ පිරිමින්ගේ පයි වලට බාර්කොඩ් ගහලා ගැනුන්න්ගේ කිබි වලට සෙන්සර් වගේ දාන්න ඕනේ..
    එතකොට ඩිටෙක්ට් වෙයිනෙ බස්සපු එකාගේ බර්කොඩ් එක
    ඊට පස්සේ අහවල් එක කපලා දාන්න තියෙන්නේ :frown:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :)

    මුල් මිනීමැරුම් දෙක සිද්ධ වෙනකොටම "කහවත්තේ භූතයා" කියන කියන ටයිට්ල් එක දැම්මේ කවුද බන්....??:frown:

    :no::no: ne bn oka awe 2012 di ne oya genu marana seen eka 2008 idan thibila
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    :eek:
    :no::no: ne bn oka awe 2012 di ne oya genu marana seen eka 2008 idan thibila
    වෙන්ඩ ඇති මචන්! නමුත්, නිකමට හිතලා බලපන්. එදා එක මන්ද බුද්ධිකයෙක් තනිකඩ ගෑණුන්ව මරලා දාලා, මිනිය ලඟ පහන් පත්තු කරලා තියලා ගියා. ඇතැම් මීඩියා හරක් මේක ප්‍රමෝට් කලේ "කහවත්තේ භූතයා" කියලා. ඊලඟට එක මිනිහෙක් තමන්ගේ වයසක අම්මාව මරලා අරූ කරපු විදිහටම මිනිය ලඟ පහනක් පත්තු කරලා තියලා ගියා. (එතකොට පලවෙනි මිනීමරුවා අරෙස්ට් කරලා නෑ.) "භූතයා" තව පොපියුලර් වුණා......!! අරුන්ගේ නිවුස් විකුණුනා හෝ ගාලා!!!
    ඔය අතරේ එකෙක් අවුරුදු 60-80 ආච්චිලාව දූෂණය කරලා මැරුවා. ඒ මිනිහ කලෙත් අරූ කරපු ටිකමයි..!!!

    මුන්ගේ එක මෝඩ අර්ථකතනයකට පින්සිද්ධ වෙන්න ගෑණු මිනිස්සු 6කට වඩා මැරුම් කෑවා......!!!
    මීඩියා උනහම මීට වඩා වගකීමක් තියෙන්න ඕනේ නැද්ද බන්.......???:no:

     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නැති භීෂණයක් කොහේද එකම ගමක අවු 4-5 ක් ඇතුලත 18 දෙනෙක් ගෑණු මරලා දාන කොට නැති භීෂණයක් වෙන්නේ කොහොමද?

    මොකද්ද බන් බීශනයක් නෑ කියන්නෙ.හැම මිනීමැරුමක්ම මීඩියා වලින් දෙක තුන කරල කියනව.ඒ උන් හම්බකරන් කන හැටි.මම නම් කියන්නෙ හරි සීරියල් කිලර් තාම අල්ලල නෑ.තඩි සයිකො කාරයෙක් ඉන්නව එහේ.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මොකද්ද බන් බීශනයක් නෑ කියන්නෙ.හැම මිනීමැරුමක්ම මීඩියා වලින් දෙක තුන කරල කියනව.ඒ උන් හම්බකරන් කන හැටි.මම නම් කියන්නෙ හරි සීරියල් කිලර් තාම අල්ලල නෑ.තඩි සයිකො කාරයෙක් ඉන්නව එහේ.
    මේකට සීරියල් කිලර් කෙනෙක් සම්බන්ධ වුනේ කොහොමද??
    :no::no: