කහවත්ත ද්විත්ව ඝාතනය

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කහවත්ත ද්විත්ව ඝාතනය

    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කහවත්තට ඊයේත් විශේෂ පොලිස් ආරක්‍ෂාව

    රත්නපුර දිසා විශේෂ නිරෝෂණ පෙරේරා

    කහවත්ත නගරයට විශේෂ පොලිස් ආරක්‍ෂාව ඊයේ (8) දිනයේදීත් යොදවා තිබුණි.

    පෙරේදා (7) දහවල් සිට රාත්‍රිය වන තෙක් පැවති කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවනු ලැබීය.

    එදින රාත්‍රී කහවත්ත නගරයේ පිහිටි ගොඩනැඟිල්ලකට ගිනි තැබීමට පිරිසක් ගත් උත්සාහය ආරක්‍ෂක අංශ විසින් වළක්වනු ලැබීය.

    කහවත්තේ ද්විත්ව ඝාතනයට විරෝධය පළකරමින් නගරයේ රැඳී සිටි කණ්ඩායම් පොලිසියට ද ගල් මුල්වලින් පහර දුන් බව කහවත්ත පොලිසියේ නිලධාරීහු කියති.

    කහවත්ත දිවිත්ව ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සහ එම සැකකරුවකුගේ සහෝදරයෙකුට අයත් නිවාස හතරක් ගිනි තැබීම්වලින් විනාශයට පත් විය. එවැනි ප්‍රකෝපකාරී ක්‍රියා නිසා ද්විත්ව ඝාතනයට අදාළ සාක්කි පවා විනාශ වීමට ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු කීවේය. කහවත්ත නගරයේ කලබල සිදුකළ කණ්ඩායම් ගැන සොයා බලන බව ද පොලිසිය කියයි. ජනතාව ප්‍රකෝප කිරීම පිටුපස කිසියම් පටු අරමුණක් තිබුණේ ද යන්න ගැනත් පරීක්‍ෂණ සිදු කෙරේ.
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කහවත්ත ද්විත්ව ඝාතනයේ සුළමුල

    :no::no:
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඝාතන සිදු කර ඇත්තේ කුඩු ජාවාරමක් සඟවන්න
    බත් පාර්සලයක මුවාවෙන් කාවින්ද්‍යා අත මත් කුඩු යවලා

    සැකකාරියකගේ පාපොච්චාරණයෙන් සියල්ල හෙළිවෙයි

    සිද්ධිය සුලමුල සෙවීමට රහස් පොලිස් කණ්ඩායම් 7ක්


    පණ්ඩුක සමරසේකර

    මහත් ආන්දෝලයක් ඇති කරමින් පසුගිය ජනවාරි 31 වෙනිදා රත්නපුර කහවත්තේ දී සිදු වූ ද්විත්ව ඝාතනය මත්කුඩු ජාවාරමක් වසන් කිරීමට කළ එකක් බවට රහස් පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
    kahawatta1.jpg
    kahawatta2.jpg


    ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රහස් පොලිසියට කළ පාපොච්චාරණයක දී මෙම තොරතුරු අනාවරණය විණි.
    ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. එච්. ධර්මසිරි මහතාගේ සොහොයුරා වන එල්. එච්. දර්ශන නොහොත් රාජු මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අතර ඔහුගේ බිරිය වන අශෝකා සහ ත්‍රිරෝද රථ රියැදුරකු වන ජේ. ඩබ්ලිව්. සනත් නන්දන යන අය ද මේ වන විට රහස් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.


    ඝාතනයට ලක්වූ කාවින්ද්‍යා (18) රත්නපුර ෆර්ගියුෂන් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරූ ශිෂ්‍යාවකි. ඇය මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන දර්ශන නොහොත් රාජුගේ නිවස අසලින් සෑම දිනකම පාසල් ගියාය. ඒ යන අතරතුරදී සැකකරු කාවින්ද්‍යාට කෑම පාර්සලයක් දුන්නේ රත්නපුර නගරයේ සිටින හිතවතකුට එය ලබා දෙන ලෙස දන්වමිනි. ඇය ද එම කාර්යය දිනපතා නොපිරිහෙලා ඉටු කළාය.

    ළඟපාතක සිටින හිතවතකු බැවින් එය කාවින්ද්‍යා එය කරදරයක් ලෙස සැලකුවේ නැත. ඒ නිසාම කාවින්ද්‍යා මේ බව තම මවටවත් කීවේ නැත.
    දිනක් පාසල් යන අතරතුරේ කාවින්ද්‍යා අසනීප විය. එදින පාසල් නොගොස් අසල්වැසියා දුන් කෑම පාර්සලය ද රැගෙන කාවින්ද්‍යා ආපසු ඬවසට පැමිණියාය. ඇය ඇඳට වැටිණි. පසුව කාවින්ද්‍යාගේ මව තම දියණියගේ පොත් බෑගයේ ඇති අමුතු පාර්සලය දුටුවාය ඇය ඒ ගැන කාවින්ද්‍යාගෙන් විමසද්දී කාවින්ද්‍යා කෑම පාර්සලයේ කතාව සිය මවට හෙළි කළාය.
    කාවින්ද්‍යාගේ මව කෑම පාර්සලය ලිහා බැලුවාය. එහි ඇත්තේ මත්කුඩු බව ඇය පසක් කර ගත්තාය.
    කාවින්ද්‍යාගේ මවට ඇතිවූයේ ඉහිලුම් නොදෙන කේන්තියකි. ඇය රාජුගේ ගෙදරට ගොස් හොඳ හැටි රාජුට බැන්නාය. අසල්වැසියාගේ හොඳ හිත එතැනින් නිමාවිය. මොවුන් ජන්මාන්තර වෛරක්කාරයන් බවට පත් විය.
    රාජු කප්පම් ගැනීම්, මිනී මැරුම් සම්බන්ධයෙන් ප්‍රදේශයේ චණ්ඩියෙකු විය. ඔහුගේ සොයුරා දේශපාලනයට සම්බන්ධ බලවතුන්ගේ ඇසුර ලැබීම ද එයට හොඳ පිටිවහලක් විය.
    මේ නිසා රාජුට එරෙහිව කිසිවකු කහවත්තේ නැඟී සිටියේ නැත. එහෙත් මෙම සිද්ධිය කොහෙන් හෝ එළිවේ යැයි රාජුට දිවා රෑ සිහිවිය. රාජු නිදි නොලබා දිවා රෑ කල්පනා කළේය. පසුව ඔහු තීරණයකට එළඹිණි. ඒ මෙම නිවසේ වෙසෙන මව සහ දියණිය ඝාතනය කිරීමය. එයට විශ්වාසවන්තම දෙදෙනකු රාජු හවුල් කර ගත්තේය. ඒ සිය බිරිය අශෝකා හා ත්‍රිරෝද රථ රියදුරකු වන සනත් නන්දනය.
    දිනය ජනවාරි 31 වැනිදාය. රාජු සිය බිරිය ද සමඟ රාත්‍රී 8.00 ට පමණ කාවින්ද්‍යාගේ නිවසට ගියේය. ඒ මන්නා පිහියක් ද රැගෙනය. කාවින්ද්‍යාගේ නිවසේ දොර ඇරවාගත් රාජු පළමුව ඉදිරියට පැමිණි කාවින්ද්‍යාගේ මවගේ හිසට මන්නා පිහි පහරක් එල්ල කළේය. ඇය කිසිදු කතාවක් නැතිව එතැනම බිම ඇද වැටුණාය. මේ සිද්ධිය දුටු කාවින්ද්‍යා විලාප නඟමින් ඉදිරියට පැමිණියාය. ඇගේ බෙල්ලට ද, වම් අතට ද මන්නා පිහි පහර දෙකක් එල්ල විය. කාවින්ද්‍යා ද ලේ විලක් මැද මවගේ නිසල සිරුර මත පතිත වූවාය.
    මවගේ නිසල දේහය නිවස තුළම තිබියදී කාවින්ද්‍යාගේ දේහය ඔසවාගත් රාජු සනත් නන්දගේ ත්‍රිරෝද රථයේ නැඟී වහා එතනින් පිටවිය.
    කිලෝමීටර් 3 ක් පමණ ත්‍රිරෝද රථයේ පැමිණි රාජු අසල වන රොදක කාවින්ද්‍යාගේ නිසල දේහය සැඟවීය.
    ඝාතනය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොතබන්නට තරම් රාජු සූක්ෂ්ම විය. මේ නිසා රහස් පොලිස් කණ්ඩායම් 07 ක් මෙම සිද්ධියේ සුලමුල සෙවීමට පුරා දින 36 ක් වෙහෙස විය. අවසානයේ ඝාතනයේ සුලමුල හෙළිකළේ රාජුගේ බිරියයි. ඇය අශෝකාය. අශෝකා රහස් පොලිසියට කළ පාපොච්චාරණයෙන් මෙම සියලු තතු හෙළිකර ගැනිණි. සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් 04 දෙනකු රහස් පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
    මෙම මෙහෙයුමේදී පොලිසිය කෙතරම් අසීරුතාවට පත් වූයේදයත් ඒ ගැන සාර්ථක තොරතුරක් සපයන්නෙකුට රුපියල් මිලියනයක ත්‍යාගයක් පිරිනමන බවට ද පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ප්‍රකාශයට පත් කර තිබුණි. කෙසේ වෙතත් තොරතුරු සපයන්නන්ගේ රහස්‍ය භාවය ආරක්‍ෂා කරන බව ද රහස් පොලිසිය නිවේදනය කර තිබුණි.