කහ පාට HEAD LIGHT ක්ලීන් කරමු.........3M

kosy1

Active member
  • Apr 19, 2008
    192
    101
    43
    කහ පාට HEAD LIGHT ක්ලීන් කරමු.........3M

    ගොඩක් වාහන හිමියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි, head light කහ පාට වීම​. මේක බොහෝ විට වෙන්නෙ headlight lens එක oxidize විම නිසා කියන එක තමයි පිලිගැනිම​.plastic headlight lens වල ඔක්සිඩයිස් උන මතුපිට තීරුව ඉවත් කිරිම මගින් යලිත් lens එක පැහැදිලි මට්ටමකට පත්කර ගන්න පුලුවන්.ඒ සදහා 3M මගින් හදුන්වා දීපු PRODUCT එකක් තමයි 3m headlight lens restoration kit.

    http://www.ebay.com/itm/3M-CAR-Head...131754?hash=item41c3a3466a:g:uZAAAOSwopRYdQf7

    m803fs.jpg


    මම මගේ වාහනේ headlight සුද්ද කරන්න යොදා ගත්තෙ උඩ තියෙන product එක​. කරපු විදිය තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයී කියලයි thread එකක් දාන්න හිතුවෙ,


    අවශ්‍ය ද්‍රව්‍ය

    zlvjuq.jpg


    headlight, low speed drill, micro fiber towel ,Tissue paperටිකක්, වතුර spray කැන් එකක්,

    හෙඩ් ලයිට් ගලවන්නෙ නැතුව කාර් එකේ තියෙද්දි වටෙට ටේප් වලින් කවර් කරගෙන වැඩෙ කරන්න පුලුවන් ,

    මුලින්ම හෙඩ් ලයිට් හොදට ක්ලින් කරගන්න​,

    කලු පාට back up pad එක drill එකට​ fit කරලා එකට gold color disc (p500)අලව ගන්න​
    .

    1g681s.jpg


    දැන් එකෙන් හෙඩ් ලයිට් sand කරගන්න,වැඩිය අත තද කරන්නෙ නැතුව ලයින් එකක් දිගේ sand කරන්න​.එකම තැන අල්ලන් හිටියොත් lense එක සවුත්තු වෙනවා.

    9u8cnk.jpg


    කහ පාට කුඩු ගිහින් සුදු පාට කුඩු එනකන් sand කරන්න.
    ඊට පස්සෙ light මේ වගෙ තියෙවි.


    333vq5u.jpg



    කහ පාට ගිහින් light සුදු වෙලානම්, හොදින් light පිහිදා ගන්න​.
    ඊලගට​ gold color disk එක ගලවලා, p800 සුදු පාට​ disc එක අලව ගන්න.


    2mw9vna.jpg


    ඉස්සෙල්ල වගෙම sand කරන්න​,ඉස්සර තිබුන rough surface එක smooth වෙනව දැක ගන්න පුලුවන්,

    wcjq5e.jpg


    හොදින් light පිහිදා ගන්න,ඊලගට​ p800r discඑක ගලවලා, p3000 trizact​ disc එක අලව ගන්න.disc එකටයි, lens එකටයි හොදට වතුර spray කරන්න​.

    2uzr061.jpg


    azihs.jpg


    ඉස්සෙල්ල වගෙම sand කරන්න.
    දැන් තරමක් polish වෙනව පෙනෙවි. වතුර ඉහ ඉහ හොදට sand කරන්න​.


    2prxr90.jpg


    දැන් orange color foam pad එක අලව ගන්න.එක මතට 3M lense polish එකෙන් ටිකක් දාල (plastic packet එකේ තියෙන්නෙ) පටන් ගන්න​. drillඑක start කරන්න කලින් pad එක lense එකෙ හොදට අතුල්ලන්න​.නැත්නම් polish හැමතැනම වීසි වෙනවා.

    2ik4ods.jpg


    දැන් lens හොදට polish වෙලා එවි.මදිනම් තව පාරක් polish කරන්න.

    2dan6s3.jpg


    දැන් light car එකට fit කරලා micro fiber towel එකෙන් හොදට පිහිදාන්න​.

    මගේ car එකේ light polish කරාට පස්සෙ ආවෙ මෙවගෙ.......

    28svna1.jpg


    මෙන්න මේ video එකේ විස්තර ඇතුව තියෙනවා..




    ...........................................
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕක toothpaste වලිනුත් clean කරන්න පුළුවන් විදියක් තියනවා නේද බන් :confused:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    mama nam owa mukuth nathuwa kare
    mulinma 2000 wali kadasaiyen hondata madda
    passe 2500n apahu madda
    anthimata braso dala tikak maddama elakiri wage awa
    wiyadama giye Rs 300 i
    shop ekaka karanna Rs.2000+ yanwa
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    mama nam owa mukuth nathuwa kare
    mulinma 2000 wali kadasaiyen hondata madda
    passe 2500n apahu madda
    anthimata braso dala tikak maddama elakiri wage awa
    wiyadama giye Rs 300 i
    shop ekaka karanna Rs.2000+ yanwa

    brasso danna epa ban plastic, paint wage ewata.. brasso wala acid gatiya wedi neda?

    car ekak tiyena eke super cut ekakui, wax ekakui tiyan hitpan ko beri nam car eka mata diyan :rofl:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දන්තාෙල්ප දාලා ෙහාදින් මදින්න. ෙවන ෙමාකුත් ඔ්න නැහැ.