කළගුණ දන්නාවූ කළගුණ සලකන්නාවූ පුද්ගලයන් ලොකයෙහි දුර්ලභය.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    යනුවෙන් දක්වා ඇත්තේ, ලෝකයේ මිනිසුන් තුළ කළ ගුණ සැලකීම කියන උතුම් ගුණය ඉතා දුර්ලභ බවයි. ඇසතු වෘක්‍ෂය බුදුරජාණන් වහන්සේට උපකාර වූයේ, ඉතා සුළු කාලයකි. සාමාන්‍ය කෙනකු සිතන්නට පුළුවන් ඒ ගස කරපු උපකාරය මොකක්ද කියලා ඇයි? මිනිසුන් ගමන් බිමන් යන විට අතරමග නතර වන්නේ හොඳට සෙවණ තිබෙන ගසක් මුල නේ? සමහර දෙනා ඒ රුක් සෙවණේ විවේකයෙන් හිඳ එතනින් යන විට මේ ගස අපට කොච්චර පිහිටක් වුණා ද කියලා හිතන්නෙවත් නැහැනේ. ගස තමාට උපකාරයක් කළා කියා සිතන්න තරම් සත්පුරුෂ ගුණයක් සමහර අයට නැහැ. සමහරු එතනින් යන්නේ ගසේ කොළ අතුත් කඩා දමා අපිරිසුදු බවට ද පත් කරමින්. එවැනි ආත්මාර්ථකාමී සමාජයක බුදුරජාණන් වහන්සේ අජීවී වෘක්‍ෂයකට කළගුණ දැක්වීමක් වශයෙන්, සතියක් පුරා ඒ ගස දෙස බලා සිට උපහාර දැක්වීම කොතරම් උත්කෘෂ්ට ක්‍රියාවක් ද?
    බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ආදර්ශයෙන් ලොවට දැනගන්නට සැලසුවේ අජීවී වෘක්‍ෂයකට මම මේ ආකාරයෙන් උපහාර දක්වනවා නම්, මනුෂ්‍යයෙක් තමාට යම් උපකාරයක් කළොත් කෙසේ නම් කළගුණ දැක්විය යුතු ද කියා ය. බුද්ධ චරිය පුරා මේ උතුම් ගුණය මනාව දකින්නට ලැබෙනවා....තෙරුවන් සරණින් පින්වත් ඔබ සුවපත් වෙත්වා
    ------ Post added on Jul 4, 2023 at 9:45 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    එක කූබියෙක් යටින් තියල බන් යන්නේ අරුන් දෙන්නා..
    උන් දෙන්නා ආයිත් එද්දී ඔතනින් බස්සන්නේ උබද. 🥴
     
    • Love
    Reactions: Candid-B