කළගුණ සැළකීම සහ සේවයේ යෙදවීම.
කළගුණ සැළකීම සහ සේවයේ යෙදවීම.
මහින්ද රාජපක්ෂ තමයි යුද්ධය දිනා ජාතිය බේරාගත්තු නායකයා. ඒ නිසා ඔහුට කළගුණ සැළකිය යුතුයි.
ඉහත දැක්වෙන්නේ මේ මැතිවරණයේදී මහින්ද පාක්ෂිකයෝ උදේ සවස මතුරණ මන්ත්රයකි.
කළ ගුණ සැළකිය යුත්තේ අපට උදවුවක් කළ අයෙකුටය. නිදසුනකට අපට ප්රවාහණය සපයන බස් රියදුරා කරන්නේ අපට උදවුවක් නොව සේවයකි. පුරවැසියන් ලෙස අපි බස් රියදුරන්ට අදාල සේවය සැපයීම වෙනුවෙන් වැටුප් ගෙවමු. එසේම අපට අදාල ප්‍රාෙද්ශීය ලේකම්ට, දිස්ත්‍රික් ලේකම්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, අමාත්‍යංශ ලේකම්ලාට, ඇමතිලාට, කතා නායකට, අගමැතිට, ජනාධිපතිටද අපි මෙලෙසම වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවමු. අප ඔවුන් පත් කර ඇත්තේ අපට උදවු කිරීමට නොව අප විසින් පිළිගෙන රට තුළ ක්රියාවේ යොදවා ඇති නීතියට අනුව අපට සේවය කිරීමටය. එබැවින් ඔවුන්ට කළගුණ සැළකීමේ ගැටලුවක් මතු වන්නේ නැත. සන්නද්ධ හමුදාවල සහ පොලීසියේ තත්වයද මෙබඳුමය. පුරවැසියන් ලෙස කිසියම් නිශ්චිත නීතිමය රාමුවක් යටතේ නිශ්චිත කාර්යයක් සඳහා අපි ඔවුන්ව පත් කර ඇති අතර ඒ සඳහා ඔවුන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවමු.
මේ ජනතා සේවකයින්ගේ කාරිය විය යුත්තේ අදාල නීතියට අනුව මහජනයාට සේවය කර තම වැටුප ලබා ගැනීම විනා තමන්ට කළගුණ සලකන්නැයි මහජනයාගෙන් ඉල්ලා සිටීම නොවේ.
එසේම නිසි පරිදි මහජනයාට සේවය නොකරන මහජන සේවකයින් ඉවත් කර එසේ සේවය කළ හැකි යැයි පිළිගත හැකි පුද්ගලයින් අදාල සේවා සඳහා පත් කර ගැනීමද රටක පුරවැසියා සතු අයිතියකි වගකීමකි. ජනවාරි 9 වෙනිදා සිදු වන්නේද එවැන්නකි.
ලංකාවේ පුරවැසියන් මීට පෙර අවස්ථා දෙකකදීම ලංකාවේ විධායක සේවාවන් ඉටු කිරීම සඳහා මහින්ද රාජපක්ෂ නැමති සේවකයා පත් කර ගත් නමුත් ඔහුට පවරණ ලද රාජකාරිවලින් බරපතලම කොටස් ඉටු කිරීම ඔහු චේතාන්විතවම මගහැර ඇති අතර ඊට අමතරව මහජන දේපල අපහරණය කිරීමද සිදු කර ඇති බව ඉතා පැහැදිලි කරුණකි. එයින්ද නොනවතින ඔහු තමන්ගේ සහාය සඳහා තමන් මෙන්ම රටේ නීතිය උල්ලංඝණය කරමින් මහජන දේපල අපහරණය කරනන්නන් රංචුවක්ම නඩත්තු කරයි. මේ නිසා ලංකාවේ පුරවැසියන් ඔහුව විශ්වාස නොකරන අතර බහුතර පුරවැසියන්ගේ අභිප්‍රාය වන්නේ ජනවාරි 9 වෙනිදාට මහින්ද රාජපක්ෂව විශ්‍රාම ගන්වා අදාල තනතුරට මෛත්‍රීපාල සිරිසේනව පත් කිරීමය.
මෛත්‍රීපාල සිරිසේනටද අදාල සේවාවන් ඉටු කිරීම වෙනුවෙන් ලංකාවේ පුරවැසියන් ප්‍රමාණවත් වැටුපක්, අදාල පහසුකම්, ඇතැම් වරප්‍රසාද මෙන්ම විශ්‍රාම වැටුපක්ද ගෙවන අතර ඔහු අදාල කාර්යයන් නිසි පරිදි ඉටු නොකරන්නේ නම් ඔහුවද විශ්‍රාම ගන්වා තවත් අයෙකු පත් කර ගැනීමටද පැකිලීමක් නැත.
ඉටුකරණ ලද වැටුප් සේවා වෙනුවෙන් කළගුණ සළකන්නට කතා කරන බහුතරයකගේ චින්තනය අයිති වන්නේ සිංහල රජකාලයටය. ඒ යුගයේදී නම් මෙවැනි බලු ගැත්තෝ අර පවිත්‍රා වන්නි ආරච්චි මහින්ද රාජපක්ෂට පසඟ පිහිටුවා වඳින්නාක් මෙන් පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස කියමින් පසඟ පිහිටුවා රජු ඉදිරියේ වැඳ වැටිණි.
මහින්ද රාජපක්ෂට කළ ගුණ සැළකීම සඳහා තුන් වෙනි වරටත් ඔහුව ලංකාවේ විධායකයට පත් කළ යුතු යැයි පවසන්නෝ මතක තබා ගත යුතු කාරණය වන්නේ මේ 21 වන සියවසේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විනා 18 වන සියවසේ මහනුවර රාජධානිය නොවන බවය.
ශ්‍යාමන් හේමකොඩි