කළගුණ සැළකීම සහ සේවයේ යෙදවීම.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කළගුණ සැළකීම සහ සේවයේ යෙදවීම.

    කළගුණ සැළකීම සහ සේවයේ යෙදවීම.

    මහින්ද රාජපක්ෂ තමයි යුද්ධය දිනා ජාතිය බේරාගත්තු නායකයා. ඒ නිසා ඔහුට කළගුණ සැළකිය යුතුයි.
    ඉහත දැක්වෙන්නේ මේ මැතිවරණයේදී මහින්ද පාක්ෂිකයෝ උදේ සවස මතුරණ මන්ත්‍රයකි.

    කළ ගුණ සැළකිය යුත්තේ අපට උදවුවක් කළ අයෙකුටය. නිදසුනකට අපට ප්‍රවාහණය සපයන බස් රියදුරා කරන්නේ අපට උදවුවක් නොව සේවයකි. පුරවැසියන් ලෙස අපි බස් රියදුරන්ට අදාල සේවය සැපයීම වෙනුවෙන් වැටුප් ගෙවමු. එසේම අපට අදාල ප්‍රාෙද්ශීය ලේකම්ට, දිස්ත්‍රික් ලේකම්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, අමාත්‍යංශ ලේකම්ලාට, ඇමතිලාට, කතා නායකට, අගමැතිට, ජනාධිපතිටද අපි මෙලෙසම වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවමු. අප ඔවුන් පත් කර ඇත්තේ අපට උදවු කිරීමට නොව අප විසින් පිළිගෙන රට තුළ ක්‍රියාවේ යොදවා ඇති නීතියට අනුව අපට සේවය කිරීමටය. එබැවින් ඔවුන්ට කළගුණ සැළකීමේ ගැටලුවක් මතු වන්නේ නැත. සන්නද්ධ හමුදාවල සහ පොලීසියේ තත්වයද මෙබඳුමය. පුරවැසියන් ලෙස කිසියම් නිශ්චිත නීතිමය රාමුවක් යටතේ නිශ්චිත කාර්යයක් සඳහා අපි ඔවුන්ව පත් කර ඇති අතර ඒ සඳහා ඔවුන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවමු.

    මේ ජනතා සේවකයින්ගේ කාරිය විය යුත්තේ අදාල නීතියට අනුව මහජනයාට සේවය කර තම වැටුප ලබා ගැනීම විනා තමන්ට කළගුණ සලකන්නැයි මහජනයාගෙන් ඉල්ලා සිටීම නොවේ.

    එසේම නිසි පරිදි මහජනයාට සේවය නොකරන මහජන සේවකයින් ඉවත් කර එසේ සේවය කළ හැකි යැයි පිළිගත හැකි පුද්ගලයින් අදාල සේවා සඳහා පත් කර ගැනීමද රටක පුරවැසියා සතු අයිතියකි වගකීමකි. ජනවාරි 9 වෙනිදා සිදු වන්නේද එවැන්නකි.

    ලංකාවේ පුරවැසියන් මීට පෙර අවස්ථා දෙකකදීම ලංකාවේ විධායක සේවාවන් ඉටු කිරීම සඳහා මහින්ද රාජපක්ෂ නැමති සේවකයා පත් කර ගත් නමුත් ඔහුට පවරණ ලද රාජකාරිවලින් බරපතලම කොටස් ඉටු කිරීම ඔහු චේතාන්විතවම මගහැර ඇති අතර ඊට අමතරව මහජන දේපල අපහරණය කිරීමද සිදු කර ඇති බව ඉතා පැහැදිලි කරුණකි. එයින්ද නොනවතින ඔහු තමන්ගේ සහාය සඳහා තමන් මෙන්ම රටේ නීතිය උල්ලංඝණය කරමින් මහජන දේපල අපහරණය කරනන්නන් රංචුවක්ම නඩත්තු කරයි. මේ නිසා ලංකාවේ පුරවැසියන් ඔහුව විශ්වාස නොකරන අතර බහුතර පුරවැසියන්ගේ අභිප්‍රාය වන්නේ ජනවාරි 9 වෙනිදාට මහින්ද රාජපක්ෂව විශ්‍රාම ගන්වා අදාල තනතුරට මෛත්‍රීපාල සිරිසේනව පත් කිරීමය.

    මෛත්‍රීපාල සිරිසේනටද අදාල සේවාවන් ඉටු කිරීම වෙනුවෙන් ලංකාවේ පුරවැසියන් ප්‍රමාණවත් වැටුපක්, අදාල පහසුකම්, ඇතැම් වරප්‍රසාද මෙන්ම විශ්‍රාම වැටුපක්ද ගෙවන අතර ඔහු අදාල කාර්යයන් නිසි පරිදි ඉටු නොකරන්නේ නම් ඔහුවද විශ්‍රාම ගන්වා තවත් අයෙකු පත් කර ගැනීමටද පැකිලීමක් නැත.

    ඉටුකරණ ලද වැටුප් සේවා වෙනුවෙන් කළගුණ සළකන්නට කතා කරන බහුතරයකගේ චින්තනය අයිති වන්නේ සිංහල රජකාලයටය. ඒ යුගයේදී නම් මෙවැනි බලු ගැත්තෝ අර පවිත්‍රා වන්නි ආරච්චි මහින්ද රාජපක්ෂට පසඟ පිහිටුවා වඳින්නාක් මෙන් පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස කියමින් පසඟ පිහිටුවා රජු ඉදිරියේ වැඳ වැටිණි.

    මහින්ද රාජපක්ෂට කළ ගුණ සැළකීම සඳහා තුන් වෙනි වරටත් ඔහුව ලංකාවේ විධායකයට පත් කළ යුතු යැයි පවසන්නෝ මතක තබා ගත යුතු කාරණය වන්නේ මේ 21 වන සියවසේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විනා 18 වන සියවසේ මහනුවර රාජධානිය නොවන බවය.

    ශ්‍යාමන් හේමකොඩි
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද රාජපක්ෂට කළ ගුණ සැළකීම සඳහා තුන් වෙනි වරටත් ඔහුව ලංකාවේ විධායකයට පත් කළ යුතු යැයි පවසන්නෝ මතක තබා ගත යුතු කාරණය වන්නේ මේ 21 වන සියවසේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විනා 18 වන සියවසේ මහනුවර රාජධානිය නොවන බවය.
     
    Dec 26, 2014
    84
    3
    0

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    කළගුණ සැළකීම සහ සේවයේ යෙදවීම මේකවත් හරියට දන්නැති ගොන්නු ටිකක් තමයි මහින්දම කියා චන්ද දායකයන් මුලාකරන්න හදන්නේ. මෙ මැතිරිල්ලෙන් සියලු වැරදි වහගන්න හදනවා,
     
    waligamaya

    Well-known member
  • අප චන්දය මගින් කරනු ලබන්නේ වක්ක්‍ර ප්‍රජත්‍රන්තවදය තුල රටේ රටට අවෂ්‍ය දේෂපලන තින්දු සහා තිරන ( දෙෂපලන ප්‍රතිසංස්කරන ) අප වෙනුවෙන් යොජනා කිරිමට සහා ක්‍රියත්මල්ක කිරිමට නියොජිතයන් පත්ක්‍රරගැනිමට මිස යම් යම් පුද්ගලයන්ට කලගුන සැලකීමට නොවේ
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    a8d7c615351807640b7bfb619f9002ae.jpg
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මහින්ද රාජපක්ෂට කළ ගුණ සැළකීම සඳහා තුන් වෙනි වරටත් ඔහුව ලංකාවේ විධායකයට පත් කළ යුතු යැයි පවසන්නෝ මතක තබා ගත යුතු කාරණය වන්නේ මේ 21 වන සියවසේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විනා 18 වන සියවසේ මහනුවර රාජධානිය නොවන බවය.

    :yes::yes:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    අප චන්දය මගින් කරනු ලබන්නේ වක්ක්‍ර ප්‍රජත්‍රන්තවදය තුල රටේ රටට අවෂ්‍ය දේෂපලන තින්දු සහා තිරන ( දෙෂපලන ප්‍රතිසංස්කරන ) අප වෙනුවෙන් යොජනා කිරිමට සහා ක්‍රියත්මල්ක කිරිමට නියොජිතයන් පත්ක්‍රරගැනිමට මිස යම් යම් පුද්ගලයන්ට කලගුන සැලකීමට නොවේ
     
    Nov 24, 2014
    789
    64
    0
    බල්ලන්ට දැන් කෙදිරි ගෑවෙනව ඇති මයිත්රීගෙ කොටි සල්ලි මාට්ටු වුන එකට. මොනා හරි දොඩෝල චන්ද දෙක තුනක් හිගාකාගන්න හදන්නෙ. පව් :P
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මහින්ද රාජපක්ෂට කළ ගුණ සැළකීම සඳහා තුන් වෙනි වරටත් ඔහුව ලංකාවේ විධායකයට පත් කළ යුතු යැයි පවසන්නෝ මතක තබා ගත යුතු කාරණය වන්නේ මේ 21 වන සියවසේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විනා 18 වන සියවසේ මහනුවර රාජධානිය නොවන බවය.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    ඔය කොච්චර , කවිරු මොනවා කිවත් මෙවෙනකොටම මහින්ද පෑරදිලා ඉවරයි
    මහින්ද දෑන් අවසාන හෝරා ටික ගෙවමින් ඉන්නෙ, කරන්ඩ තියන අන්තිම පහත් වෑඩෙත් කරමින්, මිනිහ එකෙන් තවත් අගාදෙටම්යි වටෙන්නෙ,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මහින්ද රාජපක්ෂට කළ ගුණ සැළකීම සඳහා තුන් වෙනි වරටත් ඔහුව ලංකාවේ විධායකයට පත් කළ යුතු යැයි පවසන්නෝ මතක තබා ගත යුතු කාරණය වන්නේ මේ 21 වන සියවසේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විනා 18 වන සියවසේ මහනුවර රාජධානිය නොවන බවය.
    මේ මොන හුයන්නක්ද කියන්නෙ. 18 වන සියවසේ මහනුවරදි කරපු දේ තමයි නැතව මුන් කරන්න හදන්නෙ. බටහිර ගැත්තන්ට එකතුවෙලා සිංහලය පාවා දෙන්න හදන්නෙ.ඉතිහාසය ඉගෙනගෙන කතා කරපියව්කො ගොන්නුවගේ තප්පුලන්නෙ. අපි කියන්නෙත් 1815 වගේ නැවත ලංකාව පාවා දෙන්නෙ නෑ කියන එකයි.අපි මේ පාර අපේ නායකයව ආරක්ෂා කරනවා දිවිහිමියෙන්.
     
    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    යුද්දේ දින්නට මහින්දට 2009 ඉදන් 2014 වෙනකම් රට කන්න දුන්නා ඇති කියලා කට්ටිය එකසිය ගානට කියවනවා. ඒත් එහෙම කියන එකෙක්ටවත් මතක නෑ 2009 දීත් මහින්දට ඔතනට එන්න දෙන්නේ නැතුව එලවගන්න දගලපු දැගලිල්ල. මේ ටික ලියලම දාන්න හිතුනේ මේ කියවිල්ල දැකලම එපා වෙලා.

    යුද්දේ ඉවර කරපු ගමන් රටේ ජනාදිපතිවරයාට එරෙහිව හමුදාපතිවරයාව බලයට ගේන්න එදා දැගලුවෙත් අද දගලන සෙට් එකම තමයි. අද ඒවා ඔක්කොම අමතක වෙලා අහසින් පාත් උනා වගේ කලගුණ සලකන්න මහින්දට රට භාර දුන්න වගේ කතා කිව්වට 2009 දීත් පැත්තක හිටපු මනුස්සයෙක්ව බල ලෝභයෙන් අන්ධ කරවලා ඒ මනුස්සයාගේ අනාගතේ විනාස කරලා දැම්මේ රට කොටින්ගෙන් බේරගත්ත එකට කල ගුණ සලකන්න වෙන්න ඇති. යුද්දේ දින්නට ඔය කියවන තරමට කල ගුණ සලකන්න එදත් සැදී පැහැදී හිටිය කියන මිනිස්සු එදා මොන මගුලකටද රටේ සේනාධිනායකයයි හමුදා නායකයයි කෙටෙව්වේ. එහෙමත් කරලා බැරි වෙච්ච තැන අදත් හොරකම භිෂණය දුෂණය ඒකාධිපති පාලනය වගේ ලොකු ලොකු කතාන්තර සෙට් එකක්ම කියාගෙන මහින්ද එලවන්න හින දකිනවා.

    මහින්දගේ හොරකම දුෂණය භිෂණය ගැන කතා කරන්නේ අවුරුදු එකොළහක් යුද්දේ වවාගෙන කන ගමන් රටත් කාපු ගෑනියෙක්. ආයුධ ගේනකොට එහෙන් හම්බ වෙන කොමිස් කුට්ටිය කාටවත් පේන්නේ නෑ, රටේ පොදු පහසුකම් සංවර්ධනය වෙනකොට තමයි ඉස්සර පෙනුනේ නැති දේවල් උනත් හැම එකාටම පේන්න පටන් ගන්නේ.
    එදා ගහපු කොමිස් කරපු හොරකම් කොච්චරද කියල මිනිස්සුන්ට පෙනුනේ නැත්තේ අන්න උතුරේ මිනි මරනවෝ කියලා යුද්දයක් කියල එකක් රටේම උන්ට පේන්න තිබුන නිසා. එදා කොච්චර කොමිස් ගැහුවත් හොරකම් කලත් කාටවත්ම පෙනුනේ නැත්තේ ඒකයි. අද ඉන්න නායකයන්ට එහෙම පෙන්නන්න මොකුත් නෑ. ජනතාවට පෙන්නන්න ප්‍රශ්නයක් නැති නිසා හොරකම වංචාව තමයි එක පාරටම පේන්න පටන් ගත්ත ලොකුම ප්‍රශ්නේ.

    ඕනෑම මිනිහෙක් දේශපාලනේට එන්නේ නිකම් අත පිහදාගෙන යන්න නෙවෙයි. බලයට එන්න කලින් මොන ධර්මය දේශනා කලත් බලය අතට ගත්තට පස්සේ මුලින් කියපු කතාන්තර එකක්වත් මතක නෑ, ඒක මනුස්සයෙක් උනාම ගොඩ දෙනෙකුට පොදුයි.

    ඊට පස්සේ ඒකාධිපති පාලනේ ගැන කියවන්නේ පක්ෂයේ ඉන්න ඔක්කොම ප්‍රභල නායකයෝ ටික ආණ්ඩුවට එකතු වෙනකම් උඩ බලාගෙන ඉදලා ජිවිත කාලෙටම පක්ෂ නායකත්වය තමන්ට රැක ගන්න පුළුවන් විදියට පක්ෂයේ ව්‍යවස්ථාවේ ඉදන් වෙනස් කරගත්තු එකෙක්. භිෂණය ගැන කියවන්නේ කුරුඳු පොලු හමුදාවේ ලොක්කා.
    ඒ මදිවට මේ හැම එකෙන්ම රට ගලවගන්න කියල ඉදිරිපත් වෙලා ඉන්නේ තමන් ඉදිරිපත් කරන්න හදපු සෞඛ්‍ය පනතේ වත් එක කොපියක් පරිස්සම් කරගන්න බැරි වෙච්ච මෙච්චර කාලයක් ඇමති ධුර දරාගෙන ඉදලා කරා කියන එක වැඩක් පෙන්නන්න බැරි වෙච්ච පතෝල නායකයෙක්.

    එහෙම කියනකොටත් බුකියේ කට්ටිය නම් කියන්නේ ඝෝටාභය වැඩක් කරන්න දුන්නේ නෑ. මහින්ද පවුල් පාලනයෙන් වියරු වැටිලා වගේ හිනා යන කතා සෙට් එකක් විතරයි. මොකද සිරිසේන කියන්නෙත් වැඩ බැරි මනුස්සයා උනත් කතාන්තර කියන්න පුළුවන් එකෙක්. නැත්තම් මෙලෝ වැඩක් නැතුවට අවුරුදු හතලිස් ගානක් දේශපාලනේ කරයියැ. තමන්ට වැඩක් කරගන්න ආණ්ඩුවෙන් ඉඩක් හම්බ උනේ නැත්තම් මෙච්චර කල් ඔය කියන ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා බකන් නිලාගෙන හිටියේ අහවල් බම්බුවකටද? ඒ දවස් වලම ආණ්ඩුවෙන් එලියට බැහැලා විපක්ෂයේ වාඩි වෙන්න තිබුන නේ.

    අනික මහින්දගේ කෘර පාලනය යටතේ ඇමති කෙනෙකුට එහෙමවත් වැඩක් කරගන්න දුන්නෙම නෑ කියමු. චන්ද්‍රිකාගේ කාලෙත් සිරිසේන කියන්නේ 2001 ඔක්තෝබර් ඉදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේඛම් ඒ වගේම 2004 පාර්ලිමේන්තු සභා නායක වගේම 2004 දී නව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය තුළ ගංගා නිම්න සංවර්ධන හා රජරට සංවර්ධන ඇමති. ඒත් කරපු වැඩක් නම් නෑ. එහෙම හිටපු ඒ මනුස්සයට 2007 ජනවාරි මස කැබිනට් සංශෝධනය මගින් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා සංවර්ධන ඇමති විදියට පත් කරලා නග්ගලා ගත්තෙත් මහින්ද රාජපක්ෂම තමයි. 2010 මේ සිරිසේන අප්‍රේල් මාසයේ ඉදන් රටේ සෞඛ්‍ය ඇමති විදියට හිටියත් ජනතාවට දැනෙන්න වැඩක් කරපු කෙනෙක් නෙවෙයි.

    1995 මහින්ද වෘත්තීය පුහුණු අධිකාරිය හැදුවේ ජනාධිපති වෙලා නෙවෙයි. ඒ මනුස්සයා රටේ මිනිස්සුත් එක්ක හිටිය මිනිස්සුන්ගේ ප්‍රශ්න අදුන ගත්ත කෙනෙක් වෙච්ච නිසා. එදා ඒ කරපු නිර්මාණයෙන් කාර්මික අධ්‍යාපනය ගමට ගිහින් ගමේ හිටපු තරුණ තරුණියන් රැසකට තමන්ගේම රැකියා ආරම්භ කරන්න අවස්තාව සැලසුණා කියන එක අද කාටවත් මතක නෑ. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත් කරලා ඉදිරිපත් කළත් චන්ද්‍රිකා රජය යටතේ එය ක්‍රියාත්මක උනේ නෑ.

    ඒ විතරක් නෙවෙයි කම්කරු ඇමති විදියට මහින්ද රටට අලුත් දේවල් දෙනකොට ඒ කාලෙම තමන්ට තර්ජනයක් වෙයි කියල දැනුන නිසාම චන්ද්‍රිකා කලේ මහින්දව ධිවර ඇමති බවට පත් කිරීම. වැඩක් කරපු මනුස්සයෙකුට මාළු අල්ලන්න භාර දුන්න වගෙයි කියල ඒ කාලේ මිනිස්සු කිව්වේ ඒ නිසා. ඒත් මාළු අල්ලන්න හම්බ වෙච්ච ඇමතිකමේ ඉදගෙනත් සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් එක්කම වෙරළ ආරක්ෂණ අංශයක් ඇති කරන්නත් මහින්ද රාජපක්ෂ කටයුතු කලේ ජනාධිපති විදියට නෙවෙයි.

    හොරකම දුෂණය ගැන මොන තරං කතා කිව්වත් ඔය එකක්වත් ඔප්පු කරන්න සාක්ෂි තියෙන චෝදනා නෙවෙයි. හොරා හොරා කියල කෑගැහුවට මහින්ද මෙන්න මෙතන මේ විදියට ගසාකාල තියෙනවා කියල සාක්ශි එක්ක කතා කරන්නවත් නෑ. ගිරව් වගේ මොකෙක් හරි එකෙක් කිව්ව එකක් ඔහේ කියවනවා විතරයි. දැන් රටේ කියන කතා වල හැටියට නම් පේන්නේ පාරේ වැඩ කරන මනුස්සයෙක් සිමෙන්ති කොට්ටයක් හොරෙන් අරගෙන ගෙදර ගියත් ඒකත් කරලා තියෙන්නේ මහින්ද. ජීවිතේට මොකුත්ම හොරකම් කරලා නැති මිනිස්සු වගේ මහින්දගේ දුෂිත පාලනයට එරෙහිව බනින්න ඉදිරිපත් වෙලා ඉන්නේ පාරෙන් සිමෙන්ති කොට්ටේ උස්සගෙන ගෙදර ගියපු එකා. රට තනිකරම සංවර්ධනය කරලා තියෙන්නේ චීනෙන්. ආණ්ඩුව මොකුත්ම කරලා නෑ. චීනෙන් ඇවිත් ඔක්කොම කරලා යනකම් ආණ්ඩුව ඔහේ නිදාගෙන ඉදලා.

    දැන් මෙච්චර කල් රට කන්න ආසාවෙන් ඉදලත් ඒකට චෑන්ස් එකක් හම්බ උනේ නැති සෙට් එකටත් රට කන්න චෑන්ස් එකක් හදලා දීපන් කියල නොවැ ඔය කියන්නේ. කියන්න තියෙන්නේ තව එකම එක දෙයයි. මහින්ද හොරෙක් නම් මහින්දගේ හොර රංචුවේ මෙච්චර කාලයක් එකට හිටපු හොරුන්ටත් ඒ හොරකම් වලින් අත පිහදාගෙන මම විතරක් හොද මනුස්සයා කියල කියන්න බැහැ. මොකද හොරකම වරදක් නම් ඊට අනුබල දීමත් වැරද්දක්. එකම අරමුණ මහින්ද එළවීම උනත් ලොකු හොරා පන්නලා පොඩි හොරා පත් කරගත්තා කියල වෙනසක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඊයේ සිරිකොත ඉස්සරහ වෙච්ච දේවල් වලින් ඇති කරන්න හදන යහපාලනය කොහොම එකක්ද කියල රටේ ජනතාවට ඡන්දයට කලින්ම ඔප්පු වෙලා ඉවරයි. මෙච්චර කාලයක් ඇස් කන් පියාගෙන ඉදලා එක පාරටම දුෂණයෙන් භිෂණයෙන් තොර යහපාලනයක් ගැන ගිරව් වගේ කියවන්න පටන්ගත්ත සෙට් එකේ පැටිකිරිය ගැනත් හොයලා රටේ අනාගතය කාට භාර දෙනවද කියල තීරණය කරන එක රටේ ජනතාවටම භාරයි

    සුභ අනාගතයක් මෛත්‍රී පාලනයක්

    http://ape-ambalama.blogspot.in/2014/12/blog-post_25.html
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141

    ඔප්පු කරන්න සාක්ෂි නැ ??
    paක තමා. අනුරගෙන් අහපන් සාක්ෂි. ගෝනි ගණන් දෙයි

    මහබැංකු වාර්තා අරන් කියවපන්. එතකොට වත් ඔය ගොන් මොලේට තේරෙයි ඉතින් ඕක වැඩකරනවා නම්
     
    Last edited:

    Similar threads