තම ලෙයින් ජනිත කිරිකැටියා විකුණන හෝ මරා දමන හැදුව වැඩුව දෙමාපියන් අනාථ නිවාසවල හෝ මහමඟ දමන නිවෙසේ හැදු එළදෙන කිරිටික දොවාගෙන මස් කඩයට විකුණන මිනිසුන් බහුල සමාජයක අවුරුදු 26 ක් පමණ වයසැති එළදෙන ඔත්පල වූ පසු සෙවණක් සාදා ගිනිමැලයක් දල්වා පලතුරු යුෂ හා එළවුළු සුප් සාදා පොවමින් මාස හයක පමණ කාලයක් සැප සාත්තු කරන ගුණසීලි විජේනායක මහත්මිය අපට හමුවූයේ සියඹලාගොඩදී ය.
මා යනවිට ගවයා රෙදි මත දිගාකොට ගුණසීලී මෙනවිතය තලතෙල් ගාමින් ඇඟ තවමින් සිටියා ය.
‘අපේ පවුලට මේ සතා තවත් අම්මා කෙනෙක් වුණා. අපේ ගෙදර අය කෑවේ බීවේ මේ සතාගේ කිරි. මම සියලූ වැඩ අත්හැරලා තමයි මේ සාත්තු කරන්නේ සතා මැරුණු දාක දානයක් දීලා පින්දෙන්න හතාගෙනයි ඉන්නේ’ ඇය පැවසුවා ය.