කළුතර පූජනීය බෝධීන් වහන්සේ

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,674
    850
    113
    221/B Baker Street London
    කළුතර පූජනීය බෝධීන් වහන්සේ

    කළුතර පූජනීය බෝධීන් වහන්සේ පිළිබඳ මෙම ඓතිහාසික තොරුතුරු කිහිපය ඔබ දන්නවාද?

    4659147073_d45995d49b_z.jpg


    මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320 කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ.

    සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්‍ෂි දරයි. එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි.
    564291_10151621768951934_546192598_n.jpg


    සිංහල-පෘතුගීසි පාලනය යටතේ අතීතයෙදී වෙළඳ වරායක් ලෙස කළුතර පාලනය කළ පෘතුගීසිහු කි.ව.1597 දී කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. "ජෙරනිමෝ ද අසවේදෝ" නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම පාලන කේන්ද්‍රස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය.

    එහිදී මෙම කුඩා කඳු ගැටය මුදුනේ තිබූ "ගංගාතිලකය" නම් වූ විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ඇත.මෙම බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලි ව හඳුනාගත හැකිවේ.

    කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේ ලංදෙසින් විසිනි. ඔවුන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ. ඒ අනුව කළුතර සිට කොළඹට මහා මාර්ගය ඉදිවිය.ඊට හේතු පාදක වූයේ කළුතර තිබූ වාණිජ වටිනාකමයි.

    කළුතර 1796 දී ඉංග්‍රීසීන්ට අයත් විය. 19 සියවස අගදී මෙහි පැරණි බල කොටුවේ කුඩා කඳු ගැටය මුදුනේ ඔවුන් දිසාපති නිල නිවස ඉදි කළේය.

    කළුතර බෝධියේ උඩ මළුවේ වැඩ සිටින්නේ අනුරාධපුර "ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ" ගෙන් පැන නැගුනු වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමක් බව මහා බෝධි වංශයේ සඳහන් වේ. එහි “මහා ජල්ලික”නම් ගමක් ගැන සඳහන් වන අතර එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. 16 වන සියවසේ විදේශ බල කොටුවක් බවට පත්වූ වර්තමාන උඩ මළුව තුල මෙම බෝධීන් වහන්සේ ශත වර්ෂ 5ක් පමණ කලක් විරාජමානව වැඩ වසයි.

    පහළ මළුවේ බෝධීන් වහන්සේ ක්‍රි.ව.1042ක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. ඉන්දීය සම්භවයක් ඇති “වික්‍රම පාණ්ඩ්‍යය” නම් කුමාරයා සොළීන් ගෙන් මිදීමට දකුණට පලා යන ගමනේදී මෙම බෝධි අංකුරය රෝපණය කල බව සැලකේ. ඵ් වන විටද උඩ මළුවේ ගංගාතිලක විහාරය පැවතුනු බැව් විශ්වාස කෙරේ.ක්‍රි.ව. 1377දී කළුතර තෙක් දුම්රිය මාර්ගය දිගුවීමත් සමග ඉංග්‍රිසි ජාතිකයින් මෙය කපා දැමීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ වී ඇත.

    ක්‍රි.ව. 1921 දි බලපිටියේ වංශවත් පරපුරක් නියෝජනය කල නීතීඥ “ශ්‍රීමත් සිරිල් ද සොයිසා” නම් වූ යුග පුරුෂයා කළුතර අධිකරණයේ සේවයට පැමිණීම මෙම‍ ඓතිහාසික සිද්ධස්ථානයේ වත්මන් අසිරියේ පළමු අදියර වේ. 1921 වර්ෂයේ දී තවත් දානපතියන් හා ඵක්ව පහත මළුවේ බෝධීන් වහන්සේගේ සංවර්ධනයට ඵතුමා විසින් පියවර ගෙන ඇත. 1939 වන විට පහත මළුවේ කුඩා චෛත්‍ය හා ගඟ ආසන්නයේ බුදු මැදුර තැනීම ආරම්භ කර ඇත. 1953 වන විට කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටවා ඇති අතර පසු කලෙක ඊට පහල හා උඩ මළුවේ හිමිකාරත්වය ලැබී ඇත. උඩ මළුවේ වන දැවැන්ත චෛත්‍යට මුල්ගල තබන ලද්දේ 1964 දී වන අතර, ඊට 1974 දී කොත් පැළදවා ඇත.

    මෙම සියළුම බෝධීන් වහන්සෙලාගේ නිරන්තර සෞඛ්‍ය තත්වය සොයා බැලීමට ඵ් සඳහාම විශේෂතා ඇති වෛද්‍යවරුන්ද යොදා තිබීම විශේෂත්වයකි. වර්තමානයේ එම කටයුතු සිදු කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්‍ෂ උද්භිත විද්‍යාඥ B. සුමිත්‍රාරච්චි මහතායි.

    කළුතර බෝධි පරිශ්‍රයේ නම කියවෙත්ම “නීතීඥ ශ්‍රීමත් සිරිල් ද සොයිසා” මහතාගේ නාමය අමතක කළ නොහැකියි. කළුතරට ඉමහත් සේවාවක් කළ මෙතුමාගේ සද්කාර්යන් අතර කළුතර බාලිකා විද්‍යාලය හා කළුතර විද්‍යාලය ඇරඹීම, කතරගම කිරිවෙහෙර ප්‍රතිසංස්කරණය කර අද ඇති තත්වයට පත් කිරීම, එම මාර්ගය සෑදීම, කතරගම වන්දනාවේ පැමිණෙන්නන්ට සුවිසල් විවේකාගාරයක් ඉදිකිරීම, ඇතුළු තවත් පුණ්‍යකර්ම රාශියකි. 1896-12-21 දී බලපිටියේ උපත ලැබූ එතුමා 1978-01-02 දින අභාවප්‍රාප්ත විය. එතුමාගේ පිළිරුවක් කළුතර බෝධි පරිශ්‍රයේ ඇති අතර එය 1986-02-23 දින නිරාවරණය කෙරිනි.


    62613508.jpg


    Sinhala Buddhist

    Other Threads


    නිදා ගැනීම වැදගත්ද?:shocked:
    හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!:shocked:
    ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.:P
    රසයි කුකුළු මස් වසයි කතාබස්:shocked:
    පිලිකා පිලිබඳව නවතම තොරතුරු:shocked:
    නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් :yes:
    ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා;)
    ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?:shocked:
    විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි:shocked:
    මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්:shocked:
    ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්:shocked:
    Post your EBAY FEEDBACK Ratings Here:D
    නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්;)
    චුල්ලපන්ථක මහරහතන් වහන්සේ;)
    සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ;)
    අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ;)
    මෛත්‍රී බුදුන් පහල වීම:yes:
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව:angry:
    ශුක්‍රාණු වර්ධනයට තක්කාලි:shocked:
    කොටු පනින බිරින්දෑවරු:shocked:
    ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ:shocked:
    ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා:P
    මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්:shocked:
    වෙරළේ ආදරේ මධුසමය වාහනේ:shocked:
    ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල:shocked:
    නින්දට පෙර අහු මුළු බැලිය යුතුය:shocked:
    මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් :shocked:
    Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys:shocked:
    Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී:shocked:
    ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා):shocked:
    පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#:shocked:
    Natasha Belle Images collection 1 :P2
    Pubic Hair 21+++(යූනික රෝම) :shocked:
    මගුල් කාර් ටෝක්ස්:P
    Colombo Stock Exchange (Daily Update):yes:

     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE and BRAGA