කළු අඟහරුවදා (09/05/2017 ) Today Is Black

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    කළු අඟහරුවදා (09/05/2017 ) Today Is Black

    09/05/2017 කළු අඟහරුවදා අප ලබාදෙන මෙම පණිවිඩය email හා massage කර ඔබගේ profile සහ cover images සඳහා පහත images භාවිතා කරන්න.

    09/05/2017 கருப்பு செவ்வாய், நாங்கள் தரும் இந்த தகவலை ஈமெயில் மற்றும் மெசேஜ் செய்து,உங்கள் Profile மற்றும் Cover Image களுக்கு கீழே உள்ள Images களை பாவியுங்கள்

    09/05/2017 Black Tuesday Please email and inbox the message given by us to the attached list and replace your profile and cover photos with given images



    Sri Lanka Information Technology Professionals Association

    https://www.facebook.com/slitpa/




    ගරු ජනාධිපති තුමනි/අගමැති තුමනි/ඇමති තුමනි/මැතිතුමනි,

    වෘතිකයින්ගේ යෝජනා ක්‍රියාත්මක නොකර ETCA ඇතුළු ද්විපාර්ශවික ගිවිසුම් වල කටයුතු සිදුවෙමින් පැවතීමට විරෝධය පලකිරීම

    පසු ගිය වසරේ සිට ගරු මලික් සමරවික්‍රම ඇමති වරයාගේ අමාත්‍යංශයේ මුලිකත්වයෙන් වෘත්තීකයින්ගේ සංවිධාන සමග ඇරඹු සාකච්ඡා වට තුලදී අපි අපගේ ( මේ සමග අමුණා ඇති ) යෝජනා ජනවාරියේදී ලබාදුන් අතර තවමත් ඒවා පාර්ලිමේන්තුවට එන ලකුණකුදු නොමැත. නමුත් ගරු අගමැතිවරයාගේ ඉන්දියානු සංචාරය සමග ඉන්දියානු මාධ්‍ය පළකිරීම් හා එතුමාගේ ප්‍රකාශ අනුව ජුලි මස ETCA ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සුදානමක් පවතී. එමෙන්ම ඒ හා සමගම ඉන්දියානු ගරු අගමැතිවරයාගේ වෙසක් වන්දනාව දඹුලුත් ගොස් තලගොයි මැරිමක්ද යන සාධාරණ සැකයක්ද මතුවෙමින් පවතී.

    පසුගිය සාකච්ඡා වට වලදී අපි ඔබලාගේ නිලධාරීන් වෙත පහත ගැටළු ඉදිරිපත් කළෙමු.
    ශ්‍රී ලංකා රජය සහ ඊට අයත් විවිධ පාර්ශව විසින් තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ පුහුණු වෘතිකයන්ගේ හිගයක් පවතින බව ප්‍රකශකරනුයේ කුමක් පදනම් කොටගෙනද ?
    ඉන්දියාව සමග ගිවිසුමකට අවධානය යොමු කිරීමට පෙර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රම බලකාය පිළිබඳ විධිමත් අධ්‍යනයක් සිදුකර තිබේද ?
    එවැනි අධ්‍යනයක් සඳහා යොදාගත් ක්‍රියා පටිපාටිය කවරේද ?
    එහිදී සොයාගත් කරුණු මොනවාද ?
    එම කරුණු මත පදනම්ව නිපුණතා පරතරයක් ඇතැයි නිගමනයකට එළඹුනේ කෙසේද ?
    එම සොයාගත් ප්‍රශ්න සඳහා ETCA ගිවිසුම උපකාරී වන්නේ කෙසේද ?
    යෝජිත විසඳුම සඳහා වන ඉලක්ක, ප්‍රතිලාභ සඳහා යන සිතියම සකස් සැලසුම් කොට ඇත්ද ?
    2003 වසරේදී සම්මත කර 2008 වසරේදී සංශෝධනය කල තොරතුරු තාක්ෂණ පනතට අනුව පිහිටවූ අන්තර් අමාත්‍යංශ කමිටුවේ වර්තමාන තත්වය කුමක්ද?
    ඉහත අන්තර් අමාත්‍යංශ කමිටුව දැනට ක්ර්යකාරිව පවතීද ?
    එසේ නම් එහි සාමාජිකයින් කවුද ?
    කමිටුවේ වත්මන් කටයුතු මොනවාද ?
    ඉහත තොරතුරු තාක්ෂණ පනතේ සදහන් "තොරතුරු තාක්ෂණය පිළිබද ජාතික ප්‍රතිපත්තියට" කුමක් සිදුවිද ? 2003 සිට වසර 13ක් ගතවී ඇත, 2008 සිට වසර 8ක් ගතවී ඇත.

    මෙම ප්‍රශ්න කිසිවකට පිළිතුරු දීමට ආණ්ඩුව අපොහොසත් වූ අතර සිංගප්පුරුව සමග අත්සන් තැබීමට යන ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය සම්බන්ධ ගිවිසුම පිළිබඳ අප නැගු අනෙක් ප්‍රශ්න වලටද නිරුත්තර විය.

    නිවැරදි ප්‍රතිපත්තියක්. ඉලක්කයක් නොමැතිව ඔබ ආණ්ඩුව මෙසේ අත්තනෝමතිකව ක්‍රියාත්මක නොවන්නයි අපි ඉල්ලා සිටින අතර එසේ නොවේ නම් රට වෙනුවෙන් හා අපගේ වෘත්තීයයන් වෙනුවෙන් දැඩි තීරණයකට එලැඹෙන බව මෙයින් දන්වා සිටිමු.

    එමෙන්ම අද දින මේ සිදුවන්නේ සංඛේතාත්මක විරෝධය දැක්වීමක් වන අතර ඉදිරියේදී ඔබගේ ප්‍රතිචාර මත ජාත්‍යන්තරය තෙක් විහිදුනු විරෝධයක් දක්වා මෙය වර්ධනය වනු ඇත.

    ස්තුතියි

    පිටපත්
    සියලු මාධ්‍ය ආයතන වෙත
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ඔව් මමත් ඊයෙ රෑ දන්නෙ මේ පාර හරියට වැඩේ ඕගනියිස් වෙලා නෑ වගේ