කළු මරණය

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    -------------------------------------------------------------
    මෙහි මහත්මාවරැන් නොනවතින අසැබි වචන සහිත පෝස්ටු පල කිරීම නිසා, Administrator මහතා සහ මා පැරණි ත්‍රෙඩය ඩිලීට් කිරීමට එකග වූවා. මා එම මුලු ලිපියම නැවත පොස්ටුවක් ලෙස මෙහි පල කලෙමි.
    -------------------------------------------------------------

    1347 ඔක්තෝබරයේ, ජීනෝවානු වෙලද නැව් 12ක් කළු මුහුද තරණය කරමින් පැමින, සිසිලියානු වරායක් වන මේසීනා වෙත සැපත් වූවා. එහෙත් වෙළෙන්දන් පිලිගැනීමට වරායට පැමිනි සිසිලියානුවන් දුටුවේ අනපේක්ෂිත යමකි. වෙළද නාවුකා වල සිටි බොහෝ සේලවරැවන් මියගොස් සිටි අතර, ජීවත්ව සිටියවුන් යම්කිසි උග්‍ර රෝගයකින් පෙලෙමින් සිටින බව පෙනෙන්නට තිබිනි. ඔවුන් උනෙන් පෙලෙමින් සිටි අතර, වමනය දමමින් සහ වේදනාවෙන් මුසපත්ව සිටිනු දක්නා ලදී. ඔවුන්ගේ සිරැරැ කළුවන් ගෙඩි වලින් වැසී තිබුනු අතර, ඒවායින් රැධිරය සහ සැරව ගලා ගියේය. ගෙඩි වල වර්ණය නිසා එම රෝගය කුමක් වේවා, එයට "කළු මරණය" නැමැති නම ලැබිනි.


    790.hq_v1.jpg


    images

    GettyImages-92070064-1024x650.jpg


    සිසිලියානු බලධාරීන් වහාම එම "මරණීය නෞකාවන්", වරායෙන් ඉවත් කරන ලෙස අණ දෙන ලදී. එහෙත් ඔවුන් ප්‍රමාද වී හමාරව තිබිනි. සේලරැවන්ගෙන් සිසිලියානු වරායෙහි සිටියවුන් අතරට රෝගය ක්ෂණිකව පැතිරී තිබූ අතර, එය නොනැවතෙමින් සිසිලිය හරහා චන්ඩ මාරැතයක් මෙන් හමා ගියේය. මීලග වසර පහ තුලදී මෙම අභිරහස් රෝගය සිසිලියෙන් අවට රට වලට පැතිරෙමින්, මිනිසුන් මිලියන 20 කට අධික ප්‍රමාණයකට භීතිජනක මරණයක් අත් කර දුන්නේය. මෙයින් යුරෝපයේ ජනයාගෙන් තුනෙන් එකක් මිය ගිය බව සදහන්ය.

    වර්ථමානයේ මෙම රෝගයට ඇතැම් විට භාවිතා වන නම වන්නේ බ්‍යුබොනික් රෝගය කියාය.

    --------


    තවත් ලිපි: http://paranormalzxzine.blogspot.com/2016/04/blog-post_9.html