කළු වලාවක රිදී රේඛාවක් දුටිමි
අද හිමිදිරියේ නැගිට ගේට්ටුව අසලට යන විට ප්‍රමාණයන් දෙකට කපා සකස් කරන ලද උණ පතුරු මිටි දෙකක් කවුරුන් විසින් හෝ වත්ත ඇතුලට දමා තිබිණි. මට ඇතිවූයේ විමතියකි..
නිවස ඉදිරිපිට ඇති හිතවතුන්ගේ නිවසට ගිය මම ඒ බව පැවසුවෙමි..ඔහු පැවසුවේ ඔහුගේ වත්ත තුළට ද එසේම උණ පතුරු මිටි දෙකක් දමා ඇති බවයි.
පසුව බැලූ විට අපේ නිවස ආසන්නයේ ඇති නිවාස හතළිහකට පමණ එසේ මනාව සකස් කරන ලද උණ පතුරු මිටි දමා ගොස් තිබිණි.
එපමණක් නොව එම මාවතේ ඇති නිවාස සිය ගණනකට ද එසේ උණ පතුරු මිටි දමා ඇත.
පසුව බලන විට තරුණයන් කණ්ඩායමක් එකතු වී මෙසේ උණ පතුරු සකස් කර නිවාස වලට බෙදා දී ඇත්තේ වෙසක් පොහොයට කුඩු සැකසීම සඳහාය.
සිතා බලන්න මේ කටයුත්තට එම තරුණයන් කෙතරම් මහන්සි වෙන්න ඇත් දැයි කියා.?
නිදා සිටි මිනිසුන් තර්ජනයක් එල්ල වන විට නැගී සිටී.
සමහර විට මේ සිදුවන්නේ ද එය විය හැකියි.
බෞද්ධාගම මේ රටේ ප්‍රධාන ආගම බව අතිගරු කාදිනල්තුමා පවසද්දී මංගල සමරවීර වැනි ඇමතිවරු දරන්නේ වෙනස් මතයකි.
රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන්නේ නම් ජනතාව අනුග්‍රහය ලබා දෙනු ඇත.
සමහර විට මේ සිදුවන්නේ එයයි.
වෙනදා සංගීත සංදර්ශන වලට දුවයන තරුණයන් එක් වී කැපවී මෙසේ උණ පතුරු සොයා යමින් ඒවා කපමින් සකස් කරමින් කිසිවෙකුටත් නොදන්වා තමන් තමන් කවුදැයි නො හගවමින් නිවාස සොයා යමින් ඒවා බෙදා දෙන්නේ ඒ හැඟීම නිසාය.
සමහර ඇමැතිවරු දකින්න ආකාරයට කළු වලාකුළු වල රිදී රේඛා වන්නේ ඇමරිකාවේ ණයට ලැබෙන ඩොලර් නොවේ.
බෞද්ධ සහ කතෝලිකයන් අතර ඇතිවී තිබෙන දැඩි එකමුතුවයි.
තරුණ පරම්පරාව තුළ බෞද්ධාගමට ඇතිවී ඇති දැඩි බැඳීමයි.
උපුටා ගැනිම :- Lal de Alwis

ඒ දේට කරන්ඩ පුලුවන් හොඳම දේ තමා ලස්සනට කූඩුවක් හදලා ගෙදර එල්ලන එක... 