කළු වෙරලේ රැජිණ

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    කළු වෙරලේ රැජිණ

    ‍රොබට් ඊ. හවර්ඩ් ගේ, QUEEN OF THE BLACK COAST

    "කළු වෙරලේ රැජිණ"


    9781985414730-pdpxl.jpg


    Cover



    පරිවර්ථනය: කසුන් L., a.k.a Dark_Night_of_the_Soul


    --------------------------------------------------------


    1. කොනාන් මූදු කොල්ල කරුවන් සමග එකතු වෙයි.

    "පලාශවන් මල් මුකුළු වසන්තයේදී අවදිවන බව විශ්වාස කරන්න,
    ගිම්හානය, අතු පතර අදුරු ගින්නකින් වර්ණවත් කරන බව විශ්වාස කරන්න,
    මා මගේ හදවත කිලිටි නොකරගත් බව විශ්වාස කරන්න,
    මගේ ගිනි ගත් ආශාවන් සංසිදවීමට, කිසිම මිනිසෙකු විනාශ නොකල බව විශ්වාස කරන්න."
    - බෙලීට් ගේ ගීතය

    වෙරලේ ඇති වාප්පු කරා පහලට දිවෙන මාර්ගය මත, අශ්ව කුර බෙරහඩ නගමින් දිව ගියේය. කෑගාමින් විසිර ගිය ජනයා දුටුවේ, කාලවර්ණ අශ්වයෙකු පිට නැගුනු සන්නාහ සන්නද්ධ රූපයක සේයාවක් පමනි. ඔහුගේ පුළුල් රතුවන් ප්‍රාවරණය සුළගේ පාවී ගියේය. මාර්ගයේ ඈත පිටුපසින්, ඔහු පසු පස හඹා එන්නන්ගේ කෑගෑම් සහ ගෝෂාවේ කලිකහලය නැගී ආවේය. එහෙත් අශ්වාරෝහක තැන නොවේ ආපසු හැරී බැලූයේ. හේ වාප්පු කරා වාත වේගයෙන් ඉගිලී ගියේ, හරියටම වාප්පු ගැටිය මතදී තම අශ්වයාගේ රේන්ද පටිවලින් ඇද, මූදට නොපනින ලෙස ඌ නතරකොට ගත්තේය. උසැති ඇණියක් සහිත පුළුල් බදකින් යුතු හම්බානක (ගැලී නැව), සුළගේ ලෙලදෙන වෛරම් සහිත රුවල ඉදිරියේ සිටිගෙන උන් නාවිකයින් රැල, ඔහු දෙස කටවල් අයාගෙන බලාසිටියෝය. කාලවර්ණ රැවුලකින් යුතු හැඩිදැඩි කපිතන් තැන ඇණිය මත සිටගෙන සිටියේ, බෝට්ටු හාක්කයකින් නැව ඉවුරේ ඇති දැව කණු වලින් ඈතට තල්ලු කලේය. එවිට අසරුවා තම සෑදලය මතින් දිගු පිනුමකින් පැන, ගැලියෙහි නැව් තට්ටුව මැදට දඩස් ගා පිනූ විට, ඔහු කෝපයෙන් කෑගෑමක් පිට කලේය.

    "තොට මේක උඩට අඩිය තියන්ඩ අවසර දුන්නේ මොකාද?"

    "නැව පදවාපිය!" අනාරාධිතයා බිහිසුනු අභිනයකින් යුතුව ගිගිරූ අතර, විහිදී ගිය ඔහුගේ හස්තයෙහි තිබූ පුළුල් අසිපතින් ලේ බිදු විසිවී ගියේය.

    "යකෝ අපි යන්නේ කුශ් දේශයේ වෙරළට!" කපිතන් තැන විරුද්ධත්වය පාමින් කියා සිටියේය.

    "ඒම නම් මාත් යන්නේ එහාට තමා! නැව තල්ලු කරපිය, මම තොට ආය කියන් නෑ!" හේ අසරුවන් කණ්ඩායමක් පිම්මේ දිව එන මාර්ගය වෙත ඉස ඔසවා ඉක්මන් බැල්ලමක් බැලුවේය. ඔවුන්ට ඉතා පිටුපසින්, දුනුවායින් රැළක් වෙහෙස මහන්සි සහගතව දිවගෙන එමින් සිටියෝය. ඔවුන්ගේ උරිස් මත හරස්-දුනුය.

    "තොට ගමන වෙනුවෙන් සල්ලි ගෙවන්ඩ ඇහැක්ද?" කපිතන් අණ දෙන නියායෙන් ප්‍රශ්ණ කලේය.

    "මම ගෙවන්නේ කඩුවෙන්!" සන්නාහ සන්නද්ධ මිනිසා සිංහයෙකු මෙන් ගිගිරුවේ, තම මහා අසිපත ගුවනේ කරකවමිනි. එවිට එය මත හිරු එලිය වැටී නිල් වන් දිස්නයක් පිට වී ගියේය. "ක්‍රෝම් දෙයියන් පල්ලා මිනිහෝ, උඹ නැව මූදට තල්ලු කලේ නැත්තං මම මේ ගැලිය මේකේ ඉන්න එවුන්ගේ ලේ වලින් පොගවනවා!"

    කපිතන් තැන, මිනිසෙකු දුටු විට ඔහුගේ ස්වභාවය තීරණය කිරීමේ ශූරයෙකු වූයේය. ඔහු මහත් අදිසියකින් දැඩිව ගිය අසිපත්ධාරීයාගේ කැලැල් සහිත අදුරු මුහුණ දෙස තවත් එක් වරක් බැලූයේ, නැව වෙරලේ ලී කණු වලින් ප්‍රභල වේගයකින් ඉවත තල්ලු කරන අතර, කෑගා හදිසි අනක් දුනි. ගැලිය මුහුදේ පැහැදිලි ජල තලය වෙත පාවී ගිය අතර, හබල් කරුවන් තම රිද්මයානුකූල හබල් ගෑම ඇරඹූවෝය. එවිටම ගසාගෙන ආ හදිසි සුළං පහරකින්, නලියන රුවල පිම්බී පිරී ගිය අතර, සැහැල්ලු නැව පවන හේතුවෙන් එක් පසකට ඇල වී ගියේය. ඉන්පසු එය හංසයෙකු මෙන් තම ගමන් මාර්ගය දිගේ ඇදී යන්නට වන. එය ඉදිරියට ගමන් කරත්ම, එහි වේගය වඩ වඩාත් දැඩි වන්නට වූයේය..

    මතුවට..


     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    The-Legend-Of-Conan.jpg


    ...මේ වන විට වාප්පුව මත උන් අශ්වාරෝහකයින් තම අසිපත් සොලවමින්, ඉවතට ඇදී යන නෞකාව වෙත තර්ජනාංගුලි සහ අණ කිරීම් වැසි වස්සවමින් උන්නෝය. නෞකාව ප්‍රහාරක මානයෙන් ඉවත්ව යාමට පෙර, දුනුවායින්ට වාප්පුවට හනික පැමිනෙන ලෙස ඔවුහු කෑගෑහ.

    "උං ඔහෙ කෑගැහුවාවේ" නෞකාවේ උන් අසිපත්ධාරියා දත් විරිත්තම් සිනාවක් සුනේය. "න‍ැව ඔහොම දිගටම පදවනවා හොදයි, කපිතන් තුමෝ"

    කපිතන් තැන ඇණියෙන් පහලට බැස, හබල් කරුවන් පේලි දෙක අතරින් ඇවිද එන්නට වූයේ, නැව් තට්ටුවෙහි මැදට පැමිනියේය. ආගන්තුකයා එතැන කුඹ ගසට එදිරිව සිටගෙන සිටියේය. ඔහුගේ දෑස් පරීක්ෂාකාරීව සිහින් වී ගොස් තිබුනු අතර, ඔහු තම අසිපත සූදානම්ව තබාගෙන සිටියේය. නාවිකයා ඔහු ‍දෙස තියුණුව බැලූ අතර, ඔහු තම ඉග පටියෙහි තිබූ දිගු කිරිච්චිය වෙත අත නොයවා සිටීමට ප්‍රවේශම් සහගත ලෙස වග බලාගත්තේය. ඔහු දුටුවේ ප්‍රභල ශරීරයකින් යුතු, උසැති මිනිසෙකි. ඔහු කලුවන් ලෝහ මුදු වලින් ගෙතූ උර සන්නාහයක් පැලද සිටි අතර, ඔප දමන ලද ලෝහමුවා පා අවරනද, නීලවර්ණ ලෝහයෙන් සැදූ හෙල්මටයක්ද ඇද සිටියේය. එම හෙල්මට මතින් ඔපයෙන් බැබලුම් දෙන වෘෂභ අං යුගලක් ඉහලට පැන නැගී තිබින. ලෝහයෙන් ආවරණය වූ උරිස් යුගලට පහලින්, රතුවන් ප්‍රාවරණයක් පහලට එල්ලෙමින් තිබිනි. එය මූදු සුලග වැදී පාවෙමින් සෙලවෙමින් තිබිනි. රත්‍රන් ගාංචුවකින් යුතු පුළුල් හම් බෙල්ටය මතින් ඔහුගේ පුළුල් අසිපතේ කොපුව එල්ඹිනි. අං සහිත හෙල්මටයට යටින් තිබුනේ, අතරැහැට කැපූ කාලවර්ණ කේශ කලාපයක් සහ එහි කාලවර්ණයට එදිරිව දැවි දැවී දිලිසුම් දුන් නිල් වන් දෑසකි.

    "උඹයි මමයි මේකේ එකට යනවනං," කපිතන් කීයේය. "අපි ඇණ කොටා ගන් නැතුව සාමාදානයෙන් යන එක හොදා. මගේ නම ටයිටෝ. මම අර්ගෝස් නගරයේ නැව් තොටුපල් වල, බලපත්‍ර සහිත කපිතන් කෙනෙක්. මම යන්නේ කූශ් දේශයට, පබළු සහ සේද රෙදි සහ සීනි සහ ලෝකඩ මිටි සහිත අසිපත් විකුණන්ට. ඒහේ ඉන්න කළු රජවරුන්ට. ඒ වෙනුවට ඔවුන් මට ඇත් දල, කොප්පර, තඹ ලෝපස්, වහල්ලු සහ මුතු ලබා දෙනවා."

    අසිපත්ධාරියා දැන් වේගයෙන් ඈතට යන වරාය දෙස ඉක්මන් බැල්මක් හෙළූවේය. එහි තවමත් අර මිනිසුන් රැළ අසරණව අතපය වීසි කරමින් කෑගාමින් පසුවුනහ. පැහැදිලිවම ඔවුන්ට මෙම අධිවේගී ගැලිය කෙරෙහි ලගා වීමට සුදුසු බෝට්ටුවක් තවමත් සම්භ වී නැති බව පෙනී ගියේය.

    "මම කොනාන්, සිමේරියානුවෙක්" අසිපත්කරු පිළිතුරු දුනි. "මම අර්ගෝසයට ආවේ රැකියාවක් හොයාගෙනයි. ඒත් මෙහේ යුද්ධ කල කෝලාහලයක් නැති නිසා, මට මෙහේ කරන්න වැඩක් නැතුව ගියා."

    "අර මුරකාර සෙබළු ඔහේ පස්සෙන් එලෙව්වේ මොකෑ?" ටයිටෝ අසා සිටියේය. "ඒත් ඒක දැනගන්න එක මගේ අහවල් රාජකාරියක් නෙමේ. ඒත් මම හිතුවේ, බාගවිට.."

    "මට හංගන්ඩ දෙයක් නෑ" සිමේරියානුවා කීයේය. "ක්‍රොම් දෙයියන් පල්ලා, මම උඹලා වගේ ශිෂ්ඨාචාර සම්පන්න මිනිස්සුත් එක්ක සෑහෙන කාලයක් ජීවත් වෙලා තියෙනවා, ඒත් මට තාමත් උඔලාගේ සම්ප්‍රදායවල් තේරුං ගන්ඩ බෑ."

    "ඊයේ රාත්තිරියේ තැබෑරුම් පොලේදී, රජ්ජුරුවංගේ නායක මුරකාර සෙබලා තරුණ සොල්දාදුවෙකුගේ කෙල්ලට අඩංතේට්ටං කොරන්ඩ හැදුවා. ඉතිං ස්වාභාවිකවම, සොල්දාදුවා නායක මුරකාරයා එක්ක හැප්පුනා. ඒත් කෙහෙම්මල් නීතිකයට අනුව, මුරකාරයෙක් මරන්ඩ තහනං. ඉතිං අර කොල්ලයි කෙල්ලයි පැනලා ගියා. ඒ අස්සේ කටකතාවක් පැතිරෙන්ඩ උනයි කියහංකෝ, මම උං එක්ක ඉන්නවා දැක්කයි කියලා. ඉතිං මුං අද මාව උසාවියට ඇදගෙන ගියා. ණඩුකාරයා මගෙන් අහනවා කොල්ලා කොහේ ගියාද කියලා. මම කීවා, මං උගෙ යාළුවෙක් හන්දා, මට ඌව පාවලා දෙන්ඩ බෑයි කියලා. ඒක අහලා මුළු උසාවියම නොරොක් උනා. ණඩුකාරයා කියවන්ඩ පටන්ගත්තා, මට මේ රටයි සමාජෙයි වෙනුවෙන් තියන වගකීමුයි, තවත් මොනාද මට තේ‍රුන් නැති පල් හෑලි වගේකුයි. ඒ කියලා, මිනිහා ආය මගෙන් අහනවා, කොල්ලා කොහේ ගියාද කියලා. මේ වෙලාව එනකොට මටත් යකා නැගලා හිටියේ. මොකෑ මං මගේ ස්ථාවරේ උංට කීවා නෙව."..

    --
    මතුවට..
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ..."ඒත් මම මගේ කෝපය යට කරගෙන සද්ද නැතුව හිටියා. එතකොට බේං ණඩුකාරයා මරහඩ දෙනවා, මම උසාවියට අපහාස කොලැයි කියාලා. ඌ කියනවා, මම අර කොල්ලාව පාවලා දෙනකං මාව හිරේට දාන්ඩ ඕනලු දිරලා මැරෙන්ඩ. ඉතිං මට තේරුනා මුං ඔක්කොටොම ඔල්මොරොන්දං කියලා. ඒ හන්දා මම කඩුව අරං ණඩුකාරයගේ ඔළුව දෙකට පැළුවා. ඊළගට මම කපාගෙන කොටාගෙන උසාවියෙන් එලියට එනකොට, අහලක බැදලා හිටපු ඉහල කොස්තාපල්ගේ අස්සයාව දැක්කා. මම ඌ පිට නැගලා වාප්පුවට පැද්දා, වෙන රටකට යන නැවක් ඇතියි කියලා හිතාගෙන."

    "හ්ම්" ටයිටෝ බරපතල ලෙස කීයේය. "ඔය පාහර උසාවිය මටත් අනන්තවත් ඕම ඒවා කොරලා තියනවා. මං වගේ පෝසත් වෙලෙන්දංව උන්ට පෙන්ඩ බෑ. අර වරායට මට ආය ගියොත්, උං මගෙන් ප්‍රශ්ණ කරාවි. ඒත් මට පුළුවනි මං ක්‍රියා කලේ ඔහේ මට තර්ජනය කරපු හන්දා කියලා කියන්ඩ. උඔ උඹේ කඩුව පාතට දාගනින්. අපි සමාදානයෙන් වෙලදාම් කරන වෙලෙන්දෝ. අපට උඔ එක්ක තරහක් නෑ. අනික, උඹ වගේ හටන්කාරයෙක් නැවේ ඉන්න එකත් හොදා. යමු පිටිපස්සේ නැව් තට්ටුවට, ගිහිං පත ඒල් ජෝග්ගුවක් බොමු."

    "හහ්. හොදමයි ඒනං" සිමේරියානුවා කීවේ තම අසිපත කොපුවට ලමිනි.

    ආගුස් කුඩා නමුත් ශක්තිමත් නැවක් වූයේය. සිzන්ගාරා සහ ආගොස් සහ උතුරු බඩ වෙරළ අතර නිතර සංචාරයේ යෙදෙන සියුළු නැව් එසේ විය. ඒවා වෙරලවල් දිගේ ගමන් කල අතර, වෙරළෙන් දුර ඈතට ගමන් කලේම නැති තරම්ය. මෙම නැවෙහි අවරය උස් එකක් වූ අතර, හැඩැතිව නැවී ගිය ඇණියද උස් වූවේය. එහි බද පුළුල් එකක් වූ අතර, එහි ඇණිය සහ අවරය අතර නැව් තට්ටුව අලංකාර ලෙස වක්‍ර වෙලාය. නැව යන මග හැසිරවුනේ නැව් අවරයෙනි. එයට වේගය ලැබුනේ ප්‍රධාන කොටම එහි තිබූ පට නූලෙන් තැනූ වෛරම් සහිත පුළුල් රුවලකිනි. නැවෙහි ඉදිරියේ තිබූ ත්‍රිකෝනාකාර රුවල් ප්‍රධාන රුවලට සහය ලබා දුන්නේය.

    (අද ලියන්නෙ ලැබුනේ මෙපමනයි..)
    මතුවට..
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    frank-frazetta-kane-on-the-golden-sea_1977.jpg


    ..හබල් භාවිතා කෙරුනේ මූදු කලපු සහ මූදු බොකු මහහරවාගෙන යාමට සහ සුළං ප්‍රවාහය අඩු අවස්ථාවලදී නැව පැදවීමටය. නැවේ එක් පැත්තක හබල්කරුවෝ දහයක් උන්හ. කුඩා මධ්‍යම-ඩෙක්කුවේ ඉදිරියෙන් පස් දෙනෙක් සහ පසුපසින් පස්දෙනෙක්. නැවෙහි තිබූ වටිනාම බඩු භාණ්ඩ ගබඩා කොට තිබුනේ ඩෙක්කුවේ මෙම කොටසෙහි සහ ඉදිරි ඩෙක්කුව යටය. මිනිසුන් නින්දට ගියේ ඩෙක්කුව මත හෝ හබල් කරුවන්ගේ බංකු අතරය. කාලගුණය අහිතකර වේලාවලදී බේරී සිටීමට අඹරාවන් හෙවත් උඩු වියන් බැදලාය. ඒ අනුව, හබල් කරුවන් විසි දෙනාගෙන්ද, තවත් සේලරුවන් තිදෙනෙක්ගෙන්ද, කපිතන් ගෙන්ද, නැවෙහි නාවික පිරිස සම්පූර්ණ වූයේය.

    මෙසේ ආගොස් නෞකාව දකුණු දිශාව බලා ස්ථිර සහ ඒකාකාරී ගමනකින් සාගරය තරණය කලේය. පැහැදිලි කාලගුණය නොවෙනස්ව පැවතිනි. දිනෙන් දින සූර්ය්‍යයා නොනැවතී වඩ වඩාත් වර්ධනය වන රශ්මියකින් යුතුව නැවට පහර දුන්නේය. මෙහෙයින් අඹරාවන් ඉවත් කරන ලදී. වෛරම් සහිත පට රෙදි වලින් නිමවූ ඒවා, නලියන ප්‍රධාන රුවලටද, නැවේ ඉදිරි භාගයේ සහ ඔරුකහ (ganwale) දිගේ ඇති රත්‍රනින් වැඩ දමා බබලන රටාවන්ටද ගැලපුනේ, තරුණ ස්ත්‍රියකගේ දෑස් වල පැහැයට ඇගේ ඇගළුම් වල පැහැය ගැලපෙන්නාක් සේය.

    මතුවට..
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    main-qimg-029bca0e9833a3d1005d805e5a00da44.webp

    .. අවසානයේදී ඔවුන්ට ශෙම් දේශයේ වෙරළ දර්ශණය වන්නට විය. වෙරළ දිගට දිවගියේ තණබිම් ය. නගරයන්ගේ ශ්වේතවන් උස් අටලු ඊට ඈතින් ඉහල නැගිලාය. නිල්-කළුවන් රැවුළු වලින් සහ උල් නාස් වලින් යුතු අශ්වාරෝහකයින් වෙරල මත තම අශ්වයින් පිට නැගී, ගැලී නැව දෙස සැකමුසු බැලුම් හෙළුෑහ. එහෙත් ගැලිය එතැන නැවතුනේ නැත. මන්දයත් ශෙම් පුත්‍රයින් සමග ගණුදෙනු කිරීමෙන් වැඩි ලාභයක් නොලැබෙන හෙයිනි.

    කපිතන් ටයිටෝ, ස්ටයික්ස් ගංගාව තම යෝධ ජල කද සාගරයට හිස් කර දැමූ පුළුල් කලපුවට නෞකාව ගෙන ආවේද නැත. නීලවර්ණ ජල කද එදිරිකොටගෙන, කෙමියේ දැවැන්ත කාලවර්ණ-මාලිගය ඈතින් ආකාශයට පැන නැගී තිබිනි. නැව් අවසරයකින් තොරව මෙම වරායේ නැංගුරම් ලෑවේ නැත. එහි, අදුරු මන්ත්‍රධාරීන් තම බියකරු මන්ත්‍ර ජල්පනය කලෝය. රුධිරය තැවරුනු අල්තාරයන් මත බාවා සිටි නිරුවත් කාන්තාවන්ගේ කෑ ගෑම්ද, බලිකර්ම සහ යාගහෝම ආදියෙන් නැගුනු නොනවතින සහ නොපැහැදිලි දුමාරයන්ද එම මන්ත්‍රධාරීන් වටා දග කැවුනේය. එමෙන්ම එහි එම දැවැන්ත සහ ඉපැරණි සර්පයාද ලැග උන්නේය. ඌ හයිබෝරියානුවන්ගේ අධිපති-යක්ෂ්‍යයා වූ අතර, එහෙත් ස්ටයිජියානුවන්ගේ දේවතාවා වූයේය. කථාන්තර වලට අනුව, ඌ තම වන්දනාකරුවන් වටා තම දිලිසුම් දෙන ඇඹරෙන දගර ශරීරය ඔතා දැමීමට පුරුදුව සිටියේය.

    කපිතන් ටයිටෝ පුළුල් වටයක් ගසා, එම ස්වප්නරූපී, තණින් හෙවී ගිය මූදු බොක්කට ලං වූයේය. එවිට අටළුවක් පිටුපසින් ගොන්ඩෝලා බෝට්ටුවක් මතු වී ආ අතර, එය මූද වෙත ඊතලයක වේගයෙන් ඇදෙන්නට විය. අර ගූඪ නිරුවත් ගැහැනුන් නැගිට, කාමාචර ඉරියවු පාමීන්, ගැලියේ සේලරුවන්ට අමතන්නට වූවෝය. ඔවුන්ගේ රක්තවර්ණ කේෂකලාපයන්හි යෝධ රතුවන් මල් ගසලාය.



    ...
     
    Last edited:
    • Like
    Reactions: Vitaski119