කළොත් මෙන්න ලොකු පිංකමක්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කළොත් මෙන්න ලොකු පිංකමක්

    කළොත් මෙන්න ලොකු පිංකමක්

    තම මව පියා හා මල්ලි රැක බලා ගැනිමේ අරමුණින් මහනුවර දොඩම්වල මහ සෙංකඩගල අඳ-බිහිරි විදුහලෙන් අධ්‍යාපනය ලබන දීකිරි මඩවල තීක්ෂණ මාලිංග උපතින්ම දැස් ආබාධිතව මෙළොව එළිය දුටුවේය.
    අධ්‍යාපනයට වගේම සංගිතයට වඩාත් කැමැත්තක් දක්වන තික්ෂණ තවම වයස අවුරුදු (8) ක දැස් නොපෙනෙන 4 වන ශ්‍රේණියේ බේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරයි.
    තික්ෂණගේ එකම අරමුණ අධ්‍යාපනයෙන් ඉහලට ගොස් තම පියා මව හා මල්ලී රැක බලා ගැනිමයි.
    නමුත් තික්ෂණගේ මෙම බලාපොරොත්තුව මුදුන් පත් කර දීමේ අභියෝගය ඹහුගේ දෙමාපියන්ට මහත් ගැටළුවකි.
    තික්ෂණගේ පියා ක‍්‍රියාන්විතයේදි ආබාධිත විශ‍්‍රාමික හමුදා සෙබළෙකි.
    1992-12-10 වැනි දින ශ‍්‍රි ලංකා යුද හමුදාවට එක්වි අම්පාර සටන් පුහුණු පාසලෙන් මුලික පුහුනුව ලබා ඉන් පසු 8 වැනි ගැමුණු හේවා බල ඇණියට ඇතුළත්ව එවකට පැවති යුද සමයේදී සැම ක‍්‍රියාන්විතයකදී ජය සිකුරු ක‍්‍රියාන්විතයේදී ඕලුමඩුවේදී කොටි මෝටාර් ප‍්‍රහාරයකින් හිසට සහ වම් අතට තුවාල විමත් සමගම මහුගේ එක් කකුලක්ද අප‍්‍රාණික විය.
    ඉන් පසු ඹහු විශ‍්‍රම අතර රැකවරනයට කාගෙන්වත් පිලිසරණක් නොමැති කම නිසා ඔහුට අනුකම්පාවෙන් ඡවිතයට අත් වැලක් වන්නට යුවතියක් එක් විය.
    2007-02-08 දින පුංචි තික්ෂණ මෙළොව එළිය දුටුවේය.ඔහුගේ බර ග‍්‍රැම් 875 ක් විය. මහනුවර මහ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ මාස තුනක් ගතකර සුව අතට පත් වුවත් තික්ෂණගේ ඇස් නොපෙනෙනන්ට විය.මහනුවර අක්ෂි රෝහලෙන් ඇස් වලට ප‍්‍රතිකාර කළ මුත් පලක් නොවිය. තික්ෂණගේ මව සහ පියා රට හැම තැනම තම පුතුගේ ඇස් පාදා ගැනිමට රට ගියත් පලක් වුයේ නැති බව පවසති.
    තික්ෂණගේ පියා පවසන්නේ හමුදා ක‍්‍රියාන්විතයේදි සිදුවු ආබාධයෙන් ඇවිදීමට අපහසු නිසා බස් රථයකින්වත් යා නොහැකි බවයි. දැස් නොපෙනෙන දරුවා පාසල වෙත ගෙන යාමට හා නැවත නිවස බලා ගෙන ඒමට දිනකට ත‍්‍රිවිල් රථයකට රුපියල් 1000 ක් වැය වන බව ඔහු කියයි. නිවසක් නොමැති නිසා මසකට නිවසට කුලි ගෙවිම නිසාත් ලැබෙන විශාම වැටුප දරුවන් දෙදෙනා සමග ඡීවත් විම මහත් ගැටළුවක් බවත් ඔහු පවසයි.
    ඔවුන්ට උදව් කළ හැකි අයෙක් වෙතොත් දරුවාගේ පියා ඊ නිහාල් ඩෙල්වින් නිශාන්ත ද සිල්වා නමින් මැණික්හින්න මහජනබැංකුවේ 157200160041246 ගිණුම් අංකයට මුදල් එවිය හැක.077--8383193 ඔහුගේ දුරකතන අංකයයි.



    LANKADEEPA
     
    • Like
    Reactions: Shadow.Walker

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව ත්‍රෙඩ් එකක් තියනවා මේ ගැන දාලා. කට්ටිය එකතුවෙල උදව්වක් කරමු...:yes: