කළ දේ නොකියන මහින්දගේ දේශපාලන ඛේදවාචකය..

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    කළ දේ නොකියන මහින්දගේ දේශපාලන ඛේදවාචකය..

    2010 ජනාධිපතිවරණය දවසින් දවස ළංවෙත්ම දේශපාලන පොරපිටිය කෙතරම් උණුසුම් වුවද,වත්මන් දේශපාලනික ප්‍රවණතාවයන් දියුණු වෙමින් පවතින ජාතියකට උරුම කර ගත යුතු දේවල් නොවේ.තමා ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් රට වෙනුවෙන් කරන්නාවූ ක්‍රියාවලිය ජනතාව හමුවේ තබා ඊට ජනතා කැමැත්ත ඉල්ලා සිටීමේ මහත්මා දේශපාලනය වෙනුවට අවි බලය,මැර බලය හා මඩ ‍බලය යොදා ගනිමින් අද ජනාධිපතිවරණ අපේක්ෂකයන් මේ නිරත වී ඉන්නේ ගැලරියේ දේශපාලනයක ය.
    ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම දැනට දින කිහිපයකට පෙර සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයන් එළි දැක්වූ අතර,තවමත් ඒ ගැන කතිකාවතක් නිර්මාණය වීමට වඩා එකිනෙකා වෙත විසි කෙරෙන මඩ ප්‍රහාර දෙස බලා සිටින්නට ජනතාවට සිදු වී තිබේ.මෙය මෙරට ඡන්ද දායකයාට සිදු කෙරෙන මහත් වරදකි.සිය ඡන්දය භාවිතා කළ යුත්තේ කුමන ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන නායකයාටද යන්න තීන්දු කිරීමට වඩා,අඩුවෙන් චෝදනා එල්ලවෙන,නැතිනම් ටිකක් නරක අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි කළ යුතුයයි මෙවර ඡන්ද දායකයාට හිතුනහොත් එය පුදුමයක් නොවේ.
    2009 මැයි මාසය වන විට මහින්ද රාජපක්ෂ මහතා සිටියේ වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකුට කිට්ටුවන්නටවත් නොහැකි ලෙස ගව් ගණනක් දුරිනි.යුද්ධය මෙහෙය වූ පාර්ශවයේ ඉහළම බලධාරියා වූ ජනාධිපතිවරයාට එරෙහිව සටනට එන්නට තරම් ශක්තිමත් අයෙකු විපක්ෂය තුළ සිටියේ ද නැත.අනෙක් අතට මහින්ද රාජපක්ෂ යනු මෙරට දේශපාලනය බිහි කළ තවත් සුවිශේෂී නායකයෙකි.ඔහු ගෙදර යවන්නට තරම් හේතුවක් මෙරට ජනයාට පෙනෙන්නට තිබුණේද නැත.තම පවුලට ටිකක් වැඩියෙන් සැලකීමත්,ඊට මහජන මුදල් යොදා ගැනීමත් යන චෝදනා රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වුවද,ඔහු රජ පුටුවෙන් නෙරපන්නට තරම් මෙරට දේශපාලන සාධක නිර්මාණය වී තිබුණේ නැත.
    එහෙත් රාජපක්ෂ මහතා වරද්දා ගත්තේය.වරක් දෙවරක් නොව කිහිප විටක්ම දැන් වරද්දා ගෙන තිබේ.තවත් වසර දෙකක් ඉක්මගිය තැන තමාට අවාසිදායක වෙතැයි ජනාධිපතිවරයා හිතන්නට වූවා විය හැක.එය සාමාන්‍ය දේශපාලනික ඥානයට අනුව ස්වභාවිකය.එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එය එසේ නොවිය යුතුව තිබුණේය.
    යුද්ධය නිමා කළ පසු රටට යහපත් යමක්,සහන සැලසෙන ආර්ථිකයක් උදාවීමේ පෙර නිමිති හෝ පෙන්විය හැකි වික්‍රමයක් ඉතිරි වසර 2 තුළ දක්වන්නට මහින්දට හැකි වූවානම්,ඔහුට ඊළඟ ඡන්දය අමාරු නොවන්නට ඉඩ තිබුණි.උතුරු නැගෙනහිර අවතැන්වූවන්ගේද සියළු පුනරුත්ථාපන කටයුතු නිමා කර යථා තත්වයට පත් කිරීමටද කටයුතු කළ හැකිව තිබුණි.ඔවුන් තවමත් අනාථ කඳවුරුවල සිටිද්දී,මට ඡන්දය දෙන්නැයි කීම වටින්නේ නැත.අද සුළු ජාතික ඡන්ද විශාල ලෙස මහින්දගෙන් ඈත් වන්නට පටන් ගෙන තිබේ.2005 දීද මහින්දට බහුතරයක් වැටුණේ සිංහල ඡන්ද ය.ගෙවී ගිය වසර 4ක කාලය තුළ ද සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගන්නට මහින්ද අපොහොසත් වී ඇති බවක් පෙනේ.වතුකරයේ ඡන්ද පවා තොණ්ඩමන් ද එකට සිටින ආණ්ඩුවෙන් ගිලිහී තිබේ.මේ සියල්ල නිවැරදි කරගන්න තිබු කාලයක් අනවශ්‍ය හදිසි වීමකින් මහින්ද අහිමි කර ගත්තේය.අනෙක් අතට විපක්ෂයට යුධ උණුසුම නිමවෙන්නට පෙර භූමියේ යුද සෙන්පතියා ජනපතිට එරෙහිව පෙළ ගස්සන්නට ඉඩ සලසා දුන්නේය.දැන් තනි අශ්වයාගේ රෙස් එක බලා සිටියවුන්ට දෙලෝ රත්වී තිබේ.දැන් මහින්ද තවත් වැරදි කරමින් සිටී.ඕනෑම මිනිසෙකු තුළ හොඳ මෙන්ම නරකද තිබිය හැකිය.එහෙත් නරක නොපෙන්වා සිටින තුරුම අපිට ඔහු හොඳය.දැන් මහින්ද කරන්නේ තම නරක පෙන්වීමය.
    තමා කළ යුද්ධය වෙනුවෙන් මහින්ද ජනතාවගෙන් ඡන්දය ඉල්ලුවේය.ජනතාව අත දිග හැර දු‍න්නෝය.දැන් යුද්ධය ගැනම කියන්නට බැරි බව සැබෑය.එහෙත් වෙන කියන්නම දෙයක් නැද්ද?ගුවන් පාලම්,මං මාවත්,වරායන්,ගුවන් තොටුපළවල් හදමින් යන බවවත්,එය ඉදිරියට ගියහොත් රටට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවවත් මහින්ද නොකියන්නේ ඇයි?සිය ව්‍යාපෘති ගැන ජනතාවට වඩා ගැඹුරින් කරුණු පැහැදිලි කරමින් සිය ඉදිරි දැක්ම ජනතාව ඉදිරියේ නොතබන්නේ ඇයි?
    ඒ වෙනුවට අද අන්ත අසික්ඛිත ලෙස රාජ්‍ය මාධ්‍ය හා ඇතැම් පුද්ගලික මාධ්‍ය ද භාවිතා කරමින් තිබේ.තමා කළේ කියනවා වෙනුවට,අරයට වඩා මං හොඳයි කියන්නට උත්සාහ කරමින් තිබේ.රාජපක්ෂ වටේ ඉන්නන් ද මඩවලින් තොර දෙයක් නොකියති."මාත් නරකයි,මට වඩා අරයා නරකයි,ඒ නිසා මට ඡන්දය දෙන්න" කියන්නාක් වැනි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.ජෙනරාල්ගේ වේදිකාවෙන් ද මඩ විසි නොවනවා නොවේ.එහෙත් රාජපක්ෂ මහතා ජනාධිපතිකම කළ අයෙකි.එබැවින් තමා යමක් කළ බව ඔහුට කියන්නට හැකි විය යුතුය.
    එහෙත් දැන් තැපැල් ඡන්දයේ සිටම හොර ඡන්දේ පටන් ගෙන තිබේ.විරුද්ධ පාක්ෂිකයන් තළා,පෙළා,බිය වැද්දීමෙන් නොනැවතී ඝාතනය කරන තත්වයට පත්ව තිබේ.මේ සියල්ල ඉදිරියේ සංවේදී යැයි හඳුන්වන රාජපක්ෂ මහතා අසංවේදී වෙමින් සිටී.එබැවින් මීට පෙර මහින්දට එරෙහිව ඡන්දය දෙන්නට හේතුවක් නොතිබුණු ඡන්ද දායකයාටද මහින්ද හේතු සපයමින් සිටී.දේශපාලනික වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මේ පෙන්නුම් කරමින් සිටින්නේ සිය ගමන් මගේ ඛේදවාචකයකි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    2005 වසරේ මහින්ද රාජපක්ශයන් කරළියට පිවිසෙන්නේ 48 කාල වකවානුවෙන් පසුව බිහිවූ ග්‍රාමීය සමාජ හැසිරීම පෙරදැරි කොටගත් නායකයෙක් විලසය.. ඉන්ගිරිසි ප්‍රතිපත්ති වලින් ඔබ්බට ගොස් , ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රැකගත් නායකයා වන්නේ මහින්ද රාජපක්ශයන් ය. ගමේ මිනිසා තවමත් ඔහුට කැමතිය.
    ඉදිරියටත් එසේය...........

    නිමකල නොහැකි යැයි කියූ යුද්ධය, රාජ්‍ය හමුදාවන් , පොලීසි , අනිකුත් ආරක්ශක සේවා යොදවමින් නිම කිරීමට ඔහුට හැකි විය.....එහි මූලික ගෞරවය ඔහුටය ,

    දේශපාලන වේදිකාව තුල මඩ ගැසීම යනු ප්‍රධාන සාදකයකි , ඒ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම , සිතුම් පැතුම් මත එය මඩ ගැසීමක්ද එසේ නොමැතිනම් සත්‍ය කරුණු මත පිහිටා කරුණු විග්‍රහ කිරීමක් දැයි තීරණය කරනු ඇත ,

    සෑම ආණ්ඩුවක් විසින්ම රාජ්‍ය මාධ්‍ය තමන්ට පක්ශපාතී ලෙස හසුරුවා ගනී එය වලකා ස්වාධීනව කටයුතු මෙහෙය වීමේ ක්‍රමවේදයක් සකසනාවානම් බොහොම අගනේය මෙයට පුද්ගලික මාධයද ඇතුල් විය යුතුය..

    යුද්ධය හැර කියන්නට බොහෝ දේ ඇත, රටක් සංවර්ධනය වීමේ ක්‍රියාවලීන් බොහෝමයක් ක්‍රියාත්මක වෙමින් තිබේ , ඔබ ඉහදීනම් කල ගුවන් පාලම්,මං මාවත්,වරායන්,ගුවන් තොටුපළවල් මගින් ප්‍රතිලාභ ලැබෙන බව ඔහු පවසා ඇත , මේවන් ව්‍යාපෘතීන් පිලිබදව වැඩසටහන් ඕනා තරම් රූපවාහිනිය , පුවත් පත් වල ඵල වේ , එය නැතයැයි කීමට ඔබට හැකියාවක් නැත.

    තැපැල් ඡන්දයේ හොර සිදුවූවානම් ඒ බව සනාථ කිරීමට ඔබට සාක්ෂි තිබිය යුතුය ,එය නීතිරිය ඉදිරියේ ක්‍රියාත්මක වීමට එසේනම් ඔබටද සාක්ෂි සැපයිය හැකිය.

    සෑම ක්‍රියාවකටම මහින්දටම ඇගිල්ල දික් කිරීම සාධාරන නැත...
    නීති විරෝදී ක්‍රියා නැවැත්වීමට පොලීසිය ස්වාධීන වනවානම් අගනේය..
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi


    Ewa kiyanna giyaama
    ewayin gahapu Billion gananuth minissunta mathak wenawane.

    :)
    Mama hondayi
    kiyanna beri nisa
    Aroo narakayi
    kiyanawa.

    Monawa karannada?
    :P

    ya yaa oba hari............ mahinda hoda athi vate inna paule evun hoda na.... etin monava karannada?????? mahinda hari de kala nan me chandeta metaram viyadan karanna oni nane.......... mahinda dannava taman kale varaddi vada kiyala ekai metaran viyadan kara kara chandeta mahansi venne.

    ada ude mama dakka mahindage add ekak yanava tv eke eke 1min valatat vada tiyenava..... mevata e yaka viyadan karana mudal kageda??????? apenma kadagatta mudal neda????
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Kiyapu de kala nayakaya menna

    20546124944908814315869.jpg
     

    Similar threads