කෆිර් යානා (kafeer jet)

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    කෆිර් යානා (kafeer jet)


    1412900.jpg


    M-346_DID.jpg


    කෆිර් යානා යනු ඊශ්‍රායල් ගුවන්යානා කර්මාන්තයේ නිපැයුමකි. කෆිර් යනු හීබෘ බසින් සිංහ පොතකයා යන්න යි. මෙම යානා සියලුම කාලගුණ තත්ත්වයන්ට උචිත වන අයුරින් තනා අති බහුකාර්ය ප්‍රහාරක යානා විෂේශයකි. කෆිර් ප්‍රහරක ගුවන් යානාව තනා ඇත්තේ ප්‍රංශ ඩැසල්ටඩ් මිරාජ් 5(Dassault Mirage 5)ගුවන් යානයේ සැකිල්ල, ඊශ්‍රායල් ගුවන් තාක්ෂණික ඉලෙක්ට්‍රොනික ක්‍රම ශිල්පය සහ ඊශ්‍රායලයේ නිශ්පාදිත සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ජේ79 (General Electric J79) තල බමන විදින එන්ජිමක් උපයෝගී කිරීමෙනි.

    විකාශනය

    කෆිර් ප්‍රහාරක ගුවන් යානාවෙහි උපත ඊශ්‍රායල් ගුවන් හමුදවේ විශේෂිත අවශ්‍යතාවය මත ඩැසෝල්ටඩ් මිරාජ් IIIC(Dassault Mirage IIIC) ගුවන් යානය උපයෝගී කරගනිමින් නිර්මාණය වූවකි.
    ඊශ්‍රායලය මගින් පලමුවෙන් අත්පත් කරගත් වේගය හා ශබ්දය අතර අනුපාතය 2 වූ ගුවන් යානය වුයේ සියලුම කාලගුණ තත්ත්වයන්ට උචිත වු සහ ඩෙල්ටා පක්ෂයන්ගෙන් සමන්විත වු මිරාජ් IIICJ (Mirage IIICJ) ගුවන් යානාවයි.ඒ වන විට ඊශ්‍රායලය සමඟ කිට්ටු සබදතා දැක්වු ප්‍රංශයෙන් ලබා ගත් මෙම යානාව, ඒ-4 අහස් ලිහිණියා නොහොත් උකුස්සා (A-4 Skyhawk) ගුවන් යානාව සහ විශේෂයෙන් එෆ්-4 මායාව (F-4 Phantom) ගුවන් යානාවේ ආගමනය තෙක් 1960 දශකය අග භාගය වන තෙක් ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ප්‍රාණ නාලිය විය. මිරාජ් IIICJ යානාව ගුවනේ ශ්‍රේෂ්ඨත්වය රැක ගැනීම උදෙසා සුවිසල් මෙහෙයක් කල අතර මෙම යානාව ඇතැම් සීමාන්තිකයන් හේතුවෙන් කෙටි දුර කාර්යයන් සඳහා භුමි ප්‍රහාරක යානාවක් වශයෙන් යොදා ගන්නා ලදී.
    තවද 1960 මධ්‍යම භාගය වන විට ඩැසල්ටඩ් ගුවන් තරණය සමාගම (Dassault Aviation) ඊශ්‍රායලයේ ඉල්ලීමකට අනුව පැහැදිලි කාලගුණයකට උචිත වුත්, භුමි ප්‍රහාරක යානාවක් වු මිරාජ් III ගුවන් යානාවේ අනුවාදයක් වුත් මිරාජ් 5 තැනීමට ආරම්භ කරන ලදී.ඊශ්‍රයලයේ ඉල්ලීමකට අනුව මෙම යානයේ නියමු කුටිය පිටුපස වු උසස් ගුවන් තාක්ෂණික ඉලෙක්ට්‍රොන ක්‍රම ශිල්පයන් ඉවත් කොට නඩත්තු වියදම් අවම කරගැනීම උදෙසා වැඩි ඉන්ධන ධාරිතාවක් රැගෙන යාමට හැකිවන සේ නිර්මාණය කරන ලදී.
    1968 වන විට ඩැසල්ටඩ් සමාගම ඊශ්‍රායලය සඳහා මිරාජ් 50J යානා 50ක් නිෂ්පාදනය කර තිබු නමුත් 1967 දී ප්‍රංශය මගින් ඊශ්‍රායලයට යෙදූ යුද්ධායුධ තහනම හේතුවෙන් ගුවන් යානා බෙදා හැරීමේ කාර්යය අඩාල විය. මෙයට පිළිතුරු ලෙස ඊශ්‍රායලය විසින් බලපත්‍ර රහිතව මිරාජ් 5 ගුවන් යානාවේ අනුපිටපතක් වු නෙශර්(Nesher) හෙවත් හීබෘ බසින් ගිජුලිහිණියා යන අන්වර්ථ නාමයෙන් හැදින් වු ගුවන් යානය නිර්මාණය කරන ලදී. මෙම යානයේ එන්ජිම සහ සැකිල්ල ඊශ්‍රායලයේ නිශ්පාදනයකි.

    ප්‍රවර්ධනය

    800px-DN-ST-89-01919.JPEG

    VF-43 හි F-21A කෆිර් ගුවන් යානාවක් එක්සත් ජනපදයේ නාවික ගුවන් මධ්‍යස්ථානයෙන් නික්මීමට සැරසෙද්දී

    kfir_ce_a.jpg

    ඉක්වඩෝර් ගුවන් හමුදාවෙහි කෆිර් CE (C.10). මෙහි නැවත ඉන්ධන ලබා දෙන ඒෂණය සහ දිගු නහය වන් තුඩ විශේෂය.

    ඊශ්‍රායල් රහස් තොරතුරු කාර්යාංශය වන රහස් තොරතුරු හා විශේෂ කාර්යය ආයතනය හෙවත් මොස්සාඩ්(Mossad), කෆිර් ගුවන් යානයේ ප්‍රවර්ධන කටයුතු සඳහා බෙහෙවින් දායක විය. ප්‍රංශ හිටපු ජනාධිපති ජෙනරාල් ඩි ගොල් (General De Gaulle) යෙදූ යුද්ධායුධ තහනම හේතුවෙන් තවදුරටත් කලාපීය පසමිතුරන්ගෙන් සහයෝගයක් නොලැබේ යැයි ඊශ්‍රායල් ගුවන් හමුදාව චකිතයට ලක් කිරීමට සමත් විය. ඊශ්‍රයල් ගුවන් හමුදව සතුවු ගුවන් යානා අතරින් බහුතරයක් මිරාජ් ගුවන් යානා වු අතර අරාබිය හා ඊශ්‍රායලය අතර පැවති සයදින යුද්ධය(Six-Day War) හේතුවෙන් එම සංඛ්‍යාව ද පහත වැටීමේ අවදානමට ලක් විය. නමුදු ඔවුන් හට මිරාජ් ගුවන් යානා හැර වෙනත් විකල්පයක් නොවීය. මේ අතර මොස්සඩ් අයතනය මිරාජ් III ගුවන් යානයේ සැලසුම ලබා ගැනීමට සමත් වු අතර එය කෆිර් ගුවන් යානා පෙළ නිර්මාණකරනයට සෘජුවම යොදා ගැනින.
    සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ජේ79 ජම්බොජෙට්(General Electric J79 turbojet) සහ රෝල- රොයිස් ස්පෙයි ටර්බොෆැන්(Rolls-Royce Spey turbofan) ආකාරයේ ජව නිශ්පාදන දෙකක් ආරම්භයේ දී පෙර පරීක්ෂන සඳහා යොදා ගන්නා ලද අතර සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික J79 ජම්බොජෙට්(General Electric J79 turbojet) අවසානයේදී තෝරා ගන්නා ලදී. ඊශ්‍රායලය මෙය තෝරා ගන්නා ලද්දේ එය ඔවුන් එක්සත් ජනපදයෙන් 1969 දී අත්පත් කරගත් මැක්ඩොනල් ඩෝග්ලාස් එෆ්-4 ෆැන්ට්ම් II(McDonnell Douglas F-4 Phantom II) ගුවන් යානයට යොදාගත් එන්ජිම නිසාවෙන් සහ ඔවුන් ජේ79 නිපදවීමට බලපත්‍ර ලද නිසාවෙන් පමනක් නිසාම නොව, ජේ 79 එන්ජිම මුල් ප්‍රංශ අට්‍ර් 09(Atar 09) එන්ජිමට ද වඩා පැහැදිලි ලෙස ප්‍රභල වු බැවිනි.
    මිරාජ් III ගුවන් සැකිල්ල මත ජව නිශ්පාදනය තැබීමට නිසි ආකාරයෙන් ඉඩ සලසා දීමට සහ ජේ79 එන්ජිමට අවශ්‍ය සිසිලනය ලබාදීම සඳහා යානයේ පෘෂ්ටභාග රාමුව සුළු ලෙස කෙටි සහ පුළුල් කරන ලදී. පසු දහනය සඳහා අවශ්‍ය සිසිලනය ලබා දීමට වායු චුෂණයන් විශාල කරන ලද අතර පර්යන්ත සිරස් ස්ථායීකාරකයෙහි විශාල ආයමුඛයක් සවි කරන ලද අතර ටයිටේනියම් තාප ඵලකයකින් කොපු ලන ලදි.
    ආසන දෙකක් සහිත මිරාජ් IIIBJ(Mirage IIIBJ)යානය සමඟ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ජේ79(GE J79) එන්ජිම එකතු කිරීමෙන් සාදාගත් යානය පළමු වරට 1970 සැප්තැම්බර් මස ගුවන් ගත කරන ලදී. ඒ සමඟම නැවත සකස් කළ නෙශර් යානය 1971 සැප්තැම්බර් මස පියාසර කරවන ලදී.
    1973 ජුනි මස දී වැඩි දියුණු කළ නෙශර් යානයේ මුලාකෘතියක් වු රාම්(Ra'am) හෙවත් ගිගුරුම ගුවන් යානය ගුවන් ගත කරන ලදී.මෙම යානය සතුව පුළුල් වු සංශෝධිත නියමු කුටියක්, ශක්තිමත් ගොඩ බැස්වීමේ ගියරයක් සහ සැලකිය යුතු තරමේ ඊශ්‍රායල් ගුවන් තාක්ෂණික ඉලෙක්ට්‍රොනික ක්‍රම ශිල්පයන් පවතී. මෙහි අන්තර් ඉන්ධන බහාලුම් සුළු වශයෙන් නැවත සකස් කරන ලද අතර සම්පූර්ණ ධාරිතාව ගැලුම් 713 තෙක් වර්ධනය කරන ලදී.
    ඇතැම් ස්ථිර නොවු වාර්තා පවසා සිටින්නේ ඊශ්‍රායලය මිරාජ් IIIC(Mirage IIIC) මුල් පිටපත සමඟ ජේ79(GE J79) එන්ජිම එකතු කිරීමෙන් බරාක්(Barak) හෙවත් අකුණ ගුවන් යානය නිර්මාණය කල බව සහ මොවුන් 1973 දී අරාබි-ඊශ්‍රායල් යුද්ධය හෙවත් ඔක්තෝම්බර් යුද්ධය සඳහා මෙම ගුවන් යානය යොදාගත් බවයි. නමුදු මේ වනතුරු ද එවැනි ගුවන් යානයක් පවතින බවට සාධක සොයාගෙන නොමැත.

    මෙහෙයුම් ඉතිහාසය

    IAIKfir010.jpg

    කෆිර් යානාව C.2 ඔව්ඩා ඊශ්‍රායල් ගුවන් හමුදා පිවිසුමෙහි දී

    කෆිර් ගුවන් යානය ඊශ්‍රායල් ගුවන් හමුදාව මගින් සේවයට යොදවන ලද්දේ 1975 දීය. මෙහි පළමු ගුවන් යානවල් පවරන ලද්දේ 101 පළමු සටන් කරන්නා භට කණ්ඩායම(101st "First Fighter" Squadron) හට ය. පසුගිය වර්ෂයන් තුල මෙම යානය තවත් භට කණ්ඩායම් යටතේ පිහිටුවන ලදී. එක්සත් ජනපදය මගින් 1976 දී ඊශ්‍රායලයට ලබා දුන් එෆ්-15 ඊගල් ෆයිටර්(F-15 Eagle fighter) හෙවත් සටන් රාජාලියා ගුවන් යානායේ ආගමනයත් සමඟ ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ශ්‍රේෂ්ඨත්වය වු කෆිර් යානයේ අගය ගිලිහී ගියේය.
    කෆිර් ගුවන් යානාව ප්‍රථම වරට සටනෙහි යොදවන ලද්දේ 1977 නොවැම්බර් 09 වන දා ඊශ්‍රායල - ලෙබනන ගැටුම හිදී ලෙබනනයේ ටෙල් අසියා(Tel Azia) පුහුණු කඳවුරට පහර දීම සඳහා ය. කෆිර් යානාව ඊශ්‍රායල් ගුවන් හමුදාවට සේවය කරන කාලවකවානුවේ දී ලබා ගත හැකි වු එකම ජයග්‍රහණය වන්නේ 1979 ජුනි 27 වන දින කෆිර් සී.2(C.2) යානයට සිරියානු මිග්-21( MiG-21) ගුවන් යානයකට ප්‍රහාරය එල්ල කොට බිම හෙලීම ය.
    ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණයේ දී ඔවුන් බහුලව එෆ්-15 සහ එෆ්-16 ගුවන් යානා යොදා ගත් අතර අනාරක්ෂිත පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් වලට කෆිර් යානය යොදා ගන්නා ලදි. කෙටි කලකට පසුව සියළුම ඊශ්‍රායල් ගුවන් හමුදා සී.2 යානයන් සී.7 අනුවදයට වැඩි දියුණු කරන ලද්දේ එම යානාවන් හට උසස් ක්‍රියාකාරීත්වයක් ලබා දී බෝම්බ හෙලන ගුවන් යානයක් සඳහා වඩාත් උචිත වන සේ සැකසීමටය. 20 වසරක නොනවත්වා සේවාවෙන් පසුව කෆිර් ගුවන් යානය 1990 හි දෙවන භාගය වන විට ඊශ්‍රායල් ගුවන් හමුදාවෙන් නික්මෙන ලදි.


    කෆිර් යානාව විදේශ සේවාවේ දී


    කෆිර් යානාව ඊශ්‍රායල් නිශ්පාදනයක් වුව ද ජේ79 එන්ජිම එක්සත් ජනපදයේ නිශ්පාදනයක් බැවින් සියළුම අපනයන වෙළදාම් වලදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙහි අනුමැතිය අවශ්‍ය විය. මෙය කෆිර් ගුවන් යානය අනිකුත් ජාතීන් අතර ව්‍යාප්ත වීම සීමාන්තික කිරීමට සමත් විය.
    2006 වර්ෂයේ දී කෆිර් ගුවන් යානා කොලොම්බියාව, ඉක්වදෝරය සහ ශ්‍රී ලංකාවට අපනයනය කරන ලදි.

    එක්සත් ජනපදය

    1985 සිට 1989 දක්වා කාලය තුල වැඩි දියුණු කල කෆිර් සී.1 කෆිර් යානා විසි පහක් එක්සත් ජනපද නාවික හමුදාවට සහ නාවික බල ඇණියට බදු දෙන ලද්දේ අසදෘශ ගුවන් සටන් පුහුණුවේ(dissimilar air combat training (DACT)) දී පස මිතුරෙකු වශයෙන් ක්‍රියා කිරීමට ය. පසුව මෙම කෆිර් යානා එෆ්-21ඒ කෆිර් යනුවෙන් නම් කරන ලදි.
    12එෆ්-21 යානාව එක්සත් ජනපද නාවික හමුදාවට ලබා දුන් අතර එක නිල් - අළු පැහැති වර්ණ ත්‍රිසංයෝගයකින් 'අවතාර' මනෝ රටාවකින් වර්ණවත් කිරීම සහ ව් එෆ්-43 එක් කිරීම කරන ලදි. මින් අනතුරුව නාවික ගුවන් මධ්‍යස්ථානයේ පිහිටුවනු ලැබිණ. 1988 දී මෙම යානා ආපසු හරවා යවන ලද අතර ඒ වෙනුවට එෆ්-16එන් යානා ගෙන්වනු ලැබී ය. එක්සත් ජනපද නාවික බලකාය ගුවන් යානා 13ක් ලබා ගන්නා ලදී. මෙම යානා යාමු නාවික බල ඇණි ගුවන් මධ්‍යස්ථානයෙහි පිහිටුවා තිබු අතර නාවික සටන් පුහුණු කිරීමේ බලකාය 401(VMFT-401) ක්‍රියාත්මක කරවනු ලැබුනි. නිල් - අළු පැහැති ගුවන් යානාවලට අමතරව එක්සත් ජනපද නාවික බලකාය සතුව ඊශ්‍රායල් පැහැයන් සහ කාන්තාර 'තලන්නා'(flogger) මනෝ රටාවකින් හැඩ ගැන් වු එෆ්-21 වර්ගයේ ගුවන් යානා කිපයක් ද විය. 1989 දී එෆ්-5 ඊ ගුවන් යානාවල ආගමනයත් සමඟ එෆ්-21 යානාවන් නැවත හරවා යවන ලදී.
    එමෙන්ම එක්සත් ජනපද වෙළද සමාගමක් වන 'වාසර උපාය පිළිබඳ වූ ජය'(Airborne Tactical Advantage Company,ATAC) සමාගම ද කෆිර් යානා පරිහරණය කරන ලදී. මෙම සමාගම සිවිල් සමාගමක් වු අතර එක්සත් ජනපද හමුදාවට නාවික බල ඇණි උපාය ගුවන් යානා සහ සේවාවන් සපයන සමගමක් ය. මෙම සමාගම වාසර උපාය පුහුණුවන්, තර්ජන ආභාසනය සහ පර්යේෂණ සහ වැඩි දියුණු කිරීම් යන සේවාවන් සපයයි. මෙම ආයතනය පිහිටා තිබෙන්නේ වර්ජීනියාවේ නවනගරය වග(Newport News) හිය. මෙයට අමතරව නිත්‍ය ක්‍රියත්මක වන ස්ථානයන් ලෙස එක්සත් ජනපද නාවික ගුවන් මධ්‍යස්ථානය සහ කැලිෆෝනියාවේ නාවිල බල ඇණි ගුවන් මධ්‍යස්ථානය, නෙවඩා, හවායි සහ ජපානය හැඳින්විය හැකිය. 2012 හි මාර්තු 06 වන දින නාවික වර්ජනයට සහ ගුවන් රණකාමී කේන්ද්‍රයට ගුවන් යානා සහය දෙමින් ආපසු පැමිණෙමින් සිටි මෙම සමාගමෙහි කෆිර් එන්404ඒඑක්ස්(N404AX) ගුවන් යානය නෙවඩා හිදි අනතුරට ලක් විය. එම යානයේ ගුවන් නියමු විශ්‍රාමික එක්සත් ජනපද නාවික කපිතාන් කැරොල් ලෙෆොන්(Captain Carroll LeFon) මහතා බරපතල තුවාල ලැබීය.

    කොලොම්බියාව

    500px-Kfir_CE_front.JPG

    ඉක්වදෝර් ගුවන් හමුදාවේ කෆිර් සීඒ ගුවන් යානාවේ ඉදිරි මුහුණත පෙනුම.

    1989 දී ඊශ්‍රායලය සහ කොලොම්බියාව අතර අති වු වෙළද ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන් කොලොම්බියානු රජය බහි ඊශ්‍රායල් කෆිර් සී.2 සහ ටීසී.2 යානාවල් 12ක් ලබා ගත් අතර එම යානා 1989-1990 අතර කාලය තුල කොලොම්බියානු ගුවන් හමුදාවට ලබා දෙන ලදී. ඉන් පසුව සියළුම සී.2 ගුවන් යානාවල් සී.7 ගුවන් යානාවල් බවට පරිවර්තන ය කරන ලදී. කොලොම්බියනු ගුවන් හමුදාවේ කෆිර් ගුවන් යානා බොහෝවිට කොලොම්බියානු ත්‍රස්තවාදීන්ගේ කැරලි මර්ධනයට බුමි ප්‍රහාරක යානාවක් ලෙස යොදා ගන්න ලදී. කොලොම්බියානු කෆිර් ගුවන් යානා පයිතන් 3 අයි.ආර්-හෝමින්ග් ඒ.ඒ.එම්(Python 3 IR-homing AAM) හෙවත් ගුවන් යානා විනාශක මිසයිල වලින් සන්නධ කර ඇත. 2004 දි මෙම යානා දෙකක් ගුවන් අනතුරරු වලින් විනාශ විය.
    2008 වසරේදී පෙබරවාරි මස කොලොම්බියාව තවත් බහි ඊශ්‍රායල් කෆිර් 24ක් සදහා ඊශ්‍රායලය සමඟ ගිවිසුමකට එළඹින. මෙම ගුවන් යානා බොහෝදුරට ඊශ්‍රායල් ගුවන්යානා කර්මාන්තය මඟින් සී.10 යානා තත්ත්වයට උසස් කරනු ලබන බවට තක්සේරු කරන ලදී.
    2009 ජුනි මස දී උසස් කරන ලද යානා පළමු කාණ්ඩය කොලොම්බියානු ගුවන් හමුදාවට ඊශ්‍රායල් විසින් ලබා දෙන ලද්දේ ඊශ්‍රායලය විසින් දායකත්වය සැපයු ඊශ්‍රායල් ගුවන් හමුදාවේ දී පැවති උත්සවයකදි ය. මෙම උත්සවයට කොලොම්බියානු තානාධිපති ජෞන් හර්ටඩො කානො(uan Hurtado Cano) මහතා, කොලොම්බියානු ගුවන් හමුදාවේ උසස් තනතුරු දරන නිලධාරින්, සහ ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාශයේ කළමණාකරුවන් සහභාගී විය. මෙය 2007 වසර අග භාගයේ දී වසර කිපයක් සදහා ලබා දුන් කොන්තරාතුවක් වු අතර ඩොලර් මිලියන 150 ක පමණ වටිනාකමකින් යුක්ත විය. මෙහිදී කොලොම්බියානු ගුවන් හමුදාවේ දනට පවතින ගුවන් යානා වැඩි දියුණු කිරීමටත් අමතර ජෙට් යානා සැපයීමටත්, අමතර ජෙට් යානා වන සී.10 - සී.12 යානා ඊශ්‍රායලයේ නවතම තාක්ෂණයන් යොදා ගනිමින් වැඩි දියුනු කිරීමටත් බැඳි සිටී.
    2009 වසරේ ජුලි 20 වන දින කාර්ටගන්(Cartagena) නගරය අසලදී කෆිර් ගුවන් යානයක් අනතුරට ලක් විය. ඊශ්‍රායල් නියමුවන් ක්‍රියාත්මක වෙමින් සිදුවීම උපද්‍රවයකින් තොර කිරීමට සමත් වුවද ගුවන් යානව මෙම අනතුරින් විනාශයට පත්විය. ඊශ්‍රායල් ගුවන්යානා කර්මාන්තය ප්‍රකාශ කරන ලද්දේ ගුවන් යානව නවමුව පියාසර කරමින් තිබූ බවත් ගොඩබිම් තීරුව වෙනුවට පිටතින් ගොඩ බැස්වීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවත් ය. ඊශ්‍රායල් ගුවන්යානා කර්මාන්තයේ අධ්‍යක්ෂක පවසා සිටියේ මෙය පිළිබඳ පරීක්ෂණ පැවත්වීම ආරම්භ කරන ලද බවත් අනතුර පිළිබඳ වග විභාගයට කමිටුවක් පත් කරන ලද බවත් ය.
    2009 වසරේ ජුලි 22 වන ඩින ඊශ්‍රායල් ගුවන්යානා කර්මාන්තය ප්‍කොලොම්බියානු ගුවන් හමුදාවට දන්වා සිටි පරදි එම අනතුර සොයා නොගත් මානව දෝෂයක් බවත් එම හේතුවෙන් ඔවුන් ඒ වෙනුවෙන් වෙනත් ගුවන් යානයක් කොලොම්බියනු ගුවන් හමුදාවට ලබා දෙන ලදී.


    ඉක්වදෝරය


    1981දී ඇලුත්වැඩියා කරන ලද ක්ෆිර් සී.2 යානා 2ක් සහ ටීසී.2 යානා 2ක් සඳහා ඉක්වදෝරය සහ ඊශ්‍රායලය අතර වෙලඳ ගිවිසුමක් අත්සන් කල අතර එම යානා 1982-1983 කාලයේදී ඉක්වදොර් ගුවන් හමුදාවට භාරදෙන ලදි. මෙම කෆිර් යානා ඉක්වදෝරියානු බස්නාහිර පහත්බිම් පාදක කරගෙන 21වන සටන් පාර්ශවයේ 2113වන බලඇණිය(සිංහ) පිහිටුවනලදි.
    මෙම කෆිර්යානා 1995දී ඉක්වඩෝරය සහ පේරූ අතර හටගත් යුද්ධයේදී සටනට පිවිසුනේය. භූමි සටන් සඳහා තමන්ගේ උපධ්වනි ඒ-37බීඑස් යානා භාවිත කල අතර කෆිර්යානා සහ මිරාජ් එෆ්.1 යානා අන්තර්බාධන මෙහෙයුම් සඳහා භාවිත කළහ. 1995 පෙබරවාරි 10වෙනි දින කෆිර් යානවක් පේරූ ගුවන් හමුදාවට අයත් සෙස්නා ඒ-37බී යානාවක් වෙඩිතබා බිම හෙළීය.
    1996දී ඉක්වඩෝරය සහ පේරූ අතර තත්ත්වය උත්සන්නව පවතින අවස්ථාවේ එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ඇතුව ඉක්වදෝරය තවත් කෆීර් යානා 6ක් මිලදී ගන්නා ලදී.
    1998දී සෙපෙකට්(SEPECAT) ජගුවාර් බලඇණිය ක්‍රියාකාරී සටන් වලින් ඉවත් කිරීමත් සමඟම ඉක්වදෝරය තටත් කෆිර් යානා 6ක් මිලඳී ගැනීමට ඊශ්‍රායලය සමඟ සාක්ච්ඦා ආරම්භ කරනලදි. දකුණු ඇමෙරිකාවේ එක්වර අවි මිලදීගැනීමේ වැඩිවීමත් සමඟ ඇමෙරිකාව පේරූහි ගුවන් යානා 18ක් මිලදී ගැනීමේ වෙළඳ ගිවිසුමක් අහෝසි කළහ. එහි විකල්පයක් ලෙස ඉක්වදෝරය සහ ඊශ්‍රායලය 1999දී කෆීර් සී.10 යානා 2ක් සඳහා ගිවිසුමකට එලඹෙන ලදි.
    1982හි සේවය පටන් ගත්දා සිට 2005 වන විට ඉක්වදෝරයට අනතුරකින් අහිමිවූ ටීසී.2 කෆීර් යානාවක් ඇතුළුව කෆීර් යානා 4ක් අමිහිව ඇත.

    ශ්‍රී ලංකාව

    Sri_Lanka_Air_Force.jpg


    ශ්‍රී ලංකා ගුවන් හමුදාව කෆීර් C.2 යානා හයක්ද එක් TC.2 යානවක්ද 1995-1996 වර්ෂවල ඊශ්‍රායලයෙන් මිළදී ගත්තේය. 2005 වන විට තවත් C.2 යානා 4ක්ද C.7 යානා 4ක්ද අතුලුව යානා 9ක් එක් කරගන්නා ලදි. වර්ථමානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව TC.2 යානා 2ක්, C.7 යානා 2ක් සහ C.2 යානා 6ක් සමඟ තම දහවෙනි බල ඇණිය යටතේ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන් සතු කෆීර් යානා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සමඟ සටන් කිරීමෙදී යොදාගත්හ. Two Kfir C.7s were destroyed on the ground in an LTTE attack on SLAF Katunayake air base, part of Bandaranaike International Airport, on 24 July 2001. Three others were lost in non-combat related accidents during the Civil War period. None were lost in combat. 2001 ජූලි 24වෙනි දින එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලලේ ගුවන් හමුදා මූලස්ථානයට එල්ලකල බෝම්බ ප්‍රහාරයෙන් කෆීර් C.7 යානා 2ක් විනාශ විය.කිසිඳු යානාවක් සටන් අතරතුරේදී විනාශ වී නොමැත. තවත් යානා 3ක් සටන් වල අදාල නොවන අවස්ථාවලදී සිදුවූ අනතුරු වලින් විනාශ විය. 2011 මාර්තු මාසයේදී ගුවන් සංදර්ශණ පුහුණුවීමකදී සිදුවූ අනතුරකින් තවත් කෆීර් යානා දෙකක් විනාශ විය.

    ප්‍රභේදයන්

    කෆිර් සී.1 : මූලික නිශ්පාදන ප්‍රභේදය

    එෆ්-21ඒ කෆිර් : වැඩි දියුණූ කල කෆිර් සී.1 යානා විසි පහක් ආක්‍රමණික කටයිතු සඳහා එක්සත් ජනපද නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික බල ඇණීය ලබා ගත් අතර පසුව එෆ්-21ඒ යානාව ලබා ගන්නා ලදී. මෙම ගුවන් යානයේ පක්ශයන් සහ චූෂනයන් වැඩි දියුණු කරන ලදී. එය යානයේ නම්‍යතාවට සහ මන්දගාමී වේගයන් පාලනය කිරීමට බෙහෙවින් උපකාර වුන අතර පසු කාලීන ගුවන් යානා ප්‍රභේදයන් ද මෙය යොදා ගන්නා ලදී.

    කෆිර් සී.2 : වැඩි දියුණු කල සී.1 ගුවන් යානයක් වන මෙම යානය බහුල වශයෙන් වායුගතික වැඩි දියුණු කිරීම් වලින් අනූනය. මෙම යානය එක් කල වෙනස් කිරීම් අතර 'සුනඛ දන්තය' වැනි හැඩය පක්ෂයන් අගට එක් කිරීම, නැහය යට පෙදෙස කුඩා දෙණවල් පැවතීම සහ ඉදිරිපස පක්ශයන්ගේ වායු ශීඝ්‍ර ලෙස පැතිරී යන ලෙස ඇති ආනතියන් අඩංගු ය.

    කෆිර් ටීසී.2 : සී.2 යානය භාවිතා කොට අසුන් දෙකක් සහිතව තනා ඇති මෙය පුහුණු කිරීම් සඳහා වැඩි දියුණු කල ගුවන් යානාවකි. මෙම යානය සතුව පහත් වු සහ දිගැති නැහැයක් අත්තේ ගුවන් නියමුවාට පැහැදිලි දසුනක් ලබා දීමට ය.

    කෆිර් සී.7 : බහුල වශයෙන් වැඩි දියුණු කිරීමට ලක් වූ යානා ප්‍රභේදය මෙය විය. බොහෝමයක් නැතහොත් සියළුම සී.2 කෆිර් ගුවන් යානා මෙම යානයන් බවට පරිවර්තනය කරන ලදී. මෙම යානායෙහි වැඩි දියුණු කල ජේ79 සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ජේ1ඊ එන්ජිමක්, වායු චූෂකයන් යට වැඩි භාරයක් ඔසවාගෙන යාමට හැකිවන පරිද්දෙන් තනා ඇති කොටස් සහ එල්ටා ඊ එල්/ එම්- 2021බී(Elta EL/M-2021B ) රේඩාරය, හැඩගැස්විය හැකි නියමු කුටිය, වැඩි ඉන්ධන ධාරිතාවක් ගෙන යාමේ හැකියාව වැනි මනාව සැකසු ගුවන් තාක්ෂණික ඉලෙක්ට්‍රොන ක්‍රම ශිල්පයන්ගෙන් සමන්විත ය.

    කෆිර් ටීසී.7 : අසුන් දෙකක් සහිත කෆිර් සී.7 යානාවෙන් වැඩි දියුණු කර පුහුණු වීම් සඳහා යොදා ගත් යානාවකි.

    කෆිර් සී.10 : මෙම යානා විෂේශය අපනයනයන් සඳහා විෂේශයෙන් තැනුණු යානාවකි. මෙම යානා වර්ගයේ ඇති වු විෂේශ වෙනස්කමක් වන්නේ එල්ටා ඊ එල්/ එම්- 2032(Elta EL/M-2032) රේඩාරය යි. මෙම ගුවන් යානා විෂේශය කෆිර් සීඊ හෙවත් ඉක්වදෝර් අනුවාදය සහ කෆිර් සීඕඒ හෙවත් කොලොම්බියානු අනුවාදය ලෙස හදුන්වනු ලබයි.

    කෆිර් ටීසී.10 : කොලොම්බියානු ගුවන් හමුදාව සඳහා ටීසී.7 ගුවන් යානයේ වැඩි දියුණු කල අනුවාදයකි.

    කෆිර් සී.12 : කොලොම්බියානු ගුවන් හමුදාව සඳහා ටීසී.7 ගුවන් යානයේ වැඩි දියුණු කල අනුවාදයකි සහ මෙය සී.10 ගුවන් යානය එල්ටා ඊ එල්/ එම්- 2032(Elta EL/M-2032) රේඩාරය නොමැතිව ලෙසත් හැදින්විය හැකිය.

    කෆිර් ට්සීනියස් : කෆිර් සී.2 යානයේ නැවත පිරික්සා බැලීමක් ය.

    කෆිර් සී.60 : ටීසී.10 ගුවන් යානයේ වැඩි දියුණු කල අනුවාදයකි. මෙය යෝජනා කරන ලද්දේ බල්ගේරියානු ගුවන් හමුදාව මඟිනි.

    පිරිවිතර (Specifications) - කෆිර් සී.2 ගුවන් යානය
    ආවේණික ගුණාංග

    540px-Kfir_C-2_0007.jpg

    කෆිර් යානයේ සැකිලි සටහනක්

    U9298P27T1D835926F3DT20150728123722.jpg

    ආයුධ සන්නද්ධ කර ඇති කෆිර් යානාවක්, ඊශ්‍රායල් ගුවන් හමුදා පරිශ්‍රය

    නාවික පිරිස : එක පුද්ගල
    පරතරය : මීටර් 8.22 (අඩි 26 අඟල්11½)
    දිග : මීටර් 15.65 (අඩි51 අඟල්4¼)
    උස : මීටර් 4.55 (අඩි14 අඟල්11¼)
    අවකාශය : මීටර් 34.8 (වර්ග අඩි 374.6)
    නිරායුධ බර : කි.ග්‍රෑ.7,285 (රාත්තල් 16,060)
    ආයුධ සන්නද්ධ බර : කි.ග්‍රෑ.11,603 (රාත්තල් 25,580) ලීටර් 500ක මුදා හැරිය හැකි ටැංකි දෙකක්, AAMs දෙකක්
    උපරිම ගුවන් ගත කිරීමේ බර : කි.ග්‍රෑ.16,200 (රාත්තල් 35,715)
    එන්ජිම(ජෙට්) : සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ජේ79
    ජෙට් වර්ගය : තල බමන විදිනය
    ජෙට් ගනණ : 1
    වියළි තෙරපුම : කිලෝ නිව්ටන් 52.9 (ස්ටෝනයට රාත්තල් 11,890)
    දහන තෙරපුම : කිලෝ නිව්ටන් 79.62 (ස්ටෝනයට රාත්තල් 17,900)


    කාර්ය සාධනය (performance)

    උපරිම වේගය : පැයට කි.මී 2,440 (නොට් 1,317, පැයට මීටර් 1,516) මීටර් 11,000 උඩින් (අඩි 36,000)
    ප්‍රහාරක අරය : කි.මී. 768 (415 න්‍යෂ්ටික මයිල, 477 මයිල)
    උපරිම උස : මීටර් 17,680 (අඩි 58,000)
    ඉහල නැගීමේ අනුපාතය : තප්පරයට මීටර් 233 (මිනිත්තුවට අඩි 45,950)


    යුධෝපකරණ

    තුවක්කු : 2 Χ මි.මි.30(අඟල් 1.18)රයිෆල් උණ්ඩ ඩි.ඊ.එෆ්.ඒ.553 කාලතුවක්කු(DEFA 553 cannons), තුවක්කුවට වෘත්ත 140.
    රොකට්ටු : නොයෙක් මාදිලියේ විවිධ මිමි වල ඉහළ සිට භූමි ප්‍රහාරක රොකට්ටු. මෙයට මත්‍රා ජේ එල්-100(Matra JL-100) බිම හෙලන/ රොකට්ටු අසුරනය, 19 Χ එස්.එන්.ඊ.බී.(SNEB) මි.මි.68 රොකට්ටු සහ ලීටර් 250 ක් වූ ඉන්ධන.
    මිසයිල : 2 Χ පැති එතන එන්මයන් හෝ ශෆ්‍රිර්(Shafrir) හෝ පයිතන්(Python) වර්ගයේ ඉහල සිට පහර දෙන මිසයිල,2 Χ කුරුළු බාහු(Shrike ARMs) සහ 2 Χ ඉහළ සිට භූමි ප්‍රහාරක උපක්‍රමික මිසයිල(AGM-65 Maverick).


    තොරතුරු ලබාගත්තේ wikipedia මගිනි

     
    Last edited: