අෂ්ට සමාපත්ති ලාබියෝ අහසෙන් ගියා.. විවිධ ඍධි ප්‍රාතිහාරය පෑවා.. කිව්වහම සමහරු හිනා වෙනවා. හැබැයි විද්‍යාඣයෙක් මොකක් හරි හොයාගත්තහම අත් දෙකෙන්ම වැදලා බාර ගන්නවා.
විද්‍යාවෙන් කියන දේ කරලා, බලලා තහවුරු කර ගන්න පුලුවන්.
ඒ වගේම තමයි පෙරදිග විද්‍යාවනුත්. කරලා, බලලා තහවුරු කර ගන්න පුලුවන්. උඩින් ගියා.. කිව්වහම හිනා වෙන අය, අෂ්ඨ සමාපත්ති ලබන්න තියා, පැයක් එක විදිහකට ඉදන් ඉන්න උත්සහ කරල තියෙනවද කවදහරි?
උඩ කියපු බයිලා නිවනට අදාල නැ. හැබැයි නිවන කියන්නෙත් පරීක්ෂණයක් කරලා ලබන ඵලයක්. 'ඇත්ත' මොකක්ද කියලා හොයන්න කරන පර්යේෂණයක ඵලයක්. ආර්ය පර්යේෂණය. ආර්ය පර්යේෂණයේ යෙදෙන විදිහ ඉතාම පැහැදිලිව ත්‍රිපිටකයේ දක්වලා තියෙනවා. ගොඩක් අය පන්සල් යනවා. වදිනවා. පින් කරනවා. පුද, පූජා පවත්වනවා. ඒ අස්සේ සමහරු ආගම, ධර්මය බේරගන්නත් යනවා. සමහරු දෙපැත්තකට බෙදිලා වාද කරගන්නවා.
ඒත් ආර්ය පර්යේෂණයේ එක දවසක් යෙදිලා තියෙනවද?
Last edited:

