ක්ෂුද්‍ර යානා!

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ක්ෂුද්‍ර යානා!

    ඇමරිකන් ගුවන් හමුදාවේ නව නිපැයුමක්! රහසින් අහසින් ගොස් පහර එල්ල කළ හැකි ක්ෂුද්‍ර යානා!


    ඇමරිකන් ගුවන් හමුදාව සංවර්ධනය කරල තියෙනවා, මිනිසුන් රහිත නව ඩ්‍රෝන යානා විශේෂයක්. ඒවා අනාගත යුද ගුවන් තලය මහා පෙරළියකට ලක් කරනවා සිකුරුයි.

    දෙබරුන් රංචු මෙන් අහසට මුදා හැරිය හැකි ඒවාට ගුවනේ පියාසර කරමින් එක තැන රැඳී ඉන්නත්, මකුළුවන් මෙන් බඩ ගාන්නත්, රහසින් ඕනෑම පුංචි ඉඩකින් රිංගා සතුරා සොයා ගොස් මාරක ප‍්‍රහාරයක් එල්ල කර සතුරා සැණෙකින් විනාශ කරන්නත් පුළුවන්.

    ඇමරිකන් ගුවන් හමුදාවේ ගුවන් වාහන පර්යේෂණ අංශය ඔවුන්ගේ මේ නව නිපැයුමේ අනාගත ප‍්‍රවණතා පැහැදිලි කිරීමට පරිගණකයෙන් සජීවීකරණය කළ වීඩියෝවක් නිකුත් කරල තියෙනවා. දුරස්ථව තරංග මගින් පාලනය කළ හැකි මේ පුංචි ස්වයංකී‍්‍රය ගුවන්යානා ඔවුන් විසින් හඳුන්වා ඇත්තේ මයික්‍රො එයාර් වෙහිකල්ස් (MAVs) හෙවත් ක්ෂුද්‍ර ගුවන් යානා කියායි.


    10.jpg

    ‘මේ ක්ෂුද්‍ර ගුවන් යානාවලට අනාගතයේ යුද පිටියේ සුවිශේෂ තැනක් හිමි වේවි. ඒ විතරක් නොවෙයි අනාගත යුද පිටිය තුළ විශාල පෙරළියක් කරාවි.’ එහි කථනයෙන් කියැවෙනවා.

    ‘නිශ්ශබ්දව, අහසින් රහසින් යමින් මාරක ප‍්‍රහාර එල්ල කරන්න මේ ක්ෂුද්‍ර ගුවන් යානාවලට පුළුවන්. මේවා අනාගත යුද පෙරමුණ ශක්තිමත් කරනු නිසැකයි.’

    1.jpg

    මිනිසුන් රහිත ඔත්තු පරීක්ෂක ඩ්‍රෝන යානාවල අනාගතය සැදෙන්නේ මේ ක්ෂුද්‍ර ගුවන් යානාවලින්. අහසේ රහසින් පියාසර කළ හැකි, එක තැන රැඳී සිටිය හැකි රෑ සමනළයකුට සමාන ක්ෂුද්‍ර ගුවන් යානයක් ඇමරිකන් ගුවන් හමුදාව දැන් නිපදවා තියෙනවා. මේ ඒ සම්බන්ධව තැනූ වීඩියෝවෙන්.

    4.JPG

    ඇමරිකන් ගුවන් හමුදාව නිකුත් කළ එම වීඩියෝවේ පරවියකු මෙන් ක්ෂුද්‍ර ගුවන් යානයක් විදුලි රැහැනක් මත වසා සිටිමින් ඉන් විදුලි බල ශක්තිය ලබා ගන්නා අතර අවට දසුන් කැමරාවට නඟන අයුරු.

    5.jpg

    මෙම නව නිෂ්පාදන ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවෙන්නේ ඔහියෝවල ඬේටෝන්හී රයිට්-පැටර්සන් ගුවන් හමුදා කඳවුරේදියි. මේ තොරතුරු හෙළිදරවු වුණේ ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆික්’ සඟරාවේ පළ වූ ලිපියකින්.

    ගුවන් හමුදාව කියනවා, ඔවුන් දැනටමත් මේ යානාවක කි‍්‍රයා කරන ආකෘතියක් තනා ඇති බව. දැනට ඒ සඳහා විශාල විදුලි බලයක් වැය වන නිසා එය කි‍්‍රයාත්මක කළ හැක්කේ මිනිත්තු කීපයක් පමණයි. එහි පර්යේෂකයන් කියන්නේ මේ ආකෘතිය හොඳින් වැඩි වේලාවක් ගුවනේ කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය බැටරි තාක්ෂණය දියුණු කිරීම සඳහා තවත් වසර කීපයක් ගත විය හැකි බවයි.

    මේ වැඩසටහන ඉක්මනින් මල්ඵල ගැන්වීමට හැකි වෙතැයි ගුවන් හමුදාව බලාපොරොත්තු වෙනවා.

    ඔවුන්ගේ ප‍්‍රචාරක වීඩියෝව ආරම්භ වන්නේ මේ කුඩා ඩ්‍රෝන යානා පොකුරක් අහස් යානයකින් මුදා හරින අයුරු පෙන්වමින්.

    ඒ කුඩා ඩ්‍රෝන රංචුව ඉහළ අහසේ එකට පෙළ ගැසෙමින් එහි ඇති කැමරා යොදා ගෙන පහළ ඇති යුදපිටියේ සමස්ත රූපය තනි විශාල පින්තුරයක් ලෙස පහළ ඇති පාලක මැදිරියකට ලබා දෙනවා.

    ‘මේ දත්ත එම යානාවලින් එසැණ ලබා දෙන නිසා සමස්ත පින්තූරය දෙස බලා පාලක මැදිරියේ ඉන්නා අයට අවශ්‍ය තීරණ ගැනීමට මග සලසා දෙනවා පමණක් නොව යුද බිමේ වෙනත් තැනක ඉන්නා අයකුට ද සතුරාට මුහුණදීමට හොඳින් සූදානම් වීමට මග පෙන්වා දෙනවා.’ ගුවන් හමුදාව කියනවා.

    6.jpg


    ඒ වීඩියෝවෙන් දැක්වෙනවා, ඒ ක්ෂුද්‍ර යානයක් නො සිතූ ඉලක්කයක් සොයා ගොස් එහි සිටි අයකුට රහසින් මාරක පහරක් එල්ල කර වෙඩික්කාරයකු මරා දමන අයුරු

    7.jpg

    මේ ඩ්‍රෝන යානා මගින් රසායනික අවි, පුපුරන හෝ ගිනි ගන්නා ද්‍රව්‍ය අවශ්‍ය ඕනෑම ඉලක්කයකට නිවැරදිව යවා මරු පහරක් සතුරාට එල්ල කළ හැකියි.


    ගුවන්යානයකින් අහසේ දී මේ ක්ෂුද්‍ර ඩ්‍රෝන යානා මුදා හළ විට ඒවාට කෘමීන් මෙන් තටු සලා පියාසර කළ හැකියි. ගුවන් යානයක් සේ පියාසර නො කර මෙසේ තටු සැලීම නිසා ඒවා තටු සලමින් එක තැන රැඳී ඉන්නත් පුළුවන්.

    අහසේ රහසින් පියාසර කළ හැකි, එක තැන රැඳී සිටිය හැකි රෑ සමනළයකුට සමාන ක්ෂුද්‍ර ගුවන් යානයක් ඇමරිකන් ගුවන් හමුදාව දැන් නිපදවා තියෙනවා. ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆික් සඟරාව කියන විදියට එයට තත්පරයකට 30ක වේගයකින් තටු සලන්න පුළුවන්. ඒත් තවමත් වැඩි වේලාවක් පාවිච්චි කළ හැකි බැටරියක් තනා නැති නිසා මිනිත්තු කීපයක් විතරයි, දැනට අහසේ රැඳී සිටන්නට පුළුවන් කම ඇත්තේ.

    පරවියකු මෙන් තැනු ක්ෂුද්‍ර ඩ්‍රෝන යානයක් විදුලි රැහැනක් මත හිඳ සිය කැමරාවෙන් අවට ඡායාරූප ගන්නා අයුරු වීඩියෝවෙන් දැක් වුණා.

    ගුවන් හමුදා දැන් තාක්ෂණික ක‍්‍රමවේදයන් සකසමින් යනවා, මගතොට ඇති විදුලි රැහැන්වලින් විදුලි බලය ලබා ගනිමින් දින ගණන් සති ගණන් කි‍්‍රයාත්මක විය හැකි ඒවා තනන්නට.

    ගුවන් හමුදාවේ වීඩියෝවෙන් පෙන්වනවා, ක්ෂුද්‍ර ඩ්‍රෝන යානයක් අධික ජනගහනයක් ඇති නගරයකට ඉහළ අහසේ සිට ඉලක්කයකට යනවා.

    මෙහි ඇති අති දියුණු සංවේදක මගින් මාර්ගය හඳුනා ගෙන ලබා දෙන දර්ශනය අනුව, දුරස්ථව මෙවා හසුරුවන නියමුවන්ට ඒවා බාධක ඇති තැනකින් වුවත් යාමට සැලැස්විය හැකියි. ගොඩනැගිලි තුළට හා ආවරණය වුණු තැන්වලට යන්නට චන්ද්‍රිකා තාක්ෂණයෙන් බැහැ.

    8.jpg


    අහස් යානයකින් මේ ආකාරයට යුද පිටියකට ඉහළ අහසේ ක්ෂුද්‍ර ඩ්‍රෝන යානා පෙළක් මුදා හැරිය හැකියි. ඒවා අහසේ දී එකට පෙළ ගැසී සමස්ත යුද පිටියේ විශාල පින්තූරයක් පහළ පාලක මැදිරියට ලබා දිය හැකියි.

    මේ ක්ෂුද්‍ර ඩ්‍රෝන යානාවලට වැඩි දියුණු කළ මෘදුකාංගයක් යොදා තියෙනවා. ඒ නිසා චන්ද්‍රිකා තාක්ෂණය යොදා නොගෙන තමන්ට ‘පෙනෙන’ අයුරින් මාර්ගය සොයා ගෙන යා හැකියි. මේවා වෙනත් තාක්ෂණික ක‍්‍රමලින් අවුල් කරන්න බැහැ.

    විඩියෝවේ දැක්වෙනවා, මෙවැනි යානා තුනක් ගොඩනැගිල්ලක් තුළට යනවා. ඒවා තටු සලමින් රහසින් අහසින් යනු දැකිය හැකියි.

    සම්ප‍්‍රදායික ක‍්‍රමවලින් යා නො හැකි ඕනෑම තැනකට මේ නව ක‍්‍රමයෙන් යා හැකියි. එසේ යන එක යානයක් විවෘත ව තිබූ දොරක් ඇතුළෙන් ගොසින් ස්නයිපර් රයිපලයකින් ඉලක්කයක් ගනිමින් සිටි අයකු පෙන්වනවා.

    ‘අවශ්‍ය විටෙක මේ යානා වෙන වෙනම යොදා ගෙන ඍජු ප‍්‍රහාරයක් එල්ල කරන්නත් පුළුවන්. නැතිනම් මේ මගින් විනාශකාරී රසායන ද්‍රව්‍යයක් සතුරා වෙත යවා මුදා හැර විනාශයක් කළ හැකියි. පුපුරන ද්‍රව්‍ය යවා ඉලක්කයක් පුපුරුවා හැරිය හැකියි.’ වීඩියෝවෙන් කියැවෙනවා.

    එහි රූප රාමුවක දැක්වෙනවා, ඒ කුඩා ඩ්‍රෝන යානයක් මිනිසකුට නොදැනෙන්න ඔහු පසුපසින් බලා හිඳ ඔහු ඉලක්කය ගනිද්දීම වෙඩි තබා ඔහු විනාශ කරන හැටි.

    මේ මාරක කුඩා ඩ්‍රෝන යානා කි‍්‍රයාත්මක වන හැටි වීඩියෝවෙන් බලන්න.

    9.jpg


    මේ ක්ෂුද්‍ර ඩ්‍රෝන යානාවලට වැඩි දියුණු කළ මෘදුකාංගයක් යොදා තියෙනවා. ඒ නිසා චන්ද්‍රිකා තාක්ෂණය යොදා නොගෙන තමන්ට ‘පෙනෙන’ අයුරින් මාර්ගය සොයා ගෙන යා හැකියි. මේවා වෙනත් තාක්ෂණික ක‍්‍රමලින් අවුල් කරන්න බැහැ.



    http://www.malkakulu.com/2013/02/blog-post_24.html#more



    පන්සිල් වල වටිනා කම දැන ගන්න මෙතනින් එන්න


    http://www.elakiri.com/forum/showthread.php?t=1536147


    ඔබේ ලග්නය අනුව කියවෙන තොරතුරු බලන්න මෙතනින් යන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1529397
     
    Last edited:

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අයියෝ ඕවත් වැඩද? ශ්‍රී ලංකාවෙ ඔයිටත් වඩා පොඩි ඒව හදනව commercial scale එකෙන්ම..
    අපි ඒවට කියන්නෙ මදුරුවො කියල... ;)