ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයා ධවලෝත්තමවාදි
ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයා ධවලෝත්තමවාදියෙක් ! ධවලෝත්තමවාදයේ සිම්බල් එක ට්‍රම්ප් !!
අද (15) නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරය මේ වනවිට ලොවපුරා කතාබහට ලක්වන ප්‍රධාන මාර්තෘකාව බවට පත්ව තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ධවලෝත්තමවාදී (White Supremacist) පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
අදාල පුද්ගලයන් සිය ප්‍රහාරය එල්ල කරන ආකාරය ෆේස්බුක් සමාජ ජාලය හරහා සජීවීව විකාශය කර තිබේ. ඔහු මුස්ලිම් පල්ලිය වෙත පා ගමනින් පැමිණීමේ පටන් වෙඩි ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල කර නිදහසේ පල්ලියෙන් ඉවත්ව යන ආකාර එහි පැහැදිලිවම දර්ශනය වේ. අදාල වීඩියෝව විනාඩි 17 ක් පුරා දිවෙන බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පළමුව ඔහු “Let’s get this party started” යනුවෙන් සඳහන් කරන අතර ප්‍රහාරය අවසානයේ ඔහු පවසන්නේ තමාට තවත් ඉලක්ක කිහිපයක් සපුරා ගැනීමට තිබූ නමුත් ඒ සඳහා කාලය නොතිබූ බවයි. “There wasn’t even time to aim there was so many targets”
බෝම්බ ඇටවූ මෝටර් රථ කිහිපයක් නරගයේ නවතා තිබියදී නවසීලන්ත පොලීසිය විසින් සොයාගත් අතර ඒ අනුව ප්‍රහාරකයාට තවත් ඉලක්ක කිහිපයක් තිබූ බවට සිදුකළ ප්‍රකාශ සත්‍ය බවය වටහා ගත හැකිය.
මෙම ප්‍රහාරකයා හුදෙකලා පුද්ගලයෙකු නොවන අතර ඔහු සමග කණ්ඩායමක් සිටින බව මේ වනවිටත් තහවුරු වී ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර ඔවුන් විසින් ට්විටර් හරහා විශාල මතවාදයක් ගෙනයමින් සිටී. යුරෝපීය පස අල්ලාගෙන සිටින ඉස්ලාම් ආක්‍රමණිකයන්ට එරෙහිව සිය සටන දියත් කරන බව 28 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයා ප්‍රකාශ කර තිබෙන අතර ඔවුන් විසින් 'මහා ප්‍රතිෂ්ඨාපනය' යනුවෙන් හැඳින්වෙන වචන 16,000 ක් අඩංගු ප්‍රකාශනයක් ද සමාජ ජාලා හරහා ප්‍රසිද්ධියට පත්කර ඇත.
ධවලෝත්තමවාදය නැවත ලොවපුර හිස ඔසවන බව ප්‍රකාශ කරන ඔහු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවලෝත්තමවාදයේ සිම්බල් එකක් ලෙස, අනන්‍යතාවයක් ලෙස හඳුන්වා තිබේ. කෙසේ වෙතත් ට්‍රම්ප් ප්‍රතිපත්ති සම්පාදකයෙකු හෝ නායකයෙකු ලෙස සැලකිය නොහැකි බව ද ප්‍රහාරකයා පවසයි.
ට්විටර් හරහා ඔහු තවදුරටත් පවසන්නේ ධවලෝත්තමවාදීන් විසින් මෙම ප්‍රහාරය පළමු පියවර ලෙස සැලකිය යුතු බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී මුස්ලිම් අන්තවාදයට තව තවත් ප්‍රහාර එල්ල වනු ඇති බවත් එය රැල්ලක් බවට පත්ව දේශපාලනික හා සමාජයීය කතිකාවත් ඇතිවිය යුතු බවත් ඔහු සඳහන් කරයි.
UN

Code:
https://lankanewsweb.net