ක්‍රිකට් අර්බුදය ලොක්කන්ගේ කුමන්ත්‍රණය&#

Mr dulan

Junior member
  • Aug 1, 2010
    69
    29
    18
    Nugegoda
    ක්‍රිකට් අර්බුදය ලොක්කන්ගේ කුමන්ත්‍රණය&#

    4952-2019-02-01-06-20-02
    ලසිත් මාලිංග හා තිසර පෙරේරා අතර ගැටුමක් ඇති කර, ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ සම්බන්ධයෙන් පැතිර යන ආරංචි වෙනත් පැත්තකට යොමු කරමින් මහජන අවධානය වෙනස් කිරීමේ උපක්‍රමික වෑයමක් සිදුකරමින් පවතින බව වාර්තා වේ.

    කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා, ක්‍රිකට් තේරීම් කමිටුව හා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇති කරගෙන සිටින ආරවුල් සහගත තත්ත්වය මාධ්‍යයෙන් වසන් කිරීම සඳහා මෙසේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර අසමගියක් වර්ධනය කිරීමට පෙළඹී ඇති බවද දැනගන්නට ලැබේ.

    මෙම උපක්‍රමයට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාවද සම්බන්ධ කර ගැනීමට ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් මාධ්‍ය මෙහෙයුමක් දියත් කරමින් පවතින බවද ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

    කෙසේවුවත් මේ වන විට ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් පවතින තිසර පෙරේරා හා ලසිත් මාලිංගගේ ප්‍රශ්නය උණුසුම් කරමින් පුවත් මැවීමට මාධ්‍ය පොළඹ වීම සම්බන්ධයෙන් හා කණ්ඩායම අතර අසමගිය ඇති කර තමන්ගේ අඩුපාඩුකම් වසා ගැනීමට සිදු කරමින් පවතින මෙම අවිනීත ක්‍රියාව සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය වගකිව යුතු බවත් ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,483
    113
    The cricket board has to be run by a competent administrator. Not by ex-cricketers, politicians or bookies runners.
    This is a reality. Added bonus is a non -SriLankan coach.
    It's not that the team lacks cohesion.. They lack practice and have become worse than an an average club cricket team.