ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා වෙඩි ප්‍රහ

May 25, 2018
43
18
0
ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා වෙඩි ප්‍රහ

qiONIpI.jpg


රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී ඊයේ(24) රාත්‍රී 08.30ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජිවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ රත්මලාන වෙරළපාර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කේ. රංජන් සිල්වා නමැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්ය.

මෙහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

සිය නිවසේ මිදුලේ මිතුරන් සමග කතා කරමින් සිටින විට වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය සිදු කර ඇති අතර ඒ සඳහා ටි 56 ගිනි අවි යොදාගෙන තිබෙන බවට පොලිසිය පවසයි.

පළමු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මන්ත්‍රීවරයා දිවගොස් ඇති අතර ඔහු එලවා විත් නැවත වෙඩි තබා තිබෙනවා. ඔහුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12ක් පමණ දක්නට ලැබෙන බව සඳහන්.

මෙම වැඩි තැබීම සිදු කරන ලද්දේ රත්මලාන ප්‍රදේශයේ පිළිලයක්ව පවතින කුඩු ව්‍යාපාරය මෙහෙය වන කුඩු අන්ජු නමැති පුද්ගලයෙක් විසින් බව මන්ත්‍රීවරයාගේ පුත් හිටපු නාගරික මන්ත්‍රී සචිත්‍ර ද සිල්වා පවසා තිබෙනවා. මෙම කුඩු ව්‍යාපාරයට විරුද්ධව තම පියා කටයුතු කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බව ඔහු වැඩි දුරටත් පවසා ඇත. එමෙන්ම පසුගිය ජනවාරි 3 වැනිදා මෙම පිරිස තමන්වද ඝාතනය කිරීමට උත්සහ කලත් එය අසාර්ථක වූ බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් නෙත් නිව්ස් වාර්තා කර ඇත්තේ පාතාල කල්ලි දෙකක විරසක හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. රත්මලානේ ලන්සියාගේ කල්ලිය සහ රෝහාගේ කල්ලිය අතර දිගු කාලයක පටන් විරසකයක් පවතින අතර මියගිය රන්ජන් ද සිල්වා රෝහාගේ කල්ලියට ආධාර අනුබල දීම හේතුවෙන් ඝාතනය සිදු කර ඇති බවට සඳහන්.

ඝාතනය සිදුවන අවස්ථාවේදී ඒ අවට CCTV උපයෝගී කරගනිමින් පරීක්ෂණ කරගෙන යන බවට පොලිසිය පවසයි.

මේ අතර තම පියාගේ අභාවය හේතුවෙන් ක්‍ර්කට් ක්‍රීඩක ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත් වී තිබෙනවා.