ක්‍රිකට්-පිටුව

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ක්‍රිකට්-පිටුව

    අනේ මේ ඔයාලා ක්‍රිකට් ගැන ගොඩාක් දේවල් දන්නවා නේද?? බොරු කියන්න ඕනා නෑ මම නම් බොහොම පොඩ්ඩයි දන්නේ:confused:...... මම ඉස්සර ක්‍රිකට් ගැන එච්චර උනන්දු වුනේ නෑ:(.. ඒත් ලගදි ඉදන් මම ක්‍රිකට් ගැන ආස හිතුනා:yes:..... ඉතින් මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනා... මට ක්‍රිකට් ගැන හැම දෙයක්ම දැන ගන්න ඕනා.. ඒවා වල පාවිච්චි කරන වචන වල තේරුම එහෙම.... ඒවා මට ගොඩාක් වැදගත්:yes:.. ඔයාලා ක්‍රිකට් ගැන දන්නේ බොහොම පොඩි දෙයක් වෙන්න ඇති:rolleyes:... ඒත් ඒක වුනත් මට මහමෙරක් තරම් වටිනවා...... ප්ලීස් මට කියල දෙන්න:nerd:...... තවත් දන්නේ නැති අයට මේකෙන් වැඩක් තියේවි...:)

    එහෙනම් අපි TOSS එකෙන්ම පටන් ගමුද????;);)
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    TOSS එක කියන්නේ කාසියේ වාසිය... කාසිය උඩ දාලා වැටෙන පැත්ත ඉල්ලපු නායකයාට අවස්තාව ලැබෙනවා ඉස්සෙල්ලා බැට් කරන්න..... එයාට පුලුවන් ඒ අවස්තාව කැමැත්තෙන් අනික් ටීම් එකට දෙන්න....


    මෙ මචන්ලා හැබැයි අනික් ටීම් එක ඒක අනිවාර්යෙන් පිලි ගන්න ඕනාද???:confused: ඒක ප්‍රතික්ශේප කරන්න බෑ නේද:no:>>>>
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මන් මේ නිකමට වගේ අහන්නේ DJ චි කේ යි යා ඉන්නේ ලංකාවේ ද ? :D

    ම්ම්ම් වෙන්න ඇති...
    උදව්වක් බලාපොරොත්තුවෙන් මේක දැම්මෙ....
    ලන්කාවේ ඉන්න හැමෝම ක්‍රිකට් දන්නවා කියලද ඔයා කියන්නේ....
    අනේ මන්දා මීට වඩා දෙයක් මට කියන්න නෑ... ලන්කාවෙ ඔක්කොම මිනිස්සු ක්‍රිකට් දන්නවා ඇති... ඒත් උදව්වක් ඉල්ලපුවාම ඒකේ හේතුඵල හොය හොය ඉන්නවා මිසක් ඒකට උදව් කරන්න පෙලබෙන්නේ නෑ
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ටෙස්ට් ක්‍රිකට් තරග

    ක්‍රිකට් ක්‍රීඩාව දීර්ඝතම තරඟය ටෙස්ට් ක්‍රීඩාවයි. ජාතීන් දෙකක් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාවය උරගා බැලීමේ අවස්ථාවක ටෙස්ට් තරඟ එය ජනප්‍රියතාවයේ ඉහළම තරඟ හා ඕවර 20 තරඟ සමහර ක්‍රීඩා ලෝලීන් අතර වඩා ප්‍රචලිතව ඇත. ‘ටෙස්ට්’ යන නම ලැබෙන්නට හේතුව කණ්ඩායම් දෙකක් අතර ශක්තිය හා දක්ෂතාවය මැන බලන මිම්මක් ලෙස මෙම ක්‍රීඩාව සලකන බැවිනි. මුලින්ම මෙය ඇරඹුණේ එංගලන්තයේ හා ඔස්ට්‍රේලියාව අතර 1961 – 1962 දී පැවති තරඟයයි. නමුත් අද එය ටෙස්ට් තරඟයක් ලෙස නොසලකයි. ප්‍රථම නිළ ටෙස්ට් තරඟයක් ලෙස නොසලකයි. ප්‍රථම නිල ටෙස්ට් තරඟය ලෙස සලකනුයේ 1877 දී ඕස්ට්‍රේලියාවේ ටෙන්බෝල්හිදී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟයයි. එහිදී ලකුණු 45 ක ජයක් ඕස්ට්‍රේලියා‍වට හිමිවිය. දෙවන තරගය එංගලන්තය විසින් දිනාගත් අතර ඒ විකට් හතරක ජයකි. ඒ අනුව 1 – 1 ලෙස ජය පරාජය සටහන් වූ තරගයක් ලෙස අවසන් විය. මෙය ජාත්‍යන්තරව පැවති එකම ප්‍රථම තරගය නොවන අතර 1844 සැප්තැම්බර් 24 හා 25 දින කැනඩාව හා එක්සත් ජනපදය අතර ජාත්‍යන්තර තරගයක් පැවැත්වුණි.
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය - ඉතිහාසය


    1909 ජුනි 15 වන දින එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එහි නියෝජිතයන්ගේ හමුවක් “‍ලෝඩ්ස්” හි පවත්වා “රාජකීය ක්‍රිකට් සම්මේලනය” ආරම්භ කරන ලදී. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රිකට් පාලක මණ්ඩලවලට පමණක් සාමාජිකත්වය සීමා කරන ලදී. 1926 දී ඉන්දියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පූර්ණ කාලීන සාමාජිකයින් ලෙස පත් කරන ලදී. එමඟින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ගණන දෙගුණයක් එනම් හයක් බවට පත්විණි. 1947 පකිස්ථානය පිහිටුවීමෙන් පසු එයට 1953 දී ටෙස්ට් තත්වය දෙන ලදී. එමඟින් එය හත් වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රට බවට පත්විය. දකුණු අප්‍රිකාව 1961 දී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා අස්වූයේ නොසැලකිලිභාවය නිසාය. 1965 දී රාජකීය ක්‍රිකට් සම්මේලනය අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය ලෙස නැවත නම් කරන ලද අතර අළුත් නීති සකස් කරන ලද්දේ බ්‍රිතාන්‍ය සමූහාණ්ඩුවට අයත් නොවන රටවල්වලට එම සංවිධානයට පත්වීමට අවස්ථාව සලසා දීම සඳහාය. මෙය සම්මේලනයේ වර්ධනයට බලපාන ලදී. මෙහි සාමාජිකත්වය ඇතුළු වීමත් සමඟ , සාමාජිකත්වය ලබා ගන්නා රටවල්වලට එක් ඡන්දයක හිමිකම ලැබුණත් , සම්පූර්ණ සාමාජිකත්වය සහ මුල් සාමාජිකයින්ට ඡන්ද දෙකක අයිතිය ලබා දෙමිනි. මුල් සාමාජිකයින් ඡන්දයේ හිමිකාරීත්වයට පත්විය. 1981 දී ශ්‍රී ලංකා‍ව පූර්ණ සාමාජිකත්වයට පත්වීමත් සමඟ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් ගණන නැවත හතක් බවට පත්විය. 1989 දී නව නීති සම්පාදනය කරන අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය යන නම අද පවතින නම වන අන්‍තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලෙස නැවත වෙනස් කරන ලදී. 1991 දී දකුණු අප්‍රිකාව නොසලකා හරින ලද තත්වය අතහැර, එයට සම්පූර්ණ සාමාජිකත්වය ලබා දී නැවත සංවිධානයට බඳවා ගන්නා ලදී. ඉන්පසුව 1992 දී සිම්බාබ්වේ ඇතුළත් වීමත් සමඟ ටෙස්ට් ක්‍රීඩා කරන ජාතීන් සංඛ්‍යාව නවය බවට පත්විය. 2000 දී බංග්ලාදේශය 10 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතික වශයෙන් ඇතුළත් වෙන ලදී.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම

    200px-Sri_Lanka_Cricket_Logo.png


    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම යනු ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමයි. කණ්ඩායම ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලුනේ 1926-27 දී වන අතර, පසුව 1981 දී ටෙස්ට් තත්ත්වය පිරිනැමීමත් සමගම, ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රීඩාවෙහි නියැලෙන අටවන රට බවට පත් විය. පූර්වයේ සිටි පීඩිත තත්ත්වයෙන් මිදී, 1990 ගණන් වලදී ප්‍රධාන ක්‍රිකට් දේශයක් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවමින් 1996 ක්‍රිකට් ලෝක කුසලාන දිනාගැනුමට සමත් වූ කණ්ඩායම, ලෝක ශූරයන් බවට පත් වූහ. එතැන් සිට, කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කරලියෙහි ප්‍රධාන බලවේගයක් බවට සන්තතිකව පැවතියහ. ක්‍රීඩාවෙහි, ටෙස්ට්, එදිජා සහ, විස්සයි20 යන තුන් ආකාරයෙහිදීම, වැඩිම කණ්ඩායම් ලකුණු සංඛයාව ලබාගැනුමෙහි ලෝක වාර්තා ඇතුලත්ව, විවිධ ලෝක වාර්තා වර්තමානයෙහිදී දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වී ඇත. වර්ෂාවෙන්-බාධා පැමිණි 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය ක්‍රීඩා කෙරුමට සුදුසුකම් ලැබුමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂයෝ වූහ. පසුගිය වසර 15 තුලදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙහි සාර්ථකත්වයන්ට උර දුන්නේ, තවද බොහෝ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දායකත්වයන් අතරෙහි, සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා (විශ්‍රාම ගිය) ගේ පිති හරඹය හා සමග සුසංයෝගවූ, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් ගේ පන්දු යැවීමයි. කණ්ඩායමෙහි පරිපාලනය සිදුකරනුයේ ශ්‍රී ලංකා ක්‍රීකට් විසිනි.
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මෙය ජාත්‍යන්තරව පැවති එකම ප්‍රථම තරගය නොවන අතර 1844 සැප්තැම්බර් 24 හා 25 දින කැනඩාව හා එක්සත් ජනපදය අතර ජාත්‍යන්තර තරගයක් පැවැත්වුණි.

    :shocked:එළ එළ,දිගටම post කරපන්
    rep+
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ක්‍රිකට් දන්න අය ඉන්නේ එච්චරද????:dull:
    හරි... මට අඩු ගානේ මේ ටිකවත් කියලා දෙන්න:confused:

    DEAD BALL
    DOT BALL
    WIDE
    NO BALL
    POWER PLAY - මේක ගැන ටිකක් වැඩියෙන් කියලා දෙන්න... මේක ටෙස්ට් වලත් තියෙනවද>>>>
    LEG SIDE
    OFF SIDE
     

    udithshan

    Active member
  • Jul 1, 2011
    427
    209
    43
    අපි මාතර..!
    DJ චි කේ යි යා;10930679 said:
    ම්ම්ම් වෙන්න ඇති...
    උදව්වක් බලාපොරොත්තුවෙන් මේක දැම්මෙ....
    ලන්කාවේ ඉන්න හැමෝම ක්‍රිකට් දන්නවා කියලද ඔයා කියන්නේ....
    අනේ මන්දා මීට වඩා දෙයක් මට කියන්න නෑ... ලන්කාවෙ ඔක්කොම මිනිස්සු ක්‍රිකට් දන්නවා ඇති... ඒත් උදව්වක් ඉල්ලපුවාම ඒකේ හේතුඵල හොය හොය ඉන්නවා මිසක් ඒකට උදව් කරන්න පෙලබෙන්නේ නෑ
    හරි හරී.. මෙයාට ජෝක් තේරෙන් නෑ නේ :D

    DEAD BALL- ඒ කියන්නේ අජීවී පන්දුවක්. පන්දු යවන්නා බෝලේ දාන්න දුවන් ඇවිත් නොදා හිටියම හරි පන්දුව දැම්මට පස්සේ පිතිකරුවාගේ සීමා ඉරෙන් මෙහා තුන පාරක් බම්ප් උනොත් හරි විනිසුරු තුමා එක අජීවී පන්දුවක් එහෙම නැත්නම් dead ball එකක් විදියට සංඥා කරනවා
    DOT BALL- පිතිකරුට පන්දුවට ලකුණක් ලබා ගන්න බැරි උනොත්එම පන්දුව ඩොට් ball එකක්
    WIDE- පිතිකරුට ක්‍රීඩා කරන්න පුළුවන් සීමාවක් තියනවා. එකෙන් එහා පන්දුව යැව්වෝත් එක වයිඩ් පන්දුවක්. ODI වලදී පිතිකරුගේ පා ඉන්නෙන් පිටතින් යන පන්දු වයිඩ් පන්දු උනාට Test වලදී එහෙම නෑ
    NO BALL- No ball එහෙම නැත්නම් නිපන්දු වර්ග ගොඩක් තියනවා,

    *පන්දු යවන්නා තමන්ගේ සීමා ඉර ඉක්මවා ගිහින් දාන පන්දුවක්
    No ball

    *පිතිකරුට එක එල්ලේම තමන්ගේ ඉනට උඩින යොමු උන පන්දුවක්

    *POWER PLAY අවස්ථාවකදී යාර 30 සීමාව තුල ඉන්න ඕන ක්‍රීඩකයන් ගණන හිටියේ නැතුව පන්දුවක් දම්මොට් එකට් No ball යක

    POWER PLAY - දැනට මේක තියෙනේ ODI ඒ කියන්නේ එක්දින ජාත්‍යන්තර තරග වලදී විතරයි. මේකෙදි මුල් ඕවර 10 ( T20 නම් මුල් ඔවර් 6 ) දී යාර 30 සීමාවෙන් එහා පන්දු රකින්නන් 2 යි යොදවන්න පුලුවන්. 50 ඕවර් තරගෙකදී බැට්ස්මෙන් ලටයි බෝව්ලේර්ස් ලටයි වෙන වෙනම ඕවර් 5 බැගින් තවත් POWER PLAY අවස්ථා ලැබෙනවා. එක එම ඉනිම තුලදී ලබාගන්න ඕන.

    LEG SIDE- පිතිකරුගේ පිත්ත හසුරුවන්නේ නැති පැත්ත
    OFF SIDE- පිතිකරු පිත්ත හසුරුවන පැත්ත

    මේවායේ පොඩි පොඩි වැරදි තියනවන්ම් නිවැරදි කරන්නකෝ.. :confused::yes: