ක්රිකට් පිලට ජය පතා ආශිර්වාද පූජා
ක්රිකට් ලෝක කුසලාන වෙනුවෙන් තරග වදින ශ්රී ලංකා කණ්ඩායමට ශක්තිය ධෛර්යය පතා මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ උපදෙස් මත සංවිධාන කෙරෙන සර්වාගමික ආශිර්වාද වැඩසටහන් රැසක් අද (31) පැවැත්වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය පෙරටු කොට ගෙන ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රාහී මානසිකත්වය වර්ධනය කිරීමට අද උදෑසන කැලණිය රජ මහා විහාරයේදී බෞද්ධාගමික ආශිර්වාද පැවැත්වෙන අතර රාත්රියේ කැලණිය විෂ්ණු දේවාලයේදී හින්දු ආගමික වතාවත් සිදු කෙරේ.
අපේ කණ්ඩායමට ශක්තිය ධෛර්ය පතනු පිණිස සියලු ලක් දූ පුතුන් එක්ව තම තමන් අදහන ආගම්වලට අනුකූලව ඒ ඒ සිද්ධස්ථානවලට ගොස් අද ආගමික වතාවත්වල යෙදෙන ලෙස ද ඇමැතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

mulu lankawama ape team eka ekka ekathu wela inna welawe pissu natana kalakanni tikakuth innawa