අපේ කොල්ලො ටික බෝල ගහන විදියට ඇග සීතල වෙලා යනව උනත් ආයෙමත් ක්‍රිකට් උණුසුම පැතිරිලා තියෙන්නෙ. අදත් ඉතින් දන්න ක්‍රිකට් ගෙන නොදන්නා දෙයක් ගැන හොයල බලන්නයි මේ සුදානම. මට මේ ප්‍රශ්නේ ඇති උනේ අපේ කට්ටිය එංගලන්තේ සෙල්ලම් කරපු දවස් වල. එහෙ විස්තර විචාරය කරපු "සුදු මහත්වරු" නිතරම කියපු දෙයක් තමයි අපේ කොල්ලොන්ට එහෙ බෝලෙන් බෝල් කරන්න තේරෙන්නේ නෑ කියපු එක. මං ඉතින් අපේ අයට ඕක පුලුවන්ද බැරිද දන්නේ නැ. එත් මේ එහෙ බෝල වලයි මෙහෙ බෝල වලයි වෙනස මොකක්ද කියන එක නම් හොයල බලන්න හිතුණා.
අනිත් සෙල්ලන් වල වගේ නෙවෙයි මේක මහත්වරුන්ගේ ක්‍රීඩාව නිසාද මන්ද ක්‍රිකට් බොලේ නිෂ්පාදනය කරන හැටි ගෙන සම්මතයක් තාම නැ. කොහොම වුනත් සාමාන්‍ය ක්‍රිකට් බෝලයක බර ග්‍රෑම් 159.9 ඉදන් ග්‍රෑම් 163ක් වෙනකල් වෙනවලු. ක්‍රිකට් බොලේ ඇතුල් කොටස හදල තියෙන්නේ කිරල විශේෂයකින්. ක්‍රිකට් බොලේ ඉලිප්පිමට හේතු වෙන්නේ මෙන්න මේ කිරල වලින් හදපු ඇතුල් කොටස යි. මුලින්ම ක්‍රිකට් පන්දුව හැදුවේ මිනිස් ශ්‍රමයෙන්. මෙහිදී මුලින්ම කිරල වලින් සැදු හතරැස් කුට්ටියක් වටේට කපු විශේෂයකින් හදපු සිහින් පටි ඔතනවා. මෙමගින් තමා බොලේ රවුම් හැඩය ලබා ගන්නේ. ඉන් පසුව පන්දුවේ පිටත ආවරණය සාදාගන්නේ හම් කොටස් 4කින්. ඉන් පසුව මෙම හම් කොටස් හතර එකට එකතු කර පන්දුවක් ආකාරයට මසනවා. නමුත් වර්තමානයේ විවිධ නිෂ්පාදකයින් විසින් මෙම කිරල හරය භාවිතා කරන අකාරය වෙනස් වෙනවා. සමහර පන්දු සදහා කිරල වලින් සැදු ගෝලයක් භාවිතා කරන අතර සමහර පන්දු සදහා කුඩා කොටස් වලට කැපු කිරල පතුරු භාවිත කරනවා. තවත් පන්දු නිෂ්පාදකයින් කොටසක් මේ සදහා රබර් මිශ්‍රිත කිරල විශේෂයක් භාවිතා කරනවා. මේ විවිද වෙනස්කම් නිසා පන්දුවේ හැසිරීමත් වෙනස් වෙනවා.
රබර් සහ කිරල භාවිත කල පන්දු දෙකක හරස්කඩක්
මුලින්ම ක්‍රිකට් පන්දු නිෂ්පාදනය කරේ රතු පාටට. නමුත් දිවා රාත්‍රී ක්‍රිකට් තරග ආරම්භයත් සමගම රාත්‍රී කාලයේ හොදින් දර්ශනය වන වර්ණයක් පන්දුව සදහා භාවිතා කිරීමට සිදු වුණා. මේ සදහා කහ, තැඹිලි වැනි වර්ණ අවසානයේ වඩාත්ම සාර්ථක වර්ණය වුනේ සුදු වර්ණයි. මෙම ක්‍රිකට් පන්දු ගෝලාකාරයි කියල හිතුවට පන්දුවේ එකිනෙකට ලම්භක තල 2ක් ඔස්සේ පරිධිය එකිනෙකට වෙනස් වෙනවා.ඒ මිලිමීටර 229සහ 224බැගින්.
වර්තමානයේ අන්තර්ජාතික ක්‍රිකට් තරග සදහා පන්දු වර්ග 3ක් භාවිතා කරනවා. එංගලන්තය DUKES පන්දුත් ඉන්දියාව SG පන්දුත් අනෙකුත් රටවල් Kookaburra පන්දුත් භාවිතා කරනවා.දැන් අපි බලමු මේ එක එක පන්දු වර්ග වල වෙනසකම් මොනවද කියල.
· Duke සහ SG පන්දු මිනිස් දෑතින් නිර්මාණය වුනත් Kookaburra පන්දු නිෂ්පාදනය වන්නේ යන්ත්‍ර භාවිතයෙන්.
· පන්දු අතර වෙනසට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ පිටත සම් ආවරණයේ ප්‍රමිතිය සහ සීම් එකේ උස සහ ප්‍රමිතියි.
· Kookaburra පන්දු අනෙක් පන්දු වලට සාපේක්ෂව වඩා රතු පැහැති වන අතර එය පළමුවැනි පන්දුවේ සිටම දොලනයට ලක් වීමේ ප්‍රවනතාවයක් දක්වනවා. මේ නිසා දොලනයට හිතකර තත්ත්ව සහිත අවස්ථාවකදී පළමු පන්දු වාර 30පමණ පන්දුවට පහරදීම අපහසු වෙනවා.
· Duke පන්දුව සාපේක්ෂව අදුරු රතු පැහැයක් ගන්නවා. මෙම පන්දුව දොලනයට ලක් වන්නේ පන්දුවේ ගෙවීමත් සමගම එහි අලේප කර ඇති ලැකර් ආවරණය ඉවත් වුණා පසුවයි.
· ආසියානු සහ අප්‍රිකානු තණ තීරු වල පවතින කඩතොළු සහිත ස්වභාවය නිසා Duke පන්දු වල සවිමත් බව රදවාගැනීම අපහසු වන බව පවසනවා.
· SG පන්දුව Duke පන්දුවේ වර්ණයට සමාන වුනත් දොලනයට ලක්වීමේ හැකියාව ඉතා අඩුයි. SG පන්දුවෙන් Reverse Swing කිරීමත් අපහසු බවයි පැවසෙන්නේ.
· Kookaburra පන්දු වල දිස්නය බොහෝ කාලයක් පැවතුනත් පන්දු වර 35 ක් පමණ අවසාන වන විට පන්දුව මෘදු වීමට ආරම්භ වෙනවා. සීමයේ බලපෑමත් අඩු වන නිසා මෙම පන්දුව භාවිත කල විට අවසන් පන්දුවාර වල පන්දුවට පහර දීම පහසු වෙනවා.
· SG පන්දු වල සීමය සහ එහි ප්‍රමාණය නිසා දඟ පන්දු යවන්නන්ට පන්දුව ග්‍රහණය කර ගැනීම පහසු වනවා. ඉන්දියාව තුල සාර්ථක වන ඉන්දීය දඟ පන්දු යවන්නන් බොහෝ විට ඔස්ට්‍රේලියාව වැනි රට වලදී සාර්ථක නොවීමට Kookaburra පන්දු ග්‍රහණය කර ගැනීමේ අපහසුව බලපාන බව පැවසෙනවා.
සාමාන්‍යයෙන් Kookaburra පන්දුවක් $ 43.47 ක් පමණ වන අතර SG පන්දුවක් $ 13 ක් පමණ මිල වනවා.
අපි ඉතින් දැන් එක එක රටවල් වල හදන ක්‍රිකට් පන්දු ගැන කතා කරනේ. අපේ රටේ හදන ක්‍රිකට් පන්දු මොන වගේද, ඒවගේ ගණන් හිලවු කොහොමද කියල දන්නවද? අපේ රටේ මිනිස්සුන්ගේ ඉතින් බාල වැඩ නැ නේ. අපිට ඉතින් ඔය ඩොලර් දහයේ විස්සේ බෝල හදල පුරුදු නැ නේ. කෙලින්ම ඩොලර් 68000 යි.මෙන්න අපේ රටේ හදන ක්‍රිකට් පන්දුව.
මේක හදල තියෙන්නේ 2004 අවුරුද්දේ. මේක කැරට් 53.83ක් බරයි. පිරිසිදු රත්තරන් වලින් නිපදවපු සීමය ග්‍රෑම් 125ක් බරයි.
මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ සම්ප්‍රදායික විදිහට ක්‍රිකට් පන්දුවක් හදන ආකාරයයි.
උපුටා ගැනීම ටෙක්නිකල් හංදිය වෙබ් අඩවියෙනි
සටහන දමින් අබේවර්ධනගෙනි
අපි ඉතින් දැන් එක එක රටවල් වල හදන ක්‍රිකට් පන්දු ගැන කතා කරනේ. අපේ රටේ හදන ක්‍රිකට් පන්දු මොන වගේද, ඒවගේ ගණන් හිලවු කොහොමද කියල දන්නවද? අපේ රටේ මිනිස්සුන්ගේ ඉතින් බාල වැඩ නැ නේ. අපිට ඉතින් ඔය ඩොලර් දහයේ විස්සේ බෝල හදල පුරුදු නැ නේ. කෙලින්ම ඩොලර් 68000 යි.මෙන්න අපේ රටේ හදන ක්‍රිකට් පන්දුව.
මේක හදල තියෙන්නේ 2004 අවුරුද්දේ. මේක කැරට් 53.83ක් බරයි. පිරිසිදු රත්තරන් වලින් නිපදවපු සීමය ග්‍රෑම් 125ක් බරයි.
මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ සම්ප්‍රදායික විදිහට ක්‍රිකට් පන්දුවක් හදන ආකාරයයි.
උපුටා ගැනීම ටෙක්නිකල් හංදිය වෙබ් අඩවියෙනි
සටහන දමින් අබේවර්ධනගෙනි
