ක්‍රිකට් රස කතා : අංක 1

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ක්‍රිකට් රස කතා : අංක 1

    මේක සිද්ධ වුනේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟයකදි. පන්දුවට පහර දෙමින් හිටියෙ ලෝක පූජිත බටහිර ඉන්දීය ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචඩ්ස්. මේ හැබැයි ඔහු ක්‍රීඩාවට ආපු අලුත. ඔහුගෙ දස්කම් ගැන වැඩි දෙනෙක් දැන ගෙන හිටියෙ නෑ. තරඟයේ ඒ වෙලාවෙ පන්දු යවමින් හිටියෙ ග්ලැමෝර්ගන් පිලේ ග්‍රෙග් තෝමස්.
    තරුණ රිචඩ්ස් ට තෝමස් ගෙන් වැටුණු පලවෙනි පන්දුව පිතිකරුවා පරාජය කරමින් කඩුලු රකින්නා අතට ඇදී ගියා. තරුණ ක්‍රිඩකයව මානසික වට්ටන්න සැලසුම් කරපු තෝමස් , පිතිකරුවා අසලට ඇවිත් මෙහෙම කිව්වා.
    “මේ බෝලෙ රතු පාටයි, උඹට පේන්නෙ නැද්ද මිනිහො?”
    රිචඩ්ස් නෙවෙයි කට හෙල්ලුවෙ. තෝමස් ගෙ ඊළඟ පන්දුවටත් රිචඩ්ස් පරාජය වුනා. තවත් දිරි ලබපු තෝමස් ඊළඟ වචන ප්‍රහාරයත් එල්ල කලා.
    “මේ බෝලෙ රවුම්, අවුන්ස පහ මාරක් විතර බරයි. ඒත් උඹට පේන්නෙ නැද්ද මිනිහො?”
    රිචඩ්ස් සන්සුන්ව ඉවත බලා ගත්තා. තෝමස් දුව ගෙන ඇවිත් තව පන්දුවක් දැම්මා. මේ වතාවෙ හොඳට අධිෂ්ඨානයෙන් පන්දුව බලපු රිචඩ්ස් එල්ල කරපු දැවැන්ත පහර ක්‍රිඩාංගනයෙන් ඉවතට ඇදිලා ගියා. වෙච්ච දේ හිතා ගන්න බැරුව පන්දුව යන දිහා අන්ද මන්ද වෙලා හිටපු තෝමස් ළඟට ආපු රිචඩ්ස් තව හයේ පාරක් දුන්නා වචනයෙන්.


    “උඹ හොඳට දන්නවනෙ බොලෙ මොන වගේද කියලා. දැං ගිහිං හොයාගෙන වරෙං”


    ඒ පහර ක්‍රිඩාංගනය අසලින් ගලා ගිය ඟගට වැටුනා කියල තමයි කියන්නෙ
    icon_smile.gif



    ඉස්සුවෙ : http://www.thelastrow.net/2012/03/ක්‍රිකට්-කතා-අංක-5/

    අපිටත් REP වලින් සලකල යන්න හොදේ....

    ක්‍රිකට් රස කතා අංක 2: http://www.elakiri.com/forum/showthread.php?t=1400094
     
    Last edited:

    Similar threads