ක්‍රිකට් වාග් මාලාව
මම මීට කලින් දවසක A ඉඳන් C දක්වා වචන වල තේරුම් තියෙන post එකක් දැම්ම. අද දාන්න යන්නෙ ක්‍රිකට් වල පාවිච්චි වෙන D-G දක්වා වචන කීපයක තේරුම්.
පකිස්ථානයේ සක්ලේන් මුශ්ටාක් - දුස්රා එක මුලින්ම දැම්මෙ මෙයා තමයි.
Doosra – පිට දඟ පන්දු යවන්නෙකු විසින් තම සුපුරුදු දිශාවට විරුද්ධ අතට දඟ කැවෙන සේ යවන පන්දුව මෙලෙස හඳුන්වනවා. පකිස්ථානයේ සක්ලේන් මුශ්ටාක් විසින් මුල්වරට භාවිතා කළ මෙහි අරුත උර්දු බසින් “අනෙක් එක” යන්නයි. මුත්තයියා මුරලිදරන් සහ පකිස්ථානයේ සයිඩ් අජ්මාල් දුස්රා පන්දුව හොඳින් ප්‍රගුණ කළ පන්දු යවන්නන් දෙදෙනෙක්.
Drift – දඟ පන්දු යවන්නෙකු යවන පන්දුව ගුවනේදී දඟ කැවීමට විරුද්ධ දිශාවට දෝලනය වීම මෙලෙස හඳුන්වනවා.
Duck – පිතිකරුවෙකු ලකුණු නොලබා දැවීයාම duck එකක් ලෙස හඳුන්වනවා. 0 තාරාවෙකුගේ බිත්තරයක හැඩයට උපමා කිරීමෙන් මෙම යෙදුම භාවිතයට පැමිණි බවයි සැලකෙන්නේ. පිතිකරුවා තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය විට golden duck එකක් ලෙසත් එක් පන්දුවකට හෝ මුහුණදීමට ප්‍රථම දැවීගියේ නම් diamond duck එකක් ලෙසත් ව්‍යවහාර වෙනවා.
Dust bowl – දඟ පන්දු යවන්නන්ට වැඩි සහයක් දෙන වියළි තණතීරු මෙලෙස හඳුන්වනවා. මෙවැනි තණතීරු ටෙස්ට් තරගයක පළමු දිනයේ පටන්ම දඟ පන්දු යවන්නන්ට සහය දෙන අතර අවසන් දින කිහිපයේදී පිතිකරණය අතිශයින්ම අපහසු නිසා මෙවැනි තණතීරු minefield ලෙසත් හඳුන්වනවා. ඉන්දියාවේ කල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්, චෙන්නායි සහ ශ්‍රී ලංකාවේ ගාල්ල තණතීරු මීට හොඳ උදාහරණ.
Gardening – පිතිකරුවන් විසින් තණතීරුවේ කඩතොළු සහිත තැන් පිත්තෙන් සකස් කරන ආකාරය ඔබ දැක ඇති. Gardening යනුවෙන් හඳුන්වන්නේ මෙම ක්‍රියාවයි.
Good length – පිතිකරුවාගේ ඉණ තෙක් පමණ ඉලිප්පීමට පන්දුව පතිත කළ යුතු දුර (length එක ) මෙලෙස හඳුන්වනවා. මෙවැනි පන්දු වලට ක්‍රීඩා කළ යුත්තේ පෙර පාදයේ ද නැතිනම් පසු පාදයේද යන්න තීරණය කිරීම අපහසු බැවින් මෙම length එකට good length යැයි පවසනවා. මෙය සාමාන්‍යයෙන් පිතිකරුවාගේ සීමා ඉරට යාර 3-5 මෑත කලාපයයි. නමුත් තණතීරුවේ ඉල්පීම (bounce) මත මේ දුර වෙනස් විය හැකියි.
Googly – පා දඟ පන්දු යවන්නෙකු විසින් තම සුපුරුදු දිශාවට විරුද්ධ අතට දඟ කැවෙන සේ යවන පන්දුව මෙලෙස හඳුන්වනවා. (පිට දඟ පන්දු යවන්නෙකුගේ දුස්රා පන්දුවට අනුරූපව පා දඟ පන්දු යවන්නෙකු සතු පන්දුව) ඇතැම් විට මෙය රෝන්ග් අන් (wrong’un) ලෙසද හඳුන්වනවා.
ක්‍රිකට් ගැන තවත් දේ සිංහලෙන් කියවන්න, මගේ blog එක පැත්තෙ එන්න.
http://cowkorner.wordpress.com/