ක්‍රිකට් හා බැඳුනු හාස්‍යජනක සිදුවීම් එකොළහක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ දවස්වල තියෙන ක්‍රිකට් උණුසුමත් එක්ක අද අපි ඔබට ක්‍රිකට් ඉතිහාසයේ අපුරු සිදුවීම් පෙළක් ගෙන එන්න අදහස් කළා. ලෝක වාර්ථා අමතක නොවන ජයග්‍රහණ, පරාජ වලින් පිරී තිබෙන ක්‍රිකට් ඉතිහාසය තුළ හිතාගන්නත් අමාරු ඉතා රසබර සිදුවීම් කිහිපයකුත් තියනවා. ඉල ඇදෙන තුරු හිනා වෙන්න පුළුවන් රසවත්, පුදුම සිද්ධින් (සමහර වෙලාවට විකාර) ඒ අතර බොහොමයි. කියවල බලන්න ටිකක් හිනාවෙන්න කියාපු ලිපිය. තවත් මේ වගේ අපූරු සිද්ධි තියනවනම් comment කරන්නත් අමතක කරන්න එපා.

    ක්‍රීඩකයින් නෑ. පන්දු රකින්න අලෙවි කළමනාකරුවෙක්
    01...jpg

    සිඩ්නි ක්‍රීඩා පිටිය අද (www.bettingadda.com)

    මේ අපුරු සිද්ධිය ක්‍රිකට් වංශකතාවට එකතු වෙන්නේ 1989 ජනවාරි 12 වැනිදා. ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවති ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම් අතර පැවතී එක් දින තරඟයේදීය. ක්‍රියාත්මක වන්නට තිබුනේ තරඟයේ අවසන් පන්දු ඕවරයයි. නමුත් අවාසනාවන්ත ලෙස ඕස්ට්‍රේලියානු පිලේ පන්දු රකින ස්ට්ව් වෝ හදිසියෙන්ම මස් පිඩු අබාධයකට ලක්විය. ඕස්ට්‍රේලියාව සතු සියළුම අතිරේක ක්‍රීඩකයන් මේ වන විට විවිධ අබාධ වලට ලක් වී විවේක ගනිමින් සිටියා.

    මොහොතකින් ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් කවදාවත් නොදැකපු ක්‍රීඩකයෙක් ක්‍රිකට් ඇදුම් ඇදගෙන පිටියට දුවගෙන එන්නට විය. ඔවුන් සිතුවේ අළුත් ක්‍රීඩකයෙක් ආදේශ කරලා කියලයි. කිසිම ක්‍රීඩකයෙක් නැති බැවින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම් කළමණාකරු මේ එවල තිබ්බේ නීල් මැක්ස්වෙල් කියන නිවු සවුත් වේල්ස් ක්‍රිකට් සම්මේලනයේ අලෙවි කළමණාකරුවෙක්වයි.පිටියට ආපු මැක්ස්වෙල් ඕවරයක් පන්දු රැක්කත් මේ බව ක්‍රීඩා ලෝලීන්ට වැටහුණේ තරඟය ඉවර වුනාට පස්සේ.

    ගවුමත් එක්ක බැරි හින්දා උරහිසට ඉහලින් පන්දුව යවලා

    1860 පමණ වන තෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිත්‍යානුකූල පන්දු යැවීමේ ඉරියව්ව වුයේ උරහිසට පහළින් පන්දු යැවීමයි.(underarm) උරහිසට ඉහලින් පන්දුව යොමු කිරීම හදුන්වල දීල තියෙන්නේ කාන්තාවක්. සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ ජෝන් විල්ස් ගේ සහෝදරිය වූ ක්‍රිස්ටිනා විල්ස් මුල් වරට උරහිසට ඉහලින් පන්දුව යොමු කරලා තියෙන්නේ.පසුව මෙම යොමු කිරීම නිත්‍යානුකුල වෙලා.හැබැයි ක්‍රිස්ටිනා නම් කිසිදිනක එසේ වෙයි කියා සිතන්නට නැතුව ඇති.මොකද ඇය එසේ පන්දුව උරහිසට ඉහලින් යොමු කරලා තියෙන්නේ ඇයගේ විශාල ගවුම, උරහිසට යටින් පන්දු යැවීමට බාධා වන හින්ද කියල තමයි සදහන් වෙන්නේ.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පොලිස් බල්ලොන්ට බයවෙලා
    02.-1.jpg

    1998 අප්‍රේල් 23 වන දා පැවති අවසාන තරගයේදී පකිස්ථාන කණඩායම පරදවා ස්ටෑන්ඩ් බැංකු කුසලානය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක Cronje (www.espncricinfo.com)

    මේකත් රසබර සිදුවීමක්, ඒ 1998 දකුණු අප්‍රිකාවේ පැවති ස්ටෑන්ඩ් බැංකු තුන් කොන් තරගාවලියේදී. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරඟයට එක් වීමට කලින් ඉවත් වෙන්න සිදු වුනේ අසාර්ථක පන්දු රැකීම හේතුවෙන්. තරඟාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුව දෙසට වේගයෙන් දුව යාමත් හතරේ සීමාව අසළ පන්දු රැකීමත් නියම ආකාරයෙන් කලේ නෑ. හැබැයි මේක දකුණු අප්‍රිකානු පුවත් පත් වල සදහන් කරලා තිබුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතරේ සීමාව අසළ සිටි පොලිස් බල්ලට බිය වී පන්දු රැකීමට ඒ දෙසට දිව නොගිය බවයි. ඉතින් දකුණු අප්‍රිකානුවන් අපේ ක්‍රීඩකයන් පරාද කලේ ඉතාමත් පහසුවෙන්.

    ඇදුම් නැති වුන බටහිර ඉන්දීය කොදෙව් පිළ

    1984 නොවැම්බර් මාසයේදී ඉන්දියානුවන් හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර විශාඛා පට්ටනම් ක්‍රීඩාංගණයේදී එක් දින තරඟය නියමිත වෙලාවට පටන් ගැනුනේ නෑ. මේ නිසා ප්‍රේක්ෂකාගාරය නොඉවසිල්ලෙන් බලන් හිටියා. කෙසේ හෝ ප්‍රමාද වී තරඟය පටන් ගත්තත් දෙපිළම ඕවර 44කට සීමා කිරීමට විනිසුරුවරු තීරණය කර තිබුනා. ඇත්තටම මේකට හේතුව හොයල බලද්දී දැන ගන්න ලැබුනේ කොදෙව් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ඇදුම් නැතිකමලු. ඒවා ඔවුන්ට නියමිත වෙලාවට ලබා දෙන්න අදාල සමාගමට බැරි වෙලා.

    තරඟයකදී පිට පිටම ඕවර දෙකක් යවලා

    03.-1-e1472894214276.jpg

    පන්දුවට පහර දෙන වොරික්. ඉතාමත් සද්දන්ත පුද්ගලයෙක් වූ වොරික්ගෙ සුරතල් නාමය වුයේ Big Ship (විශාල නැව) (www.espncricinfo.com)

    ඔබ දැකලා තිබෙනවද එකම ක්‍රීඩකයෙක් එක තරඟයකදී එක පන්දු වාරයක් අවසන් කර තවත් පන්දු වාරයක් යවනවා. මේ අපුරු සිද්ධිය වෙලා තියෙන්නේ 1921 වසරේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මැන්චෙස්ටර් හී පැවති ටෙස්ට් තරඟයකදී. මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩකයින්. තරඟයේ පළමු දිනයේ අවසාන ඕවරය යවන ලද්දේ ඕස්ට්‍රේලියාවේ මද වේග පන්දු යවන්නෙකු වන වොරික් ආම්ස්ට්‍රෝං. තරඟයේ දෙවන දිනයේ පළමු ඕවරය යවන්නට පටන් ගත්තෙත් මෙම ක්‍රීඩකයාමයි. මෙය කුමන හෝ අතපසු වීමකින් සිදු වුවත් ක්‍රිකට් ඉතිහාසයේ අපුරු වාර්ථාවක් ලෙස ඉතිහාසයට එක් වී අවසන්.

    පන්දුව උරහිසේ වැදුනත් lbw දැවීයාමක්

    04.jpg

    පන්දුව උරහිසේ වැදුණු මොහොත (www.sportskeeda.com)

    lbw එකේ තේරුම Leg Before Wicket. ඒ කියන්නේ පාදයෙන් කඩුල්ල මුවා කිරීමේ වරද . හැබැයි මේ අවස්ථාවේදිනම් කඩුල්ල මුවා වෙන්නේ උරහිසින්. හැබැයි මේ අවස්ථාව lbw දැවී යාමක් ලෙස විනිසුරුවරයා තීරණය කරනවා. මෙහිදී සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් තමයි මැක්ග්‍රාත්ගෙ පන්දුවක් හමුවේ දැවී යන්නේ. විනිසුරු ඩැරල් හාපර් දැවීයාමක් ලෙස තීරණය ලබා දෙනවා.

    දිගම නම තිබෙන ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ

    05.-1.jpg

    ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නා චමින්ද වාස් (www.foxsports.com.au)

    මේකත් අපි නොදන්නා පුදුම දෙයක්.වර්ණකුලසුරිය පටබැදිගේ උෂාන්ත චමින්ද ජෝසප් වාස්. ඒ කියන්නේ අපි කවුරුත් හොදින් දන්නා චමින්ද වාස්ට තමයි එක් දින තරඟ ඉතිහාසයේ දිගම නම තියෙන්නේ.

    බොතම්ගේ ඌරා

    06.-1.jpg

    බොතම්ගේ ඌරා (www.dailymail.co.uk)

    මේකනම අපි ගොඩක් දෙනා දන්නා සිද්ධියක්. ඉයන් බොතම් කියන්නනේ එංගලන්තයෙන් බිහිවුණු සුපිරි තුන් ඉරියවු ක්‍රීඩකයෙක්. 1982/83 අළු බඳුන තරගාවලියේ ඉයන් බොතම් ක්‍රීඩාවේ යෙදෙන විට ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් පිටිය මැදට ඌරෙක් එවලා තිබුනා. ඌරගෙ පිටේ ලියලා තිබ්බේ බෝතම්ගේ නම. පිටියට පැමිණි ඌරා බොතම් අසළම සිටීම නිසා සිද්ධිය තවත් රසවත් වුනා.

    ඇහින්දාස් පිලක් ලෝක කුසලානෙට ඇවිත්

    07.-1-e1472894358361.jpg

    1996 ලෝක කුසලාන තරගයේදී නායක ශර්වානි. (www.cricket.com.au.)

    1996 පාකිස්ථානයේ පැවති ලෝක කුසලාන තරඟාවලියට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එක් වුනේ පළමු වතාවට. හැබැයි මේ කණ්ඩායමේ හිටපු දහහතර දෙනාගෙන් දෙදෙනෙක් පමණයි මේ රටේ ඉපදිලා තිබුනේ. අට දෙනෙකු පාකිස්ථාන ජාතිකයන් වගේම තව දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයන්. තව ක්‍රීඩකයෙක් ඉන්දියානුවෙක් ඉතිරි ක්‍රීඩකයා ඉපදී තිබුනේ ඇමරිකාවේ. නායක සුල්තාන් ශර්වානි හා තවත් ක්‍රීඩකයෙක් පමණයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉපදී තිබුනේ.

    ඇලුමිනියම් පිත්තකින් හරබ පෑ ඕස්ට්‍රේලියානුවා

    08.-1.jpg

    ඩෙනිස් ලිලී හා ජාවිඩ් අතර ගැටුම පිත්තෙන් පහර දීමට සැරසෙන්නේ ජාවිඩ් මියෙන්ඩෑඩ් (www.foxsports.com.au)

    විලෝ පිත්ත වෙනුවට ඇලුමිනියම් ලෝහයෙන් නිමවූ පිත්තක් රැගෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයකට පැමිණි ක්‍රීඩකයෙක් ගැන ඔබ අසා තිබේද? ඒ 1980 දී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පරත් හි පැවතී ටෙස්ට් තරඟයකදී. උදේ පාන්දර තරඟය ආරම්භ වීමත් සමඟම පිටියට එන ඕස්ට්‍රේලියානු වේග පන්දු ක්‍රීඩක ඩෙනිස් ලිලී යි මේ අපුරු වැඩේ කරන්නේ. ඇලුමිනියම් පිත්තෙන් නිකුත් වන අමුතු හඬත් සමග පන්දු රැකිමේ යෙදී සිටි එංගලන්ත නායක මයික් බ්‍රියර්ලි ඒ පිළිබඳව විනිසුරුවරයාට දැනුම් දෙනවා.

    පන්දුවට හානි වන බැවින් ඇලුමිනියම් පිත්ත ඉවත් කරන ලෙස අවවාද කල පසු අකමැත්තෙන් ක්‍රීඩාගාරයට ගිය ඩෙනිස් ලිලී නැවතත් පැමිණෙන්නේ පෙර ඇලුමිනියම් පිත්ත අතේ තියාගෙනමයි. මෙය දකින විනිසුරු වරයාගේ දැඩි තරවටුව නිසා කෝපයෙන් ඇලුමිනියම් පිත්ත විසිකරන ලිලී එංගලන්ත නායකයාට බැනවදිමින් විලෝ පිත්තකට මාරු වෙනවා. මේක ක්‍රිකට් ඉතිහාසයේ හරිම හාස්‍යජනක අවස්ථාවක් ලෙසයි සදහන් වෙන්නේ.මේ කාලයේ ඩෙනිස් ලිලී කියන්නේ බොහොම ගැටුම් ඇති කරන්නෙක්. කොටින්ම කියනවනම් වලි කප්පිත්තෙක්. වර්ෂ 1981 ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පැවති ටෙස්ට් තරගයකදී ජාවිඩ් මියෙන්ඩෑඩ් ලකුණක් සදහා දිව යද්දි ඩෙනිස් ලිලී එල්ල කරපු පා පහරක් නිසා දෙන්නා අතරේ ඇතිවූ ගැටුම බේරන්න විනිසුරුවරුන්ටත් මැදිහත් වෙන්න වුනා.

    කැප් තොප්පිය දාගෙනම පන්දු යැවූ ක්‍රීඩකයෝ

    මේකනම් විහිළුවක් කියල හිතන්න පුළුවන්. නෑ එහෙම ක්‍රීඩකයෝ ඉදල තියනවා.හැබැයි මෑත කාලයේදී එහෙම ක්‍රීඩකයෝ නෑ. එකල ක්‍රිකට් පිටියේ දැවැන්තයෝත් කැප් තොප්පිය දාගෙන පන්දු යවලා තියනවා.විශිෂ්ට වේග පන්දු යවන්නෙක් වන සිඩ්නි බාන්ස් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ දක්ෂ දඟ පන්දු යවන්නෙක් වන ක්ලැරී ග්‍රීමෙට් එංගලන්ත කණ්ඩායමේ සිටි ජෙෆ් බෝයිකොට් වගේ ක්‍රීඩකයින් තම කැප් තොප්පිය ගලවන් නැතුවම පන්දු යැවීම සිදු කළ ක්‍රීඩකයින් අතරින් විශේෂයි.

    මේ වගේ අමුතු පුදුම විකාර සිද්ධි තව ගොඩක් ක්‍රිකට් ඉතිහාසය තුල දකින්නට ලැබෙනවා.අපි ලියා දැක්වුයේ ඉන් කිහිපයක් පමණයි. මේවගේ රසවත් සිදුවීම් ගැන ඔබත් දන්නවනම් ඉතින් අපිට කියන්නත් අමතක කරන්න එපා.

    Roar සිංහල web අඩවියෙන් උපුටා ගන්නා ලදී :)
    Link to the original article - https://roar.media/sinhala/main/features/11-hilarious-cricket-incidents
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කැප් තොප්පිය දාගෙනම පන්දු යැවූ ක්‍රීඩකයෝ

    මේකනම් විහිළුවක් කියල හිතන්න පුළුවන්. නෑ එහෙම ක්‍රීඩකයෝ ඉදල තියනවා.හැබැයි මෑත කාලයේදී එහෙම ක්‍රීඩකයෝ නෑ

    "ක්‍රීඩකයෙක්" කියලා හිතාගෙන කැප් තොප්පිය දාගෙන 3 වසරෙදි පන්දු යැව්ව මම

    Suspicious Meme GIF by MOODMAN
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ක්‍රිකට් එක්ක බැඳුන කැරිම හාස්‍යජනක සිද්දිය තමා අපේ චියර්ලීඩර් කොට කුදා.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,646
    5,722
    113
    1666604491375.png


    Glenn McGrath's red card

    Why umpire Billy Bowden had a red card in his pocket in the first ever T20 international, between Australia and New Zealand in 2005, is still a mystery. It's fair to say the game was played in the spirit of fun, both teams turning out in retro kit and McGrath imitating the infamous "underarm ball." It was this action that earned him the tongue-in-cheek reprimand, as Australia went on to win.
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    අවජාතක ඉස්කෝල ටිකකින් cricket අල්ලා ගත්තා විතරයි එදා ඉදන් අපි සතුටින්🙈.දෙයියන් අප දෙස බැලුවා පක විදහා..😹🙈.
     

    Similar threads