ක්‍රිසන්ත පෙරේරා නම් ඔහු...

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    56605038_883307832014060_16988326527500288_n.jpg


    ක්‍රිසන්ත පෙරේරා නම් ඔහු...
    දහසකුත් එකක් facebook වීරයන් බිහිවන වර්තමානයේ ඇතැම් වීරවරු නිහඬවම වීරකම් කරති. ඔවුන්ගේ වීරත්වය වචන වලින් එළියට නොපැමිණියද ක්‍රියාවෙන් ඉස්තරම් ය. මනුෂ්‍ය ප්‍රාණියෙකුට ජීවිතය දීම අතිශය අමාරු කටයුත්තකි. එවැනි මරණය අභියස සිටින මනුෂ්‍යයෙකුට ජීවිතය දීම ඊටත් වඩා භාරදූර කටයුත්තකි. මේ සඳහා සද් භාවයෙන් ම තම වේලාව, ධනය, ශ්‍රමය කැප කරන වෙදැදුරන් අතලොස්සක් මගේ ජීවිත කාලය තුළ හමු විය. ඒ අතරින් ජීවිතය ජීවත් කරවීමට පොරබදන දහසකුත් එකක් පිළිකා රෝගීන්ට දෙවන උපත දීමට තම කාර්යශූර දක්ෂතා දැනුම ආකල්ප උපයෝගී කරගන්නා උතුම් ජීවකවරයෙකු කරාපිටිය රෝහලට නිහඬ සේවයක් සපයමින් සිටිනු මා පසුගිය කාලයේ අත්වින්දෙමි. එතුමා නමින් ක්‍රිසන්ත පෙරේරා නම් වූවේය සියල්ල සූරා දමන්නා යන විරුදාවලිය ඇතැම්විට එතුමාගේ නම සමග පෑහෙ යයි කිහිප වරක් මා අසා ඇත්තෙමි එයට හේතුව එම ශ්‍රී හස්තයට හා දෑසට හසුවන මාරාන්තික පිලිකාවක අගමුල සියල්ල මුලිනුපුටා දැමීමට එතුමා දක්ෂ වන බව එතුමාගෙන් ප්‍රරතිකාර ලැබූ රෝගීන් සාක්ෂි දරනවා ඇත. හිරුටත් පෙර අවදිවන වෛද්‍යවරු කිහිප පොළ අතර මෙතුමාද ප්‍රමුඛ පෙළේ වැජඹෙන්නෙකි. තම වාට්ටු සන්චාරය පටන් ගන්නා විට උදේ හතේ කනිසම ද එළබී නැත. මෙතුමාට වෙලාව නම් වෙලාවය. සක්කරයාටද එකය. ක්‍රිෂාන්ත පෙරේරා මහතා ගේ වාට්ටුව අති පිරිසිදු ය. අධික මුදලක් අය කරන පෞද්ගලික රෝහල්වල පිරිසිදුකම එයට පරාදය. වාට්ටුව, කෑම කාමරය, වැසිකිලි, නාන කාමර සියල්ල පිරිසිදුකම අතින් කිසිදු පෞද්ගලික රෝහලකට නොදෙවෙනිය. ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඉතාමත් පිළිවෙළය, පිරිසිදුය වෙද හෙද, කනිටු කාර්ය මණ්ඩලය, පිරිසිදු කරන්නියන් සියල්ලෝම සීරුවෙන් ය. මෙතුමාට වැඩ නම් වැඩය. නීතිය නම් කොයි කාටත් එකය. රෝගියා ගේ ජීවිතය පමණක් පළමු තැන ය. මෙම අගනා සේවාව වෙනුවෙන් 48 , 49 වාට්ටුවේ සියලු කාර්ය මණ්ඩලය මෙන්ම දැඩිසත්කාර ඒකකයේ හා ශල්‍යාගාරයේ සියලු කාර්ය මණ්ඩලයකාරුණිකව යුහුසුලුව ක්‍රියා කරයි. ඒ සඳහා ඔවුන් සියලු දෙනාම කෙලෙස ඇගයුම් කලත් මදිය. මුදල් පසුපස හඹායන සමාජයක මුදල් තුට්ටුවකට මායිම් නොකරන මේ උතුම් වෛද්‍යවරයාගේ ඒකකය තරම් පිළිවෙල වෙනත් ඒකකයක් කරාපිටිය රෝහලේ තිබේ නම් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. ඇගයුම් ගැන නොතකා අහිංසක රෝගීන්ට සේවය සලසන මෙවැනි උතුම් මනුෂ්‍ය රත්නයන් රැක ගැනීම වර්තමාන සමාජයේ මහත් වූ වගකීමකි. වෛද්‍යතුමනි, ඔබතුමා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!!!!!
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    ඇගයුම් ගැන නොතකා අහිංසක රෝගීන්ට සේවය සලසන මෙවැනි උතුම් මනුෂ්‍ය රත්නයන් රැක ගැනීම වර්තමාන සමාජයේ මහත් වූ වගකීමකි. වෛද්‍යතුමනි, ඔබතුමා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!!!!!
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මූ නේද අනුන්ගේ පාර්ක් එකක කාර් එක නතර කරන්න ගිහින් කරාපිටියේදී දොස්තරලාගෙන්ම ගුටි කෑවේ..?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඕක දාපු එකාගෙන් අහන්නෙ අර ප්‍රෙග්නන්ට් දොස්තරට බලපෑම් කරපු කතාව බොරුද?

    ඔය මොන හෑලි වලින්වත් වැඩක් නෑ ඒ කතාව ඇත්ත නං පුකට පයින් ගහන්න ඕන.
     
    • Like
    Reactions: waca