ඕක ක්‍රිස්තියානි ෆාද කෙනෙක් වත් හරි උත්තරයක් දෙන්නෙ නෑ බං,
ශුද්දවූ ත්‍රීත්වය / ශුද්දවූ ත්‍රීත්වයේ අභිරහස කියල කියන්නෙ
පියානන්, පුත්‍රයානන්, ස්ප්‍රීන්තු සාන්තු කියල කියනව ,
පියානන් = දෙවියන් වහන්සේ = මැවීම කරපු කෙනා (දෙවියන් වහන්සේ )
පුත්‍රයානන් = දෙවියන් හා මනුශ්‍යයා අතර සබඳතාව ඇතිකිරීම (ජේසුස්)
ස්ප්‍රීන්තු සාන්තු = මිනිසා තුල ශුද්දාත්මානුභාවය ක්‍රියාත්මක වීම
වගේ කන්සෙප්ට් එකක් තියෙන්නෙ, ඔය තුන් ආකාරයේ ක්‍රියාත්මක වීම එකම දෙවි කෙනෙක් විදිහට තමා ක්‍රිස්තියානි ආගම් වල කියන්නෙ.
තැනැන් වහන්සේලා තුන් දෙනෙක්, නමුත් එකම දෙවි කෙනෙක් , ඔහොම කන්සෙප්ට් එකක් තියෙන්නෙ
හරියට හිතපං ගමේ මිනිහෙක් ඉන්නව, ගෙදර උංට මිනිහ තාත්ත, ගමේ උංට මිනිහ ග්‍රාම සේවට , ඉස්කෝලෙකත් උගන්නනව , එතන ගුරුතුමා වගේ, එක එක භූමිකා ක්‍රියාත්මක කරනව එකම මිනිහ, ඒ ඒ අවස්තා වලදි එක එක විදිහට හඳුන්වනව ( මේක එක සරල පැහැදිලි කිරීමක් , හරිම එක නොවෙන්න පුලුවං )