bump
thanks alot macho adamai mehema ekak danne
maaara interesting ban
ada idan digatama meka math search karanawa
thanks alot macho adamai mehema ekak danne
maaara interesting ban
ada idan digatama meka math search karanawa
ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිත කථාව වගේම ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක් වෙනවා නම් ජීවත් වෙන්න ඕනි විදියත් පුදුමාකාරයි. ඒත් ප්රශ්නය තියෙන්නේ කතෝලික හෝ ක්‍රිස්තියානීන් යන දෙකොටෙසෙන්ම හුග දෙනෙක් මේ දහම හරියට තේරුම් නොගන්න එකයි. මොකද ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙනකන්ම කලේ මුලුමහත් ජන සමාජයම හරියි කියලා ඉස්මුදුනින් පිලිගෙන තිබුන පුහු ජන සම්මතයන් එකින් එක බිදහෙලීම. මොකද මේ හැම ජන සම්මතයක්ම නිර්මාණය වී තිබුනේ එදා සමාජයේ උසස් යැයි සම්මත පූජකයන්ගේ සහ පාලකයන්ගේ වාසියටයි.
පව් කාර ස්ත්‍රීයකට ගල් ගසා මරණයට පත් කිරීමට යන අවස්ථාවේ ඇයව මරණයෙන් බේරා ගැනීම ඉන් එක සිදුවීමක්. මෙතනදී ඒ ස්ත්‍රීය පසුපස පන්නාගෙන ආව මිනිසුන් තර්ක කලේ ඇය කාමයේ වරදවා හැසිරී ඇති නිසා එකළ තිබුණ ව්‍යවස්ථාවට අනුව ඇයව ගල් ගසා මරා දැමිය යුතු බවයි. ඒත් ඒ නීතිය අනුව ඇය හා කාමයේ හැසිරුණ පිරිමියාට මෙවැනි ඉරණමක් අත් වන්නේ නැහැ. ඒත් ක්‍රිස්තුස් වහන්සේ පැවසූ දෙය අභිබවා යෑමට ඔවුන් කිසිවෙකුටවත් හැකිවුනේ නැහැ. එතුමා පැවසුවේ ස්ත්‍රීයව ගල් ගසා මරා දැමීමට පැමිණිය අය අතරින් කවුරුන් හෝ මින් පෙර කිසිම කිසිම පවක් නොකර අයෙක් සිටියි නම් ඔහු පලමු ගල ගැසුවාවේ කියායි. නමුත් එතන එහෙම කිසිවෙකුත් නොසිටිය නිසාම පව්කාර ස්ත්‍රියගේ ජීවිතය බේරුණා. එතුමා ඇයට කිවුවේ මින් මතු කිසිම දිනක පව් නොකරන්න කියායි.
අද දක්වාම පව් සමාව ලෙසින් කතෝලික හෝ ක්‍රිස්තියානි ආගම් වල තිබෙන්නේත් එතුමා ස්ථාපිත කල මේ පව් සමාවමයි. නමුත් මෙය හුග දෙනෙක් තේරුම් අරගෙන තිබෙන්නේ ඕනෑම පවක් කර පව් සමාවක් කර ගතහොත් එම පව අහෝසියි කියා තමන්ට වාසි සහගත ආකාරයටයී. සැබෑ මන්ස්ථාපනයක් ඇති වුවහොත් මිනීමරුවෙකුට වුවත් යහපත් පුද්ගලයෙකු විය හැකියි. සැබෑ මන්ස්ථාපනයක් වූ පුද්ගලයෙකුගෙන් ඉන් ඉදිරියට පවක් සිදුවීම බලාපොරොත්තු විය නොහැකියි.
ඒ වාගේමයි දාන මාන ආදිය දීම ගැනත් ක්‍රිස්තුස් වහන්සේ උගන්වා තිබෙන්නේ වෙනස් ආකාරයකටයි. එතුමා පැවසූ ආකාරයට කිසිවෙකුත් දාන මාන දෙනවායැයි මට නම් හැගෙන්නේ නැහැ. දකුණතින් දෙන දෙය වමතටවත් නොදැනෙන ලෙසට දාන මාන දෙන්න යැයි කිවුවත් බොහෝ මිනිසුන් වඩාත් කැමති ප්‍රසිද්ධියටයි. කෙන්දක් දන් දුන්නත් කන්දෙක් ලෙසින් හුවා දක්වන්නටයි බොහෝ අය කැමති වන්නේ.
දහම පිළිපැදීම ගැනත් එතුමා කිවේ මහ පුදුමාකාර දෙයක්. ඔබේ සහෝදරයා සමග ඔබේ අසල්වැසියා සමග හිත් නොහොදින් සිටිනවා නම් දහම ඇදහීමට ප්‍රථමයෙන් ඔවුන් සමග සමාදාන වන්න කියායි එතුමා කියා තිබෙන්නේ. ඒ අතින් බලන කල තමන්ගේ අසල්වැසියාව නොපිලිගන්නා ඔවුන්ගේ මතය නොඉවසනා බොහෝ දෙනෙක් ප්‍රසිද්දියේ තමන් ක්‍රිස්තු අනුගාමිකයන්යැයි හුවා දැක්වීම හුදෙක් ආටෝපයක් පමණයි.
ඔවුන් බොහෝ දෙනෙක් තමන්ගේ දහම ලෙස අදහන්නේ නත්තලට හෝ පල්ලියේ මංගල්ලයට මස් මාංශ කා මත්පැන් බී පීති ප්‍රමෝද වීම පමණයි. ක්‍රිස්තුස් වහන්සේ තම ජීවිත කාලය තුලදී කිනම් අවස්ථාවක් හෝ මෙවැනි ආකාරයේ ප්රිති ප්‍රමෝද වීමක් උගන්වා නැති නමුදු සම්ප්‍රදායිකව බැටලුවකු මරණයට පත් කර පාස්කු උත්සවය සමරන දිනයේදීම මුළු මහත් ලෝකායාම වෙනුවෙන් එතුමාණන්ගේ ජීවිතය පුද දීමෙන් එතෙක් පැවති සම්ප්‍රදායික බිලි පූජාවන්ද කතෝලිකයන්ගේ පුද පූජා වලින් ඉවත් විය.


