ක්‍රිස්~ගේල්

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    අයි.පී.එල්. පන්දුවාර 20 ක්‍රිකට්‌ තරගාවලියේදී රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස්‌ ගේල් එල්ල කළ හයේ පහරකින් ප්‍රේක්‍ෂකාගාරයේ සිටි 10 හැවිරිදි දැරියක්‌ තුවාල ලබා ඇත.

    රෝයල් චැලේන් බැංගලෝ සහ පූනේ වොරියර්ස්‌ අතර තරගයේදී රාහුල් ෂර්මා විසින් යවන ලද එක්‌ පන්දුවාරයකදී ගේල් පිට පිටම හයේ පහර පහක්‌ එල්ල කරන ලදී. එහිදී ඔහු විසින් එල්ල කළ සිව්වැනි හයේ පහර ප්‍රේක්‍ෂකාගාරයේ සිටි 10 හැවිරිදි ටියා නම් දැරියගේ නාසයේ වැදී ඇය තුවාල ලබා බැංගලෝර් රෝහල වෙත රැගෙන ගොස්‌ ඇත.

    article-2132180-12AC62A5000005DC-686_634x365.jpg


    article-2132180-12AC62B1000005DC-261_306x423.jpg


    තරගය අවසානයේදී අදාළ සිද්ධිය දැනගත් ක්‍රිස්‌ ගේල් මහත් කම්පාවට පත්ව ටියා ප්‍රතිකාර ගනිමින් සිටි රෝහල වෙත ගොස්‌ ඇයගේ සුව දුක්‌ විමසා ඇති බව වාර්තාවේ. ක්‍රිස්‌ ගේල් දැකපු ගමන් ටීනා පවසා ඇත්තේ, "ඔයා මේ ගැන දුක්‌ වෙන්න එපා. දිගටම ඒ වගේ හයේ පහරවල් ගහන්න."
    යනුවෙනි.

    article-2132180-12A3CCB7000005DC-963_306x501.jpg


    රෝහලේ සැහැල්ලුවෙන් සිටි ටියාට ගේල් පවසා ඇත්තේ, "මට ඒක හැගුම් බර අවස්‌ථාවක්‌. ඔයාට ඉක්‌මන්ට සනීප වෙයි." යනුවෙනි. දැවැන්ත හයේ පහර එල්ල කරන මේ දැවැන්ත ක්‍රීඩකයාගේ සංවේදීතාව මහත්මා ක්‍රිකට්‌ ක්‍රීඩාවටද වැදගත් පණිවිඩයකි.



    good post Rochel! :yes::yes::yes::yes: