ක්‍රිස්_නොනිස්

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    ක්‍රිස්_නොනිස්

    එදා මුලු ලංකාවටම වීරයා වූ ක්‍රිස් නොනිස් මහතා අද????

    IMG_100176612869578.jpeg


    nonis1.gif


    cnn.jpg


    ලොවක් දන ගස්වා මි හරකකුට දන ගැසූ වීරයා.....
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ක්‍රිස් නෝනිස්ගේ පුටුව තල්පහේවාට..

    මාලදිවයිනේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා මහතා ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයේ තාවකාලිකව වැඩබැලීම සඳහා පත්කර ඇති බව වාර්තා වෙයි’

    එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීම භාරගැනීමත් සමග ඇතිවූ පුරප්පාඩුව පියවීම සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි’

    තාවකාලික පදනමින් කර ඇති මෙම පත්වීම භාරගැනීම සඳහා වහාම ලන්ඩන් නුවර බලා පිටත්ව යන ලෙස තල්පහේවා මහතාට දන්වා තිබේ’

    ක්‍රිස්ගේ ඉල්ලා අස්වීම පිලිගත් හේතුව


    බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිලිගැනීමට හේතු වූ කරුණ මේ වන විට හෙලිදරව් වෙමින් පවතී’

    ඒ සඳහා හේතු වී ඇත්තේ බැතිමත් කතෝලිකයෙකු වන ක්‍රිස් නෝනිස් මහතා තමාට සිදුවූ ලැජ්ජා සහගත පහරදීම පිළිබඳව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හරහා වතිකානුවට පැමිණිලි කොට ඇතැයි යනුවෙන් ජනාධිපතිවරයාට මතුවී ඇති සැකයයි’

    මේ පිළිබඳව දැන ගැනීමට ජනාධිපතිවරයා වතිකානුවට ළ`ගා වූ විගස ක්‍රිස් නෝනිස් අමතා ඇති අතර එහිදී විමසා ඇත්තේ පහර දීමේ සිද්ධිය පිළිබඳව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පැමිණිලි කලේද යන්නයි’

    එවිට ක්‍රිස් නෝනිස් පවසා ඇත්තේ තමා පැමිණිලි කලේ ජනාධිපතිවරයාට පමණක් බවත් තමා යුක්තිය බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරයාගෙන් පමණක් බවත්ය’

    නමුත් ජනමාධ්‍යයන්හි වාර්තා වී තිබුණු සිද්ධිය දැක කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් තමා ඇමතූ බවත් ඔහු හට සම්පූර්ණ විස්තරය පැවසූ බව වෛද්‍ය නෝනිස් මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ’

    එයින් කෝපයට පත් ජනාධිපතිවරයා ‘ මාව පරද්දන්න කොටස් කාරයෙක් වෙන්න එපා~ යනුවෙන් කෝපයෙන් පවසමින් ක්‍රිස් නෝනිස් හට තත්වය පැහැදිලි කර දීමට ඉඩ නොදී දුරකතනය විසන්ධි කොට ඇත’

    ශුද්ධෝත්තම දෙවන ෆ්‍රැන්සිස් පාප්තුමා බැහැ දැක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නිල වශයෙන් ආරාධනා කිරීමට ශ්‍රී ලංකාවෙන් පිටත්ව වතිකානුව බලා ගිය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ සජින් වාස් ගුණවර්ධනට ශුද්ධෝත්තම පාප් වහන්සේ දැක ගැනීමේ අවස්ථාව උදා නොවුනේ ක්‍රිස් නෝනිස් මහතාගේ පැමිණිල්ල නිසා බව ජනාධිපතිවරයා මේ වන විට තරයේ විශ්වාස කරමින් සිටී’

    ජනාධිපතිවරයා සමග වතිකානුවට ගිය කණ්ඩායමේ අයද මීට උල්පන්දම් දී ඇත’ එබැවින් වහාම ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඔහුට එම තනතුරෙන් ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා 03 වන දා පෙරවරුවේ නියම කර ඇති අතර එම ෆැක්ස් පණිවිඩය විදේශ අමාත්‍යංශය විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට එදින පස්වරුවේ එවා තිබුණි’


    gossip lanka
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එයින් කෝපයට පත් ජනාධිපතිවරයා ‘ මාව පරද්දන්න කොටස් කාරයෙක් වෙන්න එපා~ යනුවෙන් කෝපයෙන් පවසමින් ක්‍රිස් නෝනිස් හට තත්වය පැහැදිලි කර දීමට ඉඩ නොදී දුරකතනය විසන්ධි කොට ඇත

    muuta guu yanna athi sinhalu,muuta wada konda pana thiyenawa ara
    kakussiwatte guti kaapu gaanita nodakin ponnaya.chris act like a no penis.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පාප් එනව කියල කෙස් එකක් කියල සින් එක ගිහින් තියෙන්නෙ
    කියලා හෙන ගේමක් ගහනවා
    සජින් වාස් ASB එකේ ඇඳුම් නිකන් බෙදල චන්දෙ අරගෙන දෙන ආතල්
    චන්දෙ දුන්න උන්ට සදාකල් ලැබේවි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කිවුවත් වගේ සරත් ෆොන්සේකාට අන්තිමට කලෙත් ඔය ටිකම තමා
    හෙණ ගහනවා බන් ඕවට පවුල් පිටින් හැදිගෑවිලා යනවා
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    රට වෙනුවෙන් කතා කරන රටට වැඩක් කරන මිනිස්සුන්ට මේ රටේ තැනක් නෑ
    හොරුන්ට පන්දම් කාරයොන්ට කුපාඩියෝන්ට තමා මේ රටේ වැජබෙන්න පුළුවන්
    නොදකින් මේ රට පාලනය කරන කාලකන්නි හැත්ත
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සජින් වාස් වගේ 2.50 එවුන් ළඟ තියාගන්නවා. මේ වගේ විද්වතුන්ව ඉල්ලා අස්වෙන තැනට පත් කරනවා.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ ප්‍රශ්නෙට අදාල නැති එවුන් පැටලිලා නිසයි නෝනිස් මහත්තයගෙ වැඩේ දුර ගියේ...
    කොහොමත් ජනාධිපති දැන් කරන්නෙ උගතුන්ට වඩා තමන්ට ඡන්දෙ අරන් දෙන්න පුලුවන් බත් බරියො ටික රෙද්ද අස්සට දාගන්න එක විතරයි.
    ඩයස්පොරා වල කොටි ...පු,,,නුත් හිනා වෙනව ඇති ...
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කිවුවත් වගේ සරත් ෆොන්සේකාට අන්තිමට කලෙත් ඔය ටිකම තමා
    හෙණ ගහනවා බන් ඕවට පවුල් පිටින් හැදිගෑවිලා යනවා

    Iw thawa tika kalayai.pawula pitinma hadi gavila yanawa.wate inna kukkantath ekama thamai wenne:yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    වත්මන් පාලනය යටතේ මුළුරටම ගුටි කෑමට නියමිත බව සජින් වාස් පෙන්නුම් කළා

    බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජීන් ද වාස් ගුණවර්ධන විසින් සිදුකළ පහරදීම වූ කලී පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පහරදුන් පළමු වතාව බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

    එම පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා ‍එම සිදුවීම පිළිබඳව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වාදෙන්නේ මෙම සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම ගැන විශ්වාසය තැබිය නොහැකි බවයි.

    එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා විසින් නිකුත් කළ එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

    බ්‍රිතාන්‍යයේ මහා කොමසාරිස් ධූරයේ කටයුතු කළ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට, මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සිදු කළ පහරදීම එක් අතකින් රටක් ලෙස අප මේ මොහොතේ පසුවන ඛේදනීය තත්ත්වයේ පිළිඹුවක් බඳුය. තම රට නියෝජනය කරමින් වෙනත් රටක රාජකාරී කටයුතු හි නිරත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පහර දී ඇත්තේ පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ය. එසේ පහර දී ඇත්තේ ද අන් කිසිවකු නොව, විදේශ කටයුතු අමාත්‍යංශය බාර අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් වීම විශේෂත්වයකි.

    නිදහස් ශ්‍රී ලංකාවේ විදේශ දූත සේවාව ඇරඹුණේ 1949 වසරේ ඔක්තෝම්බර් 01 වැනිදා ය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා එය හසුරුවන්නන් සම්බන්ධයෙන් කෙතරම් ප්‍රබල විවේචන සමාජගතව තිබුණ ද මේ හා සමාන සිදුවීමක් ඉතිහාසයේ අන් කිසිම දිනක වාර්තා වී නොමැති වීම තුළ මේ සිදුවීමේ ප්‍රබලත්වය පෙනී යයි. සහතිකවම මේ මොහොතේ මෙරට විදේශ දූත සේවාව තුළ දැක ගත හැක්කේ බරපතළ කඩා වැටීමකි. මෙරට වෙනුවෙන් විදේශයන් හි ස්ථාපිත කර ඇති තානාපති හා මහකොමසාරිස් කාර්යාල 49න් 35කටම සිදු කර ඇත්තේ දේශපාලන පත්වීම්ය. අද ඒවායේ පිනුම් ගසමින් සිටිනුයේ පාලක රෙජීමයට සම්බන්ධ ඥාතීන් හා ඔවුන්ගේ හෙංචයියන් මිස වෘත්තිමය සුදුසුකම් ඇත්තන් නොවේ.

    වර්තමානයේ තානාපතිවරයෙකු වීමට, මහ කොමසාරිස්වරයෙකු බවට පත්වීමට කිසිදු අධ්‍යාපනයක්, පළපුරුද්දක්, සුදුසුකමක් අවශ්‍ය නොවන තරම් ය. ඒ සඳහා අවශ්‍ය එකම සුදුසුකම බවට පත්ව ඇත්තේ පාලක රෙජීමයේ විශ්වාසය දිනා ගැනීම පමණි.

    මේ සිදුවීමේ දී පහර කෑමට ලක් වූ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ද දේශපාලන පත්වීම්ලාභියෙකු විය. මහ කොමසාරිවරයෙකු ලෙස ඔහුගේ ඇතැම් කාර්යභාරයන් සම්බන්ධයෙන් ප්‍රබල විවේචන අපට ඇතිමුත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහු තම මව්බිම වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු බව අපගේ විශ්වාසයයි. එය දේශපාලනිකව “අහිංසක” නොවන බව අප දන්නෙමු. ඒ තුළ පැහැදිලි දේශපාලනයක් ක්‍රියාත්මක විය. ඒ තත්ත්වය මැද වුව ද වෛද්‍ය ක්‍රිස් නෝනිස්, අපේ බොහොමයක් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සාපේක්ෂව බලන කල තම රාජකාරියට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට උත්සාහ කළ බව පෙනෙන්ට තිබුණි.

    ලන්ඩනයේ සිට මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස කරන ලද කාර්යභාරය වෙනුවෙන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා වරක් වසරේ ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස “ඩිප්ලොමැට්” සඟරාව විසින් පවා නම් කරන ලදී. විදේශ රටවල් නියෝජනය කරමින් ලන්ඩනයේ සේවය කළ රාජ්‍ය තාන්ත්‍රිකයන් 164 දෙනෙකු අභිබවමින් එම සම්මානය හිමි කර ගැනීමට ඔහු එදා සමත් විය. පැහැදිලිවම එය කලාතුරකින් ශ්‍රී ලාංකිකයෙකුට හිමි වන දුර්ලභ අවස්ථාවක්ම ය. මේ අපකීර්තිමත් සිදුවීමේ ගොදුර බවට පත්ව ඇත්තේ එබඳු පුද්ගලයෙකි.

    මෙම සමස්ත සිදුවීමේ දී වඩාත් හාස්‍ය ජනක කාරණය වූයේ ක්‍රිස් නෝනිස් මහතාගේ “ස්වාමිවරු” ඔහු සම්බන්ධව දැක් වූ ප්‍රතික්‍රියා ය. පසුගිය කාලයේ දී තමන්ගේ ඕනෑම අවශ්‍යතාවක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි පුද්ගලයෙකුට එරෙහිව සිදු කළ මෙම අමානුෂික පහර දීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වනවා වෙනුවට ඔහු විදේශ අමාත්‍යංශ ලේකම්වරිය පිළිබඳ සිදු කළා යැයි පැවසෙන ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂ ආණ්ඩුව දැන් තීරණය කර ඇත. එය, ප්‍රසිද්ධියේ මහ දහවලේ මේ දුර්දාන්ත ආණ්ඩුවේ හා එහි පාලකයන්ගේ රෙදි අපුල්ලමින් සිටින පුද්ගලයන්ට විවේක බුද්ධියෙන් කල්පනා කර බැලීමට තරම් සුදුසු කාරණයක් නැවත වතාවක් නිර්මාණය කර දී ඇත. ඒ තමන්ට ද මතු අනාගතයේ දී මෙසේ ම සිදු වීමට ඉඩ ඇති බව පෙන්වා දෙමිනි. අන් සෑම සිදුවීමක දී මෙන්ම මෙහිදී සිදු වී ඇත්තේ ද වින්දිතයා වරදකරු බවට පත්වීමය.

    එක්සත් ජාතික පක්ෂය ලෙස අප අවධාරණය කරනුයේ අපගේ විදේශ දූත සේවාවට කළු පැල්ලමක් එල්ල කළ මේ අපකීර්තිමත් සිදුවීම සම්බන්ධයෙන් පිළිගත හැකි සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ය. මේ සිදුවීම සිදුව ඇත්තේ ප්‍රබල නාමධාරී පුද්ගලයන් කිහිපදෙනෙකු ඉදිරිපිටදී ය. එබැවින්, මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කීරීම ඉතා පහසු කටයුත්තකි. නමුත් ගැටළුව වනුයේ ශ්‍රී ලංකා රජයට හා ජනාධිපතිවරයාට ඒ සඳහා උනන්දුවක් ඇත් ද යන්න පිළිබදවය.

    මේ සිදුවීම සම්බන්ධව ඇඟිල්ල දිගුවී ඇති සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සම්බන්ධව ආන්දෝලනාත්මක පුවත් රැසක් මාධ්‍ය මෑත කාලයේ වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට යැයි කියමින් කැබිනට් අනුමැතියකින් පවා තොරව කෝටි ගණන් මුදල් වැය කරමින් විදේශ මහජන සම්බන්ධතා සමාගම් කිහිපයක සේවාව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇති බව සියලු විස්තර සහිත ආන්දෝලනාත්මක වාර්තා රැසක් මෑතක දී ජනමාධ්‍ය පෙන්වා දී තිබුණි. නමුත් ඒ සම්බන්ධව කිසිදු සොයා බැලීමක් සිදු කළ බව වාර්තා නොවීය.

    විදේශ කටයුතු අමාත්‍යංශය බාරව වෙනම අමාත්‍යවරයකු සිටියත් අද එය සැබැවින්ම පාලනය කරනුයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන බව ප්‍රකට කාරණයකි. මෙරට විදේශ සේවාව සම්බන්ධයෙන් සියලු වැදගත් තීන්දූ තීරණ ගැනිමේ බලය සියතට ගනිමින් අද එය ඔහු තමන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය වැනි රටේ අතිශය වැදගත් අමාත්‍යංශයක කටයුතු සිදු වන්නේ ඒ ආකාරයට නම් එවැන්නකට දෙවියන්ගේ පිහිට පැතීම මිසක වෙනත් යමක් අපට කළ නොහැක.

    විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් සිදු කළ ශිෂ්ඨ සමාජය අනුමත නොකරන මේ පහර දීම වාර්තා වූ අවස්ථාවේ දී මා හට සිහි වූයේ මේ දිනවල අග නගරයේ ජනප්‍රියව වේදිකාගතවන “ගුටි කෑමට නියමිතයි. ” වේදිකා නාට්‍යය ය. වත්මන් පාලනය යටතේ ඉදිරියේ දී මුළු රටම ගුටි කෑමට නියමිත බව දැන් ඉතා පැහැදිළිය. පාලක රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් පෙනී සිටීම් කළ ප්‍රබල පුද්ගල චරිතයකට පහර දෙමින් සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදු කර ඇත්තේ එහි පූර්ව ප්‍රචාරය බව අප සියලු දෙනා වටහා ගත යුතුය.

    කරු ජයසූරිය පා.ම
    එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති